වකුගඩුවක් අහිමි වුණොත් ජීවත්විය නොහැකිද?

අද ලෝකයේ වකුගඩු රෝග මෙන්ම වකුගඩු බද්ධකිරීම බොහෝ සේ සුලබව ඇති හෙයින් මෙය අසා දැන ගත යුතු වැදගත් ප්රශ්නයකි. ඇමරිකා එක්සත් ජනපදයේ (ඇ.එ.ජ.) පමණක් වසරකට වකුගඩු බද්ධකිරීම් 10,000යේ සිට 15,000 දක්වා පමණ ප්‍රමාණයක් සිදු කෙරේ. මානවයන් බොහෝ දෙනෙක් වෘක්ක හෙවත් වකුගඩු දෙකක් සහිතව උපදිති. ඒ වෘක්කීය පද්ධතිය නමින් හඳුන්වනු ලබන පද්ධතියේ කි‍්‍රයාකාරි සංරචක ලෙසිනි. මේ පද්ධතියට මුත්‍රා වාහිනී දෙකක් (ureters), මුත්‍රාශයක් (a bladder) සහ මුත්‍රා මාර්ගයක් (a urethra) ද ඇතුළත් වේ. රුධිර පීඩනය පාලනය (නියාමනය) කිරීම, රක්තානු නිපදවීම, විටමින් ඞී, සකී‍්‍රය කිරීම, ග්ලූකෝස් යම් ප්‍රමාණයක් නිපදවීම ඇතුළුව වකුගඩුවලට කාර්ය භාරයන් ගණනාවක්ම පැවරී තිබේ. කෙසේ වෙතත්, මේවා අතුරෙන් වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ඒවායේ ප්‍රමාණය, සංයුතිය, අම්ල සහ ආස්‍රැති පීඩනය නියාමනය කිරීම හා ප්රශස්ත බවට පත්කිරීම පිණිස රුධිරධාරාව ඔස්සේ සිරුරේ තරල වකුගඩු මගින් පෙරීමයි. අතිරික්ත ජලය, නයිට්රජන් සහ අනෙකුත් අපද්‍රව්‍ය මුත්‍රා ලෙස බහිස්ස්‍රාවය වෙයි. (පිටවෙයි.) මෙම කාර්ය භාරයත් අපේ ෙසෙල ජීවත්වන තරල හෙවත් සිරුරේ ‘අභ්‍යන්තර පරිසරය’ (“milieu interieur”) නඩත්තු කරවීම හා ප්‍රසස්ථ මට්ටමකට ගෙන ඒම සිදු කරයි.
වකුගඩු කාර්යභාරයක් නොමැතිවීම හා ජීවිතය එකිනෙකට නොගැලපෙයි නැතහොත් අසංගතය. (රුධිර කාන්දු පෙරීම (hemodialysis) ආදේශකයක් ලෙස කි‍්‍රයා කළ හැකි වුවද) එසේ වතුදු, අනෙකුත් අවයව බොහොමයක් මෙන් නොව අප ඉපදී ඇත්තේ අධිබහුලතාවක් සහිත වකුගඩු ධාරිතාවකින් යුක්තවයි. ඇත්ත වශයෙන්ම, එහි කාර්ය බද්ධ හෙවත් ප්‍රායෝගික ධාරිතාවයෙන් 75%ක් පමණක් ඇති තනි වකුගඩුවකට බොහොම හොඳින් ජීවය පවත්වාගෙන යා හැකියි.
මෙකී අධිධාරිතාවකින් යුතු සැකසීම හේතුවෙන් එක් එක් වකුගඩුව වෙනුවෙන් අපට මිලියන 1.2ක මූලික කාර්යබද්ඩ් පෙරහන එනම් අන්වික්ෂීය වෘක්කාණු(microscopic nephron) ලබාදී තිබේ. වෘක්කාණු (nephron) යනු රුධිර ප්ලාස්මාව පෙරා, ඉන් අනතුරුව ප්රශස්ත මට්ටමට ගෙන ආ තරලය ආපසු සිරුරට ලබාදෙන ඉතා කුඩා නල විශේෂයකි. බොහෝ තත්ත්වයන් යටතේ වකුගඩුවලට හෘදය වස්තුවෙන් පොම්ප කරන රුධිරයෙන් 20%ක් පමණම ලැබේ. පෙරීම පිණිස, සෑම දිනකම ලීටර 120ක පමණ තරල සහ අංශු වෘක්කාණුවලට ඇතුල් වේ.
සිරුර තුළ තිබෙන්නේ එක වකුගඩුවක් පමණක් නම් සාමාන්‍යයෙන් වකුගඩු දෙකෙන් ම පෙරන ප්‍රමාණයම පෙරීමට එම තනි වකුගඩුවට ගැලපී සැකසීමට පුළුවන. එවැනි අවස්ථාවක, වෘක්කාණු මෙය පිරිමසාගන්නේ වැඩිවන තොගය සම්බන්ධයෙන් තනි තනිව වෙන වෙනම කි‍්‍රයා කිරිම පිණිස ඒවායේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙනි. මේ වර්ධනය කර ගැනීමේ කි‍්‍රයාදාමය හඳුන්වනු ලබන්නේ අධිවර්ධනය (hypertrophy) යනුවෙනි. වසර ගණනාවක් ගත වුවද මේ නිසා අයහපත් බලපෑමක් ඇති නොවේ. ඇත්ත වශයෙන්ම, උපතේ සිටම එක් වකුගඩුවක් අහිමි නම් අනෙක් වකුගඩුව වකුගඩු දෙකෙහිම එකතු කළ බර ප්‍රමාණයට (රාත්තලක් පමණ) සමාන වන මට්ටමකට ප්‍රමාණයෙන් විශාල වේ.
වකුගඩු මගින් මේ සා විශාල තරල ප්‍රමාණයක් දෛනිකව පෙරනු ලබන්නේ ඒවා වගවිභාගයක් නොමැති හෙවත් නිර්විශේෂ (indiscriminant) පෙරහන නිසාවෙනි. ඒවා විශාල ප්‍රෝටීන හා ෙසෙල හැරුණු කොට රුධිරයේ අන්තර්ගත සියලූම දේ පෙරා ඉවත් කරයි. කෙසේ වෙතත් වෘක්කාණු ජීවිතය පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක වන පෙරන ද්‍රව්‍ය( පෙරනයන්) හා අනෙකුත් ද්‍රව්‍යයද පැසුරුමට (processing) අතිශය දක්ෂය. ජලය, ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, ඉලෙක්ට්‍රෝලයිට (electrolytes) වැනි, ප්‍රායෝගිකව රුධිර මගින් ආපසු අවශෝෂණය කරනු ලබන (යූරියා හා කි්රයැටිනින්, අම්ල, භෂ්ම, ධූලක හා ඖෂධ පරිවෘත්තිජයන් ඇතුළුව) වෘක්කාණුවල ඉතිරිවන ජලය හා අපද්‍රව්‍ය මුත්‍රා බවට පත්වෙයි.
එක වකුගඩුවක් පමණක් තිබියදීත් ජීවිතය පවත්වාගෙන යාමට සහායවීමට හැකිවීමට අමතරව වෘත්තීය පද්ධතිය සතුව වෙනත් ආරක්ෂක අංග තිබේ. වයස අවුරුදු 40න් පසුව වසරකට 1% බැගින් වෘක්කාණු කි‍්‍රයාකාරිත්වය නතර වන නමුදු ඉතිරිවන වෘක්කාණු විශාලනය වී මෙකී පාඩුව පිරිමැසීමට සම්පූර්ණයෙන් කි‍්‍රයා කරයි. වකුගඩු ප්රදානය කිරීමෙන් වසර 30ක් දක්වා වකුගඩුවල කි‍්‍රයාකාරිත්වය මැන ඇගැයීමට ලක් කළ වකුගඩු දායකයන්ගෙන් එක් වැදගත් කාරණාවක් තහවුරු වේ. එනම්, වකුගඩු ප්රදානය කිරිමෙන් පසුව ජීවත්වන වකුගඩු දායකයන්ට තම සෞඛ්‍යයට තීරණාත්මකව බලපෑමක් වර්ධනය වීමේ ඉඩකඩ බෙහෙවින් අඩුවීමයි. වකුගඩු ප්රදානය කරන්නන්ට ඇති වන ප්‍රධාන ගැටලූ වන්නේ ශලයකර්මය හේතුකොටගෙන මතුවන සංකූලතාවන් මිස වකුගඩුවක් නොමැති කම නම් නොවේ.
Scientific American, Ask the Experts: Medicine හි පළවූ How can you live without one of your kidneys? යන ලිපිය ඇසුරෙනි
One Response to “වකුගඩුවක් අහිමි වුණොත් ජීවත්විය නොහැකිද?”
IMHO you’ve got the right aneswr!