විදු නැන නුවණ – Science Literacy for All

කෘමීන් කි‍්‍රයා කරන්නේ හැඟීම්බරවද?

ශ්‍රේෂ්ඨ  විද්‍යාඥ චාල්ස් ඩාවින් The Expression of Emotions in Man and Animals නම් සිය කෘතියෙහි වරක් මෙසේ සඳහන් කළේ ය. කෘමීහු ‘කෝපය, භීතිය, ඊර්ෂ්‍යාව හා ආදරය’ පෙන්නුම් කරති. ඒ 1872 දී ය. දැන් වසර 150 ක් ගත වීමට ආසන්න මේ අවධීයේ ඩාවින්ට  යම් කාරණාවක් අනාවරණය කර  ගැනීමට හැකිව තිබූ බවට සාක්ෂි පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. සයන්ස් සඟරාවෙහි පළවූ වාර්තාවක් අනුව බමර මැස්සන්ට (Bumblebees) ‘ධනාත්මක හැඟීම් තත්ත්වයකට’ පැවතිය හැකිය. වෙන වචනවලින් කීවොත් ඔවුනට සන්තුෂ්ටියට සමාන දෙයක් අත්විඳිය හැකිය. කෙසේ වෙතත්, මේ මතය තවමත් විවාද සම්පන්නය.

මනුෂ්‍යයන්ට මෙන් නොව තමන්ගේම හැඟීම් විමර්ෂණය කර විස්තර කරන්නැයි බමර මැස්සන්ට කියා සිටීමට අපට කොහොමටවත් නොහැකිය. ඒ වෙනුවට පර්යේෂකයෝ, එකට එක් කළ විට ප‍්‍රජානන, චර්යාමය හා චිත්තවේග හෙවත් හැඟීම් වැනි  සංකීර්ණ සංසිද්ධිවලට මඟ පාදන තැනුම් ඒකක කෘමීන්ට ඇත් දැයි යන්න දැනගැනීමට සාක්ෂි රැස් කළහ. මේ සඳහාම වූ පරීක්ෂණයක් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යාඥ ක්ලින්ට් පෙරී විසින් සකසන ලදි. පෙරී සහ සගයෝ ඒ සඳහා භාජනයක දෙපස පාට දෙකකින් මල් දෙක්ක තැබූහ. වම් පස නිල් පැහැ මලකි. දකුණේ වූයේ කොළ පැහැ මලකි. පර්යේෂකයෝ මේවා වෙන්කොට හඳුනා ගැනීමට හැකි වන පරිදි බමර මැස්සන් පුහුණු කළහ. නිල් මල ගවේෂණය කළ විට බමර මැස්සන්ට සීනි 30%ක ද්‍රාවනයක් සොයා ගත හැකි වූ අතර කොළ පැහැ මල ගවේෂණයෙන් ඔවුනට ලබාගැනීමට හැකිවූයේ පැණි රස නැති තනිකර ජලය පමණකි. ක‍්‍රමයෙන් ආනුෂංගිකව, රසවත් ප‍්‍රතිලාභයක් සහ නිල් මල අතර සම්බන්ධතාව හඳුනාගැනීමට මැස්සෝ උගෙන ගත්හ.

images

ඉන් අනතුරුව පර්යේෂකයෝ අතරතුර ස්ථානවල කවලම් නැතහොත් අපැහැදිලි වර්ණ (ambiguously colored) මල් තබා පරීක්ෂණයක් සිදු කළහ. පරීක්ෂණයට පෙරාතුව මැසි සංඛ්‍යාවෙන් අඩකට 60% සීනි ද්‍රාවනයක් දෙනු ලැබීය. එම මැසි කැළ කවලම් වර්ණ (නිල් සහ කොළ) මල් වෙත වේගයෙන් පියෑඹූහ. සීනි ද්‍රවනය නොලැබූ මැස්සන් පියඹා ගියේ සෙමිනි.

සාක්ෂියක පිටුබලයක් නොමැතිව අපැහැදිලි ප‍්‍රබෝධතා(ambiguous stimulus ) ප‍්‍රතිලාභයක් ඇතැයි උපකල්පනය කිරීම හඳුන්වනු ලබන්නේ ශුභවාදී අභිනතිය (optimism bias) යනුවෙනි. පෙරීගේ සම්පරීක්ෂණය ඉඟි කරන්නේ සීනි මඳක් ලැබීමෙන් මැස්සන් ධනාත්මක හැඟීම් තත්ත්වයකට යොමු වූ බවයි. මලෙහි පැණි රස  සංග්‍රහයක් අඩංගුව ඇතැයි වඩාත් සුබවාදීවන්නට එය මැස්සන්ව පෙළඹවීය. හැඟීම් තත්ත්වය පාදක කරගනිමින්, එහි ප‍්‍රතිඵලයක් ලෙස බමර මැස්සන්ගේ පියෑඹීමේ චර්යාව ඇති වී දැයි සොයා බැලීම පිණිස පර්යේෂකයෝ මැස්සන්ට නුහුරු වෙනත් වර්ණවල මල් ලබා දුන්හ. ප‍්‍රතිඵලය නැඹුරුවක් දැක්වූයේ ඔවුනට කලින් හුරු කර තිබූ නිල් කොළ පරාසයන්ගේ මල්වලට මිස වෙනත් වර්ණයකට නොවේ.

සීනිවලින් අවුල්ව ගිය බමර මැස්සන් එම ශුභවාදී අභිනතිය දක්වන්නේ දැයි සෙවීමට විලෝපීන්ගේ ප‍්‍රහාරයක් විඩම්බනය (simulate) කරන තවත් පරීක්ෂණයක් පවත්වන ලදී. නිදැල්ලේ වසන  විට සමහර අවස්ථාවල සැඟවී සිටින crab spiders මකුළු විශේෂයේ ප‍්‍රහාරයට ලක්වේ. අනුකාරක ක‍්‍රමවේදයක් යොදා ගනිමින් මෙකී බමර මැස්සන් විඩම්බන ප‍්‍රහාරයකට ලක්කෙරිණි. ප‍්‍රහාරයකට පෙර සීනි දියරය ලැබුණු බමර මැස්සන් ඒවා නොලත් මැස්නන්ට වඩා ඉක්මණින් යළි ආහාර සෙවීම පටන් ගත්තේය. ඔවුන්ගේ ධනාත්මක හැඟීම් නිසා ප්‍රහාරය ගැන එතරම් පරීක්ෂාකාරි නොවී එවැනි අවස්ථාවක පවා ඔවුන් ශුභවාදී වූ බව මින් හැඟවින.

අවසාන පරීක්ෂණයක් ලෙස පර්යේෂකයෝ බමර මැස්සන්ට අභිපේ‍්‍රරණය හා පරිතෝෂය (motivation and reward) හා සම්බන්ධ ස්නායු සම්පේ‍්‍රෂකයක් වන සඳහා ප‍්‍රතිග‍්‍රාහක අවුල්කරන රසායනයක්(ඩොපමයින්) ලබා දුන් අතර අභිනතිය පහව ගියේ මෙම මොළ රසායනය ක්ෂිරපායියන් තුළ කි‍්‍රයාකරන ආකාරය යළි පෙන්නුම් කරමිනි. විද්‍යාඥයන් බොහෝ දෙනෙකු වෙනකක් තබා කීට විද්‍යාඥයන් පවා තවමත් හිතන්නේ කෘමීන් කියන්නේ ජානමය වශයෙන් කලින්ම ක්‍රමලේඛිත (preprogrammed), අනම්‍ය, යාන්ත්‍රික හැසිරීමක් පෙන්වන සත්ව කොට්ඨාශයක් ලෙසයි. “ඒත් එහෙම නැහැ” පෙරී කියයි. මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ, ඇරිසෝනා විශ්වවිදයාලයේ කීට විද්‍යාඥ කේටි පෲඩික් ද ඉහත දැක්වූ බහුතර මතයට එකඟ නොවේ. “කෘමීන් වෙනත් ස්වරූප ගන්නා හෙයින් අප ඔවුන්ගේ හැඟීම් බර අවස්ථා ගැන වැඩි තැකීමක් දක්වන්නේ නැහැ. ඔව් බල්ලෙකුට හෝ හරකෙකු සම්බන්ධයෙන් අපි එහෙම හිතන්නේ නැහැ.” යැයි ඇය පෙන්වා දෙයි.

download

කෘමීන් චිත්තවේග අත්නොවිඳිය යුතු යයි දැක්වෙන  නිසඟ හේතුවක් නැත. අනෙක් අතට වේදන හෙවත් හැඟීම් යනු තවත් කාරණාවකි. අප මේ වචන දෙක එකක් ලෙස  තේරුම් ගෙන එකක් අනිකට හුවමාරුකර භාවිත කළත් විද්‍යාඥයන් ඒවා යොදා ගන්නේ වෙනස් ආකාරයකටයි. චිත්ත වේග යනු බාහිර සිද්ධි හෝ උත්තේජනවලට සිරුර දක්වන, ගලපාගත්  ප‍්‍රතිචාරයයි(adaptive response). හැඟීම් යනු ඒවායේ පුද්ගලානුබද්ධ අත්දැකීම්ය. වනයේ යද්දී හදිසියේ දරුණු සිංහයෙකු මුනගැසුණොත් ඔබේ හෘදය සහ ශ්වසන වේගය ඉහළ යයි. ඔබේ මොළයට කෝටිසොල් (cortisol) හා ඇඩ්රෙනලින් (adrenaline) හෝමෝන ගලා එයි. කළු ඉංගිරියාව විශාල වෙයි. මේ ඔබේ සිරුරේ චිත්තාවේගී ප‍්‍රතිචාරයන්ය. අත්‍යාවශ්‍යයෙන්ම නොවුණත් ඒවා බිය වැනි පුද්ගල වේදන හැඟීම් සමග බද්ධවිය හැකියි. “බමර මැස්සන්ට හැඟීම් ඇතැයි අපි ඔප්පු කරේ නැහැ. ඒත් සාක්ෂිවලින් ඔප්පුවුණේ ඔවුනට චිත්තාවේගවලට පාදකවන ප‍්‍රජානන චර්යාමය සහ භෞතවේදීය (කායික) යාන්ත‍්‍රණ ඇති බවය” පෙරී කියා සිටියි.

Scientific American හී  I’ll Bee There for You: Do Insects Feel Emotions? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: