මකා දැමුණු පරිගණක ගොනු මතු දවසක යළි ලබාගන්නේ කෙසේ ද?

Posted by

වැරදීමකින් හෝ අමතකවීමකින් පරිගණකයක ලොප්වුණු ගොනු(deleted files) සමුද්ධරණයකරන්නේ(retrieve) කෙසේද යන්න පරිගණක භාවිත කරන බොහෝ දෙනෙකු මුහුණපාන ගැටලළුකාරී අත්දැකිමක්. එය කළ නොහැකි දෙයක් නොවන බවත් බොහෝ දෙනෙකු දන්නා දෙයක්. ඒත් එය සිදුවන්නේ කෙසේද යන්න ගැන නම් අපට එතරම් දැනුමක් නොතිබෙන්න පුළුවන්. මේ ලිපියේ අරමුණ එය පැහැදිලි කර දිමය.

len-lich-tu-dong-xoa-het-file-trong-thu-muc-download

පරිගණකයක ලොප්වුණු ගොනු ප‍්‍රකෘති තත්ත්වයට පත්කරන්න හැකිවන්නේ ඒවා ඇත්තටම මැකීගොස් නැති හෙයිනි. අඩුතරමින් මැකුණු සැනින් අහිමිව ගොස් නැති නිසයි. එසේ සිදුවන්නේ මෙන්න මේ ආකාරයටයි.  අලුතෙන් දත්තලිවීමේදී වඩාත් වේගයෙන් හා කාර්යක්ෂමව පරිගණකයට ඒ කාර්ය ඉටුකිරිමට හැකිවන්නේ නව දත්ත ලිවීම සඳහා වෙනත් ඉඩක් නැති අවස්ථාවල දි පමණක් උඩින් ලිවීම(overwrite) සිදුකරන නිසාවෙනුයි.

පරිගණකයක් තොරතුරු ගබඩා කරන්නේ  ඛණ්ඩ(sectors) වශයෙන් දැක්වෙන කුට්ටි වශයෙනුයි. ගොනුවක් එවැනි ඛණ්ඩ ගනනාවක් හරහා ලියැවෙන්න පුලුවන්. ඒ වගේම ඩිස්කය පුරා පැතිරී තිබෙන්න පුලුවනි. කුමන ගොනු කුමන ඛණ්ඩයට අයත් ද යන්න පිළිබඳ සූචියක්(index) මෙන්ම සුචි නිවේශිත(index entries), ගොනු නාම සමග ගලපන නාමාවලියක්(directory) මෙහෙයුම් පද්ධතිය(operating system) මගින් තබා ගන්නවා.

පරිගණකය පාවිච්චි කරන්නා විසින් ගොනුවක් ලොප් කළ විට එහි නාමාවලී නිවේශිතය එක්කෝ ඉවත් කෙරෙනවා නැතිනම් ලොප් කළා යයි ලේබල් ගතකෙරෙනවා. ලොප්වුණු ගොනුවක් සූචි තොරතුරු හා ඛණ්ඩ ඒ වන විටත් නැවත භාවිත කර නැතිනම් මේ අනුව ආපසු ලබා ගත හැකිවෙනවා.

scr_1406624203-700x444

නාමාවලී නිවේශිත හුදෙක් ලොප් කළ ඇති බව සලකුණු කරන මෙහෙයුම් පද්ධතිවකදි මැකුණු තෙරෙතුරු ආපසු ලබා ගැනිම පහසුයි. ලොප් වූ ගොනු සෙවිම පිණිස වන ක‍්‍රමලේඛයක්(program) නාමාවලිය පරිලෝකනය(scan) කරන අතර ප‍්‍රතිසාධනය(recover) සඳහා ගොනු මෙනුවක් ඉදිරිපත් කරයි. එලෙස නොවන වෙනත් ආකාරයක මෙහෙයුම් පද්ධතිවකදි නම් ප‍්‍රතිසාධනය වඩාත් සංකීරණයි. නාමාවලී නිවේශිත අහිමව ගොස් තිබෙන්නට පුළුවන් අතර එම හේතව නිසා ගොනුව සෙවිම දුෂ්කර විය හැකියි. ඒ මන්ද කීවොත් ප‍්‍රතිසාධන ක‍්‍රමලේඛයට සූචි තොරතුරු සියල්ලම සොයා බලා විවිධ ඛණ්ඩ තුළින් ගොනු දත්ත එකට තබමින් සකස් කළ යුත හෙයිනි. ඒ වනවිට ඛණ්ඩ යළි ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්න ඉඩ ඇති නිසා එකතු කර ගත හැකිවන්නේ සමහරවිට ගොනු කොටස් පමණක් විය හැකියි.

Scientific American’s ASK THE EXPERTS  හී පළවූ   How can deleted computer files be retrieved at a later date? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.