පරහිතකාමීත්වය යනු කුමක්ද?

Posted by

පරහිතකාමිත්වය(altruism) යනු එක්තරා අන්දමක  සමාජ චර්යාවකි. පරිණාමීය දෘෂ්ඨිකෝණයකින් බලන කල චර්යාවක් සමාජයීය යනුවෙන් සැලකෙන්නේ එම චර්යාව හේතු කොට ගෙන චර්යාවේ යෙදෙන්නා සහ වෙනත් පුද්ගලයකු (එනම් චර්යාව විඳින්නා) යන දෙපාර්ශ්වයටම යම් විපාක ගෙන දෙන විටය. සමාජ චර්යාවේ විපාක හෙවත් ප‍්‍රතිඵලය චර්යාවෙහි යෙදෙන්නා හා විඳින්නා යන දෙපාර්ශ්වයටම යෝග්‍යතාව වැඩි කරමින් වාසිදායක වේද නැතිනම් යෝග්‍යතාව පහත හෙළමින් අවාසිදායක වේද යන්න අනුව සමාජ චර්යා වර්ගීකරණය කළ හැකිය. චර්යාවේ යෙදෙන්නා හෙවත් කි‍්‍රයාකාරිකයා ගේ යෝග්‍යතාව පහත හෙළමින් එහෙත් විඳින්නා හෙවත් ග‍්‍රහකයාගේ යෝග්‍යතාව වැඩි කරන චර්යා පරහිතකාමී ලෙස සැලකේ. අනෙක් අතට, මෙම චර්යාව අනෙකුත්  ඇතැම් සමාජ චර්යා හා ප‍්‍රතිවිරෝධී වේ. එනම් ආත්මාර්ථකාමී, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හා කුඩුකේඩු(spiteful) යනුවෙනි. කි‍්‍රයාකාරිකයාගේ යෝග්‍යතාව ඉහළ දමන චර්යාවක් ග‍්‍රහකයාටද වාසි සලසන්නේ නම් එය අන්‍යෝන්‍ය වශයෙන් වාසි සලකන චර්යාවකි. ග‍්‍රාහකයාට හානියක් වේ නම් ආත්මාර්ථකාමී වේ. කිසියම් චර්යාවක් කි‍්‍රයාකාරිකයා මෙන්ම ග‍්‍රාහකයාට ද අවාසි සලසන්නේ නම් එය කුඩුකේඩු චර්යාවක්(spiteful behaviour) ලෙස දැක්වේ.

Image result

පරහිතකාමිත්වය පැහැදිලි කර දිය හැක්කේ කෙසේද?

පරහිතකාමිත්වය පැහැදිලි කිරීම පරිණාමීය ජීව විද්‍යාවේ මූලික ගැටලූවකි. කෙනෙකු වෙනත් පුද්ගලයෙකුගේ ශුභ සිද්ධිය පතා වෙහෙසකර හෝ හානිකර චර්යාවකට යොමු වන්නේ ඇයි? බැලූ බැල්මට මෙය පෙනෙන්නේ චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ උචිතෝන්නතිය(‘survival of the fittest’) පිළිබඳ අදහසට පටහැනිව යන්නක් ලෙසිනි. තමන් සහයෝගය නොදක්වන එහෙත් අනුන්ගේ සහයෝගීතාව හේතුවෙන් තමන්ට වාසි සලසා ගන්නා වංචාකාරයන්ගේ ග‍්‍රහණයට පරහිතකාමී සමූහයක් ගොදුරුවීමේ අවදානමක් ඇත. එහෙත් යම් ජනගහනයක් තුළ පරහිතකාමී චර්යාවන් දිගටම පවත්වාගෙන යා හැකි යයි අපට බලාපොරොත්තු විය නොහැක. එහෙත් නිලවශයෙන් ගත් කල පරහිතකාමීත්වය පරිණාමීය වශනේ ස්ථායි විය යුතු නැත.

විලියම් ඞී. හැමිල්ටන් ඉදිරිපත් කළ ‘ඥාතීවරණය’ න්‍යාය  ඥාතීන් අතර පරහිතකාමීතාව පිළිබඳ පැහැදිලි කිරිමක් කරයි. සමීප නෑදෑයෙකුට ප‍්‍රජානනය සඳහා උපකාරිවීමෙන් පුද්ගලයෙකු තමන්ගේ ජාන, ඍජුවම නොවුවත්, තවත් පරම්පරාවක් වෙත ලබා දෙයි. ඒ අනුව ජානයේ දෘෂ්ටිකෝණයන් ගත් කළ පරහිතකාමී චර්යාව ආත්මාර්ථකාමී විය හැකිය.

පරහිතකාමීත්වය

බොහෝ උද්‍යාන තුළ පහසුවෙන් දැක ගත හැකිය. කුහුඹු ගහනයක් සාමාන්‍යයෙන් සැඳුම්ලන්නේ එක කුහුඹු රැජිනකගෙන් පමණකි. ඇය මුළු කාලයම ගත කරන්නේ බිජු ලමින්ය. බිජු පරිණත වනතුරු රැක බලා ගැනීමේ සිට අහර සෙවීම දක්වා කුදු මහත් අනෙකුත් වැඩ කොටස් සියල්ල ඉටු කරන්නේ ලක්ෂ ගණන් වූ අනකුත් සේවක කුහුඹුවන්ය. මේ සේවක කුහුඹුවෝ වඳය. එම නිසා ප‍්‍රජනනය කිරීමේ හැකියාවක් නොමැත. ඔවුන් ප‍්‍රජානනය කිරීමේ අවස්ථාව පරහිතකාමීව දන් දී ඇති අතර ඒ වෙනුවට සිය කාලය රැජිනගේ ජනිතයන් හදා වඩා ගැනීමට කැප කරයි. රැජන මේ සේවක කුහුඹුවන්ගේද මව වන හෙයින් ඔවුන් ඇත්තටම රැක බලා ගන්නේ නව ජනිතයන් ලෙස පැමිණෙන තමාගේම නව සහෝදර සහෝදරියන්ය. ඉතින් ‘ඥාතිවරණය’ මගින් මෙම පරහිතකාමිත්වය පැහැදිලි කර දිය හැකි වේ. මේ ආකාරයේම ජීවන චක‍්‍රයක්  වේයන්, බොහේ බමරුන් හා මීමැස්සන් මෙන්ම කුඩිත්තන්(aphids) හා පැළ මැක්කන්(thrips) අතරේ ද දැක ගත හැකිය. මොවුහු මේ සමාජ කෘමීන් එකට එක්ව පරහිතකාමිත්වය පිළිබඳ ඉතා පැහැදිලි නිදසුන් සපයති.

Image result

පරහිතකාමිත්වය වෙනත් බොහෝ සංදර්භ තුළද ප‍්‍රදර්ශනය කර හෝ හැඟැවීම් කර ඇත. සත්ව රාජධානියේ එක් කොනක සහයෝගීතාවයෙන් අභිජනනය කරන පක්ෂී හා ක්ෂීරපායී විශේෂ ගණනාවක් දැකිය හැකිවේ. අපි‍්‍රකානු වල් සුනඛයන් වැනි විශේෂයක ප‍්‍රමුඛ ජෝඩුවක් සිය ජනිතයන් බිහිකරයි. ඔවුන් රැකබලා ගැනීමේ වගකීම අභිජනනය නොකරන ගැත්තන් විසින් බෙදා හදා ගනු ලැබේ. තවත් සුවිහේෂී නිදසුනක් දැක්වුවහොත් වැලිමීයන් (molerat) අතරේ එක් තනි ගැහැනු සතෙක් එකෛයකයන් සියයක් දක්වා වූ කණ්ඩායම් වශයෙන් පැටියෝ වදයි. මෙතැන දී ඇති සංකීර්ණතාව වන්නේ මෙයයි. උදව් ලැබීම පරහිතකාමීත්වය හිමිවන්නට පැහැදිලිවම වාසිදායක වන අතර පරහිතකාමීත්වය ප‍්‍රදානය කරන්නටද ඍජුවම වාසි සැලසිය හැකිය. නිදසුනක් පැහැදිලි කරතොත්, උදව් කිරීම කණ්ඩායමේ විශාලත්වයට හේතුවක් නම් එමගින් ප‍්‍රදානය කරන්නාද ඇතුළුව කණ්ඩායමේ සියල්ලෝම පැවැත්ම වර්ධනය වෙයි. එහෙයින්, සහයෝගීතාවෙන් අභිජනනය කරන පෘෂ්ඨවංශිකයන් අතර උදව්කිරීම මගින් සිදුවන පරහිතකාමීත්වය කෙතරම්ද යන්න ගැන තවමත් බොහෝ වාද විවාද පවතී. වක‍්‍ර යෝග්‍යතා වාසි වශයෙන් සැලකුවහොත් හෝ ඍජු යෝග්‍යතා වාසි වශයෙන් සලකද්දී අනිත් අන්තයේ දී බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂ්ද්‍රජීවීන් අතරේ පරහිතකාමීත්වය නිරීක්ෂණය කර තිබේ. වඩාත්ම පැහැදිලි නිදසුනක් ලෙස සමාජ ඇමීබා හෝ සෙවෙල් දිලීර පලදරන දේහ සැකසෙන අවස්ථාවේ මෙකී ඵලදරන දේහ ඇතුලේ සමහර ෙසෙල බීජාණුබවට පත්වෙන අතර අනෙක් ඒවා තමන්ම බිලිවෙමින් පරහිතකාමිත්වයෙන් සාධ්‍ය නොවන  වෘන්ත ෙසෙල (non-viable stalk cells) බවට පත්වෙයි. පරහිතකාමී වෘන්තය, බීජානු පොළවෙන් උඩට ඔසවයි. එමගින් ඒවා වඩා හිතකර වාතාවරණ වෙත ව්‍යාප්ත කරනු ලැබේ. ක්ලෝන ප‍්‍රජනනය යනුවෙන්  අදහස් කෙරෙන්නේ ඵලදරන දේහයක ෙසෙල බොහොමයක් ජානමය වශයෙන් අනන්‍යය බවයි. එහෙයින් මෙම චර්යාව නැවතත් ඥාතිවරණය මගින් පැහැදිලි කළ හැකිවේ.

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන බදාදා බලාපොරොත්තුවන්න

Current Biology හි පළවූ Altruism ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.