විදු නැන නුවණ – Science Literacy for All

පරහිතකාමිත්වය ගැන හැදින්වීමක් II කොටස

 

පරහිතකාමිත්වය ගැන හැදින්වීමක් අප පසුගිය බදාදා එනම් අගෝස්තු 31දා තතු මගින් ගෙන ආවෙමු. පරහිතකාමී චර්යාව නැවතත් ඥාතිවරණය මගින් පැහැදිලි කළ හැකි වෙතැයි එහි සදහන් විය. එහෙත් මෙය ඇත්තටම සිදුවන්නේ කෙසේද? අපි එය සොයාබලමු.

ජනහිතකාමී චර්යාවට නැඹුරුව එන්නේ ඥාතීන් වෙත යොමු කරන්නේ නම් පමණකි. මෙය දෙආකාරයකින් සිදුවෙතැයි පෙන්වා දෙනු ලැබේ. පළමුවැනි ආකාරය වරණීය වශයෙන් ඥාතින් වෙත යොමු වූ චර්යාවන් සහිතව ඥාති ප්‍රවිචාරණය(kin discrimination)  සඳහා යම් හැකියාවක් ඇති වීමයි. පැහැදිලි නිදසුනක් තමයි පැරිඩාඉ පවුලේ ගී ගයන කුඩා කුරුලු විශෙෂයක්වූ දිගු වලිග ටිකිරිත්තන් (tits). ළඟම ඥාතීන් අභිජනනයේ යෙදෙද්දී වරණීය අන්දමට කැදැල්ලේදී සහයවන අභිජනනයේ නොයෙදෙන්නන්.  දෙවැන්න, සීමිත ව්‍යාප්තිය ඥාතීන් එක්ව තබා ගැනීම පිණිස නැඹුරුවක් දක්වයි. තනි ෙසෙලයකට විසුම්ගෙන ස්වාධීන වශයෙන් ක්ලෝනාකාරව වර්ධනයවිය හැකි සෙවල දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මේ ආකාර යන්ත‍්‍රණ බොහෝ වැදගත්.

සියලූ සහයෝගීතා චර්යාවන් පරහිතකාමීද?

Image result

මෙයට කෙටි පිළිතුර ‘නැත’ යන්නයි. හැබැයි සම්පූර්ණ පිළිතුර සඳහා යම් පැහැදිලි කිරීම් අවශ්‍ය වේ. අප සහයෝගිතාව යන්න යොදන්නේ වෙනත් පුද්ගලයෙකුට () වාසි සැලසෙන චර්වාවකටයි. නිරීක්ෂණ හා පර්යේෂණ පාදක කොට ගත් ආනුභවික සාහිත්‍යයේ පැහැදිලි කෙරෙන්නේ එලෙසයි. ඒ අනුව සහයෝගිතාව යන්න හිතකාමී වෙන්නත් පුළුවන් අනොන්‍ය වශයෙන් වාසිදායක වෙන්නත් පුළුවන්.

නිදසුනකින් විමසුවහොත් පෘෂ්ටීවංශිකයන් සහයෝගිතා අභිජනනය කොපමණ දුරකට පරහිතකාමීද යන්න මෙන්ම ඥාතිවරණයෙන්(වක‍්‍ර යෝග්‍යතා වාසි)  විස්තර වන්නේ ද හෝ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක(ඍජු යෝග්‍යතා වාසිවලින්)ද යන්න  පැහැදිලි නැත. පෙනීයන පරිදි උත්තරය මේ දෙකෙන්ම ටික ටික විය හැකියි. දානය කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම වාසි සැලසෙන චර්යාවන් ගැන සඳහන් කිරීමේ දී සහයෝගීතාව වඩාත් සීමිතව භාවිත කිරීමේ හේතුවෙන් ව්‍යාකූලතා ඇතිවිය හැකියි. මේ අවස්ථාවලදී ලබන්නාට වාසි සැලසෙන චර්යාවන් එක්තරා පරහිතකාමී හෝ නැතහොත් සහයෝගී වේ. මේ භාවිතය ව්‍යාකූල විය හැකියි. මන්ද, පෘශ්ඨවංශිකයන් හෝ කෘමීන්ගේ සහයෝගීතා අභිජනනය සඳහා දිය හැකි එකම පැහැදිලිකිරීම විය හැක්කේ ඍජු යෝග්‍යතා වාසි බව ඇඟවීමට හැකිවීමේ හේතුව නිසාය. ප‍්‍රදානය කරන්නා හා ලබන්නා යන දෙදෙනාටම වාසි සැලසෙන චර්යාවන් හැඳින්වීමට ‘අන්‍යෝන්‍ය සහජීවනය’ (mitualism)යන යෙදුමද භාවිත වේ. කෙසේ වෙතත් මෙයද ව්‍යාකූලතාවන් ඇති කර හැකිවන්නේ අන්‍යෝන්‍ය සහජීවනය යන්න බොහෝ දෙනා යොදන්නේ එක්කෝ විශෙෂ අතර වඩාත් සුවිශේෂී සහයෝගීතාව හැඳින්වීමට හෝ නැතහොත් ඍජු යෝග්‍යතා වාසි සුවිශේෂී වර්ග හැඳින්වීමටය.

තවත් සංකූලතා තිබේද?

Image result

 

සැලකිය යුතු ඥාතිත්වයක් හෙවත් බන්ධුතාවක් තිබිය හැකි බවත් ඒ අනුව පරහිතකාමිත්වය සඳහා විභවයක් ඇති විය හැකි බවත් යන්න බොහෝ විට සැලකිල්ලට ලත් නොවේ. ඥාතිත්වය නොවන හේතූන් මත සමාජයීය හවුල්කරුවන් අතර ඇති විය හැකි ජානමයසම්බන්දතාවක් යන්නෙන් විස්තර කෙරේ. ළඟම ඥාතීන් නොවන පුද්ගලයන් අතර මේ කාරණාව විද්‍යාඥයන් විසින් පැහැදිලි කර දී තිබේ. ඒ,  කොළ පැහැ යටි රැවුලක් වැනි කැපී පෙනෙන රූපානු දර්ශයක් වෙනුවෙන් මෙන්ම කොළ පැහැ යටි රැවුල් ඇති අනෙකුත් අය කෙරෙහි පරහිතකාමිත්වයට පුද්ගලයා ළැදියාව දැක්වීමට පුද්ගලයා යොමු කරන කේතිත ජානයක් සමීප නෑයන් නොවන අවස්ථාවලදී පවා සමාජීය හවුල්කාරයින් වරණය මගින් ප‍්‍රසාදයට ලක්වන බව පෙන්වා දීමෙනි. මෙය, ජාන මට්ටමින් කි‍්‍රයාත්මක ඥාති සීමාන්තික ස්වරූපයක් ලෙස සිතිය හැකිය. එහෙත් එවැනි නිදසුනක් සැබෑ ලෝකයේ දුලබ යයි සැලකෙන්නේ පරහිතකාමී නොවී කොළ පැහැයට රැවුලක් ප‍්‍රදර්ශනය කරන වංචාකරුවන්ට ජනතාව යටපත් කිරිමට හැකියාව ලැබෙන හෙයිනි. එසේ වතුදු, ඥාතිවරණය යන යෙදුම නොමග යවන සුළු බවක් දක්වනවා විය හැකියි. මන්ද එමගින් අවධානයට යොමු කරන්නේ පොදු පාරම්පාරකිත්වයයි(co-ancestry). පරහිතකාමිත්වය සඳහා ඥාතිවරණයට මගපෑදීමේ වඩාත් වැදගත් යාන්ත‍්‍රණය පොදු පාරම්පරිකත්වය බවට සැකයක් නැතත් වෙනත් තව ඉඩ ප‍්‍රස්ථා ඇති බව ද සැලකිල්ලට ගත යුතුවේ.

Current Biology හි පළවූ Altruism ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: