විදු නැන නුවණ – Science Literacy for All

මානව දඩයමට ගොදුරුව ‘ලෙන් සිංහයන්’ වදවගිය බවට සාක්ෂි

cave_lion

දඩයම් කළ සතුන්ගේ සම් විවිධ ප්‍රයෝජන වෙනුවෙන් එකතුකිරිම ලෝකයේ කොයි රටක වුවත් දඩයම් කරුවන් අතර ප්‍රචලිත පුරුද්දකි. සමහරු කුසලාන වශයෙන් ඒවා එකතුකරත්. ඇතැමුනට ඇදුම් සකසා ගැනීමට ඒවා ඕනෑවේ. ගෘහ අලංකාරයටද සත්ව සම් යොදා ගැනේ. නව පර්යේෂණවලින් හෙළිවන්නේ අපේ පැරැන්නන් දඩයම් කිරීමේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරනු වස් ඔවුන් දඩයම් කළ සතුන්ගේ සම් ආරක්ෂා කර ගත  බවයි.

කෙසේවෙතත්, අපේ ආදිතම මුතුන් මිත්තන් අතරේ අමිල කුසලානය වුයේ සාමාන්‍ය සිංහයන් නොව ‘ලෙන්’ සිංහයන්ය(cave lions). මේ ලෙන් සිංහයන් එසේ මෙසේ සත්ව විශේෂයක්  නොවිය. යුරෝපයේ සිට කැනේඩියානු යුකොන් දක්වා  වනාන්තරවල සැරිසරමින් පිණිමුවන්, බැටළුවන්, (දැන්  නෂ්ටප්‍රාප්තව ඇති) වල ගවයන් දඩයම් කළ සුවිසල් විලෝපියෙකි. දිගින් අඩි 11කට වැඩි, බරින් රාත්තල් 700ක් පමණවූ මෙම ලෙන් සිංහයා හා සසඳන විට වර්තමාන අප්‍රිකානු සිංහයන් බාගෙට වැඩුණු පූස් පැටවුන්ය. එපමණක් නොව මුල් පුරා ශිලා සමයේ( Upper Paleolithic ) දිවි ගෙවූ ඇතැමුන්ට ලෙන් සිංහ හම පලසක් ලෙසද වටිනාකමක් තිබූ බවක් පෙනෙන්නට ඇත.

ලා ගර්මා (La Garma) යනුවෙන් හැඳින්වෙන අඳුරුලෙන

ලා ගර්මා (La Garma) යනුවෙන් හැඳින්වෙන අඳුරුලෙන

කනගාටුවට කාරණාවක් වන්නේ මෙයට වර්ෂ 14,000කට පමණ පෙර ලෙන් සිංහයන් සහමුලින්ම මිහිතලයෙන් අතුරුදන් වීමයි. මේ නෂ්ටප්‍රාප්තියට හේතුව කිසිවෙකුත් නොදනී. එහෙත් පර්යේෂකයන් දීර්ග කාලයක් තිස්සේ සැක කළේ ඔවුන්ගේ වඳවී යාමට මානවයා  කොයියම් ආකාරයකින් හෝ සම්බන්ධවන්නට ඇති  බවයි. මේ උපන්‍යාසය දැන් තවත් තහවුරු වන බවක් පෙණි යයි.  PLOS ONE සඟරාවෙහි  පළවූ වාර්තාවක් දක්වන අන්දමට, වර්තමානයේ දඩයක්කරුවන් විසින් හම ගැසීමේ දී භාවිත කරනු ලබන ශිල්ප ක‍්‍රමවලට සමානකම් දක්වන වෙනස් කම්  අලූතෙන් සොයා ගනු ලැබූ ලෙන් සිංහ නඛර අස්ථිවල සිදුකර ඇති බවට ලකුණු දක්නට ඇත.

මේ නව සොයාගැනීමෙන් හැඟීයන්නේ, මානවයන් මෙකී ලෙන් සිංහයන් දඩයම් කළා පමණක් නොව සිය වාසස්ථාන උසස් මට්ටමකින්  සරසනු වස් නඛර (නිය) සහ සෙසු කොටස් ද ඇතුළුව ලෙන් සිංහයාගේ සම්පූර්ණම සම යොදා ගන්නට ඇති බවයි. ලෙන් සිංහයා, දඩයම් කිරමට වෙහෙසක් දැරිය යුතු, භයානක සතෙක්. ඉතින් එවැන්නෙක් මරා මස් කිරීමෙන් පසු ලැබෙන සම වටිනා කුසලානයක් ලෙස හෝ පුදසිරිත් හා  වතාවත්වදී හෝ යොදා ගන්නට ඇත’ යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ මේරියන් කුවේටෝ පවසයි. ඇය ස්පාඤ්ඤයේ කැන්ටබි‍්‍රයා සරසවියේ සත්ව පුරා විද්‍යාඥයෙකි. ‘මාංශ භක්ෂකයන්ගේ (ලොම් සහිත) හම් විවිධ සමාජ මගින් බලයේ සංකේතයක් ලෙස යොදා ගත් අවස්ථා බොහොමයක් ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා’ ඇය පෙන්වා දෙයි.

නව අධ්‍යයනයට ඉඩ සැලසුනේ පර්යේෂකයන් උතුරු ස්පාඤ්ඤයේ ලා ගර්මා (La Garma) යනුවෙන් හැඳින්වෙන අඳුරුලෙනෙහිදී ලෙන් සිංහ ෆොසිල වස්තු සම්භාරයක් සොයා ගැනීමෙනුයි. ‘ලා ගර්මා අඳුරුලෙනට ඇතුල්වෙනකොට දැනෙන්නේ හරියට පරිණාමයේ එක්තරා සුවිශේෂී මොහොතකට ආපසු ගිය බවකුයි’ කුවේටෝ කියා සිටියි. ‘ඒක හරියට කාල යන්ත‍්‍රයක් වගෙයි’. එහිදී ෆොසිල හාර දහසකට වැඩි ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒවායේ බොහොමයක මිනිසුන්ගේ මැදිහත්වීම් පෙන්නුම් කරයි. එහෙත් ලා ගර්මා හිදී ලෙන් සිංහ අවශේෂ සොයා ගනු ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මෙය කලින් සිදු කළ පර්යේෂණවලදී මධ්‍යම ප්ලයිටොසීන (Pleistocene period ) අවධියේ දී මානවයන් ලෙන් සිංහයන් පරිභෝජනයට ගත් බවට මෙන්ම මුල් පුරාශිලා  සමයේ දී සිංහ දත් ආභරණ මෙන්ම මෙවලම් වශයෙන්ද  යොදා ගත් බවටද සාක්ෂි හමුවිය. එහෙත් මුල් මානවයන් හා ලෙන් සිංහයන් අතර අන්තර් කි‍්‍රයාකාරකම් ගැන එතරම් තොරතුරු නැත. ඊට හේතුව ලෙන් සිංහ ෆොසිල හිඟවීමත් මිනිසුන් සිදුකළ වෙනස්කම් සහිත ඒවා ඊටත් වඩා  හිඟ වීමත් ය.

පර්යේෂණ කටයුතුවල නිරත මේරියන් කුවේටෝ

පර්යේෂණ කටයුතුවල නිරත මේරියන් කුවේටෝ

ලා ගර්මා හීදී පර්යේෂකයන්ට එක් තනි ලෙන් සිංහයෙකුට අයත් නිය නවයක් සොයා ගනු ලැබීය. නූතන යුගයේ දී නිය සමෙහිම තබා හම ගසන විට ඇතිවන සීරිම් හා කැපීම් ලකුණු ඒවා සියල්ලෙහිම දැකගත හැකි විය. ඉන් හැෙඟන්නේ ලෙන් සිංහයා හම ගැසූ අයට එම සතුන් හම ගැසීම ගැන මෙන්ම ඔවුන්ගේ සිරුරේ ව්‍යුහය (ව්‍යවච්ඡ්දය = anatomy) ගැන අවබෝධයක් තිබූ බවයි. ලා ගර්මා කාබන් දින නිර්ණය අනුව (පර්යේෂකයන් හඳුන්වන අන්දමට) ‘ලාගර්මා’ සිංහයන් ජීවත් වූයේ මෙයට වසර 16,000කට පෙර මුල් පුරා ශීලා අවධියේදීය.

නමින්ම කියැවෙන පරිදි ලෙන් සිංහයන් සිය ජීවිත කාලයෙන් කොටසක් ලෙන්වල ගත කළහ. එහෙත් අවාසනාවකට වාගේ මුල් පුරාශීල අවධියේ මානවයන්ද පි‍්‍රය කළේ එවැනි වාසස්ථානමය. එපමණක් ද නොව දෙපාර්ශවයම ගොදුරු වශයෙන් ලබා ගැනීමට තරග කළේ පිනිමුවන් වැනි එකම ගොදුරය. මෙවැනි හේතුවෙන් ලෙන් සිංහයන් සහ මානවයන් අතර ඇති වූ ඝට්ටන හා ආතතිය, ලෙන් සිංහයන් නෂ්ටප‍්‍රාප්තවීමට බලපාන්න ඇතැයි කුවේටෝ කියන්නීය. මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල එකතුවීමත් සමගම. මානවයන් ඍජුවම දඩයම් කළ බවට සාක්ෂි ගොඩ ගැසෙමින් පවතින බව කුවේටෝ වැඩිදුරටත් සඳහන් කරයි. ‘මේ සිංහයන් දඩයම් කිරීම ඔවුන් වඳවීමට එකම හේතුව නොවුණත් එයද අනෙකුත් මිනිස් කි‍්‍රයාකාරකම්වලට අමතරව ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන්නට ඇත’ යයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත් නිශ්චිත නිගමනයකට එළඹීමට තවත් සාක්ෂි අවශ්‍ය බව වෙනත් විද්‍යාඥයන් පෙන්වා දෙන අතර කුවේටෝ ඊට එකඟය.

SMITHSONIAN.COM,  Science  හී  පළවූ Humans May Have Hunted Cave Lions To Extinction ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: