සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගෙදර දොරේ දුවිලි අතරේ ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධ ජාන හමුවේ

ගෙදර දොරේ දුවිලි අතර ඇති රසායනික ගැන ලිපියක් තතුහි මෑතක පළවූවා ඔබට මතක ඇති. (බලන්න තතු 2016 සැප්තැම්බර් 27දා) මේ වාර්තාවෙන් කියැවෙන්නේ නිවසේ දුවිලි අතරේ රසායනිකවලටත් වඩා දේ ඇති බවයි.

Image result

මළල කී‍්‍රඩාවට හා ශාස්තී‍්‍රය කටයුතු සඳහා යොදා ගත් පැරණි ගොඩනැඟිල්ලක දුවිලි අතරේ තිබී ප‍්‍රශ්නයක් බවට පත්වීමේ විභවයක් සහිත යම් දේ සොයා ගැනීමට ඔරිගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී ඇත. ඒවායේ සාම්පලවල ජානමය විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ දුවිලි අතරේ ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන(antimicrobial chemicals) සහ ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධ ජාන(antibiotic resistance genes) අඩංගු බවයි. මේ දෙවර්ගයම දුවිල අතරේ එකට තිබීමෙන් එකක් අනෙකුට හේතු වූවා යන්න නොවුණත් ඒ දෙකම එකට සොයා ගැනීම තව දුරටත් පර්යේෂණ පැවැත්වීමට සුදුසු හේතුවක් බව ඔරිගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ව්‍යාපෘතියේ මූලිකත්වය ගත් එරිකා එම්. හාට්මාන් පවසයි.

සොයා ගනු ලැබූ ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන අතර ටි‍්‍රකොල්සාන් (triclosan) නම් රසායනය ද විය. එය පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන අතරේ බහුලව යොදා ගනු ලබන ප‍්‍රතිජීවක සංයෝගයකි. ඉදිරි වර්ෂය තුළ දී අත්සෝදන සබන් සහ බාර් සබන්වලින් ඉවත් කර ගත යුතු යයි එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (U.S. Food and Drug Administration) 2016 සැප්තැම්බර් මස 2 නියම කළ ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන අතර ටි‍්‍රකොල්සාන් ද වේ. මෙයට ටි‍්‍රකොල්සාන්, ප‍්‍රතිජීවකවලට බැක්ටීරියාවල ප‍්‍රතිරෝධයක් ඇතිවන ආකාරයට RNA පරිවර්තනයට වගකිව යුතු ෙසෙලවල තිබෙන RNA සංකීර්ණයක් හා ප්‍රෝටීනයක් වන  රයිබසෝමය වෙනස් කරනු ලබන ජානයකට සම්බන්ධ බව කලින් සොයා ගෙන තිබුණි

නව අධ්‍යයනය, පාරිසරික විද්‍යාව හා තාක්ෂණය (Environmental Science & Technology) නම් සඟරාවේ පළකිරීමට පෙරාතුව මාර්ග ගතව(on line) පළ කර තිබේ. “ක්ෂුද්‍රජීවී රසායනවල වරද පටවන්න අප පුරුදුවෙලා ඉන්නේ ඒවා කුමකට සම්බන්ධ ද යන්න ගැන හිතලයි. ඒත් ඇත්තටම ජාන හා රසායනික කොහොම පැමිණියාද යන්න අපි දන්නේ නෑ. සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගවලින් ඒවා පැමිණියා විය හැකියි. ඒවා එකට තිබීම හුදෙක් සහසිද්ධියක් හෙවත් සම්පාතයක් විය හැකිය” යයි හාම්මාන් කියා සිටියි. “කෙසේ වෙතත්, ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායනික අනෙකුත් අවස්ථාවලදී ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධතාවය ඉහළ දැමීමට හේතුවන බව අපි දන්නවා. ඒ හන්ද මම හිතන්නේ දුවිලි අතරේ ඇති දෑ හා ඒවා මගින් සිදුවන්නේ කුමක්ද යන්න ගැන තියුණු බැල්මක් හෙළීමට මෙම ප‍්‍රතිඵල අපට බලකරනවා” ඇය තවදුරටත් කරුණු දක්වයි.

තීන්ත, ළමුන්ගේ සෙල්ලම් බඩු ඇඳ ඇතිරිලි මුළුතැන්ගෙයි උපකරණ ආදී අනෙකුත් බොහෝ  නිෂ්පාදනවලින් ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන දැන්මම ඉවත් කළ යුතු යයි එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය  නිර්දේශයෙන් කියැවෙන්නේ නැති බව ඇය සඳහන් කරයි. “මෙම නිෂ්පාදන වලට ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන එකතු කිරීමෙන් ඒවායේ සනීපාරක්ෂක ගුණය වැඩිවන බවට අපට තවම පැහැදිලි සාක්ෂි ලැබී නැහැ. හැබැයි පරිසරය තුළ ටි‍්‍රකොල්සාන් තිබීම නම් හානිකර බව අපි දන්නවා” හාම්මාන් කියා සිටියි.

ගොඩනැගිලි තුළ මෙම ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන සහ ජාන එක්ව ගත  කරන බව ප‍්‍රථම වතාවට ලේඛන ගත කෙරුණේ මේ අධ්‍යයනය මගිනුයි. සමස්තයක් ලෙස ගත් විට අධ්‍යයන මගින් රසායනවල වැදගත් සම්බන්ධතා හයක් ගැන සඳහන් වෙයි. ඒ හයම  ඇතැම් ජලය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාරවල මට්ටම සැසදිය හැකි තරමේ ඒවායි.

Image result

මුළුමනින්ම, හාම්මාන් ඇතුළු කණ්ඩායම ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධී ජාන ගණනාවක්ම හඳුනාගැනීමට සමත්ව ඇත. ඉන් වඩාත් බහුල ජාන ටෙට‍්‍රසයික්ලීන් ප‍්‍රතිජීවකයට ප‍්‍රතිරෝධය දක්වන බව සහතිකව දැන ගත හැකි වී ඇත.

පර්යේෂණය සඳහා ගොඩනැඟිල්ලෙහි විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගත් අවකාශයන් 31කින් සාම්පල 44ක් එකතු කර ගනු ලැබීය. ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන හා ජාන හමුවුනේ ඒවායිනි. 1921 දී තනන ලද මේ ගොඩනැඟිල්ලට ජනෙල් වලින්  වාතාශ‍්‍රය ලැබුණු අතර දොරවල් ජනෙල් වටා ඇති විවරවලින්ද වාතය කාන්දු වෙයි.

කෙසේ වෙතත් මෙම ක්සොයා ගැනීම ජනතාව විශේෂයෙන් බිය යුතු කරුණක් නොවේ යයි  හාම්මන් පෙන්වා දෙයි. නිදසුනක් ගතහොත් ප‍්‍රතිජීවික ප‍්‍රතිරෝධ ජාන පරිසරයේ දැකිය හැකිවාට වඩා 10 සිට 100 ගුණයක් බහුලව මිනිස් අතුනු බහන්වල  දැකිය හැකියි.

 

“විවිධ ස්ථාන බොහොමයක ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධය සුලබයි. එය යම් ගොඩනැගිල්ලක තිබූ පලියටම එහි යනෙන අයට ඖෂධ ප‍්‍රතිරෝධී ආසාදනයක් ඇතිවන්නේ නැහැ. ඒත් ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධී ජාන කොපමණ තිබේද යන්න ගැන මෙන්ම ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධ ජාන ප‍්‍රමාණය ප‍්‍රතික්ෂුද්‍රජීවී රසායන ප‍්‍රමාණයට සම්බන්ධ යයි සිතීමට අපට හේතු සාධක දැන් හමුවී තිබෙනවා” එරිකා හාම්මාන් පෙන්වා දෙයි. “ටි‍්‍රකොල්සාන් හා ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධ ජාන වෙනත් තැන්වලදී හා පරිසරයදී හමුවී තිබෙනවා” ඇය පැහැදිලි කරයි, “ඒත් ඒවා ගොඩනැගිලි අභ්‍යන්තරයේ හමුවීම තමයි තර්ජනය.”

University of Oregon පවත් වා ගෙන යන  Around the O වෙබ් අඩවියේ  UO team finds antibiotic resistance genes in indoor dust ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: