විදු නැන නුවණ – Science Literacy for All

සුනඛයින්ට මිනිස් අපේ කථනය අවබෝධ වේද?

මිනිස්  කථන හා භාෂා හැකියාවන් ගැන උගැනිමට උපකාරී විය හැකි අධ්‍යයනයක් ගැන තොරතුරු

මිනිසාගේ හොඳම මිත‍්‍රයා (man’s best friend) ලෙස සැලකෙන්නේ සුනඛයන්ය. එහෙත් එම කාර්ය භාරය ඉටු කිරීම හිතන තරම් පහසු කාර්යයක් නොවන බව සුනඛයන්ට කතා කළ හැකි නම් ඔවුන් කියනු ඇත. ආරක්ෂාව සැපයීම, ගමනක් යන විට මඟ පෙන්වීම මෙන්ම (දැන් දැන්) ව්‍යායාම සහායකයෙකු ලෙසද යනාදි වශයෙන් භූමිකා රැසක් ඉටු කිරීමට සුනඛයන්ට පැවරේ. ඊටත් අමතරව, අතොරක් නොමැතිව අප එක දිගට කරන කතාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇහුම්කන් දී ගෙන සිටින්නට, අසා සිටීමට ද ඔවුනට සිදුවේ. එහෙත් මේ මිනිසුන්ගේ කථනය අවබෝධ කර ගැනීම පිණිස ඔවුනට හැකියාවක් තිබේද?

මිනිස් අප සිදු කරන ආකාරයට ම සුනඛයන්ද කථනයේ ඇතැම් අංග පිරිසකසන බව හංගේරියාවේ ස්නාසාවේදීන් පිරිසක් පෙන්වා දෙති. මෙය අප මෙන්ම සුනඛයන්ද සිදුකරන්නේ චචනවල තේරුම (අප කියන දෙය) සහ වචන කියාපාන තානය (අප කියන ආකාරය) වෙන් කොට හඳුනා ගැනීම පිණිස මොළයේ ඇති විශේෂ ප්‍රදේශ යොදාගැනිමෙනි.. මෙලෙස මිනිස් සුනඛ විශේෂ දෙකටම පොදු ස්නාසා පරිපථ තිබීමෙන් පෙන්නුම් කරන්නේ මානවයන් අතර භාෂා හැකියාව වර්ධනය වීම උගෙන ගෙන ඇති වූ නිර්මාණයක් මිස අපේ මොළයේ සුවිශේෂී වෙනසකින් සිදුවූවක් නොවන බවට සාක්ෂියකැයි අධඅධ්‍යනයේ කතුවරයෝ අදහස් කරති.

download-1

“අපට  ඕනෑ කළේ වචනවල තේරුම වෙනමම තෝරා පිරිසැකසීමේ හැකියාව ඇත්දැයි විමසා බැලීමටයි” යනුවෙන් අධ්‍යයන ප‍්‍රධානී බුඩාපස්ට් හි Eötvös Loránd  සරසවියේ ස්නාසාවේදී ඇටිලා ඇන්ඩික්ස් පවසයි. අධ්‍යයන සඳහා පර්යේෂකයෝ සුරතලේට ඇතිකරන බල්ලන් 13 කු ගෙනවිත් කාර්යබද්ධ චුම්භක අනුනාද අනුරුපන හෙවත් fMRI ස්කෑනරයක නිදහස්ව සිටීමට පුරුදු කළහ. සුනඛයන්ගේ මොළයේ කි‍්‍රයාකාරිත්වය නිරීක්ෂණය කරමින් ඔවුනට සුපුරුදු ‘බොහොම හොඳයි’ ‘අගෙයි’ ‘ආන්න හරි’ විවිධ ප‍්‍රශංසාත්මකව යෙදුම් මෙන්ම අප එදිනෙදා ජීවිතයේදී යොදා ගන්නා එහේත් සුනඛයන්ට අදාළත්වයක් නොමැති (‘ඒ ආකාර නම්’, ‘එවන්’,  ‘තවම’ ආදී)  මධ්‍යස්ථ ඈදි පද සුනඛයන්ට අසන්නට සැලැස්විණ. ඔවුනට වචනයක අන්තර්ගතය හා වචනය කියන ආකාරය (how we say it) වෙන්කොට හඳුනාගැනීමට හැකිදැයි පරීක්ෂා කිරීම පිණිස සෑම වචනයක්ම එක්කෝ ප‍්‍රශංසාත්මක ස්වරූපයකින්ද (praising intonation) මෙන්ම මධ්‍යස්ථ ස්වරභේදයකින්ද කියන ලදී.

මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල Science සඟරාවේ පළ කෙරී ඇත. එයින් හෙළි වී ඇත්තේ තනාය ගැන තැකීමකින් තොරව, ප‍්‍රශංසාත්මක වචන කථනය කිරීම මොළයේ වම් අර්ධ ගෝලයෙහි සැලකිය යුතු කි‍්‍රයාකාරිත්වයක් මතු කර ගැනීමට සමත්වන බවයි. මානව භාෂණ පිරිසැකසුමේදී මේ හා සමානව වම් අර්ධගෝලයෙහි ප‍්‍රමුඛත්ව රටාවක් කලින් සිදු කර ඇති අධ්‍යයනාවලින්ද පෙන්නුම් කර ඇති අතර එය භාෂාවේ පරිණාමයෙහි ස්නාසාවේදීය ඵලවිපාකයක් ලෙස සැලකේ. වර්තමාන අධ්‍යයනයෙහි කතුවරුන් අදහස් කරන්නේ මෙම සමානතාව සුනඛයන් අවබෝධ කරගන්නා දෙයට මෙන්ම මානවයන් භාෂාව සකසා ගන්නා අන්දම යන දෙකටම හැඟවීම් තිබිය හැකි බවයි. කෙසේ වෙතත් විද්‍යාඥයන් හා විද්‍යා රචකයන් අනතුරු හඟවා ඇත්තේ මෙම නිගමන වුවමනාවට වඩා ඉදිරියට ගෙන නොයා යුතු බවයි.

download-2

සුනඛයන් මධ්‍යස්ථා තානයකින් කියන වචනවලට සවන් දෙන විට ඔවුන්ගේ මොළයෙහි දකුණු අර්ධගෝලයේ කොටසක කි‍්‍රයාකාරිත්වය වැඩිවූ බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ඔවුන් පෙන්වා දෙන අන්දමට (මොළයෙහි) එම කොටස විශේෂයෙන් සැකසී ඇත්තේ වර්ගීය ශ‍්‍රවණ තොරතුරු සැකසීමටය. කෙසේ වෙතත්,  ප‍්‍රශංසාත්මක වචන හා තානයන් එකතුව සකි‍්‍රය කළේ මොළයෙහි ඉතා වෙනස් කොටස්ය. මිනිසුන් තුළ පාරිතෝෂය හා සම්බන්ධ මේ කොටස් ආශ‍්‍රිතව කි‍්‍රයාකාරිත්වයෙහි  සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළේ කරන්නේ ප‍්‍රශංසාත්මක වචන ප‍්‍රශංසාත්මක මුඛයෙන් (තානයෙන්) කිව් විට පමණක් බව ඇන්ඩික්ස් ඇතුලූ කණ්ඩායමට පෙනී ගියේය. මින් තේරුම් යන්නේ වචනවල තේරුම වෙන්කොට ගෙන වෙනමම පැසිරීමට ඇති හැකියාව සුනඛයන් ප‍්‍රදර්ශනය කළ බවයි.

සසෙක්ස් සරසවියේ මනෝවිද්‍යාඥ ඬේවිඞ් රෙබි කලින් සිදු කළ සුනඛයන්ගේ චර්යා ගැන පර්යේෂණයකදී ද මානවයන්ගේ හා සුනඛයන්ගේ භාෂණ ප‍්‍රජානන සමාන කම් හඳුනා ගැනීමට හැකිවිණ. ‘එසේ වුවද, සුනඛයන්ට මානවයන්ගේ භාෂාව තේරුම් ගත හැක යන්න මින් ගම්‍ය වන්නේ නැහැ’යයි ඔහු කියයි.  කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යා මහාචාර්ය ටෙරන්ස් ඞීකන්ද එය සනාථ කරයි. ‘අපේ මොළය භාෂාව සම්බන්ධයෙන් කි‍්‍රයාකරන්නේ සුනඛයන් වචනවල ශබ්දය සම්බන්ධයෙන් කි‍්‍රයාකරනවාට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. වචනයක් අනෙකුත් වචන පූර්ණ පද්ධතියක් හා සම්බන්ධ කර අර්ථ නිරූපණය කිරීමට අපට මෙන් හැකියාවක් සුනඛයන්ට නැහැ. සංකීර්ණ වාක්‍යයක් හෝ  ඕනෑම සංඛ්‍යාවක වාක්‍ය ප‍්‍රමාණයක් තේරුම් ගැනීම මානවයන්ට පමණක් සීමාවූ ගතිලක්සණයන්.  එවැන්නක් මෙම අධ්‍යයනයේදී සුනඛයන් සම්බන්ධයෙන් ප‍්‍රදර්ශනය වී නැහැ’ ඔහු කියයි. අධ්‍යයනයේ ක‍්‍රමවේදය ඇතැම් විශේෂඥයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.

එහෙත්, විශ්ලේෂණ අධ්‍යයනයේ නිවැරදි නම් ඒවායින් මානවයන් තුළ ආරම්භකව භාෂාම සංවර්ධනය ගැන කියැවෙන්නේ කුමක්ද? භාෂා පරිණාමය ගැන දැනට පවතින සිද්ධාන්ත බොහොමයකින් උපකල්පනය වන්නේ මානවයන්ගේ මොළයෙහි සැලකිය යුතු වෙනසක් සිදුවීම හේතුවෙන් මිනිස් වර්ගයාට වචන භාවිතයට හා අවබෝධය මග පැදුනු බවයි. ඇන්ඩික්ස් උපග‍්‍රහණය කරන්නේ, මොළයේ සැලකිය යුතු වෙනසකින් තොරව වචන භාවිතය ස්වාධීනව හටගත් මානව නිපැයුමක් බවයි.

Smithsonian Science  හී පළවූ Dogs Know When You’re Praising Them. That Doesn’t Mean They Understand Human Speech යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: