විදු නැන නුවණ – Science Literacy for All

වැරදි මතකය නිසා මොළයෙහි සිදුවන්නේ කුමක්ද?

අසම්පූර්ණ වුවද අතීතය පිළිබඳ විශ්වාසදායක වාර්තාවක් හැටියටයි, බොහෝ දෙනෙකු මතකය ගැන සිතන්නේ. ඔව්, මතකය යනු අපේ අත්දැකීම්වල එක්තරා අන්දමක බහු මාධ්‍ය ගබඩාවක් ලෙසටයි. එසේ වුවද, මනෝ විද්‍යාඥයන්, ස්නායු විද්‍යාඥයන් (neuroscientists) සහ නිතිඥයන් වැනි අය එය එසේ නොවන බව දනිති. නිදසුනක් ගතහොත්, නඩු හබ වලදී ඇස දුටු සාක්ෂි() දැන් පෙනී ගොස් ඇත්තේ කුප‍්‍රකට ලෙස අවිස්වාදායක බවයි. ස්මෘතිය හෙවත් මතකය යනු හුදෙක් ගබඩා කර හෙවත්  තැන්පත් කර තිබූ තොරතුරු යළි ලබා ගැනීමක් පමණක් නොවීම, මේකට බලපාන හේතුව තමයි. සාමාන්‍යයෙන් අපේ මනස මතක තිබෙන අත්දැකීම් සහ ලෝකය පිළිබඳ අපේ දැනුම කලතා ස්මෘතීන් ගොඩනගයි. කොහොම වුණත් අතීතය හා වර්තමානය එකට ඈදමින් අවසන්වන අලූත් අත්දැකීම් මගින් අපේ මතකයන් මැකී යා හැකියි.

වැරදියට මතකයේ තබා ගැනීමේ ඵලවිපාක ඇතැම් විට ඛේදජනක ද වන්නේය. එසේ වුවද,  වැරදි මතකයන්ට පාදකවන හේතු සොයා ගැනීම පිණිස වෙර දැරීමේදී එය මනෝවිද්‍යාඥයන්ට මගපැදීමක් කර  තිබේ. එමෙන්ම, ස්මෘතියේ (මතකයේ) පදනම ශක්තිමත් කරණ  සහ අප යම් දේවල් වැරදියට මතක තබාගන්නේ මන්දැයි යන්න ගැන එහි කි‍්‍රයාකාරිත්වය මගින් ඇතුළු නුවණ සැපයීමට තුඩු දෙන මොළයේ ප‍්‍රධාන කොටසක් නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. නව පර්යේෂණය ගොඩ නගා ඇත්තේ DRM කාර්ය පැවැරීම () යනුවෙන් කෙටියෙන් දැක්වෙන බොරු මතකයන් මතු කර ගන්නා ක්‍රමයකි. මෙයට දශක ගණනාවකට පෙර සොයා ගනු ලැබූ මෙම DRM ක‍්‍රමය හදුන්වනු ලබන්නේ පර්යේෂකයන් තිදෙනෙකුගේ අග නමෙහි මුලකුරු වලිනි.

1959 වසරේ දී මනෝමායාව(psychological illusion) යන්න මුලින්ම විස්තර කළ  James Deese ඉන් පළමුවැන්නාය. එහෙත් අනෙක් දෙදෙනා වන Henry Roediger සහ  Kathleen McDermott 1995 දී එය ව්‍යාජ මතකයට ඈදීමෙන් පසුව එය මනෝවිද්‍යාත්මක අත්හදා බැලීම්වලදී බහුලව යොදා ගැනිණ. කර්තව්‍යයේදී සහභාගිත්වන්නන්ට ‘හිම’ ‘අයිස්’ ‘සිසිර ඍතුව’ සහ ‘උණුසුම’ වැනි  වචන ලයිස්තුවක් සපයනු ලබිය. තවත් ඇමකට හෙවත්  පොළඹවන සුළු වචනයකට (මේ පරීක්ෂණයේදී නම් ‘සීතල’ යන්න) එම වචන සම්බන්ධ කෙරුනද එම වචනය(ඇම)  සහභාගිවන්නාට කිසිවිටෙකත් ඉදිරිපත් නොකෙරින. යම් කාල පමාවකට පසුව සහභාගිවන්නන් තමනට ඉදිරිපත් කරුණු ලැයිස්තුවෙන් හැකි තරම් වචන මතකයෙන් කිව යුතු විය. එවිට ඔවුන් ජනතාව බොහෝ විට කියන්නේ ‘ඇමට’ යෙදු වචනය (මෙහිදී සීතල) දුටු බවට පැහැදිලි මතකයක් ඇත යනුවෙනි. මේ ප‍්‍රතිඵලය විවිධ පුද්ගලයන් අතරේ සමානුයෝගීව ඒ කියන්නේ නොවෙනස්ව දැකිය හැක්කකි. ‘මේ ප‍්‍රතිඵල අපට පෙන්වන්නේ මතකයන්, හුදෙක්  සිදුවූ දේ මත නිශ්චිතවම පදනම් වී නැති බවයි’ ලන්ඩන් යුනිවසිටි කොලීජියේ ප‍්‍රජානන ස්නාසා විද්‍යාඥ මාටින් චැඩ්වික් පවසිය. ‘සෑම වචනයක්ම කේත ගත කරණු වෙනුවට සිදුවන්නේ මතකයෙහි ගබඩා කිරීම පිණිස සමස්ත සංකල්පයක් ගොඩ නගා ගැනීමයි’

Image result

මෙම ප‍්‍රතිඵලය ඇතිකරවන්නේ යොදා ගන්නා වචනවල තේරුම් කෙතරම් සම්බන්ධද යන කරුණ මත බව පර්යේෂකයෝ පිළිගනිති. එහෙත්, මතකයන් මගින් පිළිබිඹු කරනු ලබන්නේ අපේ මනැස දැනුම සංවිධානය කරන ආකාරය යයි බොහෝ පර්යේෂකයෝ සැක කරති. සංකල්ප විශාල ප‍්‍රමාණයක ගබඩාවක් මානවයන් සතුව ඇත. සාමාන්‍යකරණය කිරීම් සඳහා මෙම සංකල්ප යොදා ගැනීමේදී අපි සුවිශේෂී දස්කම් පාන්නෙමු. මෙය අපට අලූත් අවස්ථාවන්ට හා ගැටලූවලට විසඳුම් සෙවීමට ඉඩ සලසා දෙයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ අපේ මතකයන් වනාහි සෑම විටම පොදුවේ ලෝකය ගැන අපේ දැනුම සහ මතක අත්දැකීම් අතුරෙන්  අප ඉතිරිකර රඳවාගෙන තිබෙන දෙයෙහි සම්මිශ‍්‍රණයක් බවය’ යයි විස්කොන්සින් මැඞ්සන් සරසවියේ ස්නායු මනෝවිද්‍යාඥ ටිම් රොජර්ස් පවසයි.

නම් සහ කරුණු පිළිබඳ පොදු තොරතුරු ගබඩා කොට ඇති ප‍්‍රකාශිත මතකය හෙවත් ශබ්දාර්ථ ස්මෘතියෙහි නොයෙක් කලාප ඇති බව මොළ අනුරූප අධ්‍යයන හඟවයි. විවිධ ගුණ (මොළයේ) විවිධ ප‍්‍රදේශවල ගබඩා කර ඇති බවත් පෙනී යයි. හැඩතල, වර්ණ මෙන්ම දේවල්වල කැපී පෙනෙන චලන ගබඩා කර ඇත්තේ දෘශ්‍ය බාහිකයෙහිය(visual cortex). වචන ඇතුළු අනෙකුත් ශබ්ද ගබඩා කර ඇත්තේ ශ‍්‍රව්‍ය බාහිකයෙහිය(auditory cortex).  වස්තූන් සමග අන්තර් කි‍්‍රයාකිරීම ගැන අපේ දැනුම ඒ කියන්නේ ඩෙක්ස් එකක් යටට පුටුවක් දැමිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැනුම ආදිය ගබඩාකොට ඇත්තේ චාලක බාහිකයෙහිය(motor cortex). ලෝකය පිළිබඳ දැනුම මේ ආකාරයට මොලය පුරා බෙදා හැරීම නිසා සම්බන්ධක, නිදසුනකට කීවොත් පැස්බරෙකු සහ ගුමන කුරුල්ලෙක් අතර සම්බන්ධතාව අනුමාන කිරීමට නැතිනම් තාර්කික නිගමනයකට බැසීමට පහසුවෙන් අපට ඉඩකඩ සලසන්නේ නැත. ඔවුන්(පැස්බරා සහ ගුමන කුරුල්ලා) පෙනුමෙන්, හඬින් හෝ චලනය වන ආකාරයෙන් එක සමාන නැතත් යම්කිසි මට්ටමකදී ඔවුන් ‘එක සමාන’ බව අපි දනිමු.

මෙකී ඉහළ මට්ටමේ වියුක්තකරණය (abstraction) මානව ප‍්‍රජානනයට අතිශය තීරණාත්මකය. එය රඳා පවතින්නේ මොළය පුරාවට විහිදී පවතින ජාලයකට විවිධ සම්බන්ධතා සහිත හබ් එකක් (කේන්ද්‍රීය මධ්‍යස්ථානයක්) මත එය  රඳා පවතින්නේ යයි ඇතැම් පර්යේෂකයෝ අදහස් කරති.  ‘මේ හබ් එක වැදගත්. මන්ද එයට සියල්ල එකවර දැකිය හැකි නිසා එක්ව වෙනස්වන ගුණාංග සොයා ගැනීමටත් ඊට හැකි වෙනවා’ යයි රොජර්ස් පවසයි. ඔහු සහ සෙසු පර්යේෂකයන් අදහස් කරන්නේ මේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය (හබ් එක) මොළයේ පූර්ව ශංඛක පිණ්ඩකයෙහි (temporal lobe) පිහිටා ඇති බවයි. මිනිස් අපට සුවිශේෂී වූ සංකල්පමය හැකියාවක් අත්පත් කරදීමට අපට සමත්, එහෙත් අනෙකුත් සත්වයන්ට නොතිබෙන්නට ඉඩ ඇති, මානසික ව්‍යුහයක් අපගේ ශංඛක පිණ්ඩකයේ ඇතැයි නව අධ්‍යයනයෙන් හැඟවෙයි.

Scientific American හී What Happens in the Brain When We Misremember යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: