විදු නැන නුවණ – Science Literacy for All

ආහාර සුරක්ෂිතභාවය ප‍්‍රමුඛ සෞඛ්‍ය ප‍්‍රශ්නයක්

ඉතිහාසය වාර්තා කිරීම ආරම්භ වූ අවධියේ සිටම  අනාරක්ෂිත ආහාර මානවයන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්නයක්ව පවතී. ඒ අතරම අද අප මුහුණ පා සිටින ආහාර ආරක්ෂිතභාවය පිළිබඳ ගැටලූ බොහොමයක්ද අලූත් ඒවා නොවේ. ආහාර සැපයීම ආරක්ෂිත තත්ත්වයෙන් ඉහළ මට්ටමක තබා ගැනීමට ලොව පුරා රාජ්‍යයන් විශේෂ වෙහෙසක් ගත්ත ද ආහාර මගින් බෝවෙන රෝග ඇතිවීම සංවර්ධනය වන රටවල මෙන්ම සංවර්ධිත රටවල පවා සැලකිය යුතු සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වශයෙන් අදටත් පවතී. පාචනමය රෝගවල ප‍්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මිලියන 1.8ක ජනතාව මිය යන බව ගණන් බලා ඇති අතර ඒ රෝගීන්ගෙන් බොහොමයකට බලපෑවේ දුෂණය හෙවත් අපවිත‍්‍රණය වූ (contaminated food)  ආහාර හෝ ජලයයි. යෝග්‍ය ආකාරයට ආහාර පිසීමෙන් ආහාර මගින් බෝ වෙන රෝග බොහොමයක්ම වළක්වා ගත හැකිය.

ආහාරවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ආහාර පිළියෙල කරන්නන් හා ආහාර සම්බන්ධව ක්‍රියාකරන  අයගේ වගකීම ගැන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය මනාව වටහා ගෙන ඇත. ආහාර ආරක්ෂිතව පිළියෙල කිරීම ගැන ස්වර්ණමය නීති දහයක් (Ten Golden Rules for Safe Food Preparation) අඩංගු පොත් පිංචක් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළියෙළ කොට බෙදා හැරියේ 1990 මුල් කාලයේ දී ම ය. එහෙත් ඊට වඩා සරල, පොදුවේ යොදා ගත හැකි ලේඛනයක අවශ්‍යතාව ඉස්මතු වූ හෙයින් එම සංවිධානය වඩාත් ආරක්ෂිත ආහාර සඳහා ප‍්‍රධාන  සාධක පහක්  යනුවෙන් පෝස්ටරක් 2001 වර්ෂයේ දී පළ කළේය. මෙහි පළවෙන්නේ එහි ප‍්‍රධාන සංකල්ප පහ ගැන කෙටි හැඳින්වීමකි.

Image result

 

  1. ආහාර පිරිසිදුව තබා ගමු.food-1

ආහාර අතින් ඇල්ලීමට පෙරත් පිළියෙල කරන අවස්ථාවේත් නිතරම ඔබේ අත් සෝදන්න.

වැසිකිළියට යාමෙන් පසුව ඔබේ අත් හොඳින් සෝදන්න

ආහාර පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා සියලූ පෘෂ්ඨයන් සහ උපකරණ සෝදා සනීපාරක්ෂක තත්ත්වයට පමුණුවන්න.

මුළුතැන්ගෙය මෙන්ම  ඊටසම්බන්ධ  ප‍්‍රදේශ සහ ආහාර කෘමීන්ගෙන්, පළිබෝධනාශකවලින් හා වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කරන්න.

එසේ කළ යුත්තේ ඇයි?

බොහෝ ක්ෂුද්‍රජීවීන් රෝග ඇති කරන්නේ නැති වුවද අන්තරායකර ක්ෂුද්‍ර ජීවීන් පසෙහි ජලයෙහි, සතුන් හා මිනිසුන් අතර බහුලව දැකිය හැකිය. මේ ක්ෂුද්‍රජීවීහු අත්වල, අත් පිසිනවල හා උපකරණ හා විශේෂයෙන් ආහාර කපන පුවරුවල රැඳී සිටිති. යාන්තමින් හෝ ස්පර්ශ වූ පමණින් ආහාර වෙත යා හැකි අතර ඔවූහු ආහර මගින් බෝවෙන රෝග ඇති කරති.

 

  1. නොපිසූ හා පිසූ ආහාර වෙන් කර තබන්න.food-2

අමු මස්, කුකුල්මස් ආදිය හා මුහුදු ආහාර සෙසු කෑමවලින් වෙන්කර තබන්න.

නොපිසූ ආහාර පිළියෙල කිරීමේදී පිහියා කපන පුවරු ආදී උපකරණ සහ මෙවලම් වෙන වෙනම යොදා ගන්න.

පිසූ හා නොපිසූ ආහාර එකට ස්පර්ශවීම වැළැක්වීම පිණිස ආහාර භාජනවල බහා තබන්න.

එසේ කළ යුත්තේ ඇයි?

නොපිසූ හෙවත් අඩුවෙන් තිබෙන ආහාරවල විශේෂයෙන්ම අමුමස්, කුකුළු, තාරා ආදී මස් මුහුදු ආහාර සහ ඒවායේ  ඕජස් අන්තරායකාර ක්ෂුද්‍රජීවීන්ගෙන් සමන්විත විය හැකියි. එම ජීවීන් ආහාර පිළියෙළ කිරීමේදී සහ තැන්පත් කර ඇති අවස්ථාවේ අනෙකුත් ආහාර වෙත යොමු විය හැකිය.

 

  1. හොඳින් පිසින්න.food-3

ආහාර විශේෂයෙන්ම මස්, කුකුල් ආදී මස්, බිත්තර සහ මුහුදු ආහාර ඉතා හොඳින් පිසගන්න. සුප් සහ ස්ටූ වැනි ආහාර උෂ්ණත්වය අංශක සෙන්ටිගේ‍්‍රඞ් 700 දක්වා ගෙන එම සහතික කරනු වස් උතුරන මට්ටමට ගෙන එන්න. කුකුළුමස් ආදිය හා වෙනත් මස් පිසෙන ඕජස් ජලය රෝස හෝ වෙනත් පැහැයකින් තොරව පැහැදිලිව තිබිය යුතුය. වඩාත් ප‍්‍රශස්ත කි‍්‍රයාව වනුයේ උෂ්ණත්ව මාපකයක් භාවිතා කිරීමයි.

පිසූ ආහාර නැවත රත් කරන විට එය ඉතා තදින් එනම් පරිපූර්ණව සුදු කළ යුතුයි.

එසේ කළ යුත්තේ ඇයි?

නිසියාකාරව පිස ගැනීමෙක් අන්තරායකර ක්ෂුද්‍රජීවීන් සියල්ලම පාහේ විනාශකර දැමිය හැකිය. සෙන්ටිගේ‍්‍රඞ් අංශක 700ක පමණ උෂ්ණත්වයකට ගෙනවිත් පිසීමෙන් ආහාරවල සුරක්ෂිතභාවය සහතික කළ හැකිය. පිසීමේදී විශේෂ අවධානය යොමු කළ යුතු ආහාර අතරේ කැබලිකර ලියූ මස් (* රෝල් කළ රෝස්ට්වර්ග, විශාල මස් කුට්ටි සහ කුකුළු ආදී සම්පූර්ණ සතුන් වේ.

 

  1. ආරක්ෂාකාරී උෂ්ණත්වයකින් ආහාර තබා ගන්න.food-4jpg

පිසූ ආහාර කාමර උෂ්ණත්වයේ පැය දෙකකට වඩා නොතබන්න. පිසූ ආහාර සියල්ල හා නරක්විය හැකි ආහාර අප‍්‍රමාදව ශීතකරණයේ දමන්න (වඩාත් සුදුසු සෙන්ගේ‍්‍රඞ් අංශක 5ට අඩුවෙනි.* පිසූ ආහාර බෙදීමට (පිළිගැන්වීමට* පෙර ඉතා උණුුසුම්ව (සෙන්ටිගේ‍්‍රඞ් අංශක 60ට වැඩිය* තබන්න. ශීතකරණය තුළ වුවද ආහාර වුවමනාවට වඩා වැඩි කාලයක් නොතබන්න. කාමර උෂ්නත්වයේ දී ශීත කළ ආහාර හිමහරණය නොකරන්න. එසේ කළ යුත්තේ ඇයි? ආහාර කාමර උෂ්ණත්වයෙන් තැබූ විට ක්ෂුද්‍ර ජීවීන්ට  ඉතා ඉක්මණින් බෝවෙයි. සේන්ටිගේ‍්‍රඞ් අංශක 500-600 වැඩියෙන් තැබූ විට ක්ෂුද්‍රජීවීන් වර්ධනය මන්දගාමී වේ. හෝ මුළුමනින්ම ඇනහිටිවී. සමහරක් අන්තරායකාරී ක්ෂුද්‍රජිවීන් සෙල්සියස් අංශක 5ට අඩු උෂ්ණත්වයේදී ද වැඩෙයි.

 

  1. ආරක්ෂාදායක ජලය සහ අමුද්‍රව්‍ය භාවිත කරන්න.food-5

ආරක්ෂාදායක ජලය හෝ ආරක්ෂා සහතිකවීම පිණිස ජලය පිළියම් කරන්න.

නැවුම් සහ පථ්‍ය (* ආහාර තෝරා ගන්න.

පැස්ටරීකරණය කළ කිරි වැනි ආරක්ෂාව සැලසෙන පරිදි සකස් කළ ආහාරම ම  තෝරා ගන්න.

විශේෂයෙන්ම අමුවෙන් ආහාරයට ගන්නේ නම් ද  සැමවිටම ද  පළතුරු සහ එළවළු සෝදා ආහාරයට ගන්න.

කල් ඉකුත් දිනය පසු වූ ආහාර  භාවිතයට ගන්න එපා.

එසේ කළ යුත්තේ ඇයි?

ජලය සහ අයිස් ඇතුළුව අමු ද්‍රව්‍යයන්, භයානක ක්ෂුද්‍රජීවීන් සහ රසායනික මගින් දූෂණය වී තිබෙන්නට පුළුවන. හානියට පත් සහ පුස් සහිත ආහාරවල විෂ සහිත ධූලක රසායනික සෑදීමට ඉඩ ඇත. අමු ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත්වීමෙන් හා සේදීම හා ලෙලි ගැසීම වැනි සරල පියවර මගින් අවදානම අඩුකරගත හැකිවේ.

 

DEPARTMENT OF FOOD SAFETY, ZOONOSES AND FOODBORNE DISEASES, World Health Organization මගින් පල කර ඇති FIVE KEYS TO SAFER FOOD MANUAL පොත් පිංච ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: