විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාඥයෝ කාබන් ඩයොක්සයිඞ් විමෝචන වටිනා යමකට හැරවීමේ ප‍්‍රයත්නයක

කාබන් ඩයොක්සයිඞ් වනාහී ස්ථායී  අණුවක් වන අතර එහි රසායනික බන්ධන තුළ එතරම් ශක්තියක් ගබඩා නොකරයි. එය ප‍්‍රයෝජනයට ගැනීමට නම් රසායන විද්‍යාඥයන් ඊට ශක්තිය එක් කළ යුතුවේ. එසේ එක්කිරීම බොහෝ විට රත්කිරීමෙන් සිදුකරන නිසා ඊට විදුලි බලය අවශ්‍ය වේ. එම විදුලි බලයෙන් වැඩිකොටස ලැබෙන්නේ ගල් අඟුරු හෝ ස්වාභාවික වායු දහනය කරන විදුලි බලාගාරවලිනි. මේ කි‍්‍රයාදාමයේ දී අත්පත් කර ගන්නවාට වඩා වැඩි කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් වායුගෝලයට විමෝචනය වේ.

මානවයන් වන අපි 2014 වර්ෂයේදී පමණක් කාබන් ඩයොක්සයිඞ් මෙටි‍්‍රක් ගිගා ටොන් 35.9ක් වායුගෝලයට එක් කළෙමු. ඉන් බොහොමයක් පොහොර සහ සිමෙන්ති සිමෙන්ති නිපදවීම සහ අනෙකුත් කාර්මික කි‍්‍රයාදාම සදහා බලාගාරවල ගල් අඟුරු සහ ස්වාභාවික වායු දැවීමේදීය.  කෙසේ වෙතත්, ශාක සිදුකරන්නාක් මෙන් කාබන් ඩයොක්සයිඞ්  හසුකර ගෙන ඒවා වෙනත් නිෂ්පාදනවල තැනුම් ඒකක බවට හැරවීමට රසායන විද්‍යාඥයන්ට හැකි නම් කාබන් ඩයොක් සයිඞ් තවදුරටත් හිරිහැරයක් නොව වාසියක් බවට පත්විය හැකි යයි කෝනෙල් සරසවියේ රසායන ඉංජිනේරු ලින්ඩන් ආචර් පෙන්වා දෙයි.

B60DD5CC-E86D-4FD0-80D1132A54181717 (1)

බලාගාරවල  දුම්බට සහ අනෙකුත් විමෝචන ප‍්‍රභවයන්ගෙන් හසු කර ගනු ලබන කාබන් ඩයොක් සයිඞ් බොහෝ විට පොළවේ ගැඹුරටම විදීමෙන් කාබන් ඩයොක්සයිඞ් ගබඩා කිරීමට විද්‍යාඥයෝ වෙහෙසෙමින් සිටින්නේ වසර ගණනාවක් තිස්සේය. කෙසේ වෙතත්, ප‍්‍රමාණවත් මූල්‍යාධාර නොමැතිව මෙකී කාබන් ඩයොක්සයිඞ් විවික්ත කිරිමේ (sequestration) වියදම් අධික කි‍්‍රයාවලිය ආර්ථික වශයෙන් සාධ්‍ය නොවිය හැකිය. තවත් තෙල් මතුකර ගැනීමේ අදහසින් පැරණි තෙල් ළිංවලට කාබන් ඩයොක්සයිඞ් විදීම එක් අදහසකි. එහෙත් වර්තමානයේ පහත වැටී ඇති තෙල් මිල ගැන සිතන විට මෙවැන්නක ආර්ථිකව ඵලදායි ද යන්න සැක සහිතය. කාබන් ගබඩාකර තැබීම වෙනුවට උපයෝජනය කළ යුතු යයි කියා සිටින අය අදහස් කරන්නේ ඒ අයට මේ අපතේ යන නිෂ්පාදනයේ වටිනා යමක් නිර්මාණය කිරීමෙන් වාසි සලසා ගත හැකි බවයි. භාවිතයට යෙදවීමට බොහෝ ඉඩ කඩක් ඇත්තේ, මේ වායුව රසායනික නිෂ්පාදන බිහිකිරීම පිණිස අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම ලෙසිනි. පෙට්රෝ රසායනික (petrochemicals) වෙනුවට පරිසර හිතකාමී යමක් සොයා ගැනීම අමතර වාසියකි.

එහෙත් මේ මතය දරන්නන් අසීරු රසායනික ප‍්‍රශ්නයකට මුහුණ දිය යුතු වේ. කාබන් ඩයොක්සයිඞ් යළි ප‍්‍රයෝජනයට ගැනීමේ අසීරු කි‍්‍රයාවලිය මේ ලිපියේ මුල විස්තර කෙරිණ. එහිදී පෙන්වා දී ඇත්තේ මේ වායුව නැවත ප‍්‍රයෝජනයට ගැනීමට නම් තවත් කාබන් ඩයොක්සයිඞ් විමෝචනය වන කි‍්‍රයාවලියකට නැඹුරුවීමට සිදුවන බවයි. එහෙත් පෙරට එන නව තාක්ෂණ මෙකී අඳුරු චිත‍්‍රය වෙනස් කිරීමට මග පාදන බව ඉංජිනේරුවෝ රසායන විද්‍යාඥයෝ සහ අනෙකුත් පර්යේෂකයෝ කියා සිටිති. XPrize පදනමේ බලශක්ති හා පරිසර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ පෝල් බන්ජේ පෙන්වා දෙන්නේ මීට විසඳුමක් සොයා ගන්නා පර්යේෂකයාට විශාල ත්‍යාග මුදල් පිරිනැමීමට කටයුතු කිරීමෙන්  විවිධ කණ්ඩායම්වල විද්‍යාඥයන් අතර උත්තේජනයක් ඇති කළ හැකි බවයි. මෙම පදනම  සංවිධානය කරන කාබන් Xත්‍යාගය (XPrize) සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ප‍්‍රදානය කරන අතර කණ්ඩායම් 40ක් තරග වැද සිටිති. ජයග‍්‍රහකයන් 2020 වසන්ත ඍතුවේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. දිගු කාලයේ දී කිසියම් රසායනිකයක් නිපදවන සමාගම්වලට ඒ සමගම කාබන් උපයෝජන කර්මාන්තයක්ද සමගාමීව පවත්වාගෙන යා හැකි බව පවසන බන්ජේ එමගින් සැබෑ වෙනසක් ඇති කළ හැකි බව දඅහස් කරයි. දේශගුණය සම්බන්ධයෙන් අද ලෝකය මුහුණ පා ඇති ගැටලූ ගැන සළකන විට මේ ආකාර විවිධ වූ විසඳුම් සෙවීමද වැදගත් තැනක් ගනී.

× ත්‍යාග උපදේශක කමිටුවේ සාමාජිකයෙකුද වන කොනෙල් සරසවියේ ලින්ඩන් ආචර් ඉදිරිපත් කරන්නේ මෙවන් අදහසකි: එනම්, කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රයෝජනවත් රසායනිකයකට පරිවර්තනය කරන අතරම විදුලිය ජනනය කරන ඉන්ධන කෝෂයක් ගැනයි. කාබන්ඩයොක්සයිඞ්, ඇලූමිනියම් හා ඔක්සිජන් සහ සංයෝජනය කර ඔක්සිලේට් තනන ප‍්‍රතිකි‍්‍රයාකාරකයක මූලාකෘතියක් ආවර් සහ ඔහුගේ සිසුවෙකු විසින් නිපදවනු ලැබ ඇත. අම්ල, මළකඩ ඉවත්කරනයන්, රෙදි ඩයිවර්ග සහ අනෙකුත් කාර්මික රසායන නිපදවීමේදී ඔක්සිලේට භාවිත කරනු ලැබේ. මෙම ඉන්ධන කෝෂය ඉටු කරන කාර්ය සඳහා විදුලිය වැයවුවද එම ක්‍රියාදාමය මගින් පරිභෝජනය කෙරෙන ප‍්‍රමාණයට වඩා වැඩිප්‍රමාණයක් විදුලිය ජනනය කරන බවක් පෙනී යන්නේ යයි ආවර් පවසයි. කෙසේ වෙතත්,  කාබන් ඩයොක්සයිඞ් පරිවර්තනය කිරීමේ කි‍්‍රයාදාමය තුළ දී ඇතිවන රසායනික ප‍්‍රතිකි‍්‍රයා ගැන පූර්ණ අවබෝධක් තමන් සතුව නැති බව කෝනෙල් කණ්ඩායම කියා සිටිති.

StrawGold

ඔක්සෙල්ට් නිපදවීම එක් යෝජනාවක් පමණකි. ටෙක්සාස් හි එක්තරා නියාමක ව්‍යාපෘතියක් මගින් සිමෙන්ති කම්හලකින් කාබන් ඩයොක්සයිඞ් විමෝචන හසුකරගෙන ඒවා හුණු ගා අම්ල බවට පෙරලිම සිදුකෙරේ. තවත් සමාගමක් කොන්කී‍්‍රට් තුළම කාබන්ඩයොක්සයිඞ් විමුක්ත කරයි. තවත් සමාගම් ප්ලාස්ටික් විකල්ප ඉන්ධන සහ රසායනික අමුද්‍රව්‍ය නිපදවීමේ ප‍්‍රයත්නවල නිරතව සිටිති. කෙසේ වෙතත් කාබන් විවික්ත කිරීමේ යෝජනාධාරියකු වන MITජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරු හොවාඞ් හර්සොග් කියා සිටින්නේ නිෂ්පාදනයක ජීවන චක‍්‍රයෙහි කිසියම් තැනකදී වැඩියෙන් ශක්තිය යොදවන්නේ නැතිව වාණිජ වටිනාකමක් උපයා ගැනීම අසීරු කාර්යයක් බවයි. ගෝලීය විමෝචන අඩු කිරීමේදී මෙහි විභවය සීමිත යයි ඔහු වාර්තාවක සඳහන් කරයි. ගෝලීය වශයෙන් සිදුවන කාබන් ඩයොක්සයිඞ් විමෝචන සම්පූර්ණයෙන් නතර කිරීමට නොහැකි වෙතත් පෙට්රෝ රසායනික  කර්මාන්තය පවත්වා ගෙන යාම පිණිස තව තවත් කැන ෆොසිල ඉන්ධන ලබගන්නවාට වඩා ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඞ් යොදා ගැනීම උත්සාහ කිරීම යෝග්‍යයයි ත්‍යාගය සඳහා සටන් වදින Opus 12 සම ප්‍රාරම්භක කේන්ඩ කූල් පවසන්නීය.

Scientific American හි පළවූ  Can Chemists Turn Pollution into Gold? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: