විදු නැන නුවණ – Science Literacy for All

රසායනික පරිණාමය(Chemical Evolution) ගැන හැඳින්වීමක්

පෘථිවියේ වසර බිලියන 4.5ක ඉතිහාසය තුළ පරිණාමය ව්‍යාප්තවන  නැතහොත් පැතිරෙන සුළු බලයක් විය. ජෛවාණුවල, හිතකර ජීවීන් ඇතිවීමට ඉඩ සලසන පී‍්‍රබයෝටික සංලේෂණය, එම අණු ස්වයං අනුකෘති තනන පද්ධති ලෙස තෝරාගැනීම හා සංවිධානය කිරීම, අපරව සිදුවූ භූගෝලය සහ ජීවගෝලය සමපරිණාමය සහ මානව මැදිහත්වීමෙන් නූතනයේ සිදුවන රසායනික පරිණාමයේ වේගවත්වීම ඇතුළුව පරිණාමීය සිදුවීම්(Evolutionary episodes) නැවත නැවත ඇතිවන මේ තේමාව විදහා දැක්වීමට මග පාදයි.

සංකීර්ණ පරිණාමීය පද්ධති, ස්වාභාවික ලෝකයේ සහජ ලාංජනයක්. එමෙන්ම, තාරකාවල සිදුවන න්‍යෂ්ටික-සංශ්ලේෂණය(nucleosynthesis), භෞම ග‍්‍රහලෝක මත ඛණිජ විවිධාංගීකරණය, පි‍්‍රබයෝටික ඓන්ද්‍රීය සංශ්ලේෂණය, භාෂාවක් සංවර්ධනය වීම, භෞතික සංස්කෘතියේ ප‍්‍රගතිය සහ ජීවිතයේ ජෛවී පරිණාමය ඇතුළුව විවිධ වූ ස්වාභාවික හා මානව සංදර්භයන්  තුළ මේ පද්ධති නිරීක්ෂණය කළ හැකිය. මේ සංකීර්ණ පද්ධති සැමකම (සත්ව,ශාක)‘විශේෂයන්’ පැතිරියාම පරිණාමය වන්නේ නිස්සම්භාවීය වරණ යාන්ත‍්‍රණ(non-random selective mechanisms) මගිනි. එමෙන්ම සෑම පද්ධතියක්ම  ස්ථාන වෙත විවිධාංගීකරණය (ව්‍යාප්තිය), නවෝත්පාදනයේ ස්වාඛ්යානික(පෙළට ඇති වන) වකවානු (විරාමයන්) සහ පෙර වූ විශේෂයන් අහිමිවීම සහ ආදේශවීම (නෂ්ටප‍්‍රාප්තවීම) වැනි ගුණාත්මකව සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මේ සෑම පද්ධතියක්ම මූලික අංගවලින් එකිනෙකට වෙනස් වෙයි. විශේෂයෙන්ම, ඒවායේ විශේෂයන්ගේ ගතිලක්ෂණවල වෙනස් කළ හැකි බව, ආවේණිකවතාව සහ පාර්ශ්වික සංක‍්‍රමණය ප‍්‍රදර්ශනය කරන්නා වූ මට්ටම අනුව මෙකී විෂම පරිණාමීය පද්ධති අතර සංසන්දනය මෙලෙස යොමු කරන්නේ ඉස්මතුවන සංකීර්ණතාවයේ පොදු ප‍්‍රතිපත්ති හෝ සිද්ධාන්ත වෙතය.

imp-313

විශ්වය මෙයට වසර බිලියන 14 කට පමණ පෙර ආරම්භ වූ අවධියේ සිට එය හැඩගැස්වීමට දායක වූ සියලූම රසායනික පරිවර්තනයන් අතුරෙන්, ජීවයේ රසායනික සම්භවය තරම් වෙන කිසිවක් කැපී නොපෙනේ. ආදි කල්පිත පෘථිවියේ අමුද්‍රව්‍ය – එනම් සාගර, වායුගෝලය, පාෂාණ හා ඛනිජ, මෙන්ම විවිධ වූ ඓන්ද්‍රීය අණු තොගයක් සිජීවී බවට පත්වූයේ  කෙසේද? එකී රසායනික ඉතිහාසය විද්‍යාඥයන් අතර තියුණු වාදවිවාද පෝෂණය කිරීමට සමත් නමුත් සමස්ත අධ්‍යාපනය පැහැදිලි වෙමින් පවතී.

මේ මිහිතලය මත ජීවය හට ගැනීමේ ප‍්‍රථම තීරණාත්මක සාධකය නැතහොත් පියවර වූයේ බහුලව පැවති කාබන්  පාදක කර ගත්  ජෛවී අණු සංස්ලේෂණය සහ ක‍්‍රමයෙන් ඒකරාශී වීමයි. ආරම්භයේ දී ජීවයේ අමුද්‍රව්‍ය සමන්විත වූයේ සාගර, සරල යමහල් වායුමය වායුගෝලයක්, විවිධ පාෂාණ සහ ඛනිජ මෙන්ම ක‍්‍රමයෙන් ව්‍යාප්ත වන අනම්‍යශීලීව විශ්වරසායනික හා භූරසායනික පරිසරයන්ගෙන් ඉස්මතු වූ ඓන්ද්‍රීය අණු සංවිතයකිනි. ජීවයේ සම්භවය වටහා ගැනීමට නම් අප මෙකී මූලික සංයෝජන ප‍්‍රතිචාර දැක්වූ සහ සංකීර්ණ ගත වූ,  රසායනික කි‍්‍රයාදාමයන් තෝරා බේරා ගත යුතුය.

episode-5-header1

මේ කි‍්‍රයාදාමයන් කොයිබ සිදුවුණත් කොයි ආකාරයට සිදු වුණත්,  ප‍්‍රධාන සම්පත් තුනක් මත ජීවයේ සම්භවය රඳා පවතින බව විසිවන සියවසේ මුල් දශක වන විට විශේෂඥයෝ එකඟත්වයකට පැමිණියහ. ප‍්‍රථමයෙන්ම, අප දන්නා ජීව ස්වරූප සියල්ලෙහිම මාධ්‍යය ජලයයි. සියලූම ජීවමාන සෛල, ඔව් අතිශය සීමාන්තික කාන්තාර පරිසර පද්ධතියක පණ රැකගෙන ජීවත්වන ජීව ස්වරූපයක සෛල පවා ප‍්‍රධාන වශයෙන් සෑදෙන්නේ ජලයෙනි. ඒ නිසාවෙන්, ප‍්‍රථම සෛල ජලමය පරිසරයක හට ගන්නට ඇතැයි උපකල්පන කෙරේ. ජීවය  සඳහා දෙවැනි අවශ්‍යතාව විශ්වාසදායක ශක්ති ප‍්‍රභවයකි. වඩාත් ප‍්‍රකටව අද පෙනෙන ආකාරයට සූර්යයාගේ විකිරණය ජීවය සඳහා ශක්තිය සපයයි. එහෙත්, අකුණු සැර, ග‍්‍රහාක ඝට්ටන(impacts of asteroids) පෘථිවියේ අභ්‍යන්තර තාපය සහ ඛනිජවල රසායනික ශක්තිය ද ජීවය හටගන්වන ශක්ති මූලයන් ලෙස පිහිටට පැමිණ ඇත. ජීවයෙහි තුන්වැනි අවශ්‍යතාව කාබන්, ඔක්සිජන්, හයිඩ‍්‍රජන් සහ නයිට‍්‍රජන් ද අඩු ප‍්‍රමාණවලින් සල්ෆර් පොස්පරස් සහ අනෙකුත් මූලද්‍රව්‍ය ද සමන්විත වන සම්පත් එකතුවයි.

ශත වර්ෂ අඩකට වඩා වැඩි කාලයක් තුළ සිදු කළ පර්යේෂණවල නිගමනය වනුයේ ජෛවී අණුවල පී‍්‍රබයෝටික සංස්ලේෂණය, විවිධාකාර අභ්‍යාවකාශ රසායන විද්‍යාත්මක (astrochemical) සහ භූරසායන විද්‍යාත්මක(geochemical) පරිසරයන් තුළ  සිදු වූ බවයි. ඒ නිසාවෙන් පෘථිවියෙහි ආදි කල්පිත සාගර දියාරු වූයේ වී නමුත් සංකීර්ණ, ඓන්ද්‍රීය රසායනික සූපයක් වන්නට ඇත. මෙකී සරල ඓන්ද්‍රීය සංයෝග, ඒවායේ මූලය කුමක් වුවත් ආදි කල්පිත සාගරවල කොපමණ නම් පුළුල්ව පැතිර තිබුණේ ද යත් සරල භෞතීය රසායනික(physicochemical) යාන්ත‍්‍රණ මගින් සාන්ද්‍රණය කිරීමට හා සංවිධානය කිරීමට සිදු විය.

Chemical Evolution: An Introduction by Robert M. Hazen (Geophysical Laboratory, Carnegie Institution of Washington) ග්‍රන්ථයේ 1 පරිච්චේදය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: