අහස් දියෙන් බෝග වගාකිරීමේ දී ලවණීකරණය ප‍්‍රශ්නයක් නොවන්නේ ලවණ ස්වාභාවිකවම ඉවත් කෙරෙන හෙයිනි. එහෙත් බෝග වගාවන් සඳහා ජලය සම්පාදනය කරන විට සහ ශාක උත්ස්වේදනය සහ වාෂ්පීකරණය තුළින් ආපසු වායුගෝලයට යැවෙන විට දිය වූ ලවණ පසෙහි සාන්ද්‍රණය වේ. එය ශාක වර්ධනයට බාධා පමුණුවයි. සෑම වසරකම හෙක්ටයාරයකට ලීටර් මිලියන 10ක සම්පාදිත ජලය සැපයීමේ භාවිතය, සෑම හෙක්ටයාරයකම දළ වශයෙන් ලවණ මෙටි‍්‍රක් ටොන් පහක පසට එකතු කිරීමට හේතු කාරක වෙයි. අලූතෙන් පිරිසිදු ජලය එකතුකර ලවණ තැන්පතු ඉවත් කර දැමිය හැකි මුත් ඒ සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවේ. ලොව පුරා තත්ත්වය සළකතොත්, දැනට ඇති ජල සම්පාදිත පසෙන් දළ වශයෙන් භාගයක්ම පමණ ලවණීකරණයේ අහිතකර බලපෑමට පහසුව ඇත. වසරක් පාසා ලොව පුරා ලවණීකෘත පස නිසා විනාශ වී යන භූමි ප‍්‍රමාණය හෙක්ටයාර මිලියන 10 ක් ලෙස ගණන් බලා තිබේ.
මෙයට අමතරව, ජල සම්පාදිත වගා බිම්වලින් වහනය වන ජලය (drainage water) ලවණ අතිවිශාල ප‍්‍රමාණයකින් යුක්තය. නිදසුනක් ලෙස කොලරාඩෝ නදිය මහා තැනිතලාව (Grand Valley) හරහා ගලා බසිද්දී එය වසරකට ලවණ මෙටි‍්‍රක් ටොන් 580,000ක් එක් කර ගනී. හෙක්ටයාර 20,000 ජල වහන ප‍්‍රදේශයක් පදනම් කරගෙන ගණන් බලන විට වසරකට කොලරාඩෝ නදියට ආපසු ලැබෙන ජලයෙහි හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 30ක ලවණ අඩංගු වේ.
ජල සම්පාදනය හා බැඳුණු තවත් ගැටලූවක් වන්නේ ජලගිල්ම හෙවත් වගුරු ඇතිවීමයි. කාලයක් ගත වන විට වාරිමාර්ග ඇල සහ ජල සම්පාදිත ක්ෂේත‍්‍රවලින් සිදුවන කාන්දුවීම් හේතු කොට ගෙන ජලය පසෙහි ඉහළ මට්ටම්වල ඒකරාශීවෙයි. තවද, පොම්පකරන අවස්ථාවේ හා පරිවහනයේදී අපතේ යාමේ හේතුවෙන් බෝග වගාවේ ජල සම්පාදනයට ලැබෙතැයි අපේක්ෂිත ජලයෙන් 60% ආසන්න ප‍්‍රමාණයක් බෝග වගාවලට ලැබෙන්නේ නැතුවම අහිමිව යයි. ප‍්‍රමාණවත් ජල වහනයක් (drainage) නොමැති වූ විට, ශාකවල මුල් වැඩෙන කලාපය ඇතුළුව ඉහළ පාංශු මට්ටම්වල භූ ජල මට්ටම් (water tables) ඉහළ යන අතර බෝග වර්ධනය අඩාල වේ. එවැනි ජල සම්පාදිත ක්ෂේත‍්‍ර සමහර අවස්ථාවල ‘තෙත් කාන්තාර’ ලෙස හැඳින්වෙන්නේ එවැනි බිම් ඵලහීන බවට පත්වන හෙයිනි. උදාහරණයක් දක්වන්නේ නම් ජල ගිල්ම ඉන්දියාවේ වගාබිම් හෙක්ටයාර මිලියන 8.5කට අහිතකර ලෙස බලපාන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සෑම වසරකම ධාන්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 2ක් අහිමිව යයි. ලවණීකරණය හා ජල ගිල්ම යන දෙකම වළක්වා ගැනීම පිණිස ප‍්‍රමාණවත් ජලයක් මෙන්ම යෝග්‍ය ජල වහන පද්ධතියක් තිබිය යුතුය. පසෙන් ලවණත් අතිරික්ත ජලයත් ඉවත් කිරීම සහතික කළ හැක්කේ එවිටයි.
දිය දෝර සහ පාංශු ඛාදනය
ලෝකයේ ආහාරවලින් 99%කට වැඩියෙන් ලැබෙන්නේ ගොඩබිමෙනි. මේ හේතුව නිසා ගෝලීය වශයෙන් ප‍්‍රමාණවත් අයුරින් ආහාර සැප යීම, ඵලදායී පසක් දිගටම පැවතිම මත රඳා පවතී. පාංශු ඛාදනය බෝග ඵලදායිතාව කෙරෙහි අහිතකර ලෙස බලපායි. ඒ හේතු කිහිපයක් මතය. ලබා ගත හැකි ජලප‍්‍රමාණය ඛාදනය හේතුවෙන් අඩුවී යයි. පාංශු පෝෂක, ජෛව සමුදාය සහ පසෙහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය හීන කරයි. එමෙන්ම පසෙහි ගැඹුර පහත හෙළයි. වැඩෙමින් පවතින ශාකවලට ලබාගත හැකි ජල ප‍්‍රමාණය අඩුකිරීම පාංශු ඛාදනයේ වඩාත්ම හානිකර බලපෑම ලෙස සැලකේ. මන්ද ඛාදිත පස(eroded), ඛාදිත නොවූ පසට(uneroded) වඩා කාන්දුවීමෙන් ලැබෙන ජලය(water through infiltration) අවශෝෂණය කරන්නේ 87% අඩුවෙන් නිසාය. ඒවා වගා කර ඇති ප‍්‍රදේශවලට පතිතවන වර්ෂාපතනයෙන් 10%ක් පොළොවට පතිතවීමට සෝයා බෝංචි සහ ඕට්ස් වගා බාධා පමුණුවයි. එහෙත්, තුරුවියන් (canopies) 15% සිට 35% දක්වා ප‍්‍රමාණයක වර්ෂාපතනයක් පොළොවට පතිතවීම වළක්වයි. මෙලෙස පැහැදිලි වන අයුරු රුක් ඉවත් කිරීම දිය දෝරය වැඩිකරන අතර ජල සුලබතාව අඩුකරයි.
වසරකට මිමි. 800ක වර්ෂාපතනයක් ලැබෙන විට දිය දොර හෙවත් අපධාවය 30% අනුපාතයක හේතුකොට ගෙන ඉරිඟු වැනි බෝග සඳහා සැලකිය යුතු ජල හිඟයක් ඇති කරයි. එහි අවසාන ප‍්‍රතිඵලය බෝග අස්වැන්න පහළ වැටීමයි. මෙයට අමතරව, අවසාදිත (sediments), පෝෂක සහ පළිබෝධනාශක කෙත්වතු වලින් මතුපිට සහ භූගත ජලය වෙත රැගෙන යන අපධාවය ඇ.එ. ජනපදයේ ස්ථානගත ප‍්‍රභවයක නොවන ජල දූෂණය කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයකි. මේ අනුව, පාංශු ඛාදනය වනාහි කෘෂිකාර්මික ඉඩම්වල මත ස්වයං – හායන(self-degrading cycle) චක‍්‍රයකි. ඛාදනයෙන් මතුපිට පස සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඉවත් කරද්දී ජල අපධාවය තීව‍්‍ර වී බෝග අස්වැන්න අඩුවී ඊළඟ වැසිවාරවලදී මෙම චක‍්‍රය තවත් තීව‍්‍ර ආකාරයකින් යළි සිදුවේ.
පොහොර යෙදීමෙන් හෝ ඒ සමාන දෙයකින් පසෙහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඉහළ දැමීමෙන් ජලකාන්දුවීමේ අනුපාතිකය 150%ක ඉහළ අගයකින් වර්ධනය කළ හැක. ඊට අමතරව, තණ තීරු වැනි ශාක වර්ධක ආවරණයක් උපයෝගී කරගැනීම සහ අතුරු බෝග වගාව අපධාවය හා ඛාදනය යන දෙකම මන්දගාමී කිරීමට උපකාරී වේ. නිදසුනකට, සංහරිත ඉරිඟු (silage corn) රතු ඇඹිල්ල (red clover) සමග අතුරු වගාවක් ලෙස වගා කල විට ජල අපධාවය 87%කින් පමණද පාංශු හානිය 78%න් පමණද අඩු කළ හැකිය. මේ අන්දමට හෝ වෙනත් පිළිවෙළකට අපධාවය අඩුකිරීම, බෝග සඳහා ජල සුලබතාව වැඩිකිරීමට, ජලසම්පත් සංරක්ෂණයට සහ ස්ථානගත ප‍්‍රභව නොවන ජල දූෂණය අඩුකිරීමේ හා අවසානයේ ජල හිඟය අඩුකිරීමේ වැදගත් පියවරකි. ක්ෂේත‍්‍ර අතර සෙවණ සපයන තීරු ලෙස රුක් රෝපණය කිරීම බෝග පරිසර පද්ධතියෙන් වාෂ්පීකරණයෙන් හා උත්ස්වේදනයෙන් සිදුවන ජල හානිය වගා කන්නයකදී 20%කින් පමණ අඩුකර ගැනීමට හැකි නිසා ස්ථානගත නොවූ ජල ප‍්‍රභව අඩුවෙයි. රුක් රෝපණයෙන් අර්තාපල්, රටකජු වැනි සමහර බෝග ඵලදාව වැඩිවෙයි. පස හා ජල සංරක්ෂණක‍්‍රම කි‍්‍රයාත්මක නොකරන්නේ නම් පාංශු ඛාදනය හේතුවෙන් බෝග සඳහා සිදුවන ජල හානිය වසරකට හෙක්ටයාරයකට ජල ලීටර මිලියන 5ක් තරම් වේ.
මෙම ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 ට කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.