විදු නැන නුවණ – Science Literacy for All

ජල භාවිතය මත ඇතිවන ගැටුම්

කෘෂිකාර්මික ජල සම්පාදනය හා අනෙකුත් ප‍්‍රයෝජන සඳහා මිරිදිය උපයෝගීකරගැනීම සීග්‍රයෙන් වැඩිවීම සහ ඒ ආශි‍්‍රතව ඇතිවන ජනගහන වර්ධනය රටවල අභ්‍යන්තරයෙහි මෙන්ම රටවල් අතර ද ජල සම්පත් වෙනුවෙන් බරපතල ඝට්ටනවලට මඟ පාදා ඇත. එක් අතකින් ජලය වෙනුවෙන් ඇතිවන ඝට්ටන ඇතිවීමට හේතුව රටවල් සහ කලාප මගින් මිරිදිය බෙදා හදා ගැනීමට සිදුවීමයි. වර්තමානයේ ජල සම්පත් බෙදා හදා ගන්නා අන්තර් සීමා ගංගා ද්‍රෝණි 263ක් ඇත. ලොව පුරා තත්ත්වය සළකතොත් එවැනි ඝට්ටන 1980 ගණන්වලදී සාමාන්‍යය වසරකට සියයට 5 ක් වුවත් 2000 වසර වන විට එය 22%ක් විය. දත්ත ලබා ගැනීමට හැකියාව ඇති රටවල් 23 ක කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදන ජලය පිළිබඳ ඝට්ටනවල වටිනාකම 1990 සිට 1997 වෙද්දී ඩොලර් මිලියන 55ක් යයි ගණන් බලා ඇත.

Image result for Conflicts over water use

අඩුතරමින් රටවල් 20ක් වත් ඔවුන්ගේ ජල අවශ්‍යතාවයෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් සපුරා ගන්නේ රටවල් අතර දේශසීමා හරහා ගලන ගංගාවලිනි. එමෙන්ම රටවල් 14 ක් සිය මතුපිට ජලයෙන් 70%ක් හෝ වැඩි ප‍්‍රමාණයක් ලබාගන්නේ තම දේශසීමාවන්ගෙන් ඔබ්බෙහි පිහිටි ගංගාවලිනි. නිදසුනක් ගෙන බලමු. ඊජිප්තුව එහි මිරිදිය වලින් 97%ක් ලබා ගන්නේ නයිල් නදියෙනි. ලෝකයේ දෙවැනියට දිගම ගංගාව වන නයිල් නදිය තවත් රටවල් 10 ක් මගින් හවුලේ පරිහරණය කරනු ලැබේ. ඇත්ත වශයෙන්ම, නයිල් නදිය කොපමණ නම් අධිභාවිතය කරනු ලබන්නේ ද කියතහොත්, වසරේ ඇතැම් කාලවල මධ්‍යධරනී මුහුද වෙත මිරිදිය යතොත් ඒ සුළු ප‍්‍රමාණයකි. නැතිනම් ඇත්තේම නැත.

ඓතිහාසික වශයෙන් ගත්කල මැද පෙරදිග ගතහොත් වෙනත්  ඕනෑම කාලපයකදී වඩා ජලය වෙනුවෙන් ගැටුම් හටගෙන තිබේ. මෙයට බොහෝ වශයෙන් වගකිව යුත්තේ අනෙකුත් කලාප බොහොමයකට වඩා ඒක පුද්ග ජල සුලභතාව අඩුවීම සහ මෙම කලාපයේ ප‍්‍රධාන ගංගා සියල්ලම පාහේ අන්තර් ජාතික දේශසීමා හරහා ගැලීමයි. එපමණක් නොව, මැද පෙර දිග රටවල ජනගහනය සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. පසුගිය වසර 20 ක් 25ක් අතර කාලය තුළ සමහරක ජනගහනය දේගුණ වී ඇත. මෙය, දැනටමත් අසීරු දේශපාලන වාතාවරණයක් මත අතිරේක බරක් පටවයි.

ගංගා ජලය බෙදීයාම අමරිකා එක්සත් ජනපදයේ ජනපද ගණනාවක මෙන්ම ඇ.එ.ජ. සහ මැක්සිකෝවේ ද ජල අවශ්‍යතා මත ද ඝට්ටන ඇති කරයි. කැලිෆෝනියා, නෙවාඩා, කොලරාඩෝ, නව මැක්සිකෝව, උටා හා ඇරිසෝනා යන ජනපද සහ මැක්සිකෝව යන සියල්ල (සිය ජල අවශ්‍යතා සදහා) රඳා පවතින්නේ කොලරාඩෝ නදියේ ජලය මතය.  සාමාන්‍ය වසරකදී මැක්සිකෝවට සහ කැලිෆෝනියා බොක්කට ජලය ස්වල්පයක් පමණක් ලැබෙන හෝ කොහෙත්ම නොලැබෙන තරම්ය.

ජල සම්පත් සංරක්ෂණය

Image result for water conservation

ලෝකයේ ජල සම්පත සංරක්ෂණය පුද්ගලයන්, ප‍්‍රජාවන් හා රටවල් ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු කාර්යයකි. වඩා වැදගත් ප‍්‍රවේශයක් වන්නේ ගංගා හා ඇල දොල වෙත දෝරගලා යාම වෙනුවට වැසි ජලය පසට වෑස්සීමට(percolation) ඉඩ සැලසීමයි. නිදසුනකින් පෙන්වා දෙන්නේ නම්, ගහකොළ හා පඳුරු යොදා ගැනීම ඉහළ දැමීමෙන් ජලය රැස් කරගෙන ජල අධිධාවිතය(run off) හෙවත් දියදෝරය 10%-20% දක්වා ප‍්‍රමාණයකින් මන්දගාමී කළ හැකිය. ජලය ගංගා ඇල දොළ හා විල් වෙත යාමට පෙර සංරක්ෂණය කිරීමට එමගින් මග පෑදේ. මෙම ප‍්‍රවේශය ජල ගැල්මද අඩු කරයි.

භෝග, සත්ව සම්පත හා වන නිෂ්පාදන පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම වෙනුවෙන් වර්ෂාපතනයද ඇතුළුව ලබා ගත හැකි ජල සම්පත් සියල්ලම සංරක්ෂණය කිරීම වැදගත්ය. මතු දැක්වෙන්නේ භෝග නිෂ්පාදනය වෙනුවෙන් ජල සංරක්ෂණයට උපකාරී වන ප‍්‍රායෝගික ක‍්‍රමෝපායන් අතුරෙන් කිහිපයකි.

(අ) පසෙහි ජල අන්තර්ගතය දිගටම නිරීක්ෂණය කිරීම

(ආ) විශේෂිත භෝග වෙනුවෙන් ජලය යෙදීමේ අවශ්‍යතා ගැලපීම

(ඇ) ජල හානිය මඟහැරවීම පිණිස ඓන්ද්‍රීය මසුන් යෙදීම හා ජන අපධාවය හා වාෂ්පීකරණය අඩුකිරමෙන් (පසට) ජලය වෑස්සීම වැඩිදියුණු කිරීම

(ඈ) ජල අපධාවය අඩුකරණ ශෂ්‍ය (භෝග) මාරු කිරීමේ ක‍්‍රම යොදා ගැනීම

(ඉ) භුමියෙන් ජෛව ස්කන්ධය ඉවත් කිරීම වැළැක්වීම

(ඊ) ජල අපධාවය මන්දගාමී කිරීම පිණිස ගස් සහ පඳුරු යොදා ගැනීම වැඩි කිරීම සහ

(උ) බිංදු ජල සම්පාදනය (drip irrigation) වැනි භෝගවලට කාර්යක්ෂම ජලය සැපයීමට මග පාදන ජල බෙදා හැරීමේ පද්ධති සහිත ජල සම්පාදන ක‍්‍රම භාවිතය වේ.

වනගත ප‍්‍රදේශවල දී මිනිසුන්, ක‍්‍රමවත් වන කලමණාකරණයක් සිදු කළ යුතු අතර එලිපෙහෙළි කිරීමෙන් වැළකිය යුතුය. වනාන්තර ආවරණයක් සහිත ප‍්‍රදේශවලදීට වඩා 72%කින් වැඩි අපධාවයක් ඇති නගරබද ප‍්‍රදේශවලටද රුක් මගින් වාසි සලසා ගත හැකිය. එපමණක් ද නොව, වහලවල්, රිය ධාවන මාර්ග, මහ පාරවල් සහ රථ ගාලවලින් ඇතිවන අධිධාවිතය විශේෂයෙන්ම සීඝ‍්‍රය. ඒවායින් එන ජලය, සිස්ටන (cisterns) හා විශේෂණයන් තැනූ පොකුණුවල එක්රැස් කරගත හැකිය. බොහෝ ජලධර (aquifers දිය රැඳවිය හැකි හෝ ගෙන යා හැකි, පාෂාණ හෝ පස් තට්ටුව) අධිභාවිතයක ඇති තත්ත්වයකදී, ලබාගැනීම දැරිය හැකි තත්ත්වයකට තබා ගැනීමට හා ප‍්‍රතිරෝපණය මට්ටමකට ඒවායින් ජලය පොම්ප කිරීම සීමා කිරීම සඳහා රජයන් ප‍්‍රයත්න දැරිය යුතුය. ජල සම්පත් කළමනාකරණය සඳහා වූ සමෝධානික වැඩසටහන්, ගොවියන් හා පොදු ජනතාව ඇතුළුව සැමට ජල සම්පත සංරක්ෂණය සඳහා බොහෝ අවස්ථා සපයයි.

 

මෙම ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: