විදු නැන නුවණ – Science Literacy for All

හරිකේන් සැඩ කුණාටුවක් කියන්නේ කුමකට ද?

අඳුරු වලාකුළුවලින් අහස බරවෙයි. දහවල වුවද රාත්‍රී කාලයේ මෙන් දසතම කලූවරය. සුළං හමායන්නේ මහා අදෝනා නඟමිනි. වැස්ස කෙතරම් තදින් කඩා වැටේද කියතොත් පොළව මත  මඩෙහි සිදුරු සෑදෙන තරම්ය. ගස් අතු ඒ මේ අත නැමෙමින්, ඇඹරෙමින් කැඞී බිඳී යනවා පමණක් නොව මුල් ඉදිරී මහා ගස් බිම ඇද වැටෙයි. සාප්පුවල ඉදිරිපස වීදුරු බිඳී යයි. නිවෙස්වල හා වෙනත් ගොඩනැඟිලිවල වහලවල් ගැලවී අහසේ පියඹා යයි. විදුලි කණු ඇද වැටී රැහැන් කැඞී යන්නේ ඇතැම් තැන්වල ගිණි පුපුරු නංවමිනි. මහ මඟ දැන්වීම් පුවරු සහ මාර්ග සංඥා පුවරු ගැලවී එහෙ මෙහෙ වීසි වන්නේ තරඟයකට  මෙනි. ධාරානිපාත වැස්සෙන් මං මාවත් යට වී කුඩා ගංගාවක් බවට පත්වේ. මේ නම් ඇත්තටම නිවසින් එළියට බැසීමට සුදුසු අවස්ථාවක් නොවේ. ඔව්, ඔබ මේ ලක්ෂණ දකින්නේ නම් ඔබ ඉන්නේ සැඩ කුණාටුවකට හසුවීය.

Hurricane (හරිකේන්) යන ඉංගී‍්‍රසි වචනයෙන් හැඳින්වෙන සැඩ කුණාටුව වනාහී ස්වභාවය (Nature)ගෙන එන වඩාත්ම දරුණු, වඩාත් ම වීශාල කුණාටුවයි.

හරිකෙන් හෙවත් සැඩ කුණාටු ආරම්භවන්නේ අකුණු කුණාටු (thunderstorms) එකතුවක් ලෙසිනි. ඒවා ඇඹරී ඉහළ යමින් එක් යෝධ කුණාටුවක් බවට පෙරළෙයි. එහි සුළෙඟ් වේගය පැයට සැතැපුම් 74 පැන්නූ විට එය සැඩ කුණාටුවක් ලෙස හඳුන්වනු ලැබේ. Hurricane යන්න බිඳී විත් තිබෙන්නේ ටයිනෝ රතු ඉන්දියානුවන්ගේ(Taino Indians) urican යන වචනයෙහි.  එහි තේරුම ‘මහා සුළඟ’ යන්නයි.

2-hurakan-fpo_340 ටයිනෝ ඉන්දියානුවන් කැරීබියානු ස්වදේශිකයන්ය. ඔවුන් විශ්වාස කළ අන්දමට හුරාකාන් (Hurakan) නම් දුෂ්ට, භූතාත්මය තමයි දරුණු සැඩ කුණාටු ඇති කරන්නේ.

 

සැඩ කුණාටු අතරින් හතරෙන් එකකින් පමණ ටෝනාඩෝ නම් සුළි සුළං සහිත චණ්ඩ මාරුත බිහි කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් විට ඒවා හඳුන්වනු ලබන්නේ ටිවිස්ටර් (twisters) ලෙසිනි. 1967 වර්ෂයේදී බියුලා සැඩ කුණාටුවට(Hurricane Beulah ) දකුණු දිග ටෙක්සාස් වෙරළබඩින් ගොඩබිමට අතුල්වුනේය. එය ටෝනාඩෝ 100කට වැඩි ගණනක් හට ගැනීමට මඟ පෑදීය. ටොනාඩෝ අතිශය භයානක කුණාටු විශේෂයකි.

katrina-image_1060

කෙසේ වෙතත්, වැඩිම ජීවිත හානි සහ දේපළ හානිවලට තුඩු දෙන්නේ හරිකේන් සැඩ කුණාටුවකින් පසුව එන වේගවාත ක්ෂෝභය (storm surge) මගිනි. වේගවාත ක්ෂෝභාවයක් යනු වායු පීඩනයේ හදිසි පහළ බැසීමක් හේතුවෙන් ඇතිවන මුහුදු මට්ටමේ ක්ෂණික ඉහළ යාමකි. සැඩ කුණාටුව සාගරය මතින් ගමන් කරන විට සාගර ජලය සාමාන්‍ය මුහුදු මට්ටමට අඩි දහයක් හෝ ඊටත් වැඩි ප‍්‍රමාණයකින් ඉහළ යයි. දැවැන්ත රැළි වෙරළ ඔස්සේ බිඳී ගොඩ බිම වෙත ගමන් කරයි. ඒවා සිය ගමන් මගෙහි ඇති සියල්ල විනාශ කරන අතර මහා ගංවතුරකට මඟ පාදයි. 2005  දී කති‍්‍රනා සැඩ කුණාටුව (Hurricane Katrina) හේතුවෙන් මැක්සිකෝ බොක්ක වෙරළබඩ ඔස්සේ සමහර ප‍්‍රදේශවල අඩි 25කට වැඩි වේගවාත ක්ෂෝභ ඇති විය.

toppled-boat_1400

අත්ලන්තික් සාගරය ප‍්‍රදේශයේ හට ගන්නා කුණාටු හරිකේන් සැඩ කුණාටු ලෙස දැක්වේ. ඒ අතර වයඹ දිග පැසිෆික් සාගරයෙහි හටගන්නා කුණාටු හඳුන්වනු ලබන්නේ ටයිෆුන්(typhoon) වශයෙනි. ටයිෆූන් යන්න බිඳී ඇවිත් ඇත්තේ ටයිෆෙන්ග්(taifeng) යන මැන්ඩරින් චීන වචනයෙනි. ටයිෆෙන්ග් යන්නෙහි තේරුම ‘මහා සුළඟ’ යන්නයි. ඉන්දියානු මහා සාගරය මත්තේ ගොඩ නැගෙන කුණාටු හඳුන්වනු ලබන්නේ සයික්ලෝන (cyclones) ලෙසිනි. සයික්ලෝන යන්න ගී‍්‍රක කයිල්ලෝන් (kyllon) යන්න ආශ‍්‍රයෙන් බිඳී ආවකි. kyllon  යනු සර්පයාගේ දරණ යන්නයි.  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෝ මේ කුණාටු හඳුන්වනු ලබන්නේ විලී විලී(willy-willies) යනුවෙන්.( කුණාටුවලට යෙදෙන මේ විවිධ නම් බිඳී ආ ආකාරය ගැන වෙනත් මත ද පවතී. සොයා බැලීම වටී — සංස්කාරක) කාලගුණ විද්‍යාඥයන් මේවා හඳුන්වනු ලබන්නේ නිවර්තන වාසුළි හෝ සුළි සුළඟ ලෙසිනි. ඉන් අදහස් වන්නේ මේවා සමකය (the equator) ආසන්නයේ සාගර ප‍්‍රදේශවල හට ගන්නා බවයි. ඒවා හඳුන්වන නාමය කුමක් වුවත් සාමාන්‍යය ගතහොත්, ලොව පුරා වසරකට කුණාටු 80ක් පමණ සිදුවේ. සෑම වසරකම ඇතිවන නිවර්තන වාසුළි අතරින් දහයෙන් නවයක්ම ටයිෆූන්ය.

3-cyclone-map_700

ඒවා බංග්ලාදේශය, ජපානය, ඉන්දුනීසියාව සහ පිලපීනය වැනි ප‍්‍රදේශවල හට ගනී. ඒවා බංග්ලාදේශය, ජපානය, ඉන්දුනිශියාව සහ පිලිපීනය වැනි ප්‍රදේශ වල හටගනී. ශාන්තිකර සාගරයේ ටයිෆූන් සිරිතක් ලෙස අත්ලාන්තික් සාගර වාසුළිවලට වඩා දැඩිය. ශාන්තිකර සාගරය විශාල වීම හේතුවෙන් එසේ විය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි. නිවර්තන වාසුළිවල ආරම්භය නිවර්තන කුණාටුයි. උණුසුම් සාගර ජලය මත්තේ ඒවා බලගතු වේ. ශාන්තිකර සාගරයෙහි හට ගන්නා කුණාටු මහද්වීපයක් කරා ළඟාවීමට දිගු කාලයක් ගත වේ. ඒවා වර්ධනය වීමට ඉන් වැඩි කාලයක් හිමිවෙයි.

මෝසමක් යනු කුමක්ද  යන්න ගැන  තවත් තතු ලිපියකින්

Kids Discover හී  What Is a Hurricane? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: