විදු නැන නුවණ – Science Literacy for All

අපට කොපමණ කලක් නොනිදා සිටිය හැකිද?

මේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරක් සපයන්නේ නම් කිව හැක්කේ පැය 264ක් නැතිනම් දවස් 11ක් යනුවෙනුයි. එහෙම කියන්නේ 1965 දී ඇමරිකාවේ උසස් පාසල් ශිෂ්‍ය රැන්ඩි ගාඩ්නර් නම් තැනැත්තා විද්‍යා පාඩම් ව්‍යාපෘතියක කොටසක් වශයෙන් මේ වාර්තාව තබා ඇති නිසයි. ඉතා සැලකිල්ලෙන් නිරීක්ෂණය කරමින් සිදුකළ පර්යේෂණ වලදි, මිට අමතරව පර්යේෂණයන්ට බදුන් වූ ඇතැම් පුද්ගලයන් කිහිප දෙනෙක්ම එක දිගට  දින 8 සිට 10 දක්වා කාලවල් තුළ නිදි වරා ගත කර තිබෙනවා. ඒ කිසිවෙකුත් තදබල වෛද්‍යමය හෝ මානසික ගැටළු වලට මුහුණ නොදුන්නත් ඒ සැවොම  ඒකාග්‍රතාව, අභිප්‍රේරණය හෙවත් පෙළඹවීම, ප්‍රජානනය සහ අනෙකුත් ඉහල මානසික ක්‍රියාදාමයන්  ගේ ප්‍රගමනමය සහ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරා. එය එහෙම වුණත්, රාත්‍රියක  හෝ දෙකක නින්දකින් පසුව ඒ සියලු දෙනාම ප්‍රකෘර්ති තත්වයට පත්වුණා. මිට අමතරව ඇතැම් උපාඛ්‍යනවල සදහන් වන අන්දමට උත පිතියෙඅ දින කිපිපයක්ම නිදිවරන සොල්දාදුවන් ජගේම නිදිබෙහෙත් නොමැති ඇතැම් මානසික රෝගීන් දින තුන හතර නිදි නැතුව සිටින අවස්ථා ගැනත් වාර්තා වෙනවා.

Image result for sleeplessness

ඉහත මාතෘකාවේ අසා ඇති ප්‍රශ්නයට පුර්ණ පිළිතුරක් දෙන්නේ නම් එය රාධා පවතින්නේ “නොනිදා” යන වචනයට දෙන අර්ථ දැක්වීම මතයි. සාමාන්‍ය කෙනෙකු දිගින් දිගට නිදි වර්ජිතව ගත කරද්දී, ඉතා කෙටි සැහැල්ලු නින්දක් යන අවස්ථා(තත්පර ගණන් පවතින) ගණනාවක්ම ඇතිවෙනවා. ‘ක්ෂුද්‍ර නින්ද’(microsleep) ලෙස හදුන්වන මෙම කෙටි අවස්ථා අතරවාරයේ නිදිමත ගතිය සහිත අවදිව සිටින අවස්ථා මෙන්ම ප්‍රජානන සහ චාලක(motor) හැකියාවන් නොමැතිව යන අවස්ථා ඇතිවෙනවා. එක දිගට නිදිමරා, මෙම අඩනිදි අවස්ථාවේ  පසුවෙමින් මහා මග වාහන ධාවනය කිරිමෙන්  ඇතිවූ දරුණු රිය අනතුරු ගැන අප කවුරුත් දන්නවා. දෙවන ලෝක සංග්‍රාමයේදී, න්කදවා සේවය කිරීමට සිදුවීමෙන් මෙම තත්වයෙන්ම පසුවූ නියමුවන් සිය යුද  අහස්යානා සමග කඩා වැටුණු අවතා වාර්තාවී තිබෙනවා. (සාමාන්‍ය ගුවන් ගමන් වලදී මෙය සිදු නොවන්නේ නිදි වර්ජිත ගුවන් යාන නියමුවන් සේවයේ නොයදන නිසයි). කෙසේවෙතත්, අනතුරු නිසා හැරුණු කොට නිදි වැරීමෙන් කෙනෙකු මිය ගිය අවස්ථා වාර්තාවී නැහැ. හැබැයි  පැය 264ක් නිදිවැරූ ගාඩ්නර් ශිෂ්‍යයා එම වාරතාව තැබීමට නිදි නැතුව සිටියත් සිය වාර්තාගත අත්දැකීම අවසානයේ පසුවුයෙ මුලිකවම ප්‍රජානනය වශයෙන් දුෂ්කෘත්‍යය (ක‍්‍රියාකාරිත්වයේ විෂමතාවක් හෝ ක‍්‍රියා කිරීමට බාධාවක් වන තත්ත්වයක්)  තත්ත්වයකය.

ඇතැම් දුර්ලභ වෛද්‍යමය විෂමතා(medical disorders) තත්ත්වවලදි මිනිසෙකුට කොපමණ වෙලා නිදි නැතුව සිටිය හැකිද යන ප්‍රශ්නයට අමුතුම විදිහේ පිළිතුරු ලැබෙනවා. මස්පිඩු ගැස්ම, වේදනාව, අධිකව  දාඩිය දැමීම, නිදි නොමැති කාලචේද සහිත මොර්වාන් සින්ඩ්‍රෝමය(Morvan’s syndrome) නිදසුන් ලෙස දැක්විය හැකියි. මෙම තත්ත්වයෙන් පසුවූ 27 හැවිරිදි අයෙකු, ප්‍රංශයේ, ලියොන් හී මිෂෙ ජුවේ සහ සගයන් විසින් පරික්ෂාවට ලක් කරනු ලැබුවා. එම තැනැත්තාට ඇත්තටම ගත්තොත් මාස කිහිපයක්ම නින්දක් නැති තරම්. එම කාලයේදී හැබැයි ඔහුට නිදිමත හෝ මහන්සි ගතියක්, කාංසා ගතියක්වත් දැනී නැති අතර චිත්ත ස්වාභාවයේ හෙවත් මනොභාවයේවත්, මතකයෙවත් අපිලිවෙලක්, අවුලක් ඇතිවී නැහැ. එසේවුවද, සෑම රාත්‍රියකම දල වශයෙන් නවයටත් එකොළහටත් අතර ඔහුට විනාඩි 20 සිට 60 දක්වා කාලයක් තුළ ශ්‍රව්‍ය, දෘශ්‍ය, ආග්රානමය සහ දේහ වින්දනමය(somesthetic = ස්පර්ශ වේදනය) භ්රාන්තියක්(hallucinations) මෙන්ම ඔහුගේ අත් හා පා ඇඟිලිවල වේදනාවක් සහ (රුධිර පීඩනයට හේතු වන) වාහිසංකුංචනයක්(vasoconstriction) දැනී තිබෙනවා.

Image result

දැන් කියන්න තියෙන්නේ මුලින් මාතෘකාවේ අසා ඇති ප්‍රශ්නයට  පිළිතුර පැහැදිලි නැතැයි යන්නය. ඇත්තටම ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාතමේන්තුව 24/7 තුළ  පූර්ණව අවදිව සිටින පූර්ණව ක්‍රියාකාරී යුදභටයෙකු, නාවික භටයෙකු සහ ගුවන් භටයෙකු හදා පවත්වාගෙන යාමේ ඉලක්කයක් ඇති පර්යේෂණ සදහා අරමුදල් ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. ජෛවඉන්ජිනේරු විද්‍යාව මගින් මොර්වාන් සින්ඩ්‍රෝමයෙහිම විචල්‍යයක් සහිතව හෝ නින්දක් අවශ්‍ය නැතුව සතුටින් හා  ක්‍රියාකාරිව සිටිය හැකි සොල්දාදුවෙක් හෝ පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකි වේද? එතෙක්, කෝල්රිජ් කවියා කී පරිදි ‘උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ආදරයට ලක්වූ නින්ද නම් සොමි ගුණය’ අපි වැළද ගමු!

 

Scientific American ASK THE EXPERTS හී පල කර ඇති  How long can humans stay awake? නම් ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: