විදු නැන නුවණ – Science Literacy for All

සමාජ තත්ත්වය ප‍්‍රතිශක්තිය කෙරෙහි බලපාන අන්දම

රිසස් මැකාකා වඳුරන් අතර සමාජ ධූරාවලීන්, බැක්ටීරියා හා වෛරස ආක‍්‍රමනිකයන්ට එරෙහි ඔවුන්ගේ ප‍්‍රතිචාර කෙරෙහි වෙනස් ආකාරයට බලපායි.

පසු ගිය මස අග එනම් නොවැම්බර් 24 දා Science සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක් හෙළිකරන්නේ මැකාකා  වඳුරු විශේෂයේ සමාජ තත්ත්වය ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ප‍්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි බලපෑම් ඇති කරන බවයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සමාජ තරාතිරමෙන් ඉහළ හා සමාජ තරාතිරමෙන් පහළ වඳුරන් අතර ප‍්‍රතිශක්ති කි‍්‍රයාවන්හි සැලකිය යුතු වෙනසක් ඇති කරන බව වාර්තාව පෙන්වා දෙයි. මෙම අධ්‍යයනය, ඩියුක් විශ්වවිද්‍යාලය, එමරි විශ්වවිද්‍යාලය සහ මොන්ටි‍්‍රයෙල් විශ්වවිද්‍යාලය යන ආයතන වල විද්‍යාඥයන් අතර සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයකි.

මෙම අධ්‍යයනයේදී පර්යේෂකයෝ වැඩි හිටි මැකාකා වැඳිරියන් 45 කු සමාජ ධුරාවලින් අනුව වර්ග කල අතර අනතුරුව ඔවුන්ගේ ප‍්‍රතිශක්ති කි‍්‍රයාවලිය මැන පරීක්ෂා කළහ.  මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ වෛරස ප‍්‍රහාරයන්ට එරෙහි සටන් කිරීම සඳහා ඉහළ සමාජ මට්ටමේ වැඳිරියන් සතුව ප‍්‍රතිශක්තිකරන සෛල වැඩියෙන් ඇති බවයි. එමෙන්ම පහළ මට්ටමේ වැඳිරියන්ගේ සෛලවල ඉහළ කි‍්‍රයාකාරිත්වයක් දක්නට ලැබුනේ  බැක්ටීරියාවලට එරෙහිවය. එපමණක් ද නොව පර්යේෂකයන් විසින්   වැඳිරියන් පිරිස අතර සමාජ තරාතිරම කෘති‍්‍රමව වෙනස් කරානු ලැබුවිට ප‍්‍රතිශක්ති කි‍්‍රයාකාරිත්වයද ඒ අනුකූලව වෙනස් වන බව පර්යේෂකයන්ට පැහැදිලි විය. සමාජ තත්ත්වයන් වෙනස් කිරීමෙන් ආපසු හැරවිය හැකි, සමාජ තරාතිරම හා ප‍්‍රතිශක්ති කෘත්‍යය අතර සරල සම්බන්ධතාවක් ඇති බව අධ්‍යයනයේ සොයා ගැනීම්වලින් දැක්වේ.

මානවයන් හා අනෙකුත් සමාජ සත්වයන් ගතහොත් සමාජ අන්තර් කි‍්‍රයාකාරිත්වය සෞඛ්‍ය හා රෝගාබාධ ගැන බලගතු පුරෝකතකයෙකු බවට පත්විය හැකි යයි විද්‍යාඥයන් දශක ගණනාවක සිට හඳුනාගනු ලැබ තිබිණ.  ඇත්තවශයෙන්ම මෑතක සිදු කළ අන්වායාම අධ්‍යයනයකින්(longitudinal study) හෙළිවූයේ ඉහළම සමාජ ආර්ථික මට්ටමක ජීවත්වන  ඇමරිකානු පිරිමි අඩුම සමාජ ආර්ථික තත්ත්වයක පසුවන පිරිමින්ට වඩා වසර 15 ක් පමණ වැඩිපුර ජීවත්වන අතර  එලෙසම ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක ගැහැණුද අවුරුදු 10 ක් වැඩිපුර ජීවත්වන බවයි. කෙසේ වෙතත්, මේ විස්මජනක වෙනස්කම්වලට හේතු සෙවීමේ දී විද්‍යාඥයෝ අසීරුතාවන්ට මුහුණ දී සිටිති. අඩු සමාජ ආර්ථික තත්ත්වයක පුද්ගලයන් ජීවිතය ආරම්භ කරන්නේම සාපේක්ෂව රෝගී භාවයකින්ද? ඔවුන් දුම්පානය වැනි වඩාත් අවදානම් චර්යාවන්වල නිරත වන්නේද? ඔවුනට යහපත් සෞඛ්‍ය සේවාවකට ලබාගැනීමේ වරම් නැද්ද? නොඑසේ නම්, ඔවුන්ගේ සමාජ තත්ත්වය කාලය ගෙවෙද්දී නරක අන්දමට බලපාන මානසික හේතූන්ට තුඩු දෙන්දේ ද?

green-monkeys-112275_1920-1104x552

සමාජ තත්ත්වය සහ සෞඛ්‍යය අතර සම්බන්ධතාව වඩාත් පාලිත වාතාවරණයක් තුළ අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයෝ මැකාකා වඳුරු විශේෂයේ ප‍්‍රතිශක්ති කර්තව්‍ය ගැන සොයා බැලූහ. මැකාකා  අතිශය සමාජශීලී පි‍්‍රමාටේස් විශේෂයකි. මැකැකා  වැඳිරියෝ රේඛීය, ධූරාවලීගත කණ්ඩායම් පිහිටුව ගනිති. එම කණ්ඩායම්වල ඉහළ තරාතිරමේ වැඳිරියෝ වැඩි වේලාවක් පිරිමැදීමේ (grooming = සමාජ බන්ධන තහවුරු කරන චර්යාවකි) කාර්යයෙහි යෙදෙති.  අතර අඩුතරාතිරමේ වැඳිරියන් පිරිමැදීමේ කාර්යයන් ගෙන් ඉවත් කර තැබෙන  අතර තවද  ගැහැට හා සමාජීය වශයෙන් හුදුකලා වීමට ලක්වෙති. වනගතව නම් මැකාකා  වැඳිරියකට  තම මවගේ තත්ත්වය ළඟටම ඉලගටම අති පහළ තත්ත්වය හිමිවන නමුත් මිනිස් ග‍්‍රහණයේ පසුවෙද්දී  අලූතෙන්ම කණ්ඩායමට එකතුවන වැඳිරියට ලැබෙන්නේ අඩුම සමාජ තත්ත්වයයි.

අධ්‍යයනයේ මුල් කොටස ලෙස කලින්ද සඳහන් කළ පරිදි මැකාකා  වැඳිරියන් 45කු නවදෙනා බැගින් කණ්ඩායම්වලට බෙදා කළ පර්යේෂණයේදී පර්යේෂකයන්ට පෙනී ගියේ ඉහළ සමාජ තත්ත්වයේ අයට වෛරසවලට එරෙහි ප‍්‍රතිශික්ති වර්ධනය කර ගන්නා අතර පහළ මට්ටමේ අයගේ ප‍්‍රතිශක්ති වර්ධනය බැක්ටීරියාවට එරෙහිවයි. සමස්තයක් ලෙස ගත් කල ඉහළ හා පහළ තරාතිරම් අතර ජාන ප‍්‍රකාශනය වෙනස් ආකාරවලට සිදුවිය. මේ වෙනස සමාජ තත්ත්වය නිසාම සිදුවන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස පර්යේෂකයෝ කණ්ඩායම් නැවත වෙනස් කළේ ඉහළ තරාතිරමේ සියල්ලන් එක කණ්ඩායමකටද දෙවැනි තරාතිරමේ අය තවත් කණ්ඩායමකට ද ආදි වශයෙන් වර්ග කරමිනි. එහිදී ඔවුනට පෙනී ගියේ සමාජ තත්ත්වයට  තනිකරම වුව ප‍්‍රතිශක්ති හැකියාව වෙනස් කළ හැකි බවයි. පර්යේෂණයට ලක් කළ වැඳිරියන්ගේ ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරය නව සමාජ තත්ත්වයට ගැළපෙන පරිදි වෙනස් විය.

කෙසේ වෙතත්, මෙකී ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිචාරයන් මැකාකා වඳුරන්ගේ සෞඛ්‍ය ගැන අපට කියන්නේ කුමක්ද? පර්යේෂකයන්ට අනුව සියලූම වඳුරන්ට ප‍්‍රදාහක ප‍්‍රතිචාරයක් තිබිණ. බැක්ටීරියා ආසාදනයන්ට එරෙහිව සටන් වැදීමට එය අවශ්‍යය. එහෙත් පහළ තරාතිරමේ වඳුරන්ගේ තියුණු වූ ප‍්‍රතිචාරය පටක හානියට මඟ පෑදිය හැකිය. ඒ ප‍්‍රතිශක්ති පද්ධතිය ශරීරය තුළම සෛල වෙත යොමු විය හැකි නිසාවෙනි. දිගුකාලීනව එසේ ප‍්‍රදාහ පැවතීම සෞඛ්‍ය ප‍්‍රශ්න හට ගැනීමට මඟපෑදිය හැකි යයි අධ්‍යයනය සම කතුවරියක වන ඩියුක් සරසවියේ ජෙනී ටන්ග් කියයි. අධ්‍යයනයට සම්බන්ධයක් නැති ස්ටැන්ෆර්ඞ් සරසවියේ රොබට් සැපොල්ස්කි පෙන්වා දෙන්නේ මානවයන් අතරේ වඩාත් පීඩාකාරී වඩාත් ව්‍යාප්ත සමාජ පහත හෙළීම ලෙස සැලකෙන දුප්පත්කම විවිධ යාන්ත‍්‍රණ ඔස්සේ අයහපත් සෞඛ්‍යයට මග පාදන බවයි. ‘මේ අධ්‍යයන එය සිදුවිය හැකි තවත් මඟක් පෙන්නුම් කරනවා’ ඔහු කියා සිටියි.

6c6a20e9-f17e-4c49-8f60f21cd11a78a9

කෙසේ වෙතත්, බලපොරොත්තු තැබිය හැකි ශුභාරංචිය වන්නේ සමාජ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන තත්ත්වයන් මුළු ජීවිතය කාලය තුළම තිබෙනවා යන්නට වඩා සමාජ පරිසරයේ වෙනස්කම්වලට ප‍්‍රතිශක්ති පද්ධතිය කොයිතරම් ප‍්‍රතිචාර දක්වන්නේද යන්න බව ටන්ගේ අදහසයි.

 

Scientific American හී Who’s Top Monkey? How Social Status Affects Immune Health යන ලිපිය ඇසුරෙනි

(Scientific American is part of Springer Nature)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: