විදු නැන නුවණ – Science Literacy for All

නුසුදුසු පාවහන් සෞඛ්‍යයට තර්ජනයක්

සෞඛ්‍යය වශයෙන් ගත හොත් හරිහැටි ගැළපෙන්නේ නැති සපත්තුවලින් විය හැකි හානිය පාදයේ දිය පට්ටා ඇතිවීම හෝ වැඩිම වුණොත් වළලූකර ඇඹරීම හෝ උලූක්කුවීම යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒත් දැන් ස්කොට්ලන්තයේ, ඩන්ඞී සරසවියේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙන අන්දමට දිය වැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් දහදෙනෙකුගෙන් හයකට වැඩි පිරිසක් (ඒ කියන්නේ 60%කට වැඩි) එහා මෙහා ගමන් කරන්නේ වැරදි ප‍්‍රමාණයේ පාවහන් පැළඳගෙනය. මේ හේතුව නිසා ගාත‍්‍රා කපා දැමීමෙන් කෙළවර විය හැකි දරුණු පාද ආබාධවලට ඔවුන් ගොදුරුවීමේ අවදානමක් පවතින බව පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති.

feet5

ඩන්ඞී සරසවියේ පර්යේෂකයන්ගේ මේ හෙළිදරව්ව තවත් කාලෝචිත වන්නේ ජගත් දියවැඩියා දිනය මේ මස (නොවැම්බර් 14 දා) යෙදී තිබු නිසාය. ඇත්ත වශයෙන් ම, කි‍්‍ර.ව. 2030 වන විට ලොව පුරා දිය වැඩියා රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව දෙගුණයක් වී මිලියන 366ක් බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත්කරන අතර දියවැඩියාව හේතුවෙන් ඉස්මතු වන ගාත‍්‍රා කපා දැමීම්  80%ක්ම වළක්වා ගත හැකි බව පෙන්වා දෙයි.

මෙම අධ්‍යයනයට අදාළව, වයස අවුරුදු 24 සිට 89 පසුවන දියවැඩියාවෙන් පෙළෙන සිය දෙනෙකු හිටගෙන සිටියදී මෙන්ම වාඩිවී සිටියදී ඔවුන්ගේ පාද පරීක්ෂාවට ලක් කොට මැන බලන ලදී. එහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ පරීක්ෂාවට ලක්වූවන්ගෙන් තුනෙන් දෙකක් පමණ වැරදි ප‍්‍රමාණයේ සපත්තු පළදින බවයි. නිදසුනක් ලෙස, 45%ක් දෙනෙකු පළදින්නේ පළලින් නොගැලපෙන පාවහන්ය. වෙන විදිහකට කිවොත් ඉන් බොහොමයක් පටු බවින් වැඩිය.

මේ සොයා ගැනීමේ තවත් වැදගත් කමක් වන්නේ දියවැඩියාව සහිත පුද්ගලයන්ට සිය පාදයන්හි සංවේදනයක්,  හැඟීමක් නොමැතිකම නිසාය. තවද, අධ්‍යයනයට සම්බන්ධ වූ රෝගීන්ගෙන් භාගයක්  පමණ මීට පෙර සිය පාද  සම්බන්ධව ප‍්‍රශ්නවලට මුහුණදුන් අයයි. සැරවා වණ, හම ඝන වීම, පා කර ගැට, මා පටැඟිල්ලේ ඉදිමුව මෙම ප‍්‍රශ්න අතර විය. නිසි ලෙස ගැළපෙන්නේ නැති සපත්තු පැළඳීමෙන් දරුණු සැරවා වණ ඇති විය හැකි අතර එය ගාත්‍රා කපා දැමීමට මග පෑදීමට පුළුවන.

පාවහන් අළෙවි සැල්වලදී වැඩිහිටි පිරිස්වලට පාද මැනීමේ සේවාවන් සැපයීමෙන් දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇතිවන ප‍්‍රශ්න අඩුකරගැනීමට හැකිවෙතැයි පර්යේෂකයෝ  කියා සිටිති. පාවහන් නිපදවන්නන් සම්මත ප‍්‍රමාණයේ පාවහන් පමණක් නිපදවීමද එමෙන්ම දිගින් සහ පළලින් වැඩිවනසේ  සම්මත ප‍්‍රමාණයේ පාවහන් පරාසය ඉහළ දැමීම ද ඔවුන්ගේ තවත් යෝජනාවකි. විශේෂයෙන්ම දියවැඩියාව නිසා පාදයේ සංවේදනයක්  නොදැනෙන රෝගීන්ට මෙය ඉමහත් සහනයකි. රුමැටොයිඞ් සර්වදාහය(rheumatoid arthritis) වැනි රෝග තත්ත්වයක් ද පාදයන්හි ප‍්‍රශ්නවලට මගපාදන හෙයින් පර්යේෂකයන් ඒ ගැනද සිය අධ්‍යයනයෙන් අවධානය යොමු කර ඇත.

article-2429905-18274ba900000578-861_634x386

මෙසේ පාදයේ සංවේදනය අඩුවීම නිසා වුවමනාවට වඩා තද නොඑසේ නම් ප‍්‍රමාණයෙන් අඩු පාවහන් පැළඳි විට පවා එවැනි රෝගීන්ට එය නියම ප‍්‍රමාණයේ එකක් ලෙස දැනෙන්නට පුළුවන. විවිධ පාවහන් නිෂ්පාදකයන් අතරේ පාවහන්වල ප‍්‍රමාණය වෙනස්වීමද මේ තත්්තවයට නරක ආකාරයට බලපාන බව අධ්‍යයනයේ ප‍්‍රධානී ග‍්‍රැහැම් ලීස් පවසයි. සිය පාදවල සහ දෑත්වල ස්නායු ප‍්‍රශ්න ඇති අයට සුළු කැසීම් සිරීම් ඇත්දැයි දිනපතා සොයා බලන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටියත් බොරෝ රෝගීහු ඒ ගැන සැලකිලිමත් නොවෙති. වෛද්‍ය ලීස් අධ්‍යයනයට අදාළව පරික්ෂා කල රෝගීන්ගෙන් මේ අවවාදය පිළිපදින්නේ 29% දෙනෙකු පමණක් වූ අතර 22%ක් කිසිදා ඔවුන්ගේ පාද පරික්ෂාවට ලක් කර නොමැත.

අධ්‍යයනයෙන් ඉඟි කෙරෙන මට්ටමේ පිරිසක් නිසි ප‍්‍රමාණයේ පාවහන් පළඳින්නේ නැතිනම් ඉන් ගම්‍ය වන්නේ ප‍්‍රමතියක් සහිත පාවහන් සඳහා හොඳ වෙළඳ පොලක් ඇති බවයි.  මේ කාරනාව සැලකිල්ලට ගන්නා විට  ප‍්‍රමතියක් සහිත ගැලපෙන පාවහන් නිපදවා මේසා විශාල වෙළෙඳසලකට අලෙවි කිරීමෙන් පාවහන් නිෂ්පාදකයන්ට ද ආර්ථිකව වාසි සලසා ගත හැකි බව මෙම ආයාචනය ඉදිරිපත් කරමින් අල්ස්ටර් සරසවියේ පාද සත්කාරක විශේෂඥයකු වන ඇන්ඩි‍්‍රයා පාර්නේස් පවසන්නීය.

නව අධ්‍යයන චාර්යාව International Journal of Clinical Practice නම් සඟරාවෙහි පළවින.

 

Cambridge University, The Naked Scientists හී Wrong shoes could be hazardous to your health සහ BBC News හී Wrong shoes danger for diabetics යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: