විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාවේ අරමුණු

“සැමට විද්‍යා සාක්ෂරතාව” යන තේමාව යටතේ වසර දෙකක් තිස්සේ ඥානයේ ආනන්දය ඔබ වෙත ගෙන ආ තතු හදිසියේ යළිත් විද්‍යාවේ අරමුණු ගැන කතා කරන්නේ මන්දැයි කෙනෙකුට විමතියක් ඇති වන්නට පුළුවනි. අප මෙහි පෝස්ටු ඉදිරි පත් කළේ විද්‍යාවේ අරමුණු වලට ගැලපෙන අයුරින් දැනුම හා අවබෝධය ගෙන ඒමටයි. ඒවගේම තව නොබෝ දිනකින් තුන්වැනි වසරට පා තබන තතු එම අරමුණ ඔස්සේම ගමන් කරණ බව මතක් කර දීමටත් මෙම කෙටි හැදින්වීම උපකාරී වේවි.

 

විද්‍යාවේ අරමුණ වන්නේ ස්වාභාවික ලෝකය අවබෝධ කරගැනීමයි. මෙම අරමුණු සාක්ෂාත් කර ගනු වස් විද්‍යාඥයෝ ඇතැම් උපකල්පන කරති.

          ක‍්‍රමාණුකූල අධ්‍යයනයෙන් ස්වභාව ධර්මය අවබෝධ කරගත හැකිය.

          විද්‍යාත්මක අදහස් ප‍්‍රතිශෝධනයට විවෘතය

          ස්ථාවර හා පිළිගැනීමට ලක්වූ විද්‍යාත්මක අදහස් කාලයේ පරීක්ෂාව ජයගනී.

          සියලූම ගැටලූවලට පිළිතුරු සැපයීමට විද්‍යාවට හැකියාවක් නැත.

science_purpose_275x390_1

ස්වභාව ධර්මය අවබෝධ කර ගත හැකිය

විද්‍යාඥයන් ස්වභාව ධර්මය ගැන සිතන්නේ ස්වාභාවික නීති මගින් පාලනය කෙරෙන එක් තනි පද්ධතියක් ලෙසටය. ස්වාභාවික නීති සොයාගැනීමෙන් විද්‍යාඥයෝ ස්වාභාවික ලෝකය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ඉහළ දමා ගැනීමට වෙහෙසෙති. ස්වාභාවික නීති විද්‍යාත්මක නීති ලෙස ප‍්‍රකාශයට පත්වේ. විද්‍යාත්මක නීතියක් යනු ඇතැම් තත්ත්වයක් යටතේ හෝ ස්වභාව ධර්මය තුළ නිරතුරුව සිදුවන්නේ කුමක්ද යන්න විස්තර කෙරෙන එක්තරා ප‍්‍රකාශයකි.

විද්‍යාත්මක නීතියක් පිළිබඳ නිදසුනක් ලෙස අපට ගුරුත්වය පිළිබඳ නීතිය ගෙනහැර දැක්විය හැකියි. එය සොයා ගනු ලැබුවේ ශී‍්‍රමත් අයිසැක් නිව්ටන් විසින් බව අපි දනිමු. ගුරුත්වයේ ඇදිල්ල නිසා වස්තූන් සැම විටම පෘථිවිය දෙසට වැටෙන බව ගුරුත්වය පිළිබඳ නීතියෙන් කියැවෙයි. මේ නීතිය පදනම් කරගනිමින් නිව්ටන් විද්‍යාඥයාට ස්වාභාවික සිදුවීම් ගණනාවක්ම පැහැදිලි කිරීමට හැකිවිය.  ඇපල් වැනි වස්තුවක් සැමවිටම පෘථිවිය මතට වැටෙන්නේ මන්දැයි පමණක් නොව චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට ඔහුට හැකි විය. ගුරුත්වයේ නීතිය පමණක් නොව චලනයෙහි නීතිද සොයා ගැනීමට නිව්ටන් සමත් විය. වස්තූන් චලනය වන අන්දම හා එසේ චලනය වන්නේ මැන්දැයි පැහැදිලි කිරීමට එම නීති ඔහුට අවකාශය ලබා දුන්නේය.

විද්‍යාත්මක අදහස් වෙනස්වීමට ලක්විය හැකිය

විද්‍යාව, නිශ්චිත දැනුම් කඳකට හෙවත් සම්මුච්චයකට වඩා කි‍්‍රයාදාමයක් ලෙස දැක්විය හැකිය. විද්‍යාඥයෝ නිරතුරුවම සිය අදහස් පරීක්ෂාවට ලක් කරති. එමෙන්ම ප‍්‍රතිශෝධනය කරති. තවද, අලූතෙන් නිරීක්ෂණය සිදු කරද්දී පවතින අදහස් අභියෝගයට ලක්විය හැකිය. කරුණු හා වඩා හොඳින් ගැළපෙන නව අදහස් මගින් තිබෙන අදහස් ආදේශවීමට ඉඩ තිබෙන නමුත් වැඩිකොටම සිදුවන්නේ පවතින අදහස් හුදෙක්ම සංශෝධනය වීමයි. නිදසුනක් මගින් පැහැදිලි කරගන්නේ නම්, ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතා වාදය ඉදිරිපත් කරද්දී (සාපේක්ෂතාව පිළිබඳ සිද්ධාන්තය) ඔහු නිව්ටන්ගේ චලනය පිළිබඳ නීති ඉවත දැමුවේ නැත. ඒ වෙනුවට ඔහු පෙන්වා දුන්නේ නිව්ටන්ගේ නීති වඩාත් විශාල චිත‍්‍රයක කොටසක් පමණක් බවයි. මෙවන් ආකාරයට විද්‍යාඥයෝ ස්වාභාවික ලෝකය පිළිබඳව එන්ට එන්ටම වර්ධනය වන වඩාත් නිවැරදි හා විස්තරාත්මක අවබෝධයක් ක‍්‍රමයෙන් ගොඩ නගති.

විද්‍යාත්මක දැනුමට කාලයේ පරීක්ෂාව ජය ගත හැකිය

විද්‍යාත්මක අදහස් රැසක් කාලයේ පරික්ෂාවට ඔරොත්තු දී ඇත. නිදසුනක් ගනිමු. මෙයට වසර 200කට පමණ පෙර ජෝන් ඩොල්ටන් විද්‍යාඥයා පරමාණුකවාදය යෝජනා කළේය. එම සිද්ධාන්තයෙන් කියැවුණේ සියලූම පදාර්ථයන් පරමානු යනුවෙන් හඳුන්වනු ලබන කුඩා අංශුවලින් සෑදී ඇති බවයි. මේ සිද්ධාන්තය අදටත් වංලගුය. දිගින් දිගටම පරීක්ෂාවට ලක් කොට සත්‍ය බවට ඔප්පු වුණු මූලික විද්‍යාත්මක අදහස් පිළිබඳ නිදසුන් තවත් බොහෝ ඇත. විද්‍යාව ගැන සොයා බලන විට ඒවා ගැන දැන උගෙන ගත හැකිය.

ගැටලූ සියල්ලටම පිළිතුරු විද්‍යාව සතුව ඇත

විද්‍යාව රඳා පවතින්නේ සාක්ෂි හා තර්කය මතය. එහෙයින්, විද්‍යාව කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ නිරීක්ෂණ මාර්ගයෙනි. නිරීක්ෂණයක් යනු මානව ඉන්ද්‍රීයයන් හෝ මානව ඉන්ද්‍රීයයන්ගේ කාර්යභාරය පුළුල් කරන මෙවලම් සහ මිනුම් උපකරණ සොයා ගන්නා දෙයයි. නිරීක්ෂණය කළ නොහැකි එසේත් නැතිනම් වර්තමානයේ පවතින මාර්ගවලින් මිනිය නොහැකි දේවල් විද්‍යාවේ සීමාවෙන් පිටත පිහිටියේය.

rubenexperimentalerror_160x160_jpg_86

හොඳ විද්‍යාඥයන් සංශයවාදීන්ය (skeptics) විද්‍යාඥයෝ කිසිවිටකත් නිගමනයකට එළැඹීම පිණිස එක් සාක්ෂි කොටසක් පමණක් භාවිතා නොකරති. යහපත් විද්‍යාඥයෝ නිරතුරුවම හෙවත් අතොරක් නොමැතිව තමන්ගේම නිගමන ප‍්‍රශ්නයට භාජනය කරති. පරීක්ෂාවට ලක්කරති. සිය සාක්ෂි සනාථකිරීමට හෝ එකඟ නොවීමට ඔවුහු තවත් විද්‍යාඥයන් වෙත ඉදිරි පත් කරති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: