සැමට විදු නැන නුවණ – Science Literacy for All

ස්තී‍්‍රන්ගේ නිතඹෙහි හා කලවාවලත් පිරිමින්ගේ උදරය හරහාත් මේදය තැන්පත් වන්නේ ඇයි?

shutterstock_113373445

සිය ජීවිත  කාලයේ වැඩි කොටසකදී ස්තී‍්‍රන්ගේ සිරුරේ, පිරිමින්ට වඩා මේද වැඩි ප‍්‍රතිශතයක් පවතී. නිදසුනක් ගෙන බැලූවොත්, වසර 25 වෙද්දී සෞඛ්‍ය සම්පන්න බරක් සහිත කාන්තාවන්ගේ සිරුරේ මේදය සෞඛ්‍ය සම්පන්න බරක් සහිත පිරිමින්ගේ මෙන් දෙගුණයකට ආසන්නය. ගැටවර වියේ සිරුරේ ඇතිවන සීඝ‍්‍ර වර්ධනයේදී බාලිකාවන්ගේ මේදය වැඩිවීමේ අනුපාතය බාලකයන්ගේ මෙන් දෙගුණයක් පමණ වේ. එය සලකුණු වන්නේ මේද සෛල වඩා විශාල වීමෙන් සහ  සෛල ප්‍රමාණය වැඩි වීමෙනි. එය වැඩි කොටම දැක ගත හැකි වන්නේ ශ්‍රෝණිය () නිතඹ()  හා කලවා() වලින් සමන්විත නිසදිය – ඌර්වීය () ප‍්‍රදේශයෙහි සහ තරමක අඩු ප‍්‍රමාණයකින් පියයුරු වලය.

මේ ආකාරයට පොදුවේ මේද ඒකරාශීවීම සීඝ‍්‍රයෙන් වැඩිවීම විශේෂයෙන් ලිංගික-විශේෂිත මේදය ඒකරාශීවීම බොහෝකොට ස්තී‍්‍ර හෝමෝන මට්ටම් වෙනස්වීම් නිසා හට ගන්නේ යයි සැලකේ. ගැටවර වියෙන් පසුව යහපත් බරකින් යුත් කාන්තාවන්ගේ ලිංගික-විශේෂිත මේදය ඒකරාශීවීම මුළුමනින්ම පාහේ නවතී. නැතහොත් බෙහෙවින් පහළට වැටේ. එමෙන්ම ඉන් අනතුරුව සාමාන්‍යයෙන් නම් මේද සෛලවල  වැඩිවීමක් ඇති නොවේ. එලෙසම පුරුෂයන්ගේ මේද සෛල ද ගැටවර වියෙන් පසුව  වැඩිවීමේ නැඹුරුවක් නැත.

සිරුරේ අනෙකුත් ප‍්‍රදේශවලින් මේදය අඩුකර වඩා සිහින්ව තබා ගැනීම දෝණිය, නිතඹ හා කලවාවලින් මේදය ඉවත් කිරීමට වඩා කෙතරම් අසීරුද යන්න කාන්තාවෝ දනිති. කෙසේ වෙතත්, ක්ෂීරණයේදී (කිරිදෙන අවස්ථාවේදී) ලිංගික-විශේෂිත ෙසෙල එතරම් දඩබ්බර නැත. ඒවා, ඒවායේ(ලිංගික-විශේෂිත ෙසෙලවල) මේද මුදැහැරීමේ කි‍්‍රයාකාරකම් වැඩිකරන අතර ගබඩාකිරීමේ ධාරිතාව අඩුකරයි. මේ එක්කම, ස්තන පටකයේ මේද තැන්පත්වීම වැඩිවේ. ලිංගික-විශේෂිත මේදවලට භෞතවේදීය වාසියක් ඇති බවත් හැඟී යයි. ක්ෂීරණයේදී ඇතිවන ශක්ති ඉල්ලූම සපුරාලීමට හැකි සංචිතයක් ලෙස කාන්තාවන්ගේ දෝණිය, නිතඹ හා කලවාවල මේදය කි‍්‍රයාකරන බවක් පෙනී යයි. පුරූද්දක් හැටියට ඌණපෝෂණයෙන් පෙළන කාන්තාවන්  සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම අත්දුටුවකි.

Image result for fat storage in humans

පුරුෂයන්ගේ අතිරික්ත මේදය අන්තරංග හෝ උදර ප‍්‍රද්ශයෙහි තැන්පත්වීමට වැඩි ප‍්‍රවණතාවක් ඇත. මෙම තැන්පත්වීම තුළ පැහැදිලිව පෙනී යන භෞතවේදීය වාසියක් නැත. ඇත්තටම ඊට පරස්පරව මේ ප‍්‍රවණතාව අනතුරුදායක විය හැකිය. ද්‍රෝනියට වඩා ඉඟටියේ වටප්‍රමාණය වැඩි මුට්ටි බඩක් සේ විශාල උදරය දැඩිව සම්බන්ධකමක් දක්වන්නේ, කිරීට ධමනීය රෝග අවදානම ඉහළයාම, දියවැඩියාව, ට‍්‍රයිග්ලිසරයිඩ ඉහළයාම, රුධිර පීඩනය, පිළිකාව සහ පොදුවේ සමස්ත මර්ත්‍යතාවටයි.

කල් ගෙඩි බඩවල් වැනි මහෝදර මෙවැනි අවදානමකට මග පාදන්නේ එවැනි ‘මහා බඩවල්’ තනන මේදය පරිවෘත්තීය වශයෙන් වඩාත් කි‍්‍රයාකාරී නිසාය. ලිංගික-විශේෂිත මේදය හෝ සිරුරේ වෙනත් තැන්වල ඇති මේදය වඩා උදරීය මේදය වඩාත් පහසුවෙන් බිඳ වැටෙන අතර රෝගාබාවලට සම්බන්ධිත රසායනික කි‍්‍රයාවලියට ඉක්මනින් එක්වෙයි. අවාසනාවකට මෙන් උදරයේ මේදය, ඒවා අඩුවී යන වේගයෙන් හෝ ඊටත් වැඩි වේගයකින් යළි ගබඩා කෙරේ. ශරීර මේදය ඇත්තටම ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යය.

Image result for heart disease

මේදය ශක්ති ප‍්‍රභවයක් වීමට අමතරව ඇතැම් විටමින ගබඩා කරන ස්ථානයකි. විටමින මොළ පටකයේ වැදගත් සංයෝජනයක් වන අතරම සියලූ ෙසෙල පටලවල වැදගත් ව්‍යුහමය සංරචකයකි. ඊටත් වඩා එය අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම සඳහා ‘පෝරු’ සපයන අතර ශරිරය ශීතලෙන් පරිවරණය කරයි. එහෙත් වයසට යද්දී අප බොහෝ දෙනෙකුට මේදය මෙන්ම බරද වැඩිවීමේ ප‍්‍රවණතාවක් ඇත. අපගේ වැඩිහිටි ජීවිතයේ සෑම දශකයකටම සිරුරේ බරෙන් 10% බැගින් මේදය වැඩිවීම සිදුවේ. මෙය පැන නගින්නේ එක අතකින් පරිවෘත්තීය සීඝ‍්‍රතාව පහළ වැටීමේ හේතුවෙන් වුවද වැඩිකොටම සිදුවන්නේ ශාරීරික කි‍්‍රයාකාරකම් අඩුවී යාමෙනි. එය එසේ වුවද ශරීරයේ මේදය වුවමනාවට වඩා (ස්ති‍්‍රයන්ගේ නම් ශරීරයේ මේදය 30%කින් වැඩිවීම හා පිරිමින්ගේ නම් සිරුරේ මේදය 25%කින් වැඩිවීම) වැඩිවීම රෝගාබාධ අවදානම වැඩිවීම හා අකලට මිය යාම හා සම්බන්ධවේ. මේදය තැන්පත් වී ඇත්තේ කොයිබද යන්න නොතකා සමාජයක් හැටියට දැන් ජාතික* සෞඛ්‍ය වසංගතයක් බවට ස්ථුලතාව (තරබාරුකම) පවතින තරමට අපි දැඩි ලෙස බර වැඩි කර ගනිමින් සිටින්නෙමු.

(මෙම ලිපියේ ජාතික* වශයෙන් දක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙනි. සෞඛ්‍ය වසංගතයක් තරමට නොවූවද සිරුරේ මේදය හා බර වැඩිවීම අප රටටද ගැටලූවකි–පරිවර්තක.)

Scientific American’s Ask the Experts හී Why does fat deposit on the hips and thighs of women and around the stomachs of men? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: