විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවි අක්ෂයේ පැද්දීම පිළිබඳ අභිරහස් දෙකක් විසඳේ

මේසය මත තබන ලෝක ගෝල අප බොහෝ දෙනා දැක ඇත. උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව හරහා ඇති අක්ෂය වටා කරකැවූ විට එය සුමටව කරකැවෙයි. එහෙත් පෘථිවි ගෝලය එලෙස සුමටම කැරකෙන්නේ නැත. සැබෑ පෘථිවි ගෝලය පැත්තෙන් පැත්තට වැනෙයි. පෘථිවියේ භ්‍රමණ අක්ෂිය ධ‍්‍රැව වටා සෙමින් චලනය වෙයි. නිරීක්ෂණ ආරම්භ වීමෙන් පසුව මෙතෙක් පෘථිවිය පැද්දී ඇති වැඩිම දුර අඩි 37 කි(මීටර් 12 යි). මෙකී පැද්දීම් අපගේ දෛනික ජීවන රටාවට බලපෑමක් නොකරයි. එහෙත් ගෝලීය ස්ථාන නිර්ණායන පද්ධතියෙන්(Global Positioning System = GPS) නිවැරදි ප‍්‍රතිඵල ලබාගැනීම පිණිස නම්,  පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා සහ පෘථිවිය මත නිරීක්ෂණාගාරවලින් එම පැද්දීම් සැලකිල්ලට ගත යුතුවේ.

චන්ද්‍රිකා දත්ත උපයෝගී කරගනිමින් නාසා විද්‍යාඥයෝ පෘථිවි භ‍්‍රමණයේ පැද්දීම්වලට අදාළ අභිරහස් දෙකක් විසඳීමට සමත්ව සිටිති. ඉන් එකක් ශත වර්ෂයකට වඩා පැරණි අභිරහසකි. අනික වඩා මෑතකය. මේ පර්යේෂණ පෘථිවියේ අතීත හා අනාගත දේශගුණය ගැන අපේ අවබෝධය වැඩිදියුණු කිරීමට ඉවහල් වේ. ලොව පුරා ජලයෙහි චලනය පෘථිවියේ භ‍්‍රමණ පැද්දීමට දායක වන්නේ කෙසේ දැයි සෙවීමට මෙම පරයේෂණය සිදුකර ඇත්තේ නාසා ජෙට් ප‍්‍රවාලන පරීක්ෂණාගාරයේ (NASA’s Jet Propulsion Laboratory) සුරේන්ද්‍ර අධිකාරී සහ එරික්  අයිවින්ස්ය. ඔවුන් සැපයූ වාර්තාවක් Science Advances සඟරාවෙහි පළ විය. මෙයට කලින් සිදුකළ අධ්‍යයනවලදී පෘථිවි පෘෂ්ඨයේ හෝ  අභ්‍යන්තරයෙහි කි‍්‍රයාදාමයන් සහ පෘථිවි  භ‍්‍රමණයේ පැද්දීම් අතර සම්බන්ධතාවන් බොහෝමයක් ගැන සැලකිල්ල යොමු කර තිබිණ. නිදසුනක් දක්වතොත්, අවසන් අයිස් සමයට පසුව උතුරු ඇමරිකාවේ අයිස් අහිමිවී යාමට, පෘථිවි ප‍්‍රාවරණය(mantle) තවමත් යළි හැඩගැසෙමින්(ප‍්‍රතිසමායෝගවෙමින්) සිටියි. තවද, උතුරු ඇමරිකා මහාද්වීපයට යටින් අඩුවී ගිය ස්කන්ධය, අඟල් කිහිපය බැගින් භ‍්‍රමණ අක්ෂය කැනඩාව දෙසට වසරකට අදියි. කෙසේ වෙතත්, ඇතැම් චලනයන් තවමත් ප‍්‍රහේලිකාවක්ව පවතී.

කි‍්‍ර.ව. 2000 දී පමණ පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය එකවරම නැගෙනහිර දෙසට කැරකීමක් පෙන්නුම් කළේය. ඒ ඊට පෙර තිබුණාට වඩා දෙගුණයක් වේගයකිනි. (අඟල් 7ක් පමණ) දැන් එය චලනය වන්නේ හඞ්සන් බොක්ක දෙසට නොව බි‍්‍රතාන්‍ය දුපත් දෙසටය.’ යනුවෙන් අධිකාරී කියා සිටියි.’එය අසාමාන්‍ය පැද්දීමක්’.

figure-24-a-full-circle-of-ecliptic

සංසිද්ධිය පැහැදිලි කිරීමට සාධක පර්යේෂකයන්ට හමු වූයේ යුරේසියාවෙනුයි. පිළිතුරෙන් වැඩි කොටසට දායක වන්නේ  යුරේසියාවේ එනම් ඉන්දියානු අර්ධවීපය සහ කැස්පියන් මුහුදු ප‍්‍රදේශයේ ජල හිඟයයි. කෙසේ වෙතත් මේ සොයා ගැනීම පුදුමයට හේතු විය. මෙම කලාපයේ ජල ස්කන්ධයේ හානියක් ඇති වී තිබෙන්නේ ජලධර ක්ෂය වීමෙන් හා නියඟයෙනි. ඒත් එය අයිස් තලාවන් ගේ( ice sheets) වෙනස්කම් හා සසදද්දී ඉතා සුළුය. එවැනි සුළු වෙනසකින් මේසා දඩි බලපෑමක් ඇති වන්නේ කෙසේද? පර්යේෂකයන් සඳහන් කරන්නේ උතුරු හා දකුණු දෙකෙහිම අංශක 45ක අක්ෂාංශයක සිදුවන වෙනස්කම්වලට පෘථිවි භ‍්‍රමණ අක්ෂිය ඉතා සංවේදී බවයි.

මේ ගැටලූව මෙසේ විසදද්දී පර්යේෂකයන්ට පැරණි අභිරහසක්ද අනපේක්ෂිත ආකාරයට විසඳීමට හැකි විය. නිරීක්ෂණ ආරම්භවූ 1899 කාලයේ පටන්ම විද්‍යාඥයන්ට අභිරහස්ව පැවැති පෘථිවි භ‍්‍රමණයේ එක්තරා සුවිශේෂ පැද්දීමක් විය. සෑම අවුරුදු 6  සිට 14 දක්වා කාලයක තුල දී භ‍්‍රමන අක්ෂිය එහි පොදු චලන දිසාවෙන් අඟල් 20 ක සිට 60ක ප‍්‍රමාණයක් (මීටර 0.5 සිට 1.5 ක) නැගෙනහිරට හෝ බටහිරට පැද්දෙයි. මෙය පැහැදිලි කිරීමට විවිධ මත ඉදිරිපත් වුණත්,  පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට සමත් නොවූ බව අධිකාරී පෙන්වා දෙයි. දත්ත සංසන්දනාත්මකව පරීක්ෂාකිරීමේදී ජෙට් ප‍්‍රවාරණ පරීක්ෂණාගාරයේ විද්‍යාඥයන්ට පෙනී ගියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. එනම්, ධ‍්‍රැව අයිස්වල වෙනස්වීම් පෘථිවි භ‍්‍රමණ අක්ෂියේ පැද්දීමට සම්බන්ධයක් නොමැති බවයි. ඊට බලපාන්නේ භූමියෙහි ඇති ජලයෙහි ඇතිවන වෙනස්කම්ය. නිදසුනක් ගත්තොත්, යුරේසියාව වියළි කාල, නැගෙනහිර දිශාවට පැද්දීමට අනුරූප වෙයි. එමෙන්ම තෙත් කාල බටහිර දිශාවට පැද්දීමට අනුරූපවෙයි. මේ අනුව පෘථිවි භ‍්‍රමණ අක්ෂියේ නැගෙනහිර බටහිර පැද්දීම් පිළිබඳ වසර 115ක වාර්තාව ඇත්තටම භූමිය මත ජලයෙහි චලනය පිළිබඳ මනා වාර්තාවක් වීමට ඇති හැකියාව පෙන්නුම් ඉඟි කරයි.  අපේ ග‍්‍රහලෝකය ගැන අපේ අවබෝධය ඉහළ දැමීමටත්, අපේ ජීවිත වැඩිදියුණු කිරීමටත් අපේ අනාගතය  සුරක්ෂිත කිරීමටත් වාසිදායක ස්ථානයක් ලෙස නාසා ආයතනය සලකන්නේ අභ්‍යවකාශයයි.

මේ අතර තවත් නාසා වාර්තාවකට අනුව කාලගුණ ගැන නූතන වාර්තා තැනීම් ආරම්භවීමෙන් පසුව ගත වූ වසර 136 ඇතුළත ලොව වඩාත්ම උෂ්ණාධික සැප්තැම්බරය 2016 සැප්තැම්බරයයි. මීට කලින් වඩාත්ම උෂ්ණාධික සැප්තැම්බරය ලෙස සැලකුණේ 2014 වසරේ සැප්තැම්බර මාසයයි. එමෙන්ම 1951 සිට 1980 දක්වා කාලය තුළ සැප්තැම්බර් මාසවල මධ්‍යන්‍ය උෂ්ණත්වයට වඩා මේ වසරේ සැප්තැම්බරය සෙල්සියස් අංශක 0.91කින් උෂ්ණය.

2016 සැප්තැම්බරය උෂ්නාධිකම මාසයයි

2503_gistemp_sep2016_1

මේ වසරේ වාර්තාගත සැප්තැම්බර උෂ්ණත්වයක් තිබීමෙන් පැහැදිලි වන්නේ පසුගිය මාස 12 න් ඒ කියන්නේ 2015 ඔක්තෝබරයේ සිට මාස 12 න් 11 ක මාසික උෂ්ණත්වය නව වාර්තා තබා ඇත යන්නයි. 2016 ජූනි මාසය වාර්තාගත වැඩිම උෂ්ණත්වය සහිත ජූනිය ලෙස සැලකුණද නාසා හි අභ්‍යවකාශ අධ්‍යයන ගොඩාඞ් ආයතනය දත්ත යාවත් කාලීන කිරීම අනුව එය දැන් තෙවන ස්ථානයට පත්ව ඇත. උෂ්ණාධිකම ජූනි මාසයේ 2015 දීත් ඊළඟට උෂ්ණාධිකම ජූනිය 1998 දීත් වාර්තා විණ. කෙසේ වෙතත්, ‘මාසික උෂ්ණත්ව වාර්තා වැදගත් වන නමුත් ඒවා දිගුකාලීන ප‍්‍රවණතා තරම්ම වැදගත් නොවන බව අප යළි යළිත් අවධාරණය කරනවා’ යයි අභ්‍යාවකාශ අධ්‍යයන ගොඩඞ් ආයතනයේ අධ්‍යක්ෂ ගාවින් ඒමිඞ්ට්ස් ප‍්‍රකාශ කරයි.

මෙම ආයතනයේ මාසික දේශගුණ වාර්තාව සකසා ගනු ලබන්නේ ප‍්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත මගිනි. මේ දත්ත එක් රැස් කරගෙන ඇත්තේ ලොව පුරා කාලගුණ විද්‍යාගාර 6300කින්, නැව් සහ බෝයා පාදක උපකරණ, ඇන්ටාක්ටිකා පර්යේෂණ ආයතන මගිනි. නූතන ගෝලීය උෂ්ණත්ව වාර්තා තැබීම ඇරඹියේ 1830දී පමණය. මෙය නූතන වාර්තා තබා ගැනීම යයි නම් කරනු ලබන්නේ මීට පෙර වාර්තාවලින් පෘථිවියේ ස්ථාන ආවරණය වූ ප‍්‍රමාණය මද නිසාය. අතිරේක  දත්ත ලැබෙන විට මාසික විග‍්‍රහයන් යාවත්කාලීන කරනු ලැබේ.

GRACE (NASA/German Aerospace Center Gravity Recovery and Climate Experiment=GRACE) Tellus  වෙබ් අඩවියේ NASA Study Solves Two Mysteries About Wobbling Earth යන ලිපිය සහ   Goddard Institute for Space Studies වෙබ් අඩවියේ  September was warmest on record by narrow margin යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: