විදු නැන නුවණ – Science Literacy for All

ගමන් විලාශයෙන් පුද්ගලයා හඳුනාගැනීමට ඉවහල්වන CCTV මෘදුකාංග

සොරුන්, මංකොල්ලකරුවන්, අනතුරකින් පසු පලා යන රියැදුරන්, පහර දෙන්නන් යනාදී වශයෙන් විවිධ අපරාධකරුවන් අල්වා ගැනීමේදී CCTV කැමරාවලින් ලැබෙන සහාය ගැන  කියැවෙන වාර්තා අපට නිතර රූපවාහිනියෙන් දැක බලා ගත හැකිය. අපරාධකරුවන් සොයා ගැනීම CCTV කැමරාවල එකම කාර්යභාරය නොවූවත් ප‍්‍රධාන කාර්යභාරයක් වී ඇති සෙයකි. අප රටට මෙය තරමක අලූත් අත්දැකීමක් වුවද බොහෝ සංවර්ධිත රටවල අපරාධ මර්දනයට CCTV කැමරා බෙහෙවින් දායක වේ. එහෙයින්ම ඒවායේ හැකියාව මොට කිරීමට ද එම රටවල අපරාධකරුවෝ කි‍්‍රයාකරති.  මේ වාර්තාවෙන් කියැවෙන්නේ එවැනි අපරාධකරුවන්ගේ දක්ෂකම් මැඞීමට ඉවහල් වන අලූත්ම CCTV මෘදුකාංග  ගැනයි. අපරාධකරුවන්ගේ ශරීර ව්‍යුහය හෝ ගමන් ලීලාව පාදක කරගෙන මිනිසුන් හඳුනාගැනීමේ පරික්ෂණයකට මින් අවකාශ ලැබේ.

‘මුහුණ සඟවාගෙන සිටින අපරාධකරුවන් පිළිබඳ ඉහළ මට්ටමේ වාර්තා බොහෝ විට පොලීසිය සතුව පවතිනවා. එවැනි අය කැමරා ඉදිරියේ යාමේදී ඔවුන් හඳුනා ගැනීමට අපේ පද්ධතියට උපකාරීවීමට හැකියාව තියෙනවා’ යයි පරිගණක විද්‍යාඥ රඩෙක් ස්ටවුරක් කියා සිටියි. චෙක් සමූහාණ්ඩුවේ, බ්රොනෝ හි කිනලිසොෆ්ට් මෘදුකාංග සමාගමේ අයිතිකරු ඔහුය.  කෙනෙකුගේ ගමන් ලීලාව ඒ කියන්නේ ඒ ඒ පුද්ගලයා ගමන් කරන්නා වූ සුවිශේෂී විලාසය විශ්ලේෂණය කිරීම පිණිස මේ මෘදුකාංගය ස්ටවුරක් සහ පරීක්ෂක කණ්ඩායම විසිස් සකසනු ලැබ ඇත්තේ යුරෝපා සංගමයේ පිටුබලයද ඇතිවයි.

cctv

මෙහිදී ප්‍රථමයෙන් සිදුකෙරෙන්නේ වීඩියෝ පටයකට නගන ලද රුව මිනිස් වැටී සේයාවක් හෙවත්  සිලුවටයක්(silhouette)වශයෙන් පසුබිමෙන් ඉවත් කර ගැනීමයි. මෙය අසීරු කාර්යයක් බව වීඩියෝ කර්මාන්තයේ නියැලි අය දනිති. මන්ද, කෙනෙකු සරන තැනක පසුබිමෙහි බොහෝ විට නොයෙකුත් චලනය වන දෑ ඇති හෙයිනි. මෙසේ සිලුවටය වෙන් කරගැනීමෙන් පසුව එම තැනැත්තාගේ ශරීර ව්‍යුහය මත පදනම්ව මෘදුකාංගය ඇතැම් දත්ත උකහා ගනියි. උකුලූ හා දණහිස් සන්ධි නිදසුන් ලෙස දැක්විය හැකියි. එසේ දත්ත ලබාගන්නේ එම පුද්ගලයා එහා මෙහා යන ස්වභාවය නිරූපණය කර ගැනීම සඳහාය. ගමන් විලාශය එලෙස නිරූපණය කර ගැනීම ඇඟිලි සලකුණක් ලබාගැනීම බඳුය. මන්ද, නිරූපණය එලෙස වරක් එම පුද්ගලයාට අදාළ කිරීමෙන් අනතුරුව හුදෙක් එම තොරතුරු පමණක් පාදක කර ගනිමින් ඉන් පසුව එම පුද්ගලයා හඳුනා ගැනීමට හැකි හෙයිනි.

සුවිශේෂී සලකුණ

තවද, ඇඟිලි සලකුණ මෙන්ම කෙනෙකුගේ ගමන් විලාශයද (ඒ පුද්ගලයාටම) සුවිශේෂීය. බොරුවට පාදයක කොර බවක් ඇතැයි පෙන්වා රැවැටීමට උත්සාහ කලත් ඒ ආකාරයෙන් ගමන් කිරීමෙන් ඒ සුවිශේෂී බව  වසන් කළ නොහැකිය. පුද්ගලයා සාමාන්‍ය ආකාරයකින් ගමන් කරනා විට එක් පුද්ගලයකුගේ ගමන් විලාශය වෙනෙකුගේ ගමන් විලාශය ලෙස වැරදියට හඳුනාගැනීමට  ඒ කියන්නේ වැරද්දක් වීමට ස්ටවුරක් ගේ මෘදුකාංගයට ඇති ඉඩ කඩ සියයට 0.8ක් තරම් වේ. මෙහි කැපී පෙනෙන අංගය වනුයේ හුදෙක් පියවර හතරක් පමණක් පදනම් කර ගනිමින් මේ හැකියාව ක්‍රියාවට නැගීමට මෘදුකාංගයට හැකියාව තිබීමයි.  “වෙන කිසිවක් අවශ්‍ය නැහැ. ඔව්, වෙනත් අතිරේක සංවේදක හෝ කැමරා  ඕනෑ නැහැ” ස්ටවුරක් කියා සිටියි.

imagescalq46y4කෙසේ වෙතත්,  පැහැදිලි රූ සහිත  වීඩියෝ පට ලබා ගැනීම බොහෝ අවස්ථාවලදී පහසු නැත. තවත් මෙවැනි යුරෝපා සංගම් ව්‍යාපෘතියක් මෙහෙයවන පරිගණක විද්‍යාඥයකු වන මහාචාර්ය කි‍්‍රස්ටොපොරස් නිකව් පෙන්වා දෙන්නේ බොහෝ විට CCTV කැමරාවලින් ලැබෙන පටවල ඇත්තේ අපහැදිලි එසේත් නැතිනම් සැකකරුගේ පිටුපසින් ගත් එක් තනි  අනුරූපයක් පමණක් බවයි. (නිකව් ගී‍්‍රසියේ ලෝනිනා විහ්වවිද්‍යාලයේ සේවය කරයි) ඔහුගේ ව්‍යාපෘතියෙහි අරමුණු වන්නේ එවැනි අපැහැදිලි වීඩියෝ පටවලින් පුද්ගලයන් හඳුනාගැනීමට හැකි දැයි සොයා බැලීමය. මෙහිදී සිදු කෙරෙන්නේ නිශ්චල  ඡයාරූපයකට ගෙන එමගින් පුද්ගලයා සිටින ඉරියව්ව ති‍්‍රමාණ ආකාරයට නගා ගැනීමයි. ඡායාරූපයෙහි පුද්ගලයාගේ රුව සටහන්ව ඇති ආකාරය පුද්ගලයකුගේ මූලික ශරීර ව්‍යුහයට අදාළ ජ්‍යාමිත්‍යය හැඩගස්වා ගැනීම අභිලාෂයයි. එවිට කලින් සඳහන් කළ මෘදුකාංගයේ දී මගීන් පුද්ගලයාගේ සුවිශේෂී ගමන් විලාශය හඳුනා ගත හැකිවේ.

ඒ ඉතින් සෛදාන්තික තත්ත්වයයි. ස්ටවුරක් එමෙන්ම  මහාචාර්ය නිකවූ ආදීන්ගේ ප‍්‍රයත්නවල ප‍්‍රතිඵලය පැහැදිලිවම අපරාධ විමර්ෂණ කටයුතුවලට උපකාරයකි. එහෙත්, කිසියම් ස්ථානයක ගැවසෙන පුද්ගලයකුගේ ඉරියව් වීඩියෝ කර(සාමාන්‍යයෙන් CCTV කැමරවල පටි ගත කෙරෙන්නේ අවසරයකින් තොරව) ඔහුගේ සුවිශේෂ ලක්ෂණ හඳුනාගැනීම (අවසරයක් නොමැතිව ඇඟිලි සලකුණක් ලබා ගන්නා සේම) මිනිස් නිදහස හා සම්බන්ධ සදාචාරාත්මක ගැටලූවලට තුඩු දෙයි. “මිනිස් නිදහස අගතියකට පත් කිරීම  බරපතල ප‍්‍රශ්නයක්” ස්ටවුරක් කියයි. කෙසේ වෙතත් මිනිස් නිදහසට බාධා නොවන කටයුතු සඳහා මේ සොයා ගැනීම් යොදා ගත හැකි බව මහාචාර්ය නිකවු පෙන්වා දෙයි. ස්මෘතිය හීන අල්සයිමර්ගේ රෝගයෙන් පෙළෙන අයෙකු මහ මග ඉබාගාතේ ඇවිද යද්දී ඔහුගේ ඥාතීන්ට ඔහු හෝ  ඇය සොයාගැනීමට මේ තාක්ෂණය ආධාර විය හැකි බව ඔහු නිදසුනක් වශයෙක් දක්වයි.

Horizon-magazine හී පළවූ CCTV software identifies people by their walk ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: