ප‍්‍රවේණි විද්‍යාව: කෙටි හැඳින්වීමක්

Posted by

සමස්ත ජීව විද්‍යාව සලකන විට වඩාත් ප‍්‍රබෝධජනක ක්ෂේත‍්‍රයක් ලෙස ප‍්‍රවේණි විද්‍යාව(Genetics) බාගදා හඳුන්වන්ට පුළුවනි. ඒ එක්කම ප‍්‍රවේණි විද්‍යාව සාමාන්‍ය ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකුට ව්‍යාකූල බවක් ඇති කිරීමටද හැක. මන්ද, බොහෝ විට පියවි ඇසින් දැක ගත නොහැකි දෙයක් පරිකල්පනය කිරීම පහසු නැති හෙයිනි. ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ සරල, කාටත් තේරෙන බාසාවෙන් කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීම තතු අදහස් කළේ එබැවිනි.

ප‍්‍රවේණි විද්‍යාව යනු කුමක්ද?

ප‍්‍රවේණි විද්‍යාව කියන්නේ සජීවීන් සිය ෙසෙල සැකසුමෙහි ගති ලක්ෂණ (trait – සහජ ලක්ෂණ) සහ එහි විචල්‍යයන් එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට පවරන ආකාරය හදාරන වේදයටයි. තවත් සරලව පවසතොත්, ඇස්වල වර්ණය, නාසයේ හැඩය, උස එමෙන්ම චර්යාවන් පවා සිය දෙමාපියන්ගෙන් උරුම කර ගන්නා ආකාරය ගැන සොයා බලා දැන උගෙන ගන්නා ආකාරයයි.

ප‍්‍රවේණි විද්‍යාව වැදගත් වන්නේ මානවයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. ශාක සහ අනෙකුත් සජිවීන්ට ද එය අදාළ වේ. අපි ශාකයක් ගැන සිතා බලමු. ශාකයක්, එහි හට ගන්නා ගෙඩි ප‍්‍රමාණය, එහි මල්වල වර්ණය හෝ එහි මුල්වල ව්‍යුහය වැනි සහජ ලක්ෂණ බීජයක් මාර්ගයෙන් පැවරූ විට එම බීජය එකී ශාකයට සර්වසම හෙවත් අනන්‍යව වැඬේ. මෙය කෙසේ සිදුවන්නේ දැයි මෙම ලිපියෙන් සලකා බැලෙන අතර ඊට අදාළ වැගත් වචන කිහිපයක්ම ගැන අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරමු. මෙම  සොයා බැලීම අපි ජාන, ක්‍රෝමසෝම හා ඞීඑන්ඒ(DNA) වලින් ආරම්භ කරමු.

ජාන

අපි අප දෙසම බලමු. ඔබ හා සමාන තවත් කෙනෙකු සිටිනවාද? ඔබ සර්වසම නිවුනෙක් නොවෙයි නම් පිළිතුරු නැත යන්නයි. ඔබ වෙනත් කාටවත් නොමැති හෙවත් අද්විතීය, අනන්‍ය ශාරීරික මානසික හා චිත්තවේගී සැලසුමකින් යුක්ත පුද්ගලයෙකි. ඔබ වැන්නෙක් මේ වන තෙක් සිට නැති අතර අනාගතයේදී ද කිසිදා සිටින්නේද නැත. එසේ ප‍්‍රකාශ කළ ද ඒ අතරම ඔබ ඔබේ සොහොයුරාට නැතිනම් මවට පියාට බෙහෙවින් සමාන කමක් දක්වන්නට ද පුළුවන. (කපාපු පලූව යනුවෙන් කට වහරේ ප‍්‍රකාශ කරනු ඔබත් අසා ඇති.) සමහර විට ඔබට ඇත්තේ ඔවුන්ගේ සිනාවම විය හැකියි. ඇස් පිහිටීම එක සමාන වන්න ද පුළුවන. එහෙම නම් ඔබේ සොහොයුරා හෝ මව හා ඔබ අතර මේ සා සමාන කමක් මෙන්ම කලින් කී වෙනස් අනන්‍ය ආකාරයද තීරණය වන්නේ අපේ ශරීරය තුළ ඇති දෙයකින්. එනම් ජාන (genes) මගිනි. එසේ නම්:

Celebrity-look-alikes-IDENTIGENE

ජාන යනු කුමක්ද?

ජාන යනු අපේ ශරීරය තුළ ඇති අත්පොතකි. ඔව් තොරතුරු අඩංගු අත්පොතක්. මෙලෙස සලකන විට ජාන යනු අපේ DNA තුළ සැඟවී ඇති තොරතුරු පහදා දෙන එමෙන්ම එම තොරතුරු හා ගැලපෙන ආකාරයට අපේ සිරුරු වර්ධනය වන අන්දම අධීක්ෂණය කරන අණුය. අපේ සිරුරේ සෑම ෙසෙලයක්ම එකට එක්ව කටයුතු කරන ජාන 25,000ට වැඩි සංඛ්‍යවකින් සමන්විත වන්නේ යයි විශ්වාස කෙරේ. අප, අපේ දෙමාපියන්ගෙන් උරුම කරගත් වූ හා සුවිශේෂී වූ ජෛවී කේත හෙවත් තොරතුරු මොනවාදැයි රැස්කර තබා ගෙන සිටින්නේ මෙකී ජානයි. ජාන, සජීවී ෙසෙල සඳහා ප්‍රෝටීන තැනීම පිණිස වන ජානමය කේතයක් ඇති රසායනයක් වන ඩිඔක්සිරයිබො නියුක්ලියෙක් අම්ලය (Deoxyribonucleic acid) යෙහි කුඩා කොටසක් ද වේ. තවද, සජීවී හෙවත් ජිවත්වන සියල්ලෙහි තැනුම් ඒකක වන්නේ ප්‍රෝටීනය. අපේ සිරුරේ ඇති සියල්ලම පාහේ — අස්ථි, රුධිරය හා පේශී ඇතුලූ සියල්ලම පාහේ සෑදී ඇත්තේ ප්‍රෝටීනවලිනි. එමෙන්ම, ප්‍රෝටීන නිෂ්පාදනය අධීක්ෂණය කිරීම ප්‍රෝටීනවල කාර්ය භාරයයි.

ජාන යනු අපේ පියවි ඇසට දැක බලා ගත හැකි දෙයක් නොවේ. ඒවා බලා ගත හැක්කේ බලගතු අන්වීක්ෂ මගින් පමණකි. කෙඳි හෝ හුය ස්වරූප ගන්නා ඒවා අපේ ක්‍රෝමසෝමවල දැකිය හැකියි. පහත ඇති රූප සටහන මගින් ජාන නිරූපණය වන ආකාරය පෙන්නුම් කෙරේ.

genes-and-chromosome

වෙනස් කළ හෝ විකෘති කළ ජාන

සමහර අවස්ථාවල අපේ ජාන යථා පරිදිම හොඳින් කි‍්‍රයාත්මක නොවේ. ඇතැම් අවස්ථාව දී අප උරුම කරගන්නා ජානවල ඇතැම් ප‍්‍රශ්න ඇත. වෙනස් කළ හෝ විකෘති කළ යනුවෙන් ද හඳුන්වනු ලබන ජාන ඒවාට අයත් කාර්යභාරය හරි හැටි ඉටු නොකරෙන අතර එමගින් අපේ අවයවවල යම් දෝෂ හට ගනී. උරුමයෙන් එන පිළිකාව සහ ලවිත‍්‍ර ෙසෙලය වැනි රෝග එවැනි විකෘති හෝ නරක ජානවලට සම්බන්ධ බව සොයාගෙන ඇත. ජාන ගැන තව තවත් කරණු කාරණා උගැනීම පිණිස ඒවා ගැන තවදුරටත් බොහෝ පර්යේෂණ පැවැත්වේ.

pubArticleFull417_121263YMSP12-MutantGenes

අප මේ ලිපියේ එක්තැනක DNA සහ ක්‍රෝමසෝම ගැන සඳහන් කළා මතක ඇතිනේ? ඒවා ගැන විස්තර අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

eSchooltoday හී පළවූ  Introduction to genetics යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.