විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවිය ආසන්නයේ තවත් පෘථිවියක්?

අපේ සෞරග‍්‍රහමණ්ඩලයෙන් පරිබාහිරව, වෙනත් තාරකාවක් වටා කක්ෂගත ග‍්‍රහ ලෝකයක් තාරකා විද්‍යාඥයන් විසින් මුලින්ම සොයා ගනු ලැබ තවම ගතවී ඇත්තේ වසර 20 කට මඳක් වැඩි කාලයක් පමණයි. බහිර් ග‍්‍රහයන්() වශයෙන් හඳුන්වනු ලබන මේ බහිර්ග‍්‍රහයන් සියල්ලම වායුවලින් වැසුණු බ‍්‍රහස්පතිගේ සෙනසුරු වැනි වායු යෝධයන් වන අතර අප දන්නා ආකාරයේ ජීවීන්ට කිසිසේත්ම වාසය යෝග්‍ය නොවේ. බහීර් ග‍්‍රහයන් සෑම එකක්ම සොයා ගන්නා හැම විටම ඊට විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණු අතර විද්‍යාඥයන් මෙන්ම පොදු ජනතාව පුල පුලා බලාසිටින්නේ මිනිස් වාසයට යෝග්‍ය ග‍්‍රහ ලෝකයක් ගැන තොරතුරු කවදා ලැබෙයිදෝ යනුවෙනි. අපේ මේ මිහිතලය හා සමාන එවන් ග‍්‍රහලෝකයක්, මිදුණු මෙන්ම වාෂ්පීකරණය නොවූ ජිවය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව ජලය පිරි ලෝකයක් විය යුතුය. මෙවැන්නක් සොයා ගැනීමේ හැකියාව ගැන පළ කෙරුණු අනාවැකිවලින් කියැවුණේ එවැන්නක් සොයා ගැනීමට තවත් දශක ගණනාවක් ගත වෙතැයි යනුවෙනි. එපමණ කලක් ගියත් සොයාගැනීමට හැකියාව ලැබුණොත් එම බහිර් ග‍්‍රහයන් කෙතරම් දුරින් පිහිටා ඇත්ද කියතොත් විස්තරාත්මකව අධ්‍යයන කිරීම අසීරු කරවන තරමට අදුරුවනු ඇතැයි ද පැවසිනි.

aaaa 1

එහෙත් මේ අනාවැකිය බොරු කරමින් වාස යෝග්‍යතාව තිබිය හැකි බහීර්ග‍්‍රහයක් අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට ආසන්නයේම සොයා ගත හැකිවිනැයි අගෝස්තු 24 දා ප‍්‍රකාශයට පත් කෙරිණි. මානව ඉතිහාසය තුළ එක වරක් පමණක් ප්‍රකාශයට පත්වන මාදිලියේ මෙම ආරංචියෙන් පැවසෙන්නේ බාහිර් ග‍්‍රහයා අපේ පෘථිවිය මෙන්ම පාෂාණමය විය හැකි බවයි. එම බහිර් ග‍්‍රහයා කක්ෂගතව ඇත්තේ අපේ සූර්යයාට ආසන්නතම තාරිය අසල්වැසි ප්‍රොක්සිමා සෙන්ටොරි රතු වාමන තාරකාවට මධ්‍යස්ථ දුරකිනි.සංක්යාත්මකව දක්වතොත් මෙම තාරකාව පිහිටා ඇත්තේ අලෝක වර්ෂ හතරක් තරම් දුරකිනි. සොයාගැනීම පිළිබඳ අධ්‍යයන වාර්තාවක් Nature නම් සඟරාවේ පළ වේ.

නියමාකාරයෙන් බැලූවොත් (බාහිර්ග‍්‍රහ තත්ත්වයට යෝග්‍ය) ‘අපේක්ෂක’ ග‍්‍රහයෙකු ලෙස සත්‍යෙක්ෂණය කරණ තුරු තවමත් බලාපොරොත්තුවෙන් සිටියත් එවැනි ග‍්‍රහලොවක් ඇති බව බොහෝ තාරකාවිද්‍යාඥයන්ගේ අදහසයි. මෙම ග‍්‍රහයාගේ කක්ෂීය කාලය හා දළ වශයෙන් ස්කන්ධය කොපමණද යන්න ගැන හැර වැඩි යමක් නොදන්නා නමුදු එම දත්ත පමණක් වුව මේ ග‍්‍රහයා ගැන උනන්දුව මහත් සේ දැල්වීමට ප‍්‍රමාණවත්ය. ප්‍රොක්සිමා සෙන්ටොරි තාරකාවේ දීප්තිය අපේ සූර්යයාගේ දීප්තියෙන් දහසකින් එකක් පමණවේ. ඉන් කියැවෙන්නේ ජීවය පැවතීමට යෝග්‍යවන්න නම් ග‍්‍රහයා තාරකාවට වඩා ළංව පිහිටිය යුතු බවයි. විද්‍යාඥයන් විසින් Proxima b ප්‍රොක්සිමා බී යනුවෙන් නම් කර ඇති මේ ග‍්‍රහයා දින 11.2 ක කක්ෂයක රැඳී සිටියි. එය ජලය රැඳීමට එමෙන්ම ඒ අනුව අප දන්නා ආකාරයේ ජීවය පැවතීමට යෝග්‍යය. ග‍්‍රහයා පෘථිවියෙහි බරෙන් තුනෙන් එකකට වඩා මදක් වැඩි විය යුතුයි. ඒ අනුව හැඟවෙන්නේ සාගර හා මුහුදු සෑදීමට සුදුසු ඝන මතුපිටක් ඇති බවයි.

සමහරු දක්වන අන්දමට මෙයට වසර 20 කට පෙර අරඹන ලද තාරකා විද්‍යාත්මක විප්ලවයෙහි උචිත කූට ප‍්‍රාප්තියෙක් ලෙස ප්‍රොක්සීමා සොයා ගැනීම හැඳින්විය හැකියි. ‘අපේ ප‍්‍රථම රොබෝ ගවේෂණ ආරම්භ කරන විට ඒවා යැවිය යුත්තේ කොයිබට දැයි අපට දැන් අදහසක් තියෙනවා.’ යයි පවසන්නේ යෙල් විශ්වවිද්‍යාලයේ ෙඩබ්රා ෆිෂර්ය. ඇය ග‍්‍රහ ගවේෂණයෙහි ප‍්‍රවීණයෙකි. මෙය මානව වර්ගයාට හා තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයට අතිශය වැදගත් මනෝවිද්‍යාත්මක මොහොතක්. මොකද කීවොත් ‘අල්ලපු ගෙදර‘ ඉන්නේ කව්දැයි දැනගැනීම අපේ පර්යාලෝකයන් හා ප‍්‍රමුඛතා වෙනස් කිරීමට තුඩුදෙන නිසයි. කොලොම්බියා සරසවියේ තාරකා ජීව විද්‍යා පර්යේෂණ (astrobiology research) අධ්‍යක්ෂ කැලෙබ් ස්කාෆ් පවසයි.

earth-next-door-8d7f5ca6.jpg.885x497_q90_box-0,107,1936,1196_crop_detail

ප්‍රොක්සිමා සෙන්ටොරි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ හතරක් පමණ දුරින් වුවද එය පියවි ඇසට දැක ගැනීමට නොහැකි තරම් අඳුරුයි. එය සෞරග‍්‍රහ මණ්ඩලයට ආසන්නම තරුවයි. සූර්යා බඳු ඇල්පා සෙන්ටෝරි ද්ව්‍යාංගී තරුවේ සහචර තරුවක් වන මෙය සමග මේ තාරකා ති‍්‍රත්වය දකුනු අහස් ගෝලයේ ඇති දීප්තිමත් වූ ද විශාල වූ ද තරු පංතියෙහි පිහිටා ඇත.

ඇත්ත වශයෙන්ම ප්‍රොක්සිමා බී ග‍්‍රහයා ගැන වඩාත් පුදුමය දනවන කාරණාව වන්නේ එහි පැවැත්ම කිසිම පුදුමයක් නොවීමයි. මෑත වර්ෂවල ග‍්‍රහලෝක ගවේෂක වන HARPS සහ නාසා හි කෙප්ලර් අභ්‍යාවකාශ ටෙලස්කොපවලට මෙන්ම වර්ණාවලී දර්ශකවලට පිංසිදුවන්නට, විද්‍යාඥයන්ට අපේම මන්දාකිණියෙහි ජීවයට හිතකර පරිසරයක් සහිතවීමේ විභවයකින් හෙබි ග‍්‍රහලෝක ගණනාවක් ගැන දත්ත සමුදායක් එක්රැස් කරගන්නට හැකිවී තිබේ. මෙවැනි ලෝක ඝනකම වායුගෝලයෙන් හුස්ම හිරකරන තරමට ප‍්‍රමාණයෙන් විශාල හෝ වායුව අභ්‍යවකාශය වෙත ගලා යාමට තුඩු දෙන තරමට ප‍්‍රමාණයෙන් කුඩා නොවිය යුතුය. එය තාරකාව වටා කක්ෂගත වී තිබිය යුත්තේ වුවමනාවට වඩා උෂ්ණත්වයක් හෝ ඇතිවන තරම් ළඟකින් හෝ වුවමනාවට වඩා සිතල වනතරම් දුරකින් නොවිය යුතු මෙන්ම, එවැනි ග්‍රහයන්ගේ පාෂාණමය මතුපිට ජලය රැඳීමට හැකි විය යුතුය.

ඉතින් ප්‍රොක්සීම බී මේ සුදුසුකම් පුරවන්නේ නොවේද?

Scientific American හි පළවූ The Earth Next Door යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: