විදු නැන නුවණ – Science Literacy for All

ජානමය විකෘතිවීම්

විකෘතිවීමක් (mutaion) යනු කුමක්ද?

විකෘතිවීම් යනු ජානමය අනුක‍්‍රමයේ විපර්යාසයන්ය. ජීවීන් අතර විවිධත්වයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ද මෙම විකෘතිවීම්ය. මෙම විපර්යාසයන් විවිධ මට්ටම් බොහොමයක් තුළ ඇති විය හැකි අතර ඒවායින් බොහෝ පුළුල්ව ප‍්‍රතිවිපාක ද ඇති විය හැකියි. ප‍්‍රජානන හැකියාව ඇති ජීව විද්‍යාත්මක පද්ධතිවලදී  අප මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඒවා ආවේණික ද ( උරුමයෙන් අත්පත් කර ගත හැකිද) යන්න කෙරෙහිය. විශේෂයෙන්ම,  සමහර විකෘති ඇතිවීම් බලපාන්නේ ඒවා දරා සිටින ඒකෛකයන්ට පමණක් වන අතර තවත් සමහරක් වාහක ජීවියාගේ සියලු ජනිතයන් සහ අනතුරුවත් පැවත එන්නන් කෙරෙහි ද බලපායි. ජීවියෙකුගේ පැවත එන්නන් කෙරෙහි විකෘතිවීම් බලපෑමට නම් ඒවා

  1. සිදුවිය යුත්තේ ඊළඟ පරම්පරාව නිර්මාණය වන සෛල තුළය. එමෙන්ම,
  2. ප‍්‍රවේණිගත ද්‍රව්‍යය කෙරෙහි බලපෑ යුතුය.

අවසානයේදී ප‍්‍රවේණිගත විකෘතිවීම් සහ පරිසරාත්මක පීඩනයන් එකිනෙක මත ක්‍රියා කිරීම ජිව විශේෂයන් අතර විවිධත්වය ජනනය කරයි.

mutation

විවිධ වර්ගවල අණුක විපර්යාසයන් පැවතියත්, ‘විකෘතිය’ යන වදනින් සාමාන්‍යයෙන් දැක්වෙන්නේ නියුක්ලෙයික් අම්ල කෙරෙහි බලපාන වෙනස්කම්ය. සෛලීය ජීවීන් තුළ මෙම නියුක්ලෙයික් අම්ල තමයි DNA තැනුම් ඒකක. එසේම වෛරස්වලදී ඒවා DNA හෝ RNA යන දෙකෙන් එකක තැනුම් ඒකක වේ. DNA සහ RNA ගැන සිතිය හැකි එක් ක‍්‍රමයක් වන්නේ, ඒවා ජීවියෙකුගේ ප‍්‍රජනනය උදෙසා වුවමනා තොරතුරුවල දීර්ඝකාලීන ස්මෘතිය දරා සිටින ද්‍රව්‍ය ලෙසින් සැලකිමය. RNA ද අවශ්‍යයෙන්ම එම විකෘතිමය බලවේගයන්ටම හසුවන නමුත් මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ DNAවල විකෘතිවීම් කෙරෙහිය.

විකෘතීන් සිදුවීම ජන්මානු පථ නොවන සෛලවල හටගන්නේ නම් එවිට එම වෙනස්කම් දෛහික විකෘතීන්(somatic mutations)  ලෙස වර්ගීකරණය කළ හැකිය. Somatic (දෛහික) යන වචනය බිඳී ඇවිත් ඇත්තේ ගී‍්‍රක soma යන වදනිනි. එහි තේරුම සිරුර යන්නයි. එමෙන්ම දෛහික විකෘතීන් බලපාන්නේ වත්මන් ජීවියාගේ සිරුරට පමණය.  පරිණාමීය පර්යාලෝකයකින් බලන විට දෛහික විකෘතීන් උනන්දුවක් ඇති කරවන සුළු නොවේ. එහෙත්, ඒවා ක‍්‍රමානුකූලව ඇති වී එමෙන්ම ජිවත්වීමට ඇති ධාරිතාව හෙවත් හැකියාව වැනි පුද්ගලයකුගේ මූලික ගුණාංගයක් වෙනස් කරන්නේ නම් ඒවා උනන්දුව ඇති කරවන සුළුය. නිදසුනක් දක්වන්නේ නම්, පිළිකාව එක් ජීවියෙකුගේ පැවැත්ම කෙරෙහි බලපෑමේ හැකියාවක් හෙවත් විභවයක් ඇති දෛහික විකෘතියකි. කෙසේ වෙතත්,  වෙනස් අවධානයක් ඇති දෙයක් ලෙස ගතහොත් පරිණාමීය සිද්ධාන්තය වඩාත් අවධානය යොමු කරන්නේ ඊළඟ පරම්පරාව බිහිකරමින් සෛලවල ඇති වන DNA විපර්යාසයන් ගැනයි.

 

විකෘතිවීම් අහඹුද? (සසම්භාවීද?)

විකෘතිවීම් අහඹුය හෙවත් සසම්භාවීය යන ප‍්‍රකාශය ගතහොත් එය එකවර අතිශය සත්‍යයක් ද  මෙන්ම අතිශය අසත්‍යයක් ද යන දෙයාකාරම වේ. මෙම ප‍්‍රකාශනයේ සත්‍යය යන කොටස මතුවන්නේ අපේ ඉහළම දැනුම අනුව සලකතොත්, විකෘතියක ඵල විපාක (අපරාංගය) මෙම විකෘතිය සිදුවේය හෝ සිදු නොවේය යන්න පිළිබඳ සම්භාවිතාව මත කොයියම්ම ආකාරයක හෝ බලපෑමක් නැත යන කාරණාවෙනි. වෙනත් වචනවලින් කියතහොත් ඒවායේ බලපෑම ප‍්‍රයෝජනවත්ද යන්නට සම්බන්ධයක් නොමැතිව විකෘතිවීම් අහඹු ලෙස ඇතිවේ. මේ අනුව, හුදෙක් ජීවියෙකුට (DNA විපර්යාසයන් හේතුවෙන්) වාසි සැලසෙන පලියටම, සලසාගත හැකි නිසාම DNA විපර්යාසයන් නිතර ඇති නොවේ. එපමණක් ද නොව ජීවියෙකු, එහි ජීවිත කාලය තුළ වාසිදායක විකෘතියක් අත්පත් කරගන්නේ වී නමුදු, ඊට අනුරූප තොරතුරු ජිවියාගේ ජන්මාණු පථයෙහි DNA වෙත ආපසු ගලා නොඑයි.

img25

කෙසේ වෙතත්, විකෘතිවීම් අහඹුය යන අදහස  අසත්‍යයක් යයි සැලකිය හැක්කේ, එක සමාන සම්භාවිතාවයකින් යුතුව සෑම මාදිලියකම විකෘතිවීම් සිදුනොවන බව කෙරෙහි අවධානය යොමු කරන විටයි. ඒ වෙනුවට, සමහරක් වඩාත් බහුලව සිදුවන්නේ අනෙක් ඒවාට වඩා ඒවාට පහළ මට්ටමේ ජීව රසායනික ප‍්‍රතිචාරයන් ප‍්‍රසාදය දක්වන නිසයි. සැබෑ ලෝකයේ දී, ප‍්‍රජානන හැකියාව ඇති  ඕනෑම පද්ධතියක් නොගැලවිය හැකි ජාති ලක්ෂණයක් වීමට ප‍්‍රධාන හේතුව වන්නේ ද මෙකී ප‍්‍රතිචාරයන්මය. සාමාන්‍යයෙන් විකෘතිවීම් සිදුවන සීඝ‍්‍රතාව ඉතා පහළ මට්ටමක පවතී. එසේම, ඒවා හැකිතාක් දුරට පහළ මට්ටමක තබා ගැනීම පිණිස ජීවවිද්‍යාත්මක පද්ධති අතිවිශාල ප‍්‍රයත්නයක ද  යෙදේ. ඊට ප‍්‍රධාන කොටම හේතුවන්නේ, බොහෝ විකෘතිවීම් වල බලපෑම හානිකර වීමයි. ඒ කෙසේ වෙතත්, DNA. ඇලූත්වැඩියාව හෝ සෝදුපත්බැලීම DNA ප‍්‍රතිගුණනයේදී (replication) වැනි පහළ මට්ටමක ආරක්ෂිත යාන්ත‍්‍රණ ද  එමෙන්ම විකිරණ හානිය අඩුකිරීම වස් චර්ම සෛල තුළ මෙලනින් (වර්ණකය) තැන්පත් කිරීම වැනි ඉහළ මට්ටමක ආරක්ෂිත යාන්ත‍්‍රණද යන දෙකම නොතකා  විකෘතිවීමේ සීඝ‍්‍රතාව කිසිවිටෙකත් ශුන්‍ය නොවේ.   එක්තරා ලක්ෂ්‍යයක් ඉක්මව වූ විට විකෘතිවීම් මඟහැරවීම සෛලවලට නොවටිනා හෙවත් අධික වැයක් දැරිය යුතු දෙයක් බවට පත්වේ. මෙලෙස විකෘතීන් සැමදාමත් පරිණාමයේ බලගතු බලයක් ලෙස පවතී.

විකෘතීන් ඇතිවන්නේ කෙසේද? විකෘතින් ප‍්‍රවර්ග මොනවාද? විකෘතින්ගේ බලපැම් මොන ආකාරයද? විකෘතීන්ගේ සීඝ‍්‍රතාවන් ගණනය කරන්නේ කෙසේද යන්න ආදිය ගැන තවත් ලිපියකින් සාකච්ඡ කරමු.

Learn Science at Scitable(සුප්‍රකට් Nature ප්‍රකාශක සමුහයේ වෙබ් අඩවියකි) හී Genetic Mutation  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: