විද්‍යා රචක එරික් වෑන්ස් සිය නවතම කෘතිය වන Suggestible You: The Curious Science of Your Brain’s Ability to Deceive, Transform and Heal (National Geographic Publishing, November 2016) හී දී උත්සාහ දරන්නේ අපේ මොළයේ වඩාත් කැපී පෙනෙන බලයන් අතුරෙන් එකක් ගැන පැහැදිලි කිරීමටයි: එනම් ගත සිත සුවපත් කිරීමට මොළයට ඇති බලයයි.
අපේ සිතුවිලි, හැඟීම් හා අපේක්ෂාවන් අපේ යහසාධනය කෙරෙහි — නිදසුනක් ලෙස අපේ ධනාත්මක පිටත දර්ශනය අපේ ශාරීරික වේදනාවන් අඩුකිරීමට — උපකාරී වන ආකාරය පැහැදිලි කිරීමට වෑන්ස් උත්සාහ දරයි. මනස හා සිරුර අතර මේ ඈදීම මතුවන ආකාරය තවමත් අභිරහසක්ව පැවතියත් දශක ගණන් සිදු කෙරුණු පර්යේෂණ මගින් සිත්කාවදින සම්බන්ධතා කිහිපයක් ගැනම ඉඟි සැපයීමට හැකිවී තිබේ. මේ ලිපියෙන් ගෙන එන්නේ අස්වැසුම් ඖෂධ ආචරණය(placebo effect) හෙවත් අස්වැසුම් ඖෂධවල බලපෑම් ගැන වෑන්ස් ගෙන් සිදු කළ විමසීමකට දුන් පිළිතුරු ඇසුරෙන් සැකසුණු සංක්ෂිප්ත වාර්තාවකි.
(අස්වැසුම් ඖෂධ හෙවත් ගෞණකල්ප යනු ඔසුවක රුව ඇති එහෙත් ඔසු ගුණ නැති යමකු අස්වසන්නට දෙන ඔසුවක් ලෙස ශබ්ද කෝෂ අර්ථ දක්වයි)
ප‍්‍ර. අස්වැසුම් ඖෂධ බලපෑම් පිටුපස ඇති ගෞණකල්ප කල්පය ස්නායු විද්‍යාව ගැන අප දැනට දන්නේ කුමක්ද?
පි. මට විද්‍යුත් කම්පනයක් ලබා දුන් ගෞණකල්ප අත්හදා බැලීමකට මම සහභාගි වුණා. විද්‍යුත් කම්පනය ලබාදීමට පෙර කොළ පැහැ එළියක් පෙන්නීමෙන් පමණක් මගේ වේදනාව අවහිර කිරීමට පර්යේෂකයන් සමත් වුණා. මම ඇත්තටම රැවටුනා. ඒ අත්හදා බැලීම මගේ අවධානය ඇද ගත්තා. එයින් මට වැටහී ගියේ අස්වැසුම් ප‍්‍රතිකාරය කියන්නේ රැවටෙන සුළු ගතිය හෝ මෝඩ කම හා සම්බන්ධ එකක් නොවන බවයි. මෙය මොළයේ රසායනික කි‍්‍රයාවට සම්බන්ධ වුවක්. ඔව්, අබිං, ආසක්ත ගුණ සංයෝග, ඩොපමයින් ස්නායු සම්පේ‍්‍රක්ෂණ, සෙරොටොනින්… මේ අන්දමට ස්නායු සම්පේ‍්‍රෂණ හා හෝමෝන 30ක් පමණ මෙම බලෑමට සම්බන්ධයි. විද්‍යාඥයන් තවත් ඒවා සොයාගනිමින් ඉන්නවා.
මම උත්සාහ කරන්නේ අස්වැසුම් බලපෑමේ සංකීර්ණතා ගැන අවබෝධ කර ගැනීමට පාඨකයන්ට මදකින් හෝ සහාය වන්නයි. අපගේ සිතුවිලි, හෝමෝන, ඖෂධ ආදී විවිධ සංසිද්ධි අන්තර් කි‍්‍රයා කිරීමට පටන් ගත්තාහම ඒ පිටුපස විද්‍යාව ඉක්මනින්ම අවුල් සහගත වෙනවා. ගැටලූ සහගත හැකි බව පෙනෙන එන්ඩෝපින් වර්ග වැනි අන්තශ්ජන හෙවත් ඇතුළතින් හටගත් ආසන්න ගුණ සංයෝග සම්බන්ධයෙන් වුණත් අනෙකුත් සංසිඳවන සාධක හා ඔපියොඞ් හා ඩොපමයින් අන්තර් කි‍්‍රයා කරමින් එකිනෙකාගේ ගුණ අහිමිකර දමන විට හදිසියේම සංකීර්ණතාව ඉස්මතු වෙනවා. ඉතින් එය තමයි අපට හමු වූ මෙකී ගමන් මං අතරින් පහසුතම එක.
ප‍්‍ර. සියලූම නව ඖෂධවල සඵලත්වය අස්වැසුම් ප‍්‍රතිකාර හා තබා සසඳමින් මැන බලනවා. මේ ගැන යමක් කළ යුතු නැද්ද?
පි. ඇත්ත වශයෙන්ම සෛදාන්තික වශයෙන් ගත්තහම අස්වැසුම් ප‍්‍රතිචාරය අයින් කර දාන්න ඖෂධ සමාගම් සම්පූර්ණයෙන් ඔව්, එක පයින් කැමති වේවි. එවැනි පියවරක් ඖෂධවල මිල පහළ යෑමට මෙන්ම ඖෂධ සෑදීම පහසු කිරීමට ද හේතු වෙනවා. ඒත් යථාර්ථය ගත්තොත්, අස්වැසුම් ප‍්‍රතිචාරය නොමැති නම් කුමක් සිදුවේද යන්න ගැන කිසිවෙකුටත් අවබෝධයක් නැහැ. සැබෑ ඖෂධය හා අස්වැසුම ඖෂධය අතර ප‍්‍රතිචාර අනුපාතය සමාන නම් ප‍්‍රතිඵලයෙහි වෙනසක් නැහැ. එහෙමනේ වෙන්න ඕන. ඒත් දැනට ලැබී ඇති සාක්ෂ්‍ය අනුව නම් වෙනසක් තියෙනවා. අපේක්ෂාවන් (රෝගීන්ගේ) මගින් මුල පිරෙන අභ්‍යන්තර රසායන සහ ඖෂධය සමගත් බොහෝ අන්තර් කි‍්‍රයා ඇතිවෙනවා. මේක සහසුද්දෙන් දැන ගන්නට ඇති එකම මග විශ්වාසය පිළිබඳ රසායනය ගැන ගැඹුරින් සොයා බැලීමයි.
ප‍්‍ර. අස්වැසුම් ඖෂධයක බලය හැන ඇත්තේ සුළු සැකයක් වුණත්, එහි බලපෑම සිදුවීම කොතරම් දුරට පුරෝකතනය කළ හැකිද? ඖෂධයක් නොමැති හුදු සීනි අලේපිත පෙත්තක් විශ්වාසදායක ප‍්‍රතිකාරයක් ලෙස කවරදාකවත් කි‍්‍රයා කරාවිද?
පි. ඔව්, ස්වභාවයෙන්ම එහෙම වෙයි. එනිසා තමයි වෛද්‍යවරුන්ගෙන් 70%ක්ම තනිකරම අස්වැසුම් ඖෂධ නොවුණත් කායිකව බලපානවාට වඩා මානසිකව බලපාන ප‍්‍රතිකාර ඉඳහිට නිර්දේශ කරන බව පිළිගන්නේ. ඒත් මන් හිතන අන්දමට මේ ප‍්‍රශ්නයෙන් නියම කාරණාවට නොවෙයි අවධානය යොමුවෙන්නේ.
මේ පර්යේෂණයෙන් ඉගෙන ගත යුතු පාඩම වන්නේ, වෛද්‍යවරු අස්වැසුම් ඖෂධ නිර්දේශිත කළ යුතුද (දැනටමත් ඔවුන් නිර්දේශ කරනවානේ?) සහ රෝගීන් ඒවා ගත යුතු ද (දැනටමත් ඔවුන් භාවිතා කරනවානේ?) යන්න නොවෙයි. පාඩම වන්නේ, ඒවා දැනට සාර්ථකව යොදා ගන්නා ප‍්‍රතිකාරවලට එක්කර ගැනීම සහ වගකීමෙන් ඒවා භාවිතා කිරීමයි. ප‍්‍රතිකාරවලට එක්කිරීම යනු වේදනාව, විෂාදය සහ අනෙකුත් ව්‍යාධි සඳහා ප‍්‍රතිකාර කිරීමේදී ඒ සඳහා ආධාර කිරීමට අස්වැසුම් ඖෂධයේ ඇති පුදුමාකාර බලය වෛද්‍යවරු අවබෝධ කර ගැනීමයි. වගකීමෙන් භාවිතා කිරීම යනු ජීවිතයට තර්ජනයක් එල්ලවන රෝග සුව කිරීමේදී අස්වැසුම් ඖෂධවල සීමාවන් අවබෝධ කර ගෙන රෝගීන් ඒවා භාවිතා කිරීමයි.
Scientific American හී පළවූ The Power of Placebo: How Our Brains Can Heal Our Minds and Bodies යන ලිපිය ඇසුරෙනි