විදු නැන නුවණ – Science Literacy for All

දුරස්ත පාලක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

නුතන ලෝකයේ මානවයන්ට නැතුවම බැරි අංගයක් ලෙස දුරස්ථ පාලකය — වැඩි දෙනෙක් කියන්න පුරුදුවෙලා තියන විදිහට නම් රිමොට් කොන්ට්‍රෝලය — හදුන්වන්න පුළුවනි. ගුවන් විදුලිය, රුපවාහිනිය, වායු සමීකරණය, ගරාජයේ දොර ක්‍රියාකරවීමට පමණක් නොවෙයි දේශපාලන ලෝකයේ පවා දුරස්ථ පාලක ගැන අහන්න ලැබෙනවා. බොහොමයක් බුහුටි උපකරණ වගේම දුරස්ථ පාලකයත් භාවිතයට එන්නේ යුදමය අවශ්‍යතාවක් සපුරාලන්ටයි. ලෝකයේ මුලින්ම දුරස්ථ පාලකයක් යොදා ගෙන තියෙන්නේ ජර්මානු නාවික හමුදාව මගිනුයි. ඒ, පළමුවැනි ලෝක සංග්‍රාමයේදී ඔවුන්ගේ රේඩියෝමගින් පාලිත මෝටර් බෝට්ටු මිතුරු පාක්ෂිකයන්ගේ බෝට්ටු වෙත ගැටීමට  එවිමටයි. දෙවන ලෝක සංග්‍රාමය වන විට ජර්මනිය පමණක් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදය මගිනුත් දුරස්ථව බෝම්බ පුපුරුවා හැරීමට දුරස්ථ පාලක යොදා ගනු ලැබුවා.

download-5

1948 දී චිකාගෝවේ ඊරා  මීටර (Era Meter)  කොම්පැනිය ගරාජ දොර ස්වයන්ක්‍රියව ක්‍රියා කරවීම සදහා දුරස්ථ උපකරණයක් හදුන්වා දුන්නා. ටීවී දුරස්ත පාලකය මුලින්ම වැඩි දියුණු කළේ සෙනිත් (Zenith) සමාගම මගිනුයි. ඒ 1950 දියි. ඔබින පරිදි එය නම් කර තිබුනේ ‘කම්මැලියා’(Lazy Bones) යනුවෙනුයි. එම දුරස්ත පාලකය  දිග වයරකින් රුපවාහිනි යන්ත්‍රයට සම්බන්ධ කෙරුණා.  ඒ යුගයේ චැනල් ටියුනරය පාලනය වුණේ ඉලෙක්ට්‍රොනිකව නොව යාන්ත්‍රිකව,   මොටරයකිනුයි. දුරස්ත පාලකයෙන් මෝටරය කරකැවී චැනල වෙනස්වුනා.1955 දී යුජින් පොලී (Eugene Polley) නැමැත්තා මුල්ම රැහැන් රහිත ටීවී දුරස්ත පාලකය නිපදවූවා. සාමාන්‍ය විදුලි පන්දමක් රුපවාහිනියේ  හතර කොනේ සවි කර තිබූ ප්‍රකාශ කෝෂ(photo cells)   මත එල්ල කර විට ක්‍රියා කිරීම/විරහිතකිරිම(on/off), ශබ්දය අඩුවැඩි කිරීම සහ චැනල තේරීම පාලනය කෙරුණා. එත් පාරිභෝගිකයනට රුපවාහිනියේ කොයි කොනේ කොයික තිබෙනවාදැයි මතක නැහැ. ඒ මදිවාට ප්‍රකාශ කෝෂ මත අව්ව වැටුනහහම වෙන්නේ නොසිතන දේවල්! ඉන් අනතුරුව සෙනිත් (Zenith) සමාගම ස්පේස් කමාන්ඩ් නම් දුරස්ත පාලකය 1956 දී හදුන්වාදුන්නා. ඊට යොදා ගැනුනේ අභිධ්වනි තරංගයි(ultrasonic). අවාසනාවකට ලෝහ ගැටෙන හින් හඬ එහි ක්‍රියා කාරිත්වයට බලපෑවා පමණක් නොවෙයි ගෙවල්වල බල්ලො උඩුබුරලන්නත් ඒක හේතුවුනා!

මෙම ජනප්‍රිය උපකරණයට අද යොදා ගන්නේ අපේ ඇසට නොපෙනෙන අධෝරක්ත ආලෝකයයි(infrared IR light).  ඒවා රක්ත තරංග වලට වඩා දිග වුනාට රේඩියෝ, ටීවී හෝ ක්ෂුද්‍ර තරන්ගවලට වඩා කෙටියි. අපේ අතේ තියෙන අධෝරක්ත දුරස්ත පාලකය තමයි සම්ප්රෙක්ෂකය(transmitter). අපි ඊට යොදන විධාන නියෝජනය කරණ ද්විමය කේතයක්(binary code)  එමගින් අදාළ උපකරණයට යැවෙනවා. දුරස්ත පාලකය යොමු කරණ අන්තය බැලුවොත් අධෝරක්ත තරංග ඔස්සේ  ඔය කේත යවන ක්ෂුද්‍ර කවුළුව දැක ගත හැකියි. ටීවී හෝ වෙනත් උපකරණයක් ඇති ග්‍රහයකය මගින් අධෝරක්ත ආලෝකය උකහාගෙන එහි එවන ද්විමය කේත තෝරා බේරා ගෙන අප දුන් විධානය ක්‍රියාවට නන්වනවා. අධෝරක්ත දුරස්ත පාලක දෘෂ්ටි රේඛිය සම්ප්‍රේෂණයට(line-of-sight transmission)  සිමාවෙන අතර අඩි හතලිහක පමණ පරාසයක් ඇතුලත ක්‍රියා කරවිය හැකියි. බොහෝ කාර්යයන් සදහා එම දුර ප්‍රමාණවත්.

Image result

කෙසේවෙතත්, ගරාජයේ දොර ඇරීමට යොදාගන්න දුරස්ත පාලකයට සම්බන්ධ වෙන්නේ  මෙගාහර්ට්ස්(MHz) 300 සහ 400 අතර රේඩියෝ තරංගයි. රථ දොරවල් සහ ඇතුල්වන දොරවල් සඳහා උතුරු ඇමරිකාවේ හදන කාර්වලට නම් මෙගාහර්ට්ස් 315ත් යුරෝපයේ හා ආසියාවේ තනන වාහනවලට මෙගාහර්ට්ස් 434ත් යොදාගැනෙනවා. දුරස්ථව පාලනය වන බොහෝ සෙල්ලම් බදු වලටත් යොදා ගැනෙන්නේ මෙම සංඛ්‍යාතමයි. රේඩියෝ තරංග වලට විදුරු, බිත්ති හරහා යන්න පුළුවන් නිසා අපේ රථයේ වින්ඩ්ස්ක්රිනය හරහා ගොස් ගරාජයේ දොර අරින්න පුළුවනි. එම තරංග වලට සාමාන්‍යයෙන් අඩි සියයක පරාසයක් තුළ ක්‍රියාත්මක විය හැකියි.

ASK A SCIENCE TEACHER: 250 Answers to Questions You’ve Always Had About How EverydayStuff Really Works හී  How do remote controls work? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: