විදු නැන නුවණ – Science Literacy for All

වලිගයක් නැති වල්ගා තරුවක්

අභ්‍යාවකසය හරහා ගමන් කරන අමුතු මාදිලියේ ධුම කේතුවක් හෙවත් වල්ගාතරුවක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා තියනවා. මේ වල්ගා තරුවේ විශෙෂත්වය තමයි සාමාන්‍යයෙන් වල්ගා තරුවක දකින්නට ඇති වලිගය හෙවත් අයිස් හා දුවිලි අංශු නොමැති වීම. වලිගා රහිත බළල් විශේෂයක් වන මෑනක්ස් යනුවෙන් නම පටබඳි මෙම C/2014S3 ධුම කේතුව සැදුම් ගෙන ඇත්තේ සම්ප්‍රදයනුකුල මිදුණු රොඩුබොඩු වලින් නොව පාෂාණමය මුලයන්ගෙන්. ඒ කියන්නේ මෙම ධුම කේතුවේ මුලාරම්භය ඌට් වලාවෙන් වීමට ඇති ඉඩ කඩ අඩුයි  යන්නයි. නක්ෂත්‍ර ඒකක 30,000 ටත් 100,000ටත් අතර දුරකින් සූර්යයා වටා කක්ෂගත වායුහා දුවිලි වලින් සමන්විත ධුම කේතු වලාව ඌට් වලාව ලෙස හදුන්වනවා.

ඌට් වලාව

ඌට් වලාව

එසේ නම් මේ ධුම කේතුව ආවේ කොයිබ සිටද? එහි පාෂණමය භූ ලක්‍ෂණ ගැන සලකන විට එය පැමිනෙන්නට ඇත්තේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ අපේ පෘථිවිය ද පිහිටි කොටසින් බවක් පෙනී යනවා. කෙසේ වෙතත් මේ ධුම කේතුව අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි කොපමණ නම් කාලයක් ගත කර ඇත් ද කිවොත් එහි මුලින්ම අපේ අභ්්‍යවකාසයෙන් ඈතට වීසිවී යද්දී  තිබූ ගති ලක්‍ෂණ අත්‍යවෂ්‍යයෙන්ම සංරක්ෂණය වෙමින් මිදී ඇත.

download

ධුම කේතු හෙවත් වල්ගාතරු බොහොමයක්ම සූර්යයා වෙත පැමිණෙද්දී ඒවා දියවෙන්නට පටන් ගන්නවා. ඒවා පිටුපසින් අප සාමාන්‍යයෙන් දකින දුවීලී සහ අයිස් වලිගය හට ගන්නේ ඒ නිසාවෙනි.  එහෙත් C/2014S3 ධුම කේතුවට වලිගයක් නොමැතිනම් ඉන් අදහස්වන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ සහ පෘථිවියෙහි සුන්බුන් වලින් එය සැදුම් ගෙන ඇති බවයි. එමෙන්ම, මෙම වලිගය රහිත වල්ගා තරුව, අපගේ ග්‍රහයා  ග්‍රහ මණ්ඩලයේ උපත හා ව්‍යුහය ගැන ඉගෙනීමට මග පාදන මහඟු වස්තුවක් බවයි.

 

All About Space (UK) 2016 සගරාවෙහි 53 කලාපයෙහි පළවූ  Tailless Comet may have come from Earth යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: