විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාස: මුලික තොරතුරු(new content added)

  • දේශගුණ විපර්යාසයන් දැන් සිදුවෙමින් පවති:

අපේ පෘථිවිය උණුසුම් වෙයි: පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය ශතවර්ෂය ඇතුලත ෆැරන්හයිට් අංශක 1.5කින් ඉහල ගොස් ඇති අතර ඉදිරි වසර සියය ඇතුලත තවත්  ෆැරන්හයිට් අංශක 0.5 සිට 8.6 දක්වා ප්‍රමාණයකින් ඉහල යනු ඇතැයි ප්‍රක්ෂේපනය් කෙරේ. පෘථිවි ග්‍රහයාගේ සාමාන්‍ය උෂ්ණත්වයේ කුඩා වෙනස් කම් වුවද දැවැන්ත එමෙන්ම අන්තරයකාරිවීමේ හැකියාවක් ඇති දේශගුනයෙහි සහ කාලගුනයෙහි විස්තාපනයවීම බවට පරිවර්තනය විය හැකිය.

සාක්ෂ්‍ය පැහැදිලිය: ඉහල යන ගෝලීය උෂ්ණත්වයන් සමග දේශගුනයෙහි සහ කාලගුනයෙහි වෙනස් කම් ඇතිවෙයි. ලෝකයේ බොහෝ ස්ථානවල වර්ෂාපතනයෙහි වෙනස්කම් දක්නට ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙසතව තවත් ගංවතුර, නියංසාය, හෝ දරුණු වැස්ස මෙන්ම වඩාත් ඉක්මනින් මෙන්ම වඩාත් දැඩිව අධි උෂ්ණ කාල වකවානු ඇතිවේ.

අපේ ග්‍රහ ලෝකයේ සාගර සහ ග්ලැසියර ද ඇතැම් දැවැන්ත විපර්යාසයන්ට ලක්ව තිබේ – සාගර උණුසුම් වන අතර වඩාත් අම්ලිකරණයට ලක්වේ. අයිස් වැස්ම දියවෙමින් වෙමින් පවති.  එමෙන්ම මුහුදු මට්ටම් ඉහල යයි. ඉදිරි දශක වලදී මෙකී විපර්යාස සහ අනෙකුත් වෙනස්කම් වඩාත් ප්‍රකට වන විට ඒවා මගින් අපේ සමාජයට සහ අපේ පරිසරයට අභියෝග ඉදිරිපත් විය හැකියි.

smokestack-sunset-thumb-480xauto-1723

මෑතක දේශගුණ විපර්යාසයන්ට වැඩිකොටම වගකිව යුත්තේ මානවයන්ය

%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd-1

දේශගුණ විපර්යාස යනුවෙන් දැක්වෙන්නේ එක්තරා පැතිරුණු කාල පරිච්චේදයක් තුළ කාලගුණයෙහි ඇතිවන සැලකිය යුතු වෙනස්කම් හෙවත් විපර්යාසයන්ය. වෙනත් වචන වලින් දක්වන්නේ නම්, දශකයක් හෝ ඊටත් වැඩි කාලයක් පවතින  උෂ්ණත්වයේ ප්‍රධාන වෙනස්කම්, වර්ෂණය(precipitation) හෝ සුළං රටා ආදිය ද  ඇතුළත් විපර්යාසයන්ය.

%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd-2

ගෝලීය උණුසුම්වීම යන්නෙන් දැක්වෙන්නේ පෘථිවියෙහි පෘෂ්ටය ආසන්නයේ ගෝලීය සාමාන්‍යය උෂ්ණත්වයෙහි මෑතක ඇතිවූ සහ දිගටම පවතින ඉහල යාමය. එම වැඩිවීම වැඩිකොටම සිදුවන්නේ වායුගෝලයෙහි හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල යාමෙනි. ගෝලීය උණුසුම,  දේශ ගුණ රටා වෙනස් කිරීමට හේතුවෙයි. කෙසේවෙතත්, ගෝලීය උණුසුම පමණක් ගතහොත් ඉන් නියෝජනය වන්නේ දේශ ගුණ විපර්යාසයේ එක් අංශයක් පමණකි.

 

පසුගිය ශත වර්ෂය තුළ මානව ක්‍රියාකාරකම් මගින් කාබන් ඩයොක්සයිඩ්(co2) සහ අනෙකුත් හරිතාගාර වායු ඇති විශාල ප්‍රමාණයක්  වායුගෝලයට මුදාහැර තිබේ.  හරිතාගාර වායු බහුතරය ෆොසිල ඉන්ධන දහනයෙන් මුදාහැරුන ද, වනහරණයෙන්(deforestation),  කාර්මික ක්‍රියාදාමයන්ගෙන්, සහ සමාරක් කෘෂිකාර්මික භාවිතයන්ගෙන් ද වායුගෝලයට වායු විමෝචනය වෙයි.

හරිතාගාර වායු බ්ලෑන්කෙට්ටුවක් ආකාරයෙන් පෘථිවිය වටකරගනිමින් වායුගෝලයේ ශක්තිය අවුරීමෙන්(කොටුකර ගැනීම හේතුවෙන්) එය උණුසුම් වීමට මග පාදයි.  මෙම සංසිද්ධිය හඳුන්වනු ලබන්නේ හරිතාගාර ආචරණය(greenhouse effect) ලෙසට වන අතර එය ස්වාභාවික දෙයකි. එමෙන්ම, මේ මිහිතලය මත ජිවය දරා සිටීමට අත්‍යවශ්‍යය. කෙසේවතදු,  හරිතාගාර වායු ගොඩනැගීමෙන් පෘථිවියෙහි දේශගුණය වෙනස් කිරීමටත්, මානව සෞඛ්‍යයට හා සුභසිද්ධියට ද  පරිසර පද්ධතිවලට ද භයානක ප්‍රතිපල අත්පත් කර දිය හැකිය.

අද අප ගන්නා තීරණයන් මෑත අනාගතයට මෙන්ම ඉදිරි වර්ෂ ගණනාවක් තුළ වායුගෝලයට අප එක් කරන හරිතාගාර වායු ප්‍රමාණය කෙරෙහි බලපෑමක් ඇතිවේ.

දේශගුණ විපර්යාස සැමට බලපායි

දේශගුණය අප කාගේත් ජිවිත හා බැඳි පැවති: මෙයට  වසර දහස් ගණනකට පෙර අවසන් වූ අන්තිම අයිස් සමයෙන් පසුව අප භුක්ති විඳින, සාපේක්ෂව ස්ථාවර දේශගුණයට මානව සමාජයන් අනුවර්තනය වී ඇත. අපේ ජල සැපයුම, කෘෂිකර්මාන්තය, බලශක්ති හා ප්‍රවාහන පද්ධති, ස්වාභාවික පරිසරය, සහ අපේම සෞඛ්‍යය සහ ආරක්ෂාව කෙරෙහි පවා බලපාන විපර්යාසයන් උණුසුම් වන කාලගුණය මගින් පමුණුවිය හැකිය.

දේශගුණය කෙරෙහි ඇතිවන ඇතැම් වෙනස්කම් වැළක්විය නොහැක: කාබන් ඩයොක්සයිඩ් ශත වර්ෂයකට ආසන්න කාලයක් වායුගෝලයේ පැවතිය හැකිය. එහෙයින් ඉදිර දශක තුළ පෘථිවිය අඛණ්ඩව උණුසුම් වනු ඇත. උණුසුම් වීම වැඩිවන තරමට දේශගුණයේ හා පෘථීවි පද්ධතියේ දරුණු විපර්යාසන් ඇතිවීමේ  අවදානම ද වැඩිවේ. කාලගුණ විපර්යාසයන්ගේ නිශ්චිත බලපෑම පුරෝකථනය කිරීම දුෂ්කර වුව ද, අප දැන් හැඩගැසී සිටීමට පුරුදුව සිටින දේශගුණය නම් අනාගතයේ අපට බලාපොරොත්තු විය හැකි දේශගුණය  පිලිබඳ විශ්වාසය තැබිය හැකි මගපෙන්වන්නක් නොවන බව නම් පැහැදිලිය.

impacts-of-climate-change-in-bangladesh-geobangla-theme-picture

දේශගුණ විපර්යාසයන් නිසා අපට මුහුණ දීමට සිදුවන අවදානම අපට අඩු කර ගත හැකිය: හරිතාගාර වායු අඩුකිරීම සදහා වූ තීරණ ගැනීමෙන් එමෙන්ම දැනටමත් ඇරඹි ඇති විපර්යාසයන් සඳහා සුදානම් වීමෙන් දේශගුණ විපර්යාස මගින් ඇතිවන අවදානම් අපට අඩු කරගත හැකිය. අද අප ගන්නා තීරණ අපේ දරුවන් සහ මුනුපුරු මිනිපිරියන් ජිවත්වන ලෝකය හැඩගස්වනු ඇත.

වෙනසකට අපට දායක විය හැකියි

මේ සම්බන්ධයෙන් ඔබටත් ක්‍රියාත්මක විය හැකියි: හරිතාගාර වායු විමෝචන අඩු කිරීමටත් එමෙන්ම දේශගුණ විපර්යාසයන් හා සම්බන්ධ අවදානම් අඩුකිරීමටත් ඔබේ නිවසේ දී, මගතොට දී හෝ කාර්යාලයේ දී ඔබටත් පියවර ගත හැකියි. මේ පියවර අතුරෙන් සමහරක් ඔබේ මුදල් ඉතිරි කර දේ. පා පැදියකින් හෝ ඇවිදගෙන වැඩට යාම වැනි ඇතැම් පියවර ඔබේ සෞඛ්‍යයට ද හිතකරයි.

EPA – US Environmental Protection Agency වෙබ් අඩවියේ Climate Change යටතේ පළවූ  Climate Change: Basic Information යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: