විදු නැන නුවණ – Science Literacy for All

මිලිමීටර රේඩියෝ තරංග 5G තාක්ෂණය උපරිමයකට ගෙනේවිද?

ඊළඟ පරපුරේ විද්‍යුත් උපකරණවලට තත්පරයකට ගිගාබයිට්වලින් බා ගත කිරීමේ හැකියාව ලබාදීමට සේවා සපයන සමාගම්  උත්සුකවෙයි. එහෙත් ප‍්‍රශ්නය වී ඇත්තේ එය සිදුකළහැක්කේ කෙලෙසද යන්නයි.

ප‍්‍රථම සෙලියුලර් ජාල පිහිටුවීමෙන් පසුව සෑම දශයකට හෝ ඒ ආසන්න කාලයකට වරක් සමාගම් සම්පේ‍්‍රෂණ වේගය, ධාරිතාව සහ අනෙකුත් තාක්ෂණික ගති ලක්ෂණ නියම කෙරෙන නව අවශ්‍යතා සවිස්තරකරණයට පියවර ගන්නා බවත් පෙනී යයි. මේ සෑම අවශ්‍යතා කට්ටලයක්ම හැඳින්වෙන්නේ නවතම ‘පරම්පරාව’ (generation) හැටියටයි. අද ලෝකයේ (අපේ රට ද ඇතුලූව) භාවිතයට ගැනෙන්නේ හතරවැනි පරම්පරාව හෙවත් 4G තාක්ෂණයයි.  4 රැහැන් රහිත ඩිජිටල් පද්ධති මගින් බුහුටි දුරකතන (smart phones) සහ ටැබ්ලට් පරිගණකවලට තත්පරයකට බයිට් මිලියන බොහෝ ගණනක විකාශන ධාරිතාවයකින් හඬ හා දත්ත සංනිවේදනයට පහසුකම් සැලසී ඇත. දත්ත සම්පේ‍්‍රෂන වේගය එකිනෙක අතර වෙනස් විය හැකිවුවත් බොහෝ ජාල, සම්පූර්ණ චිත‍්‍රපටයක් ඒ කියන්නේ ගිගාබයිට් 1කට වැඩි ගොනුවක් විනාඩි 10 ක් ඇතුළත බාගැනීමට පාරිභෝගිකයාට  ප‍්‍රස්ථාව සපයයි.

කෙසේ වෙතත්, ඊළඟ පරපුරේ තාක්ෂනයට එනම් 5G මගින් විශාල බහුමාධ්‍ය (multi-media) ගොනුවලින් වැඩිකොටම සමන්විත වන නව වේගයෙන් ඉහළ යන ජංගම ජාල ගමනාගමනයට ගැළපෙන සේවාවක් සැපයීම පිණිස බලගතු ඉදිරි පිම්මක් පැනිය යුතු වේ. ජංගම දත්ත ගමනාගමනය කි‍්‍ර.ව. 2014 ත් 2019ත් අතර ගෝලීය වශයෙන් දශ ගුණයකින් වැඩිවෙතැයි ගණන් බලා ඇති අතර 2019 දී මාසයක් පාසා ලොව පුරා එක්සාබයිට් (exabytes) 24.3ක ප‍්‍රමාණයකට ළඟා වෙනු ඇත. (එක්සා බයිට් එකක් යනු ගිගා බයිට් බිලියන එකකි.)

mjmxntc0oa-5-g

5G තාක්ෂණයේ විශේෂණ තීරණය කිරීමට තව බොහෝ කල් ඇතත්, අන්තර්ජාල සම්බන්ධතා 40 ගුණයකින් වඩා වේගවත් වෙතැයිද එමෙන්ම ලොව පුරා වර්තමාන 4G දිගුකාලීන පරිණාම (Long Term Evolution = LTE) රැහැන් රහිත සන්නිවේදන ප‍්‍රමිතිය මෙන් සිව් ගුණයක ආවරණයක් සැපයීමටද හැකිවෙතැයි අපේක්ෂිතයි. 5G තාක්ෂණය ගැන පැහැදිලි සවිස්තරකරණයක් (definition) නැතත් ෆින්ලන්තය, රුසියාව සහ කොරියාව ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකම එක්කෝ දැනටමත් සම්පරීක්ෂාකිරීම් (testing) පටන් ගෙනය. නැතහොත් ඒ සඳහා කටයුතු යොදා ඇත.

තාක්ෂණ අතුරෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි විභවයක් සහිත තාක්ෂණයක් වන්නේ මිලිමීටර තරංග සංඛ්‍යාත – එනම් ඉහළ සංඛ්‍යාත සංඥා යොදා ගැනීමයි. උසස් තත්ත්වයේ වීඩියෝ සහ බහුමාධ්‍ය අන්තර්ගතයන් වඩා ඉක්මණින් සැපයීමට හැකිවන පරිදි වැඩියෙන් කලාප පළලපැවරීම් කිරීමට ඉන් අවකාශ සැපයේ. සම්බන්ධතාව (connectivity) හා වේගය(speed) ඉහළ දැමීම පිණිස බහු ආංශික රැහැන් රහිත ජාල එකවර සම්බන්ධ කළහැකි එක් තනි ජංගම උපක‍්‍රමයක් සෙවීම තවත් පර්යේෂණ මාර්ගයකි.

5G තාක්ෂණය ගැන උනන්දුව, විශේෂයෙන්ම පර්යේෂක ප‍්‍රජාව තුළ උනන්දුව වැඩිවෙමින් පවතී. මේ ආකාරයේ පද්ධති සැලසුම් කිරීමට පරික්ෂා කිරීමට හා කි‍්‍රයාත්මක කිරීමට එක්සත් ජනපදයේ, යුරෝපයේ දකුණු කොරියාවේ චීනයේ හා ජපානයේ ටෙලිකොම් සමාගම් උනන්දුවක් පෙන්වයි. 5G තාක්ෂණය කුමක්ද යන්න නිශ්චිත නැතත් ඊට යෝග්‍ය අපේක්ෂක තාක්ෂණයන් මෙන්ම ඊළඟ පරම්පරාවේ රැහැන් රහිත සම්මතය මගින් ඉටු කල යුතු අවශ්‍යතාවන් ගැනද කතිකාවක් ගොඩ නැගී තිබේ. ඉතින් බාගදා 5G තාක්ෂණය එළිදැකීමට හිතන තරම්ම කාලයක් ගත නොවන්නටද පුළුවන. සමහර සමාගම් අදහස් කරන්නේ 5G තාක්ෂණය 2020 වන විට ස්ථාපිත කර ඒ ආශ්‍රිත සේවාවන් සැපයීමට හැකිවෙතැයි යනුවෙනි.

5-g

 

4G තාක්ෂණ හා 5G අතර වෙනස්කම් සළකන විට එක් ප‍්‍රධාන වෙනස් කමක් ලෙස දැක්විය හැක්කේ 5 තාක්ෂණය මගින් රැහැන් රහිත රේඩියෝ සංඥා ගිගාහර්ට්ස් (gigahertz) 30 සිට 300 දක්වා අතරතුර මිලිමීටර් තරංග ආයාමවල කි‍්‍රයාත්මක රේඩියෝ වර්ණාවලියේ ඉහළ සංඛ්‍යාත කලාපයක් වෙත යොමු විය හැකි වීමයි. එමගින් කලාප පළල විශාල ප‍්‍රමාණයක් විවෘත වෙන අතර රේඩියෝ ගමනාගමන තදබදය ගැන තිබෙන කාංසාව අඩුකිරීමට හේතුවේ. වර්ණාවලියේ මෙම කොටස දැනට රේඩාර් චන්ද්‍රිකා හා ඇතැම් මිලිටරි සන්නිවේදන පද්ධති සඳහා යොදා ගත්තද එය නිශ්චිතවම දැනට භාවිතයේ ඇති වර්ණාවලියට වඩා ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ අඩුවෙනි. ඊටත් අමතරව, 4G තාක්ෂණය මගින් හැකිවන්නේ තත්පරයකට දත්ත බයිට් සිය ගනනක සීස‍්‍රතාවක් වුවත් 5G මගින් එය තත්පරයකට ගිගා බයිට් පරාසයක් කරා ගෙන යා හැකි වීමට ඉඩ ඇත. හැම වේලාවකම  ඕනෑම තැකක මෙම අනුපාතයන් පවත්වා ගැනීමට නොහැකි වුවත් සමස්තයක් ලෙස එය ගුප්තතා අනුපාතය (latency rate) පහතට හෙළයි.

මේ සා ඉහළ සංඛ්‍යාත තුළ රැහැන් රහිත උපකරණ කි‍්‍රයාකිරීමේදී යම් අවාසිදායක තත්ත්වයක්ද ඇතිවේ. පොදුවේ ගත් විට අධි සංඛ්‍යාත කරා ඉහළට යාමේදී සම්පේ‍්‍රෂණ පරාසය කෙටිවෙයි. එනම් කිලෝමීටර වෙනුවට මීටර් සිය ගණනනක් වශයෙනි. එමෙන්ම සංඥාවලට පහසුවෙන් බිත්ති හරහා යා නොහැකිය. ඇනලොග් සිට ඩිජිටල් දක්වා පරිවර්තක (analog­to­digital converters) වියදම් අධික වන්නට පුළුවන. තවත් අභියෝගයක් ලෙස දැක්විය හැක්කේ සම්පේ‍්‍රෂකය සහ ප‍්‍රතිග‍්‍රාහකය අතර දෘෂ්ටි රේඛා සම්බන්ධයක් නොමැති නම් සංඥාවෙහි බොහෝ හායනයක් (attenuation) හෙවත් හානියක් ඇතිවීමට ඉඩ තිබීමයි.

අප තවම මිලිමීටර තරංග ගැන උගනිමින් සිටින අතර එහි ශක්‍යතාවවන් පරීක්ෂා කරමින් සිටින්නෙමු.

 

Scientific American හි Will Millimeter Waves Maximize 5G Wireless? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: