විදු නැන නුවණ – Science Literacy for All

පෝච්චි කටෙන් ටිකක් බේරෙන්නේ නැතිව තේ වක්කරන්නම බැරිද?

ලංකාවේ අපට නම් තේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒ වුනාට තේ පෝච්චිය ගැනත් එහෙම කියන්න පුලුවනිද? විවේකව ගත කරන අද දිනයේ තතු ගෙන ඒමට අදහස් කරන්නේ එදිනෙදා ජිවිතයේ අප සිදුකරන කටයුත්තක් පිටුපස ඇති විද්‍යාව ගැන තොරතුරු ටිකකුයි.

මේ රටේ තේ වගාව ආරම්භ කළ කාලයේ සිටම තේ බොන අප රටේ වැසියන් කාගේත් නිවෙස්වල තේ පෝච්චියක් තිබෙනු නිසැකයි. එත් තේ පෝච්චි කටෙන් තේ වත්කරද්දී තේ ටිකක් වස්සෙනු නැතිනම් බේරෙනු සමහරු නොදැක තිබෙන්නට පුළුවන්. එත් කල්පනාවෙන් බැලුවොත් එය දැකගන්න හැකි වේවි. එහෙම වෙන්නේ කොහොමද? ලෝකයේ පුර්ව තේ පෝච්චි සම්පරීක්ෂාකරණයේ දී පෙනී ගිය කරුණක් වුයේ (තේ කෝප්පයක වැනී) දියර වැඩි ප්‍රමාණයක් (තේ පෝච්චියක හොට හෙවත් කෙමිය වැනි) නලයක්  හරහා ගලද්දී  නලයේ පෘෂ්ටයෙහි ස්වභාවය  බලපෑමක් නැති බවයි. එත් අත්දැකීමෙන් අපි දන්නවා එසේ වන බව. කෝප්පයකට හෝ වෙනත්  භාජනයකට තේ වත්කෙරුවාට පස්සේ  පෝච්චි කටෙන් තේ බින්දු කීපයක් වැගිරෙන එකට සම්ප්‍රදායානුකුල පිළියම වුණේ කෙමිය කොනේ බටර් පොඩ්ඩක් ගාන එකයි. හැබැයි ඉතින් තේ බින්දු වැගිරෙන එක නතර වුණත් එක ටිකක් විකාර අදහසක් වගේ පෙනෙන්නෙය් වත් කරණ තේවල සියුම් තෙල්පටලයක් ඇති වෙන්න පුළුවන් නිසයි. පැහැදිලිවම පේන්නේ පෝච්චි හොටේ තොල් දෙකෙහි ප්රුෂ්ටයෙහි ස්වභාවය වැදගත් බවයි.

Image result

පෝච්චි කටෙන් තේ බින්දු කීපයක් වැගිරෙන එක ගැන පර්යේෂන වාර්තාවක් සපයන ප්‍රංශයේ ලියොන් සරසවියේ පර්යේෂකයන් සිවු දෙනෙක් කියා සිටින්නේ වැගිරීමක් සිදුවෙන්න කරුණු තුනක් බලපාන බවයි. මුල් කාරණය තමයි තේ(දියරය) ගලා එන වේගය. වේගයෙන් වත්කරන විට වැගිරීම අඩු බවත් බොහොම කල්පනාවෙන් සෙමින් සෙමින් වත්කරවිට බින්දු වැගිරීම වැඩිවෙන බවත් පොච්චියකින් තේ හෝ වෙනත් දියරක් වක්කර ඇති අයෙකු දන්නවා. දෙවැන්න, තේ පෝච්චියේ කෙමියේ කටේ වක්‍රතාවෙහි අරය(radius of curvature) යි. ඉතා තියුණුව උල් ගතියක් ඇති කටකින් මැටි පෝච්චියක වැනි රවුම් ගතිය වැඩි කටකින්ට වඩා තේ හෝ වෙනත් දියර වැගිරීම අඩුයි. ඇලුමිනියම වැනි ලෝහ වලින් තැනු පෝච්චි වල වැගිරීම අඩු මන්ද යන්න ඉන් තේරුම් ගත හැකියි. වැගිරීම නතර කරන්න බලපාන ප්‍රදාන කාරනාව තමයි තුන්වන්නෙන් කියවෙන්නේ. එනම් ජල විකර්ෂණ(water repellant)  ද්‍රව්‍යකින් කෙමිය තැන ඇත්නම් වැගිරීම නතර වන බව සහතික කරන්න පුලුවන් බව. බටර් ගෑ විට වැගිරීම නතර වන හේතුවත් එකමයි. මන්ද බටර් වල දිය නාල්ලන ස්වභාවයයි.

Image result

දැන් අපි බලමු මේ කාරණා තුනම එකට එක්වී  වැගිරීම නතර කරන්නේ කොහොමද කියලා. කෙමියේ කටින් තේ හෝ වෙනත් දියර ප්‍රවාහයක් පිටතට ගලායද්දී, ගල යන ප්‍රවාහය ආපස්සට අදිමින්  බින්දුවක් දෙකක් කෙමීයේ කටේ තොල අග එක් වෙනවා. කටෙහි ජල විකර්ෂණ හෙවත් දිය නාලන ගතිය අඩුනම් කෙමීයේ කටේ තොල අග එක්වීම වැඩිවීතොලෙහි යටි පත්තටත් බේරෙනවා. දියර ප්‍රවාහය ආපස්සට අදින ප්‍රමාණය තීරණය වන්නේ  ස්පර්ෂ කෝණය(contact angle) මතයි. ස්පර්ෂ කෝණයට බලපාන්නේ කටෙහි වක්‍රතාව සහ ඝනකමයි. කටෙන් ගලන තේ ප්‍රවාහයෙන් කොටහක් ආපස්සටට ඇදී මේ බලපෑම් තුන හේතු කොට ගෙන කටෙහි යටිපැත්තෙහි ඈදී වැගිරීමට හෙතු වෙනවා.  කොහොමව්තත් කලින් ද දක්වා ඇති පරිදි වෙගයෙන් වත්කරද්දී මේ බලපෑම අඩුයි.

Image result

අපි මේ කතා කළේ පොච්චියකින් තේ වක්කරද්දි(විශේෂයෙන්ම ඉතා පරිස්සමෙන්,  සීරුවට වක්කරද්දී) තේ බින්දු කිහිපයක් මේසය මත වැටීමෙන් සිදුවන අක්කරතබ්බය ගැනයි. එය සිදුවන ආකාරය දැනගත් පමණින් වැගිරීම නතර කරන්න බැරිවුනත් ඒ සදහා කළ යුතු දේවල් කල්පනාකරන්න අපට එය මග පාදනවා. එක ක්‍රමයක් තමයි වේගයෙන් වක්කරන එක. හැබැයි ඉතින් තේ බිංදු කීපයක් මේසය මත වැගිරෙන එක නතර වුණත් වේගය පාලනය කරගන්න බැරුව ගොනින් වක්කරන භාජනයට පිටතින් තේ වැක්කිරීමේ අවදානම නම් තියන බව අත්දැකීමෙන් කියන්න පුළුවනි. එහෙමයි කියල නිකන් ඉදලත් හරියන්නේ නැහැ. තව ක්‍රම අත්හදාබලන්න ඕනි. සාර්ථක වුනොත් අපටත් දන්වන්න අනි ඇය එක්ක බෙදා හදා ගන්න.

The Science of Everyday life(2015) ග්‍රන්ථයේ The dribblesome teapot නම් ලිපිය ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: