සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 1: ප්‍රයෝග(තරග) න්‍යාය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක්  තතු මගින්

ආර්ථික විද්‍යාව කියන්නේ සමීකරණ සහ ප්‍රස්තාර වලින් සමන්විත වන්නක් හැටියට සිතිමටයි අප සාමාන්‍යයෙන් පෙළඹේන්නේ. එහෙත්, එය මිනිසුන් හැසිරෙන ආකාර — මිනිසුන් නොවරදවාම හැමවිටම තාර්කිකව හැසිරෙන්නේ නැති බව අප දන්නවානේ– මිනිසුන් හැසිරෙන ආකාර හෙවත් මානව චර්යා රටා ද සැලකිල්ලට ගන්නා තත්‍ය නොවන(inexact) විද්‍යාවකී.  ආර්ථික විද්‍යාඥයන්  යොදා ගන්නා එක්තරා මෙවලමක් වන්නේ තරග න්‍යාය ලෙසද හදුන්වනු ලබන ප්‍රයෝග න්‍යාය(game theory)යි. ප්‍රයෝග න්‍යාය වෙනත් ක්ෂේත්‍ර වලට ද අදාළ වුවක්. එය ඇත්ත වශයෙන්ම ව්‍යවහාරික ගණිතයෙහි ශාඛාවක් ලෙස දක්වන්න පුළුවන් වුණත්, ප්‍රයෝග න්‍යාය භෞතික විද්‍යාවන්හිදී ව්‍යවහාරික ගණිතයෙහි ප්‍රවේශයට  බොහෝසේ වෙනස් වුවක්. භෞතික විද්‍යාවන්හිදී අවශ්‍ය වන්නේ මානව නොවන ලෝකයේ කුමක් සිදුවේ දැයි පුරෝකථනය කිරීමයි.

මේ ක්ෂේත්‍රයට මුල පුරන්නේ John von Neumann සහ  Oskar Morgenstern යන ඇමරිකානුවන් දෙදෙනායි. ඒ, 1944 දී පළවූ The Theory of Games and EconomicBehavior නම් ඔවුන්ගේ ග්‍රන්ථය මගිනි. මෙහිදී ඔවුන් ආර්ථික විද්‍යාව සමාන කරන්නේ තරග කරුවන් දෙදෙනෙකු එකිනෙකා අනෙකාගේ පියවර ගැන කලින් සිතාමතා ක්‍රියා කරණ ක්‍රිඩාවක් හෙවත් තරගයක් ලෙසටයි. මේ ආරම්භක අවධියෙන් පසුව ප්‍රයෝග න්‍යාය යුධෝපාය, දේශපාලනය ආදියේ සිට පරිනාමිය ජීව විද්‍යාව දක්වා සහභාගී වන්නන් ගන්නා තීරණ ප්‍රතිදානයට(outcome) බලපාන්නාවූ  වෙනත් බොහෝ ක්ෂේත්‍ර වලදී උපයෝගී කරගෙන තිබෙනවා. ප්‍රයෝග න්‍යාය, සම්භාව්‍ය සම්භාවිතාවාදය(classical probability theory)ට ඔබ්බෙන් යන්නක්. ඒ මන්ද කිවොත ප්‍රයෝග න්‍යායයේදී ස්වාභිමතාර්ථය(selfinterest), කේවල් කිරීම, බොරුවට මවාපෑම(bluffing) වැනි මනෝවිද්‍යාත්මක කාරනා ද සැලකිල්ලට ගන්නා  නිසාවෙනි.

Image result

ප්‍රයෝග න්‍යායට අදාළ වඩාත් ප්‍රකට සෙනාරිය හෙවත්  සිදුවෙතැයි හඟින සිදුවීම් පෙළ “සිරකරුවාගේ උභතෝකෝටිකය” (prisoner’s dilemma) ලෙස දැක්වේ. මෙහිදී සිදුවන්නේ පුද්ගලයන් දෙදෙනෙකු එක්ව සිදු කර ඇතිබවට චෝදනා නැගෙන අපරාධයක් සම්බන්ධයෙන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමයි. දෙදෙනාටම එකම විකල්ප නැතහොත් මනාප හිමිවෙයි: එනම්, පාපොච්චාරණය කිරීම හෝ නිහඩව සිටීමයි. එක් අයෙකු පාපෝච්චාරණය කර අනෙකා නිහඩව සිටියොත් පාපෝච්චාරණය කළ අය නිදහස් කරන  බවත් අනෙකා වසර දහයකට දගගෙයි ලන බවත් ඔවුනට කලින් දැනුම් දෙනු ලැබේ. දෙදෙනාම නිහඩව සිටියොත් එක් එක් අයට වසරක සිර දඩුවමක් හිමිවෙයි. දෙදෙනාම පාපෝච්චාරණය කළොත් දෙදෙනාටම එක් එක් අයට වසර පහ බැගින් සිර දඩුවම් ලැබෙනු ඇත.

ගණිතමය වශයෙන් ගත්  කළ ප්‍රශස්ත  විකල්පය වනුයේ දෙදෙනාම නිහඩව සිටීමයි. කෙසේවෙතත්, ප්‍රයෝග න්‍යාය දක්වන්නේ මිනිස් ආත්මාර්ථකාමිත්වය කොපමණද යත් දෙදෙනාම පාපෝච්චාරණය කරනු ඇති බවයි. මෙහිදී බලපාන්නේ තමන් පමණක් නිහඩව සිට උපරිම දඩුවමට යටත්වීමේ අවදානමට යටත් වෙනවාට වඩා නිදහස ලැබීමේ අපේක්ෂාවෙන් පාපෝච්චාරණය කිරීමට පෙළබිමයි. ඒ අනුව ප්‍රශස්ත  විකල්පය පැහැදිලිව පෙනෙන එකම නොවේ.

 

Big ideas in brief(Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Game Theory කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: