විදු නැන නුවණ – Science Literacy for All

ජිරාෆ් එක් විශේෂයක් පමණක් නොව විශේෂ 4ක් ඇතැයි පළ වේ

එය එසේ වෙතත් නව විශේෂයන් කිහිපයක්ම බලවත් ලෙස ආපදාපන්නයි

දික්වූ බෙල්ලක් හා ඉදිරිපාද ඇති ක්ෂීරපායි සතකු වන ජිරාෆ් සතුන් දෙදෙනෙක් ගතහොත් එක් ජිරාෆ් සතෙකු තවත් ජිරාෆ් සතෙකුගෙන් වෙන්කොට හඳුනා ගැනීමට සාමාන්‍ය ජනතාව වන අප හට ඉතා අසීරු කටයුත්තකි. විද්‍යාත්මකව ගත්ත ද වර්තමානයේ ජිරාෆ් සතුන්  හඳුන්වනු ලබන්නේ Giraffa camelopardalis යන එක් විශේෂයක  නාමයෙනි. ඊජිප්තු නියුබියා ජිරාෆයන් ද (Giraffa camelopardalis camelopardalis) ඇතුළුව උප විශේෂ 11ක් සිටියද ජිරාෆ්  ඇත්තේ එකම එක විශේෂයකි. කෙසේ වෙතත්, ධ‍්‍රැව ආශි‍්‍රත පෝලර් වලසුන් කළු වලසුන්ගෙන් ජානමය වශයෙන් කැපී පෙනෙන ලෙස එකිනෙකාගෙන් වෙනස් වන්නා සේම අපි‍්‍රකාවේ සෑම  ප‍්‍රදේශයකින්ම ජිරාෆ් සතුන් 190ක ගේ සමෙහි ජීව පටක පරීක්ෂාවකින් හෙවත් ජෛවේක්ෂාවකින් (biopsy) ජිරාෆ් විශේෂ ද වෙනස්වන බව හෙළි වෙයි. Nature නම් සඟරාවේ පළ කර ඇති මේ අධ්‍යයනයෙහි ප්‍රධාන කර්තෘ ඇක්සෙල් ජැන්කේ යි.

සිය අධ්‍යයනය පදනම් කරගනිමින් මෙම පර්යේෂකයන් කියා සිටින්නේ, ලොව සියලූ ජිරාෆයන් පැහැදිලිව කැපී පෙනෙන, එකිනෙකට වෙනස් විශේෂයන් හතරකට වර්ග කළ යුතු බවයි. එනම්: දකුණු දිග ජිරාෆ් (G. giraffa) මසායි ජිරාෆ් (G. tippelskirchi) ජාලාකාරව බෙදීගිය ජිරාෆ් (G. reticulata) සහ උතුරුකරයේ ජිරාෆ් (G.camelopardalis) යනුවෙනි. නියුබා ජිරාෆයන් පිළිගත් උප විශේෂයක් ලෙස තව දුරටත් සැලකෙනු ඇත. නෛසර්ගිකව මෑතකදී අලූතෙන් නිර්දිෂ්ටිත විශේෂිතවල සතුන්ට හීලෑ නොකළ තත්ත්වයකදී එකිනෙකා හා එක්ව බෝ කල නොහැක.

Image result

පැන නගින ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, මොවුන් එකිනෙකට වෙනස් විශේෂෙ ලෙස වර්ධනය වීමට මඟ පාදමින් ඔවුන් මෙපමණ කලක් එකිනෙකාගෙන් වෙන් කර තැබුනේ කෙසේද යන්නයි. ජැන්කේ අදහස් කරන්නේ ගංගාවල් වැනි භෞතික බාධක ඊට හේතු වන්නට ඇතැයි යනුවෙනි. ප‍්‍රමාණවත් කාලයක් වෙන් වෙන් ව ජීවත්වීමෙන් නව විශේෂයන් මතුවීමට මඟ පෑදෙන්නට ඇත.

අපි‍්‍රකාවේ අනෙකුත් විශාල සතුන් වන අලි ඇතුන්, රයිනෝ සිරස්, ගෝරිල්ලන් සහ සිංහයන් හා සසඳන විට ජිරාෆයන් ගැන අධ්‍යයනය කර ඇත්තේ ප‍්‍රමාණවත් මට්ටමකින් නොවන බව ජිරාෆ් සංරක්ෂණ පදනම (Giraffe Conservation Foundation=GCF) ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ජැන්කේ සහ සගයන් සිදුකර ඇති අධ්‍යනවලින් ජිරාෆයන් සංරක්ෂණය කිරීමේදී මතුවන ඇතැම් වැදගත් කාරණා කිහිපයක් හෙළි දරව් කර ගෙන තිබේ. යෝජිත වර්ගීකරණ ක‍්‍රමය () යටතේ සලකා බලනු ලැබුවහොත්, දැනටමත් කුඩා මට්ටමක පවතින (එකෛකයන් දළ වශයෙන් 80,000කින් සමන්විත වන) සම්පූර්ණ ජිරාෆ් ගහණය නව විශේෂ දෙකක ඒකෛයකයන් 10,000ටත් වඩා පහළට වැටෙනු ඇත. ජිරාෆ් සංරක්ෂණ පදනමේ ආචාර්ය ජූලියන් ෆෙනසි, එම  පදනම මගින් නිකුත් කර ඇති ලියැවිල්ලක සඳහන් කරන්නේ හීලෑ නොකළ තත්ත්වයක පසුවන උතුරු කරයේ ජිරාෆයන්ගේ සංඛ්‍යාව 4750ක් තරම් සුළු වන අතර ජාලාකාරව බෙදී ගිය ජිරාෆ් විශේෂ සිටින්නේ 8700කට වඩා අඩු සංඛ්‍යාවක් බවයි. “නිශ්චිත විශේෂයන් හැටියට සලකන විට මොවුන් ලෝකයේ විශාල ක්ෂීරපායියන් අතරේ වඩාත්ම ආපදාපන්න ක්ෂීරපායි විශේෂ වනවා. එහෙයින් මේ ගහණය සුරක්ෂිත කරන්නට නම් සංරක්ෂණ ප‍්‍රයත්නයක් දෙගුණ කළ යුතුව තිබෙනවා” යයි ෆෙනසි  කියා සිටී.

Image result

ජිරාෆ් සතුන්ගේ ජිනෝමය  (genome) මුලින්ම විකේතකරණය කරනු ලැබුවේ මේ වසරේ මුලදීය. ලොව උසම ක්ෂීරපායියන් වන ජිරාෆයන් ගේ ගෙල සහ ඉදිරිපාද මේ සා දික් වූයේ මන්දැයි යන්නට ඇතැම් ඉඟි ඉන් හෙළිදරව් කෙරිණ. මේ ප්‍රතාපවත් සත්වයන් ගැන දැන ඉගෙන  ගැනීමට ඉවහල් වන කරුණු කාරණා තවත් බොහොමයක් ඔවුන්ගේ ජාන අතරේ සැඟවී පවතින්නට පුළුවන.

 

 

Smithsonian Smart news හී   There Are Four Giraffe Species—Not Just One යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: