සංකල්ප සාර සංග්‍රහය 4: ස්වභාවිකව හැදීම ද? හදා වඩා ගැනීම ද?

සංකල්ප සාර සංග්‍රහය 3 යටතේ පසු ගිය සෙනසුරාදා අපි කතාකලේ පරිණාමය ගැනයි. අදත් අපි කතාකරන්නේ ඊට අදාළ කාරණාවක් ගැන. ඔව්, සම්භෘතිය (nurture) ගැන.
පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාර්වින් ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය පිලිබඳ සිය සිද්ධාන්තය(the theory of evolution by natural selection) ඉදිරිපත් කරණ අවධියේ දැන නොසිටි දෙයක් තමයි අලුත් අනුවර්තන(adaptations) සහ අනෙකුත් ගති ලක්ෂණ(characteristics) කොහොමද එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන්නේ නැතිනම් පැවරෙන්නේ කියන කාරණාව. හැබැයි උත්ප්රාසය දනවන කාරණාව වන්නේ ඩාර්වින්ගේ ජිවිත කාලය තුළ දීම ග්‍රෙගෝ මෙන්ඩල්(1822–84) කියන ඕස්ට්‍රියානු ජාතික පුජකවරයා ඊට පිළිතුරු සොයා ගැනීමයි. ඒක එහෙම වුණත් මේ පුජකවරයාගේ සොයා ගැනීම පිලිබඳ තොරතුරු පළවුණේ එතරම් ප්‍රසිද්ධියක් නැති සඟරාවක නිසා ඒ පිලිබඳ මතකය එහෙමම වැළලිලා ගියා.
ප්‍රවේණිය පිලිබඳ මෙන්ඩල්ගේ නීති සොයා ගන්න කලින් උප කල්පනය කෙරුනේ ජනිතයෙකු විසින් උරුම කරගන්නා ඕනෑම තනි ගති ලක්ෂණයක් දෙමාපියන්ගේ ගති ලක්ෂණ වල සම්මිශ්‍රණයක් ලෙසටයි. ලෙගුමිනෝසී පවුලේ ශාකයක්වන පීස්(රට මෑ) ශාක පරම්පරා ගණනනාවක් උපයෝගී කර ගනිමින් සිදු කළ අත්හදා බැලීම් හරහා මෙන්ඩල් පෙන්වා දුන්නේ මලක පාට වැනි එක් තනි ගති ලක්ෂණයක් මවගෙන් හෝ පියාගෙන් හෝ යනුවෙන් දෙමාපියන් එක් අයෙකුගෙන් උරුම කර ගන්න බවයි. මේ ගතිලක්ෂණය තවත් පරම්පරාවකට පවරන ඒකකය හැදින්වුයේ ජානයක් (a gene) යනුවෙනුයි.
ඊළඟ මහා ඉදිරි පියවර තැබුණේ 1953 දිය. ඒ, ජාන ගති ලක්ෂණ සම්ප්‍රේෂණය කරණ ආකාරය ඇමරිකානු ජාතික ජේම්ස් වොට්සන් සහ ඉංගිසි ජාතික ප්‍රැන්සිස් ක්‍රීක් විසින් පෙන්නුම් කර දෙනු ලැබීමෙනි. මෙහි දී ප්‍රධාන වනුයේ සංකීර්ණ අණුවක් සජිවින්ගේ සෑම සෛලයක ම ඇති DNA නම් සංකීර්ණ අණුවක්. (ක්ලෝන හැරුණු කොට) සෑම ජීවියෙකුගේම DNA අනුපමයි. ඒ ඒ සුවිශේෂී පුද්ගලයා වැඩි ලොකු මහත් වන ආකාරය සඳහා වූ කේතය එහි අඩංගුයි.
මෙහිදී එක් ප්‍රශ්නයක් මතුවේ. එනම් ජිවියෙකුගේ චර්යාව පිලිබඳ සෑම දෙයක්ම DNA මගින් තීරණය වන්නේ ද යන්නයි. එසේ වන්නේ නම් එමගින් නියතිවාදය(determinism), ස්වච්ඡ න්දතාව හෙවත් අභිමතය(free will) මෙන්ම මිනිස් ස්වභාවය යනුවන් දෙයක් ඇත් ද යන්නට් අදාලව තවත් ප්‍රශ්න ඉස්මතුවෙයි. මේ ප්‍රශ්න නැවතත් සම්බන්ධවන්නේ දේශපාලනයටයි. පරිනාමිය මනෝවිද්‍යාඥයන් කියා සිටින්නේ චර්යා බොහෝමයක් කලින් තීරණය වී ඇති බවයි. එහෙත් ප්රජානන මනෝ විද්‍යාඥයෝ ඉගෙනීම ඉටුකරන වැදගත් කාර්ය භාරය පෙන්වා දෙති. ඒ අතර වාරයේ සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පුද්ගලයන් හැඩගැසෙන ආකාරය තීරණය කිරීමේදී සමාජය සහ සංස්කෘතිය ඉටුකරන කාර්ය භාරය ප්‍රධාන වන බවයි. සමස්තයක් වශයෙන් ගත් කල විද්‍යාවේ සමාහිතය(consensus) හෙවත් පොදු එකඟතාව වන්නේ ජානමය ප්‍රවේණිය මෙන්ම පරිසරය ද — ස්වභාවිකව හැදීම හා හදා වඩා ගැනීම යන දෙකම අප කවුද යන්න නැතිනම් අපේ ස්වභාවය හැඩගස්වන බවයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Nature vs. nurture කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න