තෙ-මාපිය දරුවා බලාපොරොත්තු මෙන්ම සදාචාරාත්මක සැකසංකා ද දල්වයි

Posted by

මවගේ, පියාගේ ජානමය ද්‍රව්‍යවලට අමතරව වෙනත් කාන්තාවකගේද ජානමය ද්‍රව්‍ය සහිතව උපන් පිරිමි දරුවා දැන් මාස හයක් ගතවීත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව සෝල්ට් ලේක් හි ඔක්තෝබර් 19 දා පැවති ප‍්‍රජනන වෛද්‍ය විද්‍යා ඇමරිකානු සංගමයෙහි ප‍්‍රවෘත්ති සාකච්චාවකදී අනාවරණය විය. ජෝර්දානු යුවළක් සහ දායිකාවක් හා සම්බන්ධ කෙරෙමින් මෙම නව ශිල්ප ක‍්‍රමය අත්හදා බලනු ලැබුවේ මැක්සිකෝවෙහි දී ය. පුද්ගලයන් තිදෙනෙකුගේ DNA මිශ‍්‍ර කෙරෙන මෙම මතභේදාත්මක ක්‍රමය හඳුන්වනු ලබන්නේ ‘ඉද්ද පැවරුම් ශිල්පක‍්‍රමය(spindle transfer technique) යනුවෙනි. අපි‍්‍රයෙල් මස උපත ලැබූ මෙම තෙමාපිය(three-parent) දරුවාගේ මවගේ මයිටෝකොන්ඩ‍්‍රීය DNA සමහරක්  ලේ සින්ඩ්‍රෝමය(Leigh syndrome) නම් මරණීය රෝගාබාධය ඇතිකරවන විකෘතියක් දක්වයි. විකෘතියට ලක්ව ඇති මයිටෝකොන්ඩ‍්‍රීය DNA කොටසක් මවගෙන් උරුම වීමෙන්   ජෝර්දානු යුවළගේ දරුවන් දෙදෙනෙකු මේ රෝගාබාධය නිසා මීට කලින් මිය ගොස් තිබුණ අතර ඔවුන් මේ වාරයේ නිව්යෝක් නුවර නිව්හෝප් ෆර්ට්ලිටි මධ්‍යස්ථානයේ(New Hope Fertility Center) සහාය පැතූවේ එහෙයිනි. දරුවාට මවගෙන් උරුම වුයේ සාමාන්යෙන් සියයට 1.6 ක මයිටෝකොන්ඩ‍්‍රීය DNA ප්‍රමාණයකි. ඉතිරිය සෞඛ්‍ය සම්පන්න දායිකාවකගෙනි.  මේ කි‍්‍රයාදාමය සිදු කළ කණ්ඩායමෙහි ප‍්‍රධානියා එම මධ්‍යස්ථානයෙහි ජෝන් ෂෑංය.

ivf-artificial-inseminati-007

මවගේ විකෘති මයිටකොන්ඩි‍්‍රයා නොමැතිව කලලය නිර්මාණය කිරීමේ වෑයමක යෙදෙමින් මධ්‍යස්ථානයෙහි පර්යේෂක කණ්ඩායම මවගේ ඩිම්බ සෛලයේ න්‍යෂ්ටිය සෞඛ්‍ය සම්පන්න මයිටකොන්ඩි‍්‍රයමක් සහිත දායිකවගේ ඩිම්බයට පැවරූහ. ඉද්ද මාරුව ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මෙසේ මාරු කෙරුණු පසු ඩිම්බය පියාගේ ශුක‍්‍රධාතුව මගින් සංසේචනය කෙරිණ. ෂෑංගේ කණ්ඩායම මෙ ආකාරයට කලල පහක් සංසේචනය කරන ලද අතර ඉන් එකක් මවගේ කුසයෙහි කලල රෝපණය කරන ලදුව නොනැසී පැවතී උපත ලැබීය. එම දරුවා, න්‍යෂ්ටිය ෘභ් මව සහ පියා යන දෙමාපියන්ගෙන්ද මයිටකොන්ඩි‍්‍රයම ෘභ් දායිකාවගෙන්ද උරුම කර ගෙන ඇත. සිය මවගෙන් උරුම කරගත් මයිටකොන්ඩි‍්‍රයම සංඛ්‍යාව වැඩිවේ දැයි අනාගත පරීක්ෂණවල දී සොයා බලනු ඇත.

1990 දී ද ‘තෙමාපිය’ බිළිඳුන් උපත ලද ද ඔවුන් සෑදුනේ වෙනත් විධිවේදයකිනි. එහිදී සිදු කෙරුණේ සෞඛ්‍ය සම්පන්න දායකයන්ගේ මයිටකොන්ඩ‍්‍රා සහ සෙසු ෙසෙලමය ද්‍රව්‍යය මව්වරුන්ගේ ඩිම්බ වෙත මාරු කර ඉන් අනතුරුව පියවරුන් ශුක‍්‍රධාතු මගින් සංස්සේචනය කිරීමයි.

b9aa165e-b2ae-412f-ad8c-761db1562ac6-620x372මේ අනුව ෂෑං සහ කණ්ඩායමේ සාර්ථක ප‍්‍රයත්නය මගින් බිහිවූ දරුවා මයිටකොන්ඩි‍්‍රයම ආදේශන චිකිත්සාව ට අදාළ ඉද්ද මාරු විධිවේදය යොදා ගෙන පිළිසිඳගත් ප‍්‍රථම දරුවා බවට පත්වෙයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි ඵම ක‍්‍රමය ප‍්‍රතිපත්තියක් ලෙස ඉඩදී ඇතත් එරට ආහාර සහ ඖෂධ පරිපාලනයේ සමාලෝචනය හා අනුමැතියට යටත් වේ. මේ අතතුර බලපත‍්‍රයක් යටතේ ඒ විධිවේදය යොදා ගැනීමට එක්සත් රාජධානිය පසුගිය වසරේ අවසර ලබා දුනි.

ඉද්දමාරු විධිවේදය සාර්ථකවීමේ ප‍්‍රවෘත්තිය අසා කලල අධ්‍යයනවේදී (embryologist ) යාක්ස් කොහෙන් සතුට පළ කරයි. 1990 දී කි‍්‍රයාමාර්ගය අනුගමනය කරනු ලැබුවේ ඔහු විසිනි. “මම හිතන්නේ මෙය අත්හදා බලන්න අද ලෝකය සූදානම්. යම් අවදානමක් නැතුවා නොවෙයි. ඒත් ඉතින් ප‍්‍රථම වතාවට සම්පරීක්ෂණ කි‍්‍රයාදාමයකට මුලපුරන කොට එහෙමම තමයි”. ඔහු කියා සිටියි. එසේ වුවද, ඇතැම් පර්යේෂකයෝ සැක සංකා පළ කරති. ‘ඔවුන් කිසිවක් ගණන් ගන්නේ නැතුව ඉදිරියට ගියා. ඒත් තවමත් නොවිසදුනු ප‍්‍රශ්න තිබෙනවා’ යනුවෙන් එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් සරසවියේ මයිටකොන්ඩි‍්‍රයම ජීව විද්‍යාව ඉගෙන ගන්නා ඬේවිඩ් ක්ලැන්යි කියයි.

ඉද්ද මාරුව හරහා මයිටෝකොන්ඩ‍්‍රීය ප්‍රතිස්තාපන චිකිත්සාව(mitochondrial replacement therapy MRT) සිදුකිරීමට ෂෑං උත්සාහ ගත් ප‍්‍රථම අවස්ථාව මෙය නොවෙයි. 2003 වර්ෂයේ දී චීනයේ සිදු කළ සම්පරීක්ෂණයක් ගැන වාර්තාවක් ඔහු පසුගිය අගෝස්තුවේ පළ කළේය. දරුවන් පිළිසිඳ ගැනීමට අසමත් වූ කාන්තාවකට ෂෑං ඇතුළු කණ්ඩායම මානව කලල තුනක් ඉද්ද තාක්ෂණය හරහා නිර්මාණය කළ ආරෝපණය කළහ. එහෙත් කලල තුනම ගබ්සාවිය.

ෂවුක‍්‍රාට් මිටලිපොව් පෝට්ලන්ඞ් හි ඔරිගන් සෞඛ්‍ය හා විද්‍යා සරසවියේ ප‍්‍රජනන ජෛව විද්‍යාඥයෙකි. ඔහු ප‍්‍රිමාටේස් යොදාගෙන ඉද්ද මාරු තාක්ෂණය අත්හදා බැලූ පුරෝගාමියෙකි. ඔහු අදහස් කරන්නේ ඇ.එ.ජ. ආහාර හා ඖෂධ පරිපාලනය ඇමරිකාවේ සායනික පරීක්ෂා කිරීමට හැකිවන පරිදි වාතාවරණය සකස් කළ යුතු බවයි. ෆොලිරිඩාහි මියැම් සරසවියේ නීතිවේදී රොසයිරෝ ඉසාසි පෙන්වා දෙන්නේ ෂෑං සහ පිරිස වෘත්තීමය සංවිධාන ඉදිරිපත් කර ඇති සදාචාරාත්මක මාර්ගෝපදේශ අනුගමනය කර ඇතැයි පෙනී යන බවයි.

Science News හී පළවූ ප්‍රවෘතියක් සහ Scientific American හී  “3-Parent Baby” Claim Raises Hopes-and Ethical Concerns  යන ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.