විදු නැන නුවණ – Science Literacy for All

සජීවීන්ගේ නෛසර්ගික ගතිලක්ෂණ

ජීවමාන දේවල්වලට පොදු ලක්ෂණ මොනවාද?

ප‍්‍රශ්නයට පිළිතුරු සොයන්න අපි පහත දැක්වෙන  ජලාලයේ රූපය දෙස සැලකිල්ලෙන් බලමු.

living-things-1

මෙම ජලාලය තුළ අපට කැපී පෙනෙන්නේ මාළුවෙක් හා ගලකි. මාළුවා ජලාලය තුළ එහා මෙහා යයි. තවත් චර්යා රටා පෙන්නුම් කරයි. සිරුර වැඩෙයි. එහෙත් ගල මේ කිසිවක් නැතුව ජලාලය තුළට වී නිසොල්මනේ පසුවෙයි.  කාලය වශයෙන් ගතහොත්  වසර දහස් ගණනක් වුණත්, ජලය තිබුණත් නැතත් නිසොල්මනේ පසුවෙයි. ඒත් මාළුවාට එසේ කළ නොහැක. ජලය නැතිනම් මාළුවාගේ මරණය ඉක්මන්ය.  ජලය තිබුණත් කිසියම් කාලයකදී මාළුවා මිය යයි. එසේ නම් මාළුවා සහ ගල අතර වෙනසක් ඇත. ඒ වෙනස  කුමක්ද?

මාළුවා යනු ජීවිතයක් ගත  කරන සප‍්‍රාණිකයෙක් (living organism). එහෙත් ගල හෙවත් පාෂාණය එසේ නැත. එය අජීවීය. ගල සතු නැති මාළුවා සතු ජීවය පිළිබඳ ගති ලක්ෂණ පහක් දැක්වීමට පුළුවනි.

  • මාළුවා සෑදී ඇත්තේ සෛලවලිනි(cells).
  • මාළුවා ශක්තිය ලබා ගනියි. එමෙන්ම එය ප‍්‍රයෝජනයට ගනියි.
  • මාළුවා වැඩෙයි.
  • මාළුවා ප‍්‍රජනනය කරයි.
  • මාළුවා සිය පරිසරයේ විපර්යාසයන්ට හෙවත් වෙනස්වීම්වලට ප‍්‍රතිචාර දක්වයි.

 

උදාහරණයකට මත්ස්‍යයා ගත්තත් මේ ගති ලක්ෂණ සෑම සප‍්‍රාණිකයෙකුටම (ශාක හා සත්ව) පොදුය. සප‍්‍රාණීන් අතරට අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා ජීවීන් ද ඇතුළත්ය. ඒවා හඳුන්වනු ලබන්නේ ‘ක්ෂුද්‍රජීවීන් (microorganisms)’ ලෙසය. ක්ෂුද්‍රජීවීන් ගොන්නට වෛරස, බැක්ටීරියා සහ දිලීර අයත්ය. මේ ක්ෂුද්‍ර ජීවී  අපේ ඇසට නොපෙනෙන නිසාවෙන් ඔවුනට පෙර කී සප‍්‍රාණීන් සතු ගතිලක්ෂණ සියල්ලම ඇත්දැයි දැන ගැනීම අසීරුය. අපි උදාහරණ කිහිපයක් ආශ‍්‍රයෙන් මේ ගැන ඉදිරියට සලකා බලමු.

සජීවී නොවන වස්තුවක්ද ජීවිතය පිළිබඳ මෙකී ගතිලක්ෂණවලින් කිහිපයක් පෙන්නුම් කිරීමට පුළුවන. නිදසුනක් ලෙස වලාකුළක් ගමු. වලාකුළ වැඩෙයි. නැතින් තැනට චලනය වෙයි. එහෙත් එය ජීවත්වන ප‍්‍රාණියෙකු නොවේ. මින් පැහැදිලි වන්නේ කිසියම් දෙයක් ජීවත්වන ප‍්‍රාණියෙකු ලෙස වර්ගීකරණය කිරීම පිණිස එය කලින් කී ගතිලක්ෂණ සියල්ලම විදහා පෑ යුතුය යන්නය. අපි දැන් මෙම ගති ලක්ෂණ එකින් එක වඩාත් සූක්ෂමව සලකා බලමු.

සජීවීන් සෑදී ඇත්තේ සෛලවලිනි. සෛලයක් යනු සෑම ජීවියෙකුගේම මුලික තැනුම් ඒකකයයි. සජීවියෙකුගේ ශරීර සංවිධානයෙහි කුඩාම ඒකකත් සෛලයයි. ඒවායේ ජීවියාගේ ප‍්‍රවේණි තොරතුරු (DNA) ගැබ්ව ඇති අතර අනූනන විභාජනය(mitosis) නම් කි‍්‍රයාදාමය මගින් ඒවාගේම අනුරූප තැනීමේ හැකියාව ඇත. (දුහිතෘ සෛලයක වර්ණදේහ සංඛ්‍යාව මාපිය සෛලයක වර්ණදේහ සංඛ්‍යාවට සමාන වන සේ සෛල බෙදී යාම) සෛල සෑදී ඇත්තේ න්‍යෂ්ටියකින්‍(nucleus) හා සෛල ප්ලාස්මයකිනි(cytoplasm). මේවා වට වී ඇත්තේ membrane යනුවෙන් දැක්වෙන තුනි බිත්තියකිනි.  වටපිටාවෙක් එය වෙන්කරන්නේ එම පටලයෙනි. ශාක සෛලවල ද න්‍යෂ්ටියක්, සෛල ප්ලාස්මයක් සහ සෛල පටලයක් ඇත. ශාක සෛලයක හා සත්ව සෛලයක ප‍්‍රධාන වෙනස වන්නේ ශාක සෛලයක අමතරව රික්තකයක් (vacuole = සෛල ප්ලාස්මය තුළ ඇති දියරයෙන් පිරුණු  හිඩැස) හරිත ලවයක් (chloroplast) සහ සෛල  බිත්තියක් (cell wall) තිබීමයි.

living-things-4

(චිත‍්‍රයේ දැක්වෙන්නේ සත්ව හා ශාක ෙසෙල සංසන්දනයකි.)

සමහර ක්ෂුද්‍රජීවීන් එක් ෙසෙලයකින් පමණක් සැදුම්ලත් වන අතර කූඹියකු හෝ සිංහයෙකු වැනි වඩාත් ලොකු ජීවීන් විවිධ සෛල මිලියන ගණනින් සමන්විතය.

ඒක සෛලික ජීවීන්: ඒක ෙසෙලික ජීවීන්ට ඇත්තේ එක් ෙසෙලයක් පමණක් වුවද ඒවා සංකීර්ණ වීමට ද ඉඩ තිබේ. මේවාට නිදසුනක් ලෙස බැක්ටීරියා, යීස්ට්, ඇමීබා සහ (ඒක ෙසෙලික කරදිය ජීවියෙකු වන) පැරමීසියම ද දැක්විය හැකිය.

බහු සෛලික ජීවීන්: මේවා එකකට වැඩි ප‍්‍රමාණයක ෙසෙලවලින් සමන්විත ජීවීන්ය. මේ ජීවීන් ඉතා පැහැදිලි ෙසෙල ව්‍යුහයකින් යුක්තයි. එමෙන්ම විවිධ විශේෂිත කාර්යයන් ඉටුකරන ෙසෙල වර්ග බොහොමයකින්ද සමන්විත වේ. නිදසුන් දක්වතොත්, රුධිර ෙසෙල විශේෂත්වය දක්වන්නේ රුධිර නිෂ්පාදනයට පමණක් වන අතර කේශ සෛල කෙස් වැවීමට හා අලූත්වැඩියාවට විශේෂත්වයක් දක්වයි. ඒවා සම්මිශ‍්‍රණය නොවේ. බහු ෙසෙලික ජීවියෙකු තුළ ෙසෙල සංවිධාන වී ඇති ආකාරය වැදගත්ය. මෙහි මතු දැක්වෙන්නේ ෙසෙල  සංවිධානය පිළිබඳ රූ සටහනකි.

living-things-2

සෛල සමූහයකට පටකයක් සෑදිය හැකිය. පටක සමූහයකට අවයවයක් (පෙනහළු වැනි) තැනිය හැකිය. අවයව කට්ටල හෙවත් කාණ්ඩයක් පද්ධතියක් තැනීමට එක්වේ. (ශ්වසන පද්ධතිය වැනි) එමෙන්ම එම පද්ධති එක්වී ජීවියා සෑදේ. ජීවියාගේ ජීවන කාර්යභාරය ඉටුකිරීමේදී ජීවියා සෑදී ඇති සියලූම සෛලවලට වැදගත් කාර්යභාරයක් පැවරේ.

ඊළඟ කොටසින් :

සියලූ සජීවීන් ශක්තිය ලබාගන්නා සේම ප‍්‍රයෝජනයටද ගනියි.

ෙසෙලවලට තනිවම තමන්ගේ පැවැත්මක් නැත. ජීවත්වීමට නම් ඒවාට ශක්තිය අවශ්‍යයි.

සජීවීන් වැඩෙමින්, වර්ධනය වේ.

සැම සජීවියෙකුම ජීවිතය ඇරඹෙන්නේ තනි ෙසෙලයක් ලෙසය. ඒක ෙසෙලද දිගටම තනි ෙසෙලයක් ලෙස පැවතිය හැකි වුවත් ඒවාද වැඩෙයි.

විස්තරාත්මකව දැක්වේ, බලාපොරොත්තු වෙන්න. තතු කියවන්න.

eSchooltoday.com වෙබ් අඩවියේ CHARACTERISTICS OF LIVING THINGS ලිපි පෙළෙහි What do living things have in common? කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: