විදු නැන නුවණ – Science Literacy for All

කසළ පිරියම් යන්ත‍්‍රාගාර වනාහි සැලකිල්ල යොමු නොවූ කාබන් ඩයොක්සයිඞ් මූලයකි

මීට පෙර  ගණන් බලා තිබුණාට වඩා සියයට 23 කින් වැඩි හරිතාගාර වායු() ප‍්‍රමාණයක් විමෝචනය කිරීමේ වගකීම අපත ජල පිරියම් යන්ත‍්‍රාගාර() වෙත පැවරෙන බව නව පර්යේෂණයකින් හෙළිවෙයි. මීට බලපා ඇත්තේ නේවාසික වාසස්ථානවල, නාන කාමරවලින්, නිවාසවල රෙදි සෝදන යන්ත‍්‍ර සහ කාර්මික භූමිවලින් නිකුත්වන ක්ෂාලක ()පිරි ජලයෙහි ඇති ෆොසිල ඉන්ධනයි.

එමෙන්ම පෙට්‍රෝලියම්වලින් ව්‍යුත්පන්න ක්ෂාලක සහ රුපලාවන්‍ය නිෂ්පාදන  අඩංගු අපවහන ජලය පිරියම් කිරීමේදී යන්ත‍්‍රාගාර මගින්  මීතේන් (methane), නයිට‍්‍රස් ඔක්සයිඞ්(nitrous oxide)  වැනි හරිතාගාර වායු විමෝචනය කෙරේ. කෙසේ වෙතත්, අන්තර්ජාතික වශයෙන් හරිතාගාර වායු පිටකිරීම ගණන බැලීමේදී, අප ජලය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාර දේශගුණය කෙරෙහි ඇති කරවන බලපෑම ගැන අඩු සැලකිල්ලක් යොමු වන බවයි නව අධ්‍යයනයෙන් කියැවෙන්නේ. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ එවැනි අපත ජලය පිරියම් කිරීමේදී යන්ත‍්‍රාගාර වැය කරන කාබන් ඩයොක්සයිඞ් විමෝචන සැලකිල්ලට නොගැනීම නිසා යයි නොවැම්බර් මුල පරිසර විද්‍යා සහ තාක්ෂණ සඟරාවෙහි (Environmental Science and Technology journal) පළ වූ අධ්‍යයන වාර්තාවක සඳහන් වෙයි.

sewage

ගෝලීය වශයෙන් ගත්කළ, අපත ජලය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාර ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 3%කට වගකිව යුතු වේ. මේ නිසා පැරිස් දේශගුණ ගිවිසුම ප‍්‍රකාර ගෝලීය උණුසුම්වීම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2කට (සෙ.20  = ෆැරන්හයිට්3.60) වඩා ඉහළ යාම වැළැක්වීමේ සිය වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට නම් එම වායු විමෝචනය කපා හැරීමේ විවිධ වූ කි‍්‍රයාමාර්ග ගැන ලොව රටවල් සැලකිල්ල යොමු කළ යුතුවේ. එවැනි කපාහැරීම් සිදුකිරීමේදී, අපත ජලය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාර දෙසට යොමු වීම ද ප‍්‍රධාන කාර්යයක් බව අධ්‍යයනය පෙන්වා දෙයි.

“ගෝලීය හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සඳහා (ලොව පුරා) ඇතිවී තිබෙන උනන්දුවත් සමග මෙම විමෝචන නිවැරදිව ගණන් බැලීමට වැඩි ප‍්‍රයත්නයක් දැරිය යුතු වෙනවා” යයි නව අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ ලින්ඩා ට්සෙං කියා සිටියි. ඇය කෝල්ගේට් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා මහාචාර්යවරියකි.

අපත ජල පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාර විමෝචන වගු සකස්කිරීමේදී කාබන් ඩයොක්සයිඞ් විමෝචන අන්තර්ගත කර නොමැති බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු පැනලය(Intergovernmental Panel on Climate Change or IPCC) මගින් සකස් කරන ලද මාර්ගෝපදේශවල නිශ්චිතව සඳහන් වේ. ඊට හේතුව එම ඇතිවන  විමෝචන ස්වාභාවික ජෛවී මූලයකින් හටගන්නා නිසා කාබන් උදාසීනව ඇතැයි යනුවෙන් සැලකීම නිසයි. මිනිසුන් ඉවතලන දෑයින් හා අනෙකුත් මාර්ග වලින් පැමිණෙන  අපද්‍රව්‍ය ජල පිරියම් යන්ත‍්‍රාගාරවල ජලයෙදී දිරාපත් වීමෙන් ඇති වන විමෝචන ගණන් ගැනීමේදී මෙම අන්තර් ආණ්ඩු පැනලය සැලකිල්ලට ගන්නේ මීතේන් හා නයිට‍්‍රජන් ඔක්සයිඞ් වායු පමණක් වීම බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

032212145223

අපත ජල පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාරවලින් විමෝචනය වන හරිතාගාර වායු අතුරෙන් සැලකිය යුතු කොටසක් ෆොසිල ඉන්ධනවලින් ජනිත වන බව ව්සෙං හා ඇගේ කන්ඩායම පෙන්වා දෙති.  ඕස්ටේ‍්‍රලියාවේ ජල පිරියම් යන්ත‍්‍රාගාරවලින්, දකුණු කැලිෆෝනියාවේ කාර්මික පෙටිරො රසායනික යන්ත‍්‍රාගාරයකින් සහ කැනඩාවේ කඩදාසි කම්හලකින් ලබා ගත් අප ජල සාම්පල්වල හමු වූ කාබන් මූලයන් පරීක්ෂාවට පර්යේෂකයෝ රේඩියෝ කාබන්  විශ්ලේෂණය යොදා ගත්හ.

IPCC මොඩලය උපකල්පනය කරන්නේ අපත ජල පිරියම් යන්ත‍්‍රාගාර සියල්ලම විමෝචනය කරන්නේ එකම ආකාරවල හරිතාගාර වායු බවයි. එහෙත් අධ්‍යයනය පෙන්නුම් කරන්නේ, කාර්මික අප ජල පිරියම් යන්ත‍්‍රාගාරවලින් නිකුත්වන  විමෝචන අතර මහත් සේ වෙනස් කම් තිබිය හැකි බවයි. “මේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල අපත ජල පිරියම් යන්ත‍්‍රාගාරවල ෆොසිල කාබන් ඩයොක්සයිඞ් ඇතුලූව කාබන් ඩයොක්සයිඞ් විමෝචන අඩුකිරීමට අවස්ථාවන් සපයයි” යනුවෙන් ට්සෙං පෙන්වා දෙයි. පුනර්ජනනීය බලශක්ති මත කි‍්‍රයාත්මක කාබන් විවික්ත කිරීමේ තාක්ෂණය(carbon sequestration technology) ස්ථානගතව වැඩිදියුණු කිරීම, යොදා ගත හැකි උපාය මාර්ග අතර වේ.

මේ පර්යේෂකයන් අපත ජල පිරියම් යන්ත‍්‍රාගාරවල සුවිශේෂී විමෝචන මූලයක් සෙවීම සඳහා රේඩියෝකාබන්  විශ්ලේෂණය යොදා ගැනීම නව ප‍්‍රවේශයක් ලෙස කොලරාඩෝ බවුල්ඩර් සරසවියේ පරිසර සහ ධරණීය ඉංජිනේරු අතිරේක මහාචාර්ය, ෂියොං රෙන් හඳුන්වා දෙයි. ඔහු මේ අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ. “අපත ජලය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාර ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා නන් ආකාරයෙන් දායක වෙනවා” ඔහු කියා සිටියි. “අපත ජල පිරියම් යන්ත‍්‍රාගාරවල නිපදවෙන කාබන් ඩයොක්සයිඞ් හසුකරගෙන ඒවා විවිධාකාරයේ ඉන්ධන බවට හැරවීමෙන් එම යන්ත‍්‍රාගාර මගින් නිපදවෙන කාබන් ඩයොක්සයිඞ් කපාහැරීමේ අවස්ථාව උදාවෙනවා” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කරයි.

Scientific American, SCIENCE හී පළවූ  Sewage Plants Overlooked Source of CO2 ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: