විදු නැන නුවණ – Science Literacy for All

හෙම්බිරිස්සාව මට්ටු කළ නොහැකි ද?

සෙම්ප‍්‍රතිශ්‍යා එරෙහි එන්නත් තැනීමේ නව වෑයම් ගැන සොයාබැලීමක්

මාටින් මුවර්ගේ දරුවෝ නිතර සෙම්ප‍්‍රතිශ්‍යාව වැළ දී රෝගාතුර වෙති. එවිට මුවර් ඔවුන්ව පවුලේ වෛද්‍යවරයා වෙත ගෙන යයි. දරුවන් පරීක්ෂා කරන වෛද්‍යවරයා කියා සිටින්නේ ගෙදර ගෙන ගොස් සුව වන තුරු බලා සිටීම හැර වෙන කළ හැකි කිසිවක් නැති බවයි.

නිතර, නිතර සිදුවන මෙවැනි අත්දැකීම් මුවර්ට පමණක් නොව සෑම දෙමාපියකුටම වාගේ පොදුය; එමෙන්ම  කටුකය. විශේෂයෙන්ම, වෘත්තියෙන් වෛරස අධ්‍යයන විද්‍යාඥයෙකු වන මුවර්ට තවත් කටුක අත්දැකීමකි. මන්ද වෛරස අධ්‍යයන විද්‍යාඥයන්  (සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව බෝ කරන) රයිනෝ වෛරසය(rhinovirus) ගැන කොපමණ හදාරා තිබුණත් මේ රෝගයට වැක්සීනයක් තවම සොයා ගෙන නැති හෙයිනි.

til_sick_child_crop_t640

මේ සඳහා සාර්ථක එන්නතක්  තැනිය යුතු යයි මුවර් කල්පනා කළේය. ඒ 2013 දීය. ඔහු රයිනෝ වයිරස විශේෂඥයකු මුන ගැසී ඊට සහාය පැතීය. ‘හපෝ ඒක කවදාවත් වෙන්නැති වැඩක්. රයිනෝ වයරසයෙන් බේරීමට කිසිදිනෙක එන්නත් හදන්න බැහැ’ විශේෂඥයා මුවර්ට කීය.

එහෙත් එමරි විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයෙකු වන මුවර් එසේ සිතුවේ නැත. ‘හොඳයි බලමුකො’ ඔහුකීවේ බලාපොරොත්තු ඇතිවයි. දැන් වසර තුනක් ගත වූ තැන එවැනි එන්නත් නිපදවීමට මුවර් සහ සගයෝ සමත්ව සිටිති.මැකාක් (macaque) වඳුරන් යොදා කළ සම්පරීක්ෂණවලින් බලාපොරොත්තු තැබිය හැකි ප‍්‍රතිඵල අත්ව තිබේ. රයිනෝවෛරස මාදිලි ගණනාවකට එරෙහි ප‍්‍රතිදේහ ගොඩ නගා ගැනීමට පරීක්ෂණයට ලක්වූ වඳුරන්ට හැකි වී තිබේ. මේ සාර්ථක ප‍්‍රතිඵල මත පදනම්ව තවත් පර්යේෂණ පවත්වන මුවර් සහ සගයෝ මිනිසුන් යොදා සිදුකෙරෙන පරීක්ෂණවලට ඉක්මනින්ම යොමුවීමට අදහස් කරති.

කෙසේ වෙතත්, මේ ප‍්‍රයත්නයෙහි යෙදී සිටින්නේ ඔවුන් පමණක්ම නොව, විශ්වවිද්‍යාල හා ඖෂධ සමාගම් පදනම් කරගත් වෙනත් පරීක්ෂණ කණ්ඩායම්ද එන්නත් නිපදවීමේ ප‍්‍රගතියක් සටහන් කිරීමට සමත්ව සිටිති. දශක ගණනාවක් තිස්සේ මේ ප‍්‍රයත්නයේදී බලාපොරොත්තු කඩවීම්, විඳ දරා සිටීම්වලින් පසුව විද්‍යාඥයන් දැන් අදහස් කරන්නේ ‘හෙම්බිරිස්සාව’ මට්ටු කළ හැකි බවයි.

10_tips_prevent_cold_s1_sneezing_women

‘මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් සිදුකෙරෙමින් පවතිනවා’ යයි පවසන්නේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලිජියේ ගේරි මැක්ලීන්ය. ඔහු ද එන්නත් ගැන වෙහෙසෙමින් සිටියි.

 

රයිනෝවෛරසය මුලින්ම සොයා ගනු ලැබුවේ 1960 දශකයේ මුල් කාලයේ දී ය. එම වෛරසයට එරෙහිව වැක්සීනයක් නිපදවීමට පර්යේෂකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වූයේ ඒ එක්කමය. එහෙත් රයිනෝ වෛරසය කයිරාටික සතුරෙකු බව ඔවුනට ඉක්මනින්ම දැනී ගියේය. මන්ද එය විවිධ ස්වරූපෙයෙන්ඉස්මතු වන හෙයිනි. ඉතින් මස්තු මාදිලි ලෙස හැදින්වෙන එක ස්වරූපයකට එරෙහි ප‍්‍රතිදේශ අනෙක් ස්වරූප සම්බන්ධයෙන් සාර්ථක නැත. සෙම්ප‍්‍රතිශ්‍යාවට එරෙහිව මිනිසුන්ට ලබා දෙන එන්නත් ගැන සම්පරීක්ෂාවක් පිළිබඳ වාර්තාවක් අවසානවරට පළ වූයේ 1975 දී ය.

කෙසේ වෙතත්, මෑතක වර්ෂවල දී සමහර විද්‍යාඥයන් පිරිසක් සෙම්ප‍්‍රතිශ්‍යාව එන්නතක් පිළිබඳ උනන්දුව  යළි දැල්වීමේ වෑයමක යෙදී සිටිති. රයිනෝවෛරසය කලක් කල්පනා කළ තරම් අහිංසක නොවන බව ඔවුහු පෙන්වා දෙති. ‘ව්‍යාධි ජනකයෙකු හැටියට එයට දැන් වැඩි අවධානයක් යොමුවෙලා’ වෛද්‍ය ජේම්ස් ජර්න් කියා සිටියි. විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥයෙකු වන ඔහු සෙම්ප‍්‍රතිශ්‍යාව ගැන වෙනමම අධ්‍යයනයක යෙදෙන්නෙකි.

common-cold-child-3md

සෙම්ප‍්‍රතිශ්‍යාව, පවුලකට දැඩි ආර්ථික බරක් පැටවිය හැකිය. තමන්ම ඊට ගොදුරුවීම හෝ  සෙම්ප‍්‍රතිශ්‍යාව සෑදුණු දරුවන් රැක බලා ගැනීම පිණිස  නිවසේ නැවතීමට සිදුවීම නිසාවෙන් ඵලදායිතාව හීනවීමෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් වසරකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 25කි.   තවද, සෙම්ප‍්‍රතිශ්‍යාව විද්‍යාඥයන් කලින් කල්පනා කළාට වඩා කායික හානි පමුණුවයි. සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳුනු විට බොහෝ දෙනෙකුගේ නාසය තුළම රයිනෝවෛරසය රැඳී සිටියි. එහෙත් පර්ත් සහ අනෙකුත් අය සොයා ගෙන ඇති පරිදි රයිනෝවෛරසය මාදිලි පෙනහළු ඇතුළටම ගමන් කරයි. ළමා වියේ නියුමෝනියා බොහොමයකට එය වගකිව යුතුයි. දැනටමත් ඇදුම වැනි නිදන් ගත රෝගාබාධ ඇති අයටද රයිනෝ වෛරසය විශේෂයෙන්ම අනතුරු දායකය. ‘මේ කරදර සහ අනතුරුවලට පිළියම් රෝගය වළක්වන එන්නතක් තමයි’ යනුවෙන්  මැක්ලීන් පවසයි.

1960 සහ 1970 ගණන්වලදී විද්‍යාඥයන්  අත්හදා බැලූ වැක්සීනවලදී අවධානය යොමුවූයේ වෛරස් කවචයේ මතුපිට ප්‍රෝටීනවලට පමණක් ප‍්‍රතිදේහ තැනීම කෙරෙහිය. එන්නත් ලබාදුන් ස්වේච්ඡ පිරිස් නැවත ආසාදිත වූ විට ප‍්‍රතිදේහ රයිනෝවෛරස්වල එල්ලී ඒවා විනාශ කිරීමට සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතියට කැඳවීම් කරයි. මැක්ලීන් සහ සගයන් තැනීමට කි‍්‍රයා කරන එන්නතෙහිදී සැලකිල්ල යොමු කරන්නේ මෙම අනතුරු හැඟවීම් ක‍්‍රමයටයි. මෙහි තවත් වැදගත් අංගයක් වන්නේ එක් වර්ගයක රයිනෝවෛරසවල ප්‍රෝටීනවලට වෙනත් වර්ගවලට ප‍්‍රතිචාරයකට ද මුලපිරීමට හැකි වීමයි.

මාටින් මුවර්ගේ ප‍්‍රවේශය මෙයට වෙනස්ය. ඔහු හඹා යන්නේ 1970 ගණන්වල වර්ජීනියා සරසවියේ පර්යේෂකයන් අත්හදා බැලූ අදහසක් පිටුපසය. ඒ අනුව ඔහු උත්සාහ කරන්නේ මස්තු මාදිලි හැකී තරම් ප‍්‍රමාණයකට එරෙහිප්‍රතිදේහ ගොඩ නැඟීමේ එන්නතක් තැනීමටයි. කෙසේ වෙතත්, ඇතැම් විද්‍යාඥයන් මුවර්ගේ මතය හා එකඟ නොවේ.

සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවට එරෙහි එන්නතක් තැනීමේ ප‍්‍රයත්න සාර්ථක එන්නත් නොවන්නත් පුළුවන. එහෙත් සතුටුදායක ආරංචි වන්නේ විද්‍යාඥයන් එවැනි එන්නතක් තැනීමේ ප‍්‍රයත්නයට යළි ප‍්‍රවේශ වී සිටීමයි.

Scientific American හී Scientists Wonder If the Common Cold May at Last Be Beatable යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: