විදු නැන නුවණ – Science Literacy for All

සජීවීහු ප‍්‍රජනනය කරන අතර සිය පරිසරයට ප‍්‍රතිචාර දක්වති.

මෙම ලිපියේ මුල් කොටස් දෙක ඔක්. 06 සහ 17 දා පළවිය. මේ අවසාන කොටසයි.

සජීවීහු ප‍්‍රජනනය කරති

නව ජීවීන්(ජනිතයන්)  ජනනය කරන කි‍්‍රයාදාමය ප‍්‍රජනනය වේ. සජීවියෙකුට සිය ජීවිතය ගෙවා ගැනීම සඳහා නැතිනම් නොනැසී පැවැත්ම සඳහා ප‍්‍රජනනය කිරීම අවශ්‍ය නොවේ. එහෙත් විශේෂයක් වශයෙන් සජීවීහු ප‍්‍රජනනය කළ යුතුය. ඒ එම විශේෂයේ අඛණ්ඩත්වය සහතික කිරීම පිණිසත් විශේෂය වඳවී යාම වැළැක්වීම පිණිසත්ය.

ප‍්‍රජනනයෙහි ප‍්‍රභේද දෙකක් නැතිනම් දෙයාකාරයක් දැකිය හැකිය. ඒ ලිංගික ප‍්‍රජනනය සහ අලිංගික ප‍්‍රජානනය යනුවෙනි.

ලිංගික ප‍්‍රජානනය

එකම විශේෂයක එකෛයකයන් දෙදෙනෙක් මෙයට සම්බන්ධ වේ. සාමාන්‍යයෙන් පිරිමි සහ ගැහුණු වශයෙනි. මෙහිදී සංසේචනය සිදුවීම පිණිස පිරිමි ලිංගික සෛල සහ ගැහැනු ලිංගික සෛල එකට එකතු වෙයි. මින් අනතුරුව, අලූතෙන් සංසේචනය වූ සෛල නව ජීවියා(ජනිතයා)  බවට පත්වෙයි. කෙසේ වෙතත්, ලිංගික ප‍්‍රජනනයන්  සියල්ලම  සඳහා සංසර්ගය සම්බන්ධ නොවන බව පෙන්වා දිය යුතුය.

අලිංගික ප‍්‍රජනනය

මේ ආකාරයේ ප‍්‍රජනනය සිදුවන්නේ තවත් කෙනෙක් සම්බන්ධයක් නොමැතිවය. අලිංගික ප‍්‍රජනනය තනි සෛල ජීවීන් අතරේ සහ ශාක අතරේ වඩාත් සුලබය. අලිංගික ප‍්‍රජානනයෙහි ස්වරූප ගණනාවකි. අනූන විභාජනය (mitosis) විඛණ්ඩනය (fission) ආඥරණය (budding) කඩ කඩ වීම (fragmentation) බීජාණු සාදනය (sporulation) සහ වර්ධක ප‍්‍රජනනය (vegetative reproduction) යන මේ සියල්ල අලිංගික ප‍්‍රජනනයට නිදසුන්ය. ඒක සෛලික ජීවීන් තුළ ජනක සෛලය විභාජනය වීමෙන්ම දුහිතෘ සෛල දෙකක් නිපදවේ. මේ ආකාරයේ සෛල විභාජනය සඳහා යොදන යෙදුම අනූනන විභාජනය යන්නයි. මතු දැක්වෙන්නේ අනූනන විභාජන කි‍්‍රයාදාමය දැක්වෙන චිත‍්‍රයකි.

cell

 

සජීවීහු සදහටම ජිවත් නොවෙති. සමහරු වසර ගණනාවක් ජීවත් වන අතර තවත් අය වසර සුළු ගණනක් ද ඇතැමුන් දින ගණනක්ද ජීවත් වෙති. ජීවියෙකු ජීවත්වන කාලය සඳහා යොදන පදය ‘ආයු කාලය’ යන්නයි. නිදසුනක් ලෙස ගත්තොත් මැයි මැස්සා (mayfly) ජීවත්වෙන්නේ එක දවසකි. කොස් ඇට මීයෙකු වසර 1-2 ක් ජීවත් වන අතර ඉබ්බන්ගේ ආයු කාලය වසර 152 ක් පමණ වේ.

කෙසේ වෙතත්, කිසියම් විශේෂයක දැන් සිටින්නන් වෙනුවට ඊළඟට ආදේශ කිරීමට අලූත් අය (ජනිතයන්) නොමැති නම් එම විශේෂයට අත්වන ඉරණම ගැන ඔබට සිතා ගත හැකිද? ඔව්, එම විශේෂය නෂ්ට ප‍්‍රාප්ත වේ. මෙයින් හැඟවෙන්නේ සියලූම විශේෂයන්ගේ පැවැත්ම සඳහා ප‍්‍රජනනය අවශ්‍ය බවයි. එමෙන්ම, අඛණ්ඩත්වය තහවුරු කරමින් එමගින් දෙමාපියන්ගේ ගතිලක්ෂණ අනාගත පරපුරට පැවරීම සහතික වේ.

සජීවීහු සිය පරිසරයට ප‍්‍රතිචාර දක්වති

උත්තේජක නැතහොත් ප‍්‍රබෝධකවලට ප‍්‍රතිචාර දැක්වීම ජීවිතයේ වැදගත් ගතිලක්ෂණයකි. සජීවියෙකු තුළ ප‍්‍රතිචාරයක් ඇති කරවන යමක් වේද එය  උත්තේජක යයි කියනු ලැබේ. උත්තේජකය අභ්‍යන්තර හෝ බාහිර විය හැකියි.

නිදසුනක් දක්වතොත්, කිසිවෙකුට වැසිකිළියට යාමට අවශ්‍යයි සිතනෙ විට එය මොළයෙන්   පාලනය වන අභ්‍යන්තර උත්තේජකයකි. උණුසුම් දිනයක හිරු අහසේ නැගෙද්දී සර්පයෙක් සතුටින් සිය විමානයෙන් එළියට එයි. එය බාහිර උත්තේජනයකි. ප‍්‍රතිචාර දැක්වීම පිණිස ජීවියෙකුට ඇති හැකියාව උද්දීප්‍යතාව(irritability) ලෙස දැක්වේ. එය, සමබරව වීසීමට ජීවියාට උපකාරී වේ. සිය අභ්‍යන්තර තුලනය හා ඊට ප‍්‍රතිචාර දැක්වීම මෙන්ම සිය බාහිර පරිසරයේ විපර්යාසයන් සොයා ගැනීමට උපකාරවන පෙනීම සුවඳ ස්පර්ශය ආදී සංවේදන ජීවීන් සතුය. සමහර ජීවීහු (උදාහරණ: ශාක භක්ෂකයෝ) අනෙක් අයට (උදා: ශාක) වඩා ඉක්මනින් උත්තේජනවලට ප‍්‍රතිචාර දක්වති.

සමස්ථිතිය(Homeostasis)

අපේ ශරීරයෙන් පරිබාහිරව (බාහිර වාතාවරණය) සිදුවන සියලූ විපර්යාසයන් සේම අපේ අභ්‍යන්තර වාතාවරණයෙහි ද  විපර්යාසයෙන් සිදුවේ. නිදසුනක් දක්වතොත්, සෛලයන්ගේ මනා කි‍්‍රයාකාරිත්වය සහතික කරනු වස් ස්ථායි ශරීර උෂ්ණත්වයක්, ග්ලූකෝස් මට්ටමක් ජලය මට්ටමක් ආදිය පවත්වාගෙන යා යුතුය. එහෙත්, ශරීර උෂණත්වය, ව්‍යායාම, කෑම ගැනීම ආදී අපේ ශරීරයෙන් පිටස්තර තත්ත්වයන් බොහෝ විට අපේ අභ්‍යන්තර තුලනය කෙරෙහි බලපායි. ජීවියෙකුට සිය අභ්‍යන්තර වාතාවරණය තුළ තුලනය පවත්වාගෙන යාමට ඇති හැකියාව හඳුන්වන පදය සමස්ථිතිය යන්නයි. සමස්ථිතිය අත්පත් කරගන්නේ අවයව තුනකින් සමන්විත යාන්ත‍්‍රණයක් මගිනි. ප‍්‍රතිග‍්‍රහකය (Receptor) හෙවත් සංවේදන, පාලන කේන්ද්‍රය (Processor = සකසනය) සහ කාරකය(Effector) අංග තුනයි. නිදසුනක් මගින් මෙය තවදුරටත් පැහැදිකර ගත හැකීයි.

sr3axsyrbge96jmvnra3hc9q

ප‍්‍රතිග‍්‍රාහක : පිටත උෂ්ණත්වය වැඩි වන විට අපේ සමේ සංවේදනවලට එය සොයා ගත හැකිය.

පාලන කේන්ද්‍රය: මොළයට සංවේදකයේ සංඥාව ලැබී එය සකසයි. (පිළියමක් සොයයි).

කාරකය: ස්වේද ග‍්‍රන්ථි කි‍්‍රයාත්මක වන අතර ඩහදිය නිපදවීම පිණිස රුධිර ගැල්ම ඉක්මන් වෙයි. ඩහදිය මගින් පද්ධතිය සිසිල් වෙයි. මේ අන්දමට ජීවියාගේ මුලින් තිබූ තුලනය යළි පිහිටුවනු ලැබේ.

සජිවීන් බාහිර වාතාවරණයේදී තුලනයක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. රාති‍්‍රයේ අධික ශබ්දයක් ඇසී හදිසියේ අවදි වුවහොත් ඔබේ ඒ තිගැස්ම හේතුවෙන් අපේ හෘද ස්ඵන්දනය ඉහළ ගොස් හෘදය මොළයට වැඩියෙන් රුධිරය පොම්ප කරයි. මේ කි‍්‍රයාවල ප‍්‍රතිඵලය වන්නේ ක්ෂණිකව ඔබ අවදිව කි‍්‍රයාශීලීවීමයි. මෙම ස්වාභාවික ප‍්‍රතිචාරය ඔබට ආරක්සහිතව  සිටීමට ආධාර වෙයි.

අනුවර්තනය(Adaptation)

අනුවර්තනය යනු ජීවියෙකුට සිය පරිසරය (වාතාවරණය) තුළ පැවතීමට ආධාරවන කි‍්‍රයාදාමයයි. හිම (ධ‍්‍රැව) වලසෙකු ගතහොත් උණුසුම් දේශගුණයක ඇති තැනක ඌට ජීවත්වීමට අසීරුය. හිම වලසාගේ තද ලෝම තට්ටුව වඩාත් ගැළපෙන්නේ සීතල දේශගුණයටයි. ඒ අනුවයි හිමවලසා සිතල  කලාපවලට අනුවර්තනය වී ඇත යනුවෙන් අප පවසන්නේ.

හරය වශයෙන් ගත් කළ කිව යුත්තේ  ඕනෑම ජීවියෙකු සප‍්‍රාණී යයි සැලකීමට නම් එම ජීවියා සතුව මෙම ගතිලක්ෂණ සියල්ල තිබිය යුතුය.

 

eSchooltoday.com වෙබ් අඩවියේ CHARACTERISTICS OF LIVING THINGS ලිපි පෙළෙහි What do living things have in common? කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: