විදු නැන නුවණ – Science Literacy for All

ඩෙන්ගු සම්පේ‍්‍රෂණය වන අන්දම

වැසි සමය යළි පැමිණීමත් සමග ඩෙන්ගු පැතිරයාමේ අවදානම ගැන බලධාරිහු අනතුරු හඟවති. ගෝලීය තත්ත්වය ගතහොත් බිලියන 2.5 සිට 3 දක්වා ලොව පුරා ජනතාව වර්තමානයේ ඩෙංගු ආසාදනයේ අවදානමට මුහුණ පා සිටති. එක්තරා මදුරු විශේෂයකින් ඩෙංගු බෝවෙන බව දැන් ලංකාවේ බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත්, ඩෙංගු සම්පේ‍්‍රෂණය වන ආකාරය ගැන පූර්ණ දැනුමක් ඇත්තේ ඉන් කී දෙනාට ද? තතු මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඩෙංගු සම්පේ‍්‍රෂණය පිටුපස විද්‍යාව ගැන පැහැදිලි කර ගැනීමටයි.

ඩෙංගු ආසාදනය වැළඳීමේ අවදානම 1940 ගණන්වල සිට වැඩි වී තිබේ. මෙම ඉහළ යාමේ ප‍්‍රවණතාවට බලපාන හේතු ගණනාවකි. දිගු දුර ගමන් බිමන්, ජනගහන වර්ධනය හා නාගරිකරණය, සනීපාරක්ෂාව නොමැතිකම, අකාර්යක්ෂම මදුරු පාලනය, සුපරීක්ෂාකාරී නිරීක්ෂණයට භාජනය කිරීම හා ඩෙංගු රෝගීන් ගැන නිල වාර්තා කිරීම ඉහළ යාම ඉන් ප‍්‍රධානය. අග්නිදිග ආසියාව, ශාන්තිකර සාගර කොදෙව් රටවල් සහ මැද පෙරදිග හරහා ඩෙංගු  පැතිර ගොස් ඇත. අද ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ජීවත් වන්නේ ඩෙංගු වැළඳීමේ අවදානම පවතින කලාපවලය. ඩෙංගු යනු ප‍්‍රදේශයකට ආවේණික රෝගයකි. ඉන් අදහස් කෙරෙන්නේ එය ලෝකයේ නිවර්තන කාලාපීය රටවල හටගන්නා බවයි. ඩෙංගු ඇමරිකාවේ, අපි‍්‍රකාවේ, ආසියාවේ, කැරිබියන් කලාපය සහ ශාන්තිකර කලාපයේ රටවල් සිය ගණනකට වැඩි සංඛ්‍යාවකට ආවේනිකයි.

ඩෙංගු සම්පේ‍්‍රෂණය

දැන් අපි බලමු මේ රෝගය සංක‍්‍රමණය වන අන්දම හා එය මිනිසුන්ට බෝවෙන අන්දම ගැන. ඩෙංගු වෛරසය මානවයන්ට සම්පේ‍්‍රෂණය වන්නේ ආසාදිත මදුරුවෙකු විදිමෙනි. ඩෙංගු වෛරසය පැතිරවීම සඳහා වාහකයෙකු වන්නේ මදුරු විශේෂ කිහිපයක් පමණකි. වාහකයෙකු කියන්නේ කවරෙකුට ද? වාහකයෙකු යනු සත්කාරක ජීවියා වෙත රෝගයක් ගෙන යන හා සම්පේ‍්‍රෂණය කරන වාහකයකි. විවිධ රෝග සම්පේ‍්‍රෂණය කරන සත්තු හා ක්ෂුද්‍රජීවීහු වාහකයන් අතර වෙති. වඩාත් සුලබ වාහකයන් වන්නේ සන්ධිපාදිපාදකයන්ය. සන්ධිපාදිකයන් යනු පිට සැකිල්ල (exoskeleton) යනුවෙන් හඳුන්වන බාහිර සැකිල්ලක් ඇති අපෘෂ්ඨවංශික සතුන්ය. මදුරුවෝ, කිනිතුල්ලෝ, උකුණෝ, මැස්සෝ සහ මැක්කෝ සන්ධිපාදිතයන් අතර වෙති. මොවුන් බෝකරන රෝග ගැන නිදසුන් දක්වතොත් කිනිතුල්ලන් ලයිම්(Lyme) රෝගය පතුරුවන  අතර ඇතැම් මදුරුවෝ කහඋණ, මැලේරියාව හා ඩෙංගු උණ රෝග කාරකයන් ගෙන යති. සිය රුධිරයෙහි ඩෙංගු වෛරසය ඇති අයෙකු මදුරුවෙකු දෂ්ට කළ විට මදුරුවා  ඩෙංගු වෛරසයෙන් ආසාදිත වෙයි. එසේ ආසාදිත මදුරුවා පසුව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් දෂ්ට කිරීමෙන් වෛරසය සම්පේ‍්‍රෂණය කළ හැකිය. ඩෙංගු කෙළින්ම එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වැළඳෙන්නේ නැත. ඩෙංගු වෛරසය සම්පේ‍්‍රෂණයට මදුරුවන් අවශ්‍ය වේ.

ඩෙංගු පැතිරෙන්නේ කෙලෙසද?

අප කලින් ද සඳහන් කළ පරිදි ඩෙංගු වෛරසය මනුෂ්‍යයන්ට සම්පේ‍්‍රෂණය වන්නේ, ආසාදිත මදුරුවෙකු දෂ්ට කළ විට පමණකි. ඕනෑම වර්ගයක මදුරුවෙකුට ඩෙංගු වෛරසය ගෙන යා හැකිද? ඩෙංගු වෛරසය ගෙන යා හැක්කේත් පැතිරිය හැක්කේත්  ඒඊඩස් (Aedes)  ගණයේ මදුරුවන් මගිනි. එම ගණයට මදුරු විශේෂ කිහිපයක් ඇතුළත්ය. ඩෙංගු වෛරසයේ මූලික වාහකයා Aedes aegypti  මදුරු විශේෂයයි. ඩෙංගු සම්පේ‍්‍රෂණයට හා ඩෙංගු වසන්ගතයන්ට වගකිව යුතු ප‍්‍රධාන ඩෙංගු වාහකයා එයයි. Aedes ගණයේ Aedes albopictusAedes polynesiensis, සහ  Aedes scutellaris  ඇතුළුව අනෙකුත් විශේෂයන්ට ඩෙංගු වාහකයෙකු ලෙස ඇත්තේ සීමිත හැකියාවකි. Aedes aegypti  යනු කුඩා කලූ  පැහැ මදුරුවෙකි. පාදවල ඇති සුදු පටි සහ රිදී පාට හුරු සුදු පැහැ සිරුරේ කොරල මගින් ඌ හඳුනා ගැනීමට පහසුය(රූපය බලන්න)

%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94

මේ මදුරුවන් හමුවන්නේ කොයිබින්ද?

Aedes aegypti  ලොව  පුරා නිවර්තන හා උප නිවර්තන කලාපවල වාසය කරති. ප‍්‍රධාන කොටම ශීත ඍතුවේ උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඞ් අංශක 10 ට අඩු නැති උත්තර අක්ෂාංශ අංශක 35ත් දක්ෂිණ අක්ෂාංශ අංශක 35ත්  අතරය. මෙම අක්ෂාංශවලින් එහා උතුරට හා දකුණට ඇතැම් මදුරුවන් ගමන් කළ ද ඔවුනට  තද ශීත ඍතුවලට ඔරොත්තු දිය නොහැකිය. ඒ මදුරුවන්ට උණුසුම් දේශගුණයක් අවශ්‍ය නිසාය.  සාමාන්‍යයෙන් මෙම මදුරුවෝ උෂ්ණත්වය අඩු,  මීටර 1000ට වඩා උස උන්නතාංශයක ජීවත් නොවෙති. මේ මදුරු විශේෂය සම්බන්ධව සලකන විට ඔවුන්ගේ වාසස්ථාන ලෙස සැලකෙන්නේ මිනිසුන් ජීවත්වන අවකාශයන්ය. ඔවුන් සාමාන්‍යයෙන් සිය මුළු ජීවිත කාලයම ගත කරන්නේ සිය බිත්තර රැකී බිහිවෙන නිවාස තුළ හා ඒ අවටයි.

ඩෙංගු මිනිසුන්ට සම්පේ‍්‍රෂණය කරන්නේ කෙසේද?

dengu-2

ඩෙංගු වෛරසය පැතිරෙන්නේ මිනිස්සුන්ගෙන්-මදුරුවන්ට, මදුරුවන්ගෙන්-මිනිසුන්ට යන සම්පේ‍්‍රෂණ චත‍්‍රයකිනි. ආකෘතිකව ගතහොත් ආසාදිත මදුරුවකු දෂ්ට කර දින හතරක් ගත වූ පසු එම පුද්ගලයාගේ රුධිර ධාරාවේ වෛරසය වර්ධනය වෙයි. එම තත්ත්වය හඳුන්වනු ලබන්නේ viremia යනුවෙනි.  මින් රුධිරය තුළ අධික මට්ටමක ඩෙංගු වෛරසය ඇතිවෙයි. මේ තත්ත්වය(viremia) දළ වශයෙන් දින පහක් පමණ ද  එහෙත් දින 12 ක් දක්වාද පවතිය  හැකිය. රුධිරය තුළ වෛරසය පවතින ප‍්‍රථම දිනයේදී සාමාන්‍යයෙන් ඩෙංගු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. ආසාදිත මදුරුවා දෂ්ට කර පස් දිනකට පසුව පුද්ගලයා තුළ ඩෙංගු උණ රෝග ලක්ෂණය වර්ධනය වෙයි. මෙම රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකියි.

Aedes aegypti  මදුරු විශේෂය ඩෙංගු වාහකයෙකු වන්නේ කෙසේද යන්න ඇතුළුව මෙම ලිපියේ  දෙවන කොටස ලබන සතියේ තතු වෙතින්.

Learn Science at Scitable හී 1.2  Dengue Transmission ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: