නොහැකිය. කර්ලියන් ඡායාරූප(Semyon D.සහ Valentina K. Kirlian යන රුසියානු විදුලි ශිල්පින් විසින් හදුන්වා දෙනු ලැබූ කොරෝනා හෙවත් රැස්මාලා ඡායා රුපයට නැගීමේ ක්‍රමය. මේ මගින් ශරීර රශ්මිය ද ඡායා රුපයට නැගිය හැකියයි උපකල්පනය කෙරිණ – ලීපියේ පරිවර්තක) මගින් පෙන්නුම් කරන්නේ ජීවියෙකුගේ ආත්මය නොවෙයි. වස්තුවක් හිතාමතා ම විදුලිබලයෙන් පිරවූ විට එම වස්තුව අවට ඇති විදුලිය ගැන්වූ වාතය මගින් මුදා හැරෙන ආලෝකය කර්ලියන් ඡායාරූප මගින් පෙන්වනු ලැබේ.
විද්‍යාඥයන් නොවන අයත් එමෙන්ම ව්‍යාජ විද්‍යාඥයනුත් කියාපාන්නේ කර්ලියානු ඡායාරූපවල හසු කර ගෙන ඇත්තේ, ආළෝක රටා, ප්‍රාණියෙකුගේ ආත්මය. ප්රභාරශ්මිය, සංසරණය වන ජීව ශක්තිය, හෝ පාරභෞතික ශක්ති ක්ෂේත්‍ර වල අනුරූප බවයි. එහෙත් සත්‍යය මීට වඩා ලෝකායත්තයි. වාතය හරහා විදුලි ආරෝපණයන් ප්‍රමාණවත් වේගයෙන් ඇදී ගිය විට එය වාතයේ අණුවල ඉලෙක්ට්‍රෝන සූරා විසිකරමින් ඒවාට ශක්තිය සපයයි. මෙකී ඉලෙක්ට්‍රෝන යලි වාතයේ අණු සමග එක්වූ විට ඒවා සිය ශක්තිය විමෝචනය කරන්නේ ආළෝකය ලෙසිනි. අඩු ප්‍රමාණයක සිට මධ්‍යම ප්‍රමාණයක විදුලි බලය සඳහා මෙම කි‍්‍රයාදාමය හඳුන්වනු ලබන්නේ වායු විසර්ජනයක් (gas discharge) ලෙසටයි. නියොන් සංඥා (neon signs) සහ ප්‍රතිදීපන පහන්වල සිදුවන්නේ ද හරියටම මේ කි‍්‍රයාදාමයයි. ඉහළ ප්‍රමාණයක විදුලිබලය හා සම්බන්ධ භෞතික විද්‍යාව වඩාත් ප්රචණ්ඩකාරීය. එම කි‍්‍රයාදාමය හඳුන්වනු ලබන්නේ චාපනය යනුවෙනි. විදුලි කෙටීම, පුළිගු පේනු (spark plugs) මගින් ඇතිවන පුළිඟු විද්‍යුත් චාප් වෑල්ඩින්කරුවෙකු අතින් ඇතිවන චාපය, නිදසුන් ලෙස දැක්විය හැකිය. අකුණු සැර, විදුලිපේණු, නියොන් එළි සහ කර්ලියානු ඡායාරූප යන සියල්ලෙහිම ඇත්තේ එකම මූලික සංසිද්ධියයි. ප්‍රමාණවත් වේගයකින් විදුලිය වායුව හරහා ගමන් කරන්නේ නම් වාතය දිලිසෙයි.
සාමානයනේ නැතිනම් ප්රරුපිව ගත කළ, වායු විසර්ජනය උත්තේජනය වන්නේ පහල පීඩනයන් යටතේ පවතින විශේෂ වායු අඩංගු නළ තුළය. මෙයි කි‍්‍රයාදාමයේ කර්යාක්ෂතාව වැඩිකරයි. කෙසේ වෙතත්, සාමාන්‍ය පීඩනය යටතේ සාමාන්‍ය වාතය තුළ ද වායු විසර්ජනය හොඳාකාරව සිදුවේ. එළිමහන් වාතයේ වායු විසර්ජනය හඳුන්වනු ලබන්නේ ප්රභාමාලා විසර්ජනය(corona discharge) යනුවෙනි. එළිමහන් වාතයේ තිබෙන වස්තුවක් ප්‍රමාණවත්ව විදුලි ආරෝපණයන් පිරී ගිය කළ එම ආරෝපණය වස්තුව ඔස්සේ අවට වාතයට කාන්දුවෙයි. එසේ සිදුවීමේදී වස්තුව වඩා ඇති වාතය විද්යුතනය වී(electrified) හෙවත් විදුලිය ගැන්වී දිලිසෙන්නට පටන් ගනී. වඩාත්ම විද්යුතනය වන්නේ නැතිනම් විදුලිය ගැන්වෙන්නේ වස්තුව ආසන්නයේම ඇති වාතය නිසාවෙන්, ප්රභාමාලා විසර්ජනයෙහි පවතින ආළෝක රටාව විදුලිය ආරෝපනය වන වස්තුවේ හැඩය ගනී.
ප්රභාමාලා විසර්ජනය අසාමාන්‍ය මෙන්ම ගුප්ත ස්වරූපයක් ගත්ත ද යතාර්ථ වශයෙන් ගත් කළ එය ද ප්‍රතිදීපන පහන් හා පුළිඟු පේනු තරමටම ලෝකාත්තය. ප්රභාමාලා විසර්ජනය හුදු සරල විදුලිමය ප්‍රතිඵලයක් හෙයින් නිර්මාණය වන ආළෝක රටාව වැඩිවේ. විදුලිය සන්නායකත්වය (conductivity) වස්තුවේ හැඩය සහ වස්තුව වටා ඇති වාතයේ සංයුතිය හා ස්වරූපය (තත්ත්වයට) යන කාරනා මත රඳා පවතී. ඒ මිස, ආලෝක රටාව වස්තුවේ ජීව විද්‍යාත්මක ඔජෝගුණය හෝ එහි චිත්තවේගී ස්වභාවය මත රඳා පවතින්නේ නැත. ඇනයක සිට කාසියක් දක්වා සියලූම වස්තුන් මගින් ප්රභාමාලා විසර්ජනයක් විමෝචනය කරවිය හැකිය. එසේ කිරීමේදී ඇණයට හෝ කාසියට ආත්මයක් ඇති බවක් පෙන්නුම් නොකරයි. ඉන් හැඟවෙන්නේ, අවට වාතය විදුලි විද්යුතනය වී ඇත යන්න පමණයි.
ඉලෙක්ට්‍රෝනවල අන්‍යෝන්‍ය විකර්ෂණය හේතු කොට ගෙන, වස්තුවක ඉලෙක්ට්‍රෝන වස්තුවේ තියුණු උල්මය අංග ඔස්සේ කාන්දුවීමට නැඹුරූවක් දක්වයි. එමෙන්ම වඩාත්ම සන්නායක ගුණයෙන් යුතු අංග මේ හේතුව නිසාවෙන්, ප්රභාමාල විසර්ජනයකින් නිර්මිත ආළෝක රටා වස්තුවක උල් ගතියෙන් හා සන්නායක ගුණයෙන් යුතු කොටස් ආසන්නයේ වඩාත් ප්‍රභාමත් වීමේ නැඹුරූවක් ද ඇත. මේ ප්‍රතිඵලය අලංකාර රූප සංඥාවලට මඟ පෑදුවත් වඩාත් උල් ගතිය ඇති හෝ වඩාත් සන්නායක ගුණයෙන් හෙබි කොටස් වඩාත් පාරිශුද්ධය, වඩාත් සුපේශල හෝ වඩාත් ප්‍රාණවත් සජීවී යයි ඉන් නොහැඟ්.
කාර්ලියානු ඡායාරුප යනුවෙන් දැක්වෙන්නේ හුදෙක්, වස්තුවට ඉතා ආසන්නයේ තැබූ ඡායාරූපී තහඩුවක් උපයෝගී කරගනිමින් වස්තුවෙහි ප්රභාමාලා විසර්ජනය හසුකර ගැනීම පමණකි. විද්යුත්නය වූ වාතයේ රටාවල සියුම් විස්තරද හසුකර ගැනීමට ඡායාරූපී තහඩුව ඉතා ආසන්නයේ තැබීම මඟ පාදයි. එමෙන්ම, තහඩුව වස්තුවට ඉතා ආසන්නයේ තැබීමෙන් වස්තුව මත්තෙන් කාන්දුවන විදුලියෙන් කොටසක් තහඩුව මතට ඍජුවම පතිත වෙයි. වස්තුවෙන් නික්මෙන ආළෝකයෙන් තහඩුව මත ඇතිවන ඡායාරූපමය ලකුණුවලට අමතරව කාන්දුවන විදුලියේ කොටස් කෙළින්ම වැදීමෙන්ද ලකුණු ඇතිවේ. මෙය අවසාන රූප සංඥාවේ සංකීර්ණතාව ඉහළ දමයි.
එක්තරා ප්රමුඛ පරීක්සණයකදී ගසක පත්‍රයක් වීදුරු තහඩුවක් මත තබා ඡායාරූප තහඩුවකට එහි ප්රභාමාලා විසර්ජනය හසුකර ගැනීමට හැකිවන පරිදි අනතුරුව විද්යුතනය කෙරිණ. පසුව පත්‍රයෙහි අග්ගිස්ස කඩා දමා ඉවත් කර නැවත විද්යුතනය කිරීමෙන් අනතුරුව ඡායාරූප ගත කෙරිණ. එවිට ඉවත් කර දැමුණු පත්‍ර අග්ගිස්ස සහිත සම්පූර්ණ පත්‍රයෙහිම හැඩය සටහන්ව තිබුණි. පත්‍ර අග්ගිස්ස ඉවත් කෙරුණද අග්ගිස්සෙහි ආත්මය එලෙසින්ම පැවති නිසා ඡායාරූපයෙහි සම්පූර්ණ පත්‍රයෙහි අනුරූපය සටහන් විනැයි අර්ථ නිරූපණය කෙරිණ. එහෙත් එම අර්ථ දැක්වීම සාවද්‍ය අතර පහසුවෙන් බොරු බව ඔප්පු කළ හැකි විය. ප්රභාමාලා විසර්ජයෙහිදී සම්පූර්ණ පත්‍රයම දැක්වූයේ ඉවත් කෙරුණු පත්‍ර අග්ගිස්සෙහි තෙතමන අවශේෂය වීදුරු තහඩුවේ රැඳී තිබූ හෙයිනි. වීදුරු තහඩුව හොඳින් පිසදමා අග්ගිස්ස කඩු පත්‍ර නැවත ඡායාරූපයට ගත් වීට පත්‍ර අග්ගිස්සෙහි් ප්රභාමාලා විසර්ජනය දැකිය නොහැකිය. එමෙන්ම අග්ගිස්ස කැඩු පත්‍ර අලූත් වීදුරු තහඩුවක තබා විද්යුතනය කරන විටද එම දේම සිදුවෙයි. මේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේ, ඊනියා පත්‍ර පරීක්ෂාව ලෙස ප්‍රසිද්ධ පරික්ෂාව, දුර්වල, සදොස් ලෙස සිදු කළ අත්හදා බැලීමක් මිස ඡායාරූපයට නැගිය හැකි ආත්ම පත්රවලට ඇතැයි පෙන්වන්නක් නොවේ.
Science Questions with Surprising Answers හී Do Kirlian photographs show the soul of an organism යන ලිපිය ඇසුරෙනි