විදු නැන නුවණ – Science Literacy for All

රොබෝවරු මාර්ගයෙන් පරිසර දූෂණය ගැන විමසිල්ලෙන් සිටීම

දේශගුණය විපර්යාස ගැන කතා කිරීමේදී  ප‍්‍රමුඛ දුෂ්ටයා ලෙස අප බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ කාබන්ඩයොක්සයිඞ්ය(CO2). බොහෝ ලිපි ලේඛනවල පමණක් නොව දේශගුණය ගැන කෙරෙන විදුහුරු කතා බහේ දී පවා කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමුඛ  ස්ථානයක් ගන්නා බව නොරහසකි. මේ තතු වාර්තාව ගෝලීය උණුසුම් වීමට කාබන්ඩයොක්සයිඞ්  මෙන් 300 ගුණයක් වැඩියෙන් බලපාන නයිට‍්‍රස් ඔක්සයිඞ් (nitrous oxide N2O) වායුව සහ එම වායුව සම්බන්ධයෙන්  විමසිල්ලෙන් සිටීම ගැනයි.

වඩා ප‍්‍රකට දූෂකයා කාබන්ඩයොක්සයිඩ් වුවත් ගෝලීය උණුසුම්වීමේදී N2O,  කාබන් ඩයොක්සයිඞ් මෙන් 300 ගුණයක විභවයකින් යුක්තය. වෙන වචනවලින් දක්වතොත් N2O එක් අණුවකින් සිදුවිය හැකි හානිය CO2 අණු 300 කින් වන හානියට සමානයි.

”කෘෂිකර්මාන්තය හේතුවෙන් ඇතිවන නයිට‍්‍රස් ඔක්සයිඞ් විමෝචන ප‍්‍රමාණ කිරීමේදී (ගැන හෝ මැන සංඛ්‍යාවන්ගේ ප‍්‍රකාශ කිරීම) ඇතිවන ප‍්‍රධානතම ගැටලූවක් වනුයේ එක් දිනයක සිට අනෙක් දිනය සහ එක් තැනක සිට අනෙක් තැන දී ගතහොත් සියයක පමණ සාධකයකින් වෙනස් වීමයි. ඔස්ලෝ නුවර ජීවන විද්‍යාව පිළිබඳ නෝර්වීජියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලර්ස් බකෙන් පවසයි. හෙතෙම පස්වලින් N2O විමෝචනය අඩුකිරීමේ වෑයමක යෙදී සිටන නෝරා ව්‍යාපෘතියට (උතුරු අත්ලාන්තික් සහයෝගිතා ව්‍යාපෘතිය = NORA project) සම්බන්ධ ක්ෂුද්‍රජීවී පරිසර විද්‍යාඥයෙකි. අඩිගෝ නම් නෝර්වීජියානු සමාගම හා එක්ව මෙම කාර්යයට ආධාර පිණිස විශේෂ රොබෝ කෙනෙකු නිපදවනු ලැබ ඇත්තේ එම ව්‍යාපෘතිය මගිනි. පසෙහි එරීම වැළැක්වීමට උපකාරී වන විශාල රෝද තුනක් මත නැග සිටින රොබෝ වෙතින් කුටීර සහිත විශාල බාහු දෙකක් පහළට යොමු කර පසෙහි ඇති N2O ඉතා කුඩා ප‍්‍රමාණයක් පවා පරික්ෂා කිරීමට සමත්ය.

‘අප මේ රොබෝ හදන්න ප‍්‍රධානතම හේතුව ඒකයි. ක්ෂේත‍්‍ර පරීක්ෂණවලදී විමෝචන ප‍්‍රමාණ කිරීම අවශ්‍ය නම් බිම් කට්ටියක් නැවත, නැවත සහ නැවතත් ගැන මැන බැලිය යුතුව වෙනවා.’ මහාචාර්ය බකෙන් පවසයි.

499-4-1600x1000

පස හොඳින් වාතනය නොවූ විට (aerated = වායු හා මුසුවීම), ඒ කියන්නේ  (නිදසුනකින් දක්වන්නේ නම්) මහ වැසි පවතින විට හෝ පස තදින් එකට බැඳී පවතින විට වැනි අවස්ථාවල ඇතැම් පාංශු වර්ග,   ක්ෂ්ද්‍ර ජීවීන් මගින් N2O නිපදවනු ලැබේ. වැඩිපුරම බැක්ටීරියා වර්ග වන මෙකී ක්ෂුද්‍රජීවීන් ඊළඟට සිදු කරන්නේ ශ්වසනය සඳහා  ඔක්සිජන් වෙනුවට N2O යොදා ගැනීමයි.  මෙම බැක්ටීරියා වර්ග කිහිපයකටම N2O රිඩක්ටෙස් නම් ඉතා විශේෂ එන්සයිමයක් යොදා ගැනීමෙන් N2O ශ්වසනය කළ හැකිය. ආම්ලික ගතිය බහුල පසෙහි දී  මෙන්ම පසෙහි පවතින තඹ ප‍්‍රමාණවත්ව නොමැති කල මෙකී එන්සයිමයට නිසියාකාරව සිය කාර්ය ඉටු කිරීමට නොහැකි බව ව්‍යාපෘතියට අදාළ පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී.

“අපි මේ ක්ෂුද්‍රජීවීන් පිළිබඳ ජීව විද්‍යාත්මක කරුණු වගේම N2O විමෝචන සඳහා වගකිව යුතු කි‍්‍රයාදාමයන් ඒවා මගින් නියාමනය වන්නේ කෙසේද යන්නත් හොයා බැලූවා” ජීවන විද්‍යා විශ්වවිද්‍යාලයේම තවත් ක්ෂුද්‍රජීවී පරිසර විද්‍යාඥයකු වන මහාචාර්ය ආසා ෆොස්ටෙගාඞ් කියයි, “මේ කටයුතු කිරීමේදී මේ ක්ෂුද්‍රජීවීන් කි‍්‍රයාකරන ආකාරයෙහි විශාල වෙනස්කම් අපට දැක ගත හැකියි”.

මෙම දැනුමෙන් සවිමත්ව ගොවීන්ට සිය වගාබිම්වල දූෂණය පසෙහි ආම්ලිකතාව හෝ තඹ සංයුතිය වෙනස් කිරීමෙන් අඩුකර ගත හැකිය. එයින් අදහස් වන්නේ යකඩ හා මැග්නීසියම්වලින් පොහොසත් ඛනිජ වන මෆික් පාෂාණ(mafic rocks) නමින් හැඳින්වෙන පාෂාණ, පසෙහි අම්ල උදාසීන කිරීමට (හුණු යෙදීමෙන් CO2 ඉහළ යන හෙයින්)  සාම්ප්‍රදායානුකුල හුණු යෙදීමට වෙනුවට යොදා ගත හැකි බවයි.

 

Naked Scientists හී  Keeping A Robotic Eye On Pollution යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: