සැමට විදු නැන නුවණ – Science Literacy for All

සෙනසුරුගේ ටයිටෑන් චන්ද්‍රයා මත ජනාවාස පිහිටුවීම

සෙනසුරුගේ චන්ද්‍රයන් අතුරෙන් විශාලතම චන්ද්‍රයා ලෙස සැලකෙන ටයිටෑන් (ටිටෑන්) චන්ද්‍රය මත මිනිස් ජනපදයක් පිහිටුවීමේ අදහස ‘පිස්සු වැඩක්’ ලෙස කෙනෙකුට වැටහී යා හැකියි. එම චන්ද්‍රයා මතුපිට උෂ්ණත්වය පවතින්නේ ෆැරන්හයිට් සෘණ අංශක 300 තරමේයි. එහි ආකාශයෙන් කඩාහැලෙන මීතෙන් සහ ඊතේන් වර්ෂා ගලා බසින්නේ හයිඩ්‍රොකාබන් මුහුදුවලටයි. එසේ වතු දු ඇතැම් විද්‍යාඥයන් නම් සලකන්නේ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයම ගත්විට ස්ථිර ස්වයං පෝෂිත මානව ජනාවාසයක් පිහිටුවීම සඳහා බුද්ධිමත්ව තෝරා ගත හැකි ස්ථානය, ටයිටෑන් ලෙසයි.

මෙකී විද්‍යාඥයන් එම නිගමනයට එළඹ ඇත්තේ ග‍්‍රහලෝක දෙස නව කෝණයකින් බැලීමෙනුයි. එනම් පරිසරාත්මකව බැලීමෙනුයි. මානවයන්ට අවශ්‍යවන්නාවූ වාසස්ථාන ගැන සැලකිල්ල යොමු කළ ඔවුහු අපේ ග‍්‍රහ මණ්ඩල වටාපිටාවේ එම තත්ත්වයන්ට ගැලපෙන තැන් සොයා බැලූහ.

මානවයන්ගේ සහජ ස්වභාවය මෙලෙසම එනම් දැන් පවතින අයුරු පවතී යයි මේ විද්‍යාඥයෝ  විශ්වාස කරති. අනාගත මානවයාහට  ද පවතිනු ඇත්තේ අද අපහට ඇති අවශ්‍යතා සහ පේ‍්‍රරණයන් (පෙළඹවීම්)මය. ප‍්‍රායෝගිකව සලකතොත්, අනාගත මානවයාගේ නිවහන බලශක්තියෙන් ගහන විය යුතුය. වාසයට යෝග්‍ය උෂ්ණත්වයකින් යුක්ත විය යුතුය. කොස්මික් විකරණය ඇතුළුව අප වාගේ ජීව විද්‍යාත්මක ජීවීන්ට ගැලවිය නොහැකි ලෙස අන්තරායකාරී අභ්‍යවකාශ කටුක තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සැලසිය යුතුය. විද්‍යාව, තාක්ෂණය, දේශපාලනය සහ සංස්කෘතිය මත පදනම් වූ අපගේ ජනාවාස සෙනාරිය හෝමෝ සේපියන් විශේෂයේ ඈත අනාගතය ගැන සිතෙන  ඕනෑම කෙනෙකුට සිතුවිලි පර්යේෂණයක් ඉදිරිපත් කරන්නේ යයි මේ විද්‍යාඥයෝ කියා සිටිති.

download-3

මානවයන් පදිංචියට මීළඟට තෝරා ගන්නා ග‍්‍රහ මණ්ඩල වස්තුව එක්කෝ (පෘථිවි) චන්ද්‍රයා හෝ අඟහරු ලෝකය ලෙසයි මේ වනතුරු සැලකුණේ. මේ වස්තූන් දෙකට පැහැදිලි වාසි දෙකක් තිබේ. එකක් තමයි චන්ද්‍රයා හා අඟහරු පෘථිවියට සමීපවම පිහිටා තිබීම. දෙවැන්න, මේ වස්තු දෙකම අනත්ථ හෙවත් යථාරුපි නොවන තේරීම් නොවේ. පෘථිවියෙන් පසු වාසය සඳහා  මිනිස් අප යා යුත්තේ කොයිබදැයි යථාර්ථවාදීව බලන විට ද මේ දෙකම හොඳ තේරීම්ය. අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග‍්‍රහ ලෝක හතරින්(inner solar system) පෘථිවිය හැරුණු කොට බුද හා සිකුරු සළකන විට දෙවැනියට කී ගුණාංගය ඒවාට නැති බව පැහැදිලියි.

terr_sizes

බුද ග‍්‍රහයා ගතහොත් එය සූර්යයාට වඩාත් ආසන්නය. දේශගුණ දරුණුය. අනෙකුත් භෞතික තත්ත්වයන්ද මිනිස් වාසයට කිසිසේත් යෝග්‍ය නැත. සිකුරුගේ වායුගෝලය විෂ සහිතය. එමෙන්ම පොඩිපට්ටම් වන තරමේ පීඩනයකි. හරිතාගාර ආවරණය නිසා දරා ගත නොහැකි ලෙස රස්නයෙන් යුක්තය. සිකුරු වායුගෝලයේ ඉතා ඉහළ බැලූන්වල ජීවත්වීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන් වුවද ඒවා  ස්වයං පෝෂිත වාසාස්ථාන ලෙස නම් හැඳින්විය නොහැක.

මේ අතින් ගත් කල චන්ද්‍රයා සහ අඟහරු ජනාවාස සඳහා යෝග්‍ය ස්ථාන ලෙස සාපේක්ෂව පෙනී ගියත් ඒවායේද ගැටලූ ඇත. මේ වස්තු දෙකම චුම්භක ගෝලයක හෝ වායුගෝලයක ආරක්ෂාව නොලබයි. දුර ඈත අධිනව තාරාවන් වලින් එන ජවසම්පන්න අංශු බෝම්බ හෙලන්නා සේ චන්ද්‍රයා සහ අඟහරු මතුපිටට ඇද හැලෙන අතර එය දරාගෙන මිනිසුන්ට කලක් දිවිගෙවිය නොහැක. මේ ආදී හේතු නිසා අඟහරු මත ජීවත්වීමට තබා පර්යේෂණ සඳහාවත් අභ්‍යවකාශගාමීන් යැවීමට වත් තවම විද්‍යාව සූදානම් නැත. පෘථිවියේ දී වායුගෝලයේ ඇති ජලය හේතුවෙන් අප කිරණවලින් ආරක්ෂා වුවත් චන්ද්‍රයාගේ සහ අඟහරුවල ජනාවාස තැනීමට  සිදුවන්නේ භූගතවය. භූගතව ජනාවාස පිහිටුවීම ප‍්‍රායෝගක නැත. අඟහරු ග‍්‍රහයා ඔබ්බෙන් අනාගත ජනපද සඳහා යෝග්‍ය  ස්ථාන වශයෙන්  බ‍්‍රහස්පති සහ සෙනසුරුගේ චන්ද්‍රයන් ගැන සෙවීම වටී. ඒ අතුරෙන් අපේ මිහිතලය හැරුණු කොට වඩාත්ම පෘථිවි සමාන වස්තුව ටයිටෑන්ය.

download-4

පෘථිවිය මත ජල කඳන්වලට බොහෝ සමානව පෙනෙන මීතේන් හා ඊතේන් ජලාශ සහිත ටයිටෑන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ මතුපිට ද්‍රව ඇති අනෙක් එකම වස්තුවයි. ආරක්ෂාව අතින් ගත් කල එහි පෘථිවියට වඩා 50%ක් ඝනකමින් වැඩි නයිට‍්‍රජන් වායුගෝලයක් ඇත. සෙනසුරුගේ  චුම්භක ගෝලය ද  ආරක්ෂාවක් සපයයි. ශක්තිය සඳහා යොදා ගත හැකි ඝන සහ  දියර ස්වරූපයෙන් හයිඩ්‍රොකාබන් බහුලව තිබේ. වායුගෝලය ඔක්සිජන්වලින් තොරවුවද, පෘශ්ඨයට යටින් ඒ ආසන්නයේම ඇති ජල අයිස් ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමට හා ඉන්ධන ලෙස හයිඩ්‍රොකාබන් දහනයට ඔක්සිජන් සැපයිය හැකිය.

ටයිටෑන් මත අධික ශීතලක් ඇත. (ෆැරන්හයිට් – 2910 F) එහෙත් එහි ඝන වායුගෝලය නිසා ජනපදිකයන්ට පීඩන ඇඳුම් කොහොමටත් ඇඳීමට සිදුවේ. ටයිටැන් මතුපිට සුලබව ඇති සම්පත්වලින්  නෙලා ගත් අමුද්‍රව්‍යවලින් තැනෙන ප්ලාස්ටික්වලින් වාසස්ථාන නිම වෙනු ඇත. ටයිටැන් වැසියන්(පෘථිවි වාසින් එහි ගිය විට එලෙස හැඳින් වනු ඇත.) සිය කාලය ගෙවිය යුත්තේ මේ විශාල ප්ලාස්ටික් ඩෝම(dome) තුළය. එහි විනෝදයට අවස්ථා එමටය. අපේ චන්ද්‍රයා හා සමාන දුර්වල ගුරුත්වයක් තිබෙන නිසා පියාඹීමට පවා තැත් කළ හැකිය. අවාසනාවකට මෙන් ටයිටෑන් කරා යාම පහසු නැත. අඟහරු වෙත වුවද එලෙසම අසීරුය. එහෙත් අපේ විශේෂය අභ්‍යවකාශ තරණයට හා අභ්‍යවකාශයේදී මිනිසාගේ සෞඛ්‍ය සංරක්ෂණය පිණිස දිගටම පියවර ගන්නේ නම් අනාගතයේදී ටයිටෑන් මත ජනාවාස පිහිටුවිය නොහැක්කේ මන්ද?

Scientific American හී Let’s Colonize Titan යන ලිපිය ඇසුරෙනි

(Scientific American is part of Springer Nature)

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: