නිවැරදිවම කීවොත් සුනාමි ඛේදවාචකය සිදුවී අදට හරියටම වසර දොළහයි. අප දුපත්වාසීන් වුවද එදා, එනම් 2004 දෙසැම්බර් 26 දා ඒ ඛේදජනක සිදුවීම් ඇතිවන තුරු අප රටේ සැලකිය යුතු සංඛ්‍යාවක පිරිසක් සුනාමිය කුමක්ද තබා ඒ නමවත් අසා තිබුණේ නැත. ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියානු රටවල ජීවිත දස දහස් ගණනින් බිලිගත්, මහා දේපල විනාශයක් ගෙන ආ 2004 සුනාමිය ඊට මුහුණදී දිවි ගලවා ගත් අයත් ඔවුන්ගේ සහ ඉන් මිය ගිය අයගේ නෑ හිතවතුනුත් පමණක් නොව සකල ශී‍්‍ර ලංකා වාසී ජනතාවට අමතක කළ නොහැකි අමිහිරි අත් දැකීමක් බව අමුතුවෙන් නොකිවමනාය. තතු මේ ලිපිය පළකරන්නේ ඒ ඛේදවාචකය සිහිපත් කරමින් යළිත් ඒ අමිහිරි අතීතයට යාමට නොව සුනාමය පිළිබඳ අපේ දැනුම යළි යළිත් සවිමත් කිරීමටත් අපේ ළමා පරපුර ඒ දැනුමෙන් සන්නද්ධ කිරීමටත්ය.
‘මහා වරාය රළ’ යන තේරුම ඇති සුනාමි (Tsunami) ලෝකයේ බලගතු එමෙන්ම විනාශකාරී බලයන් අතුරෙන් එකකි. සුනාමිය ඇත්තටම සාගර තරංග රළ මාලාවකි. ජලය ඉපිලූම් ඇතිකරවන ඇතැම් අවස්ථාවල එසේ ඉපිළෙන ජලය අඩි සියයකටත් වඩා ඉහළ යමින් ගොඩබිමට ඇතුළු වෙයි. මෙම ජල පවුර ගොඩබිම මත කඩා වැටීමෙන් කියා නිම කළ නොහැකි හානි ගෙන එයි.
මේ විස්මය සමග බිය දනවන තරංග ආකෘතික වශයෙන් හටගන්නේ භූකාරක තැටි සීමා ඉම්වල දී මුහුදු යට ඇතිවන අතිශය විශාල භූ කම්පා හේතුවෙනි. භූකාරක තැටි ඉමක දී සාගර පත්ල හදිසියේ එකවරම ඉහළ ගියොත් හෝ පහළට කඩා වැටුණොත් ඉන් උඩට ඇති ජලය විස්ථාපනය කරන අතර එයින් තමයි සුනාමිය බවට පත්වන රළ තරංග හට ගන්නේ.
සුනාමි බොහොමයක් — සියයට 80ක් සිදුවන්නේ ශාන්තිකර සාගරයේ ‘ගිනි වළල්ල’(ring of fire) ප්‍රදේශයේයි. ගිනිවළල්ල යනු භූකාරක විස්ථාපන මගින් යමහල් හා භූ කම්පා බහුල කරන භූ විද්‍යාත්මක වශයෙන් කි‍්‍රයාකාරී ප්රදේශයකි. ජලය යට හටගන්නා නාය යාම් සහ යමහල් විදාරණයන් (volcanic eruptions) නිසාද සුනාමි ඇතිවිය හැකිය. පෘථිවියේ ඈත අතීතයේදී බහුලව සිදු වූවාක් මෙන් සුවිශාල උල්කාශ්මයක් සාගරය මතට කඩා වැටීමෙන්ද සුනාමියකට මුල පිරිය හැකිවේ.
සුනාමි බෙහෙවින් වේගවත්වය. මුහුද හරහා පැයකට කිලෝමීටර් 805ක (පැ.සැ. 500) වේගයෙන් ඒ කියන්නේ දළ වශයෙන් ජෙට් ගුවන් යානයක වේගයෙන් ගමන් කළ හැකිය. සුනාමියකට එවැනි වේගයකින් සුවිශාල ශාන්තිකර සාගරය හරහා වුවද දවසකට අඩුකාලයකින් ගමන් කිරීමට පුළුවන. එමෙන්ම ඒවායේ දිගු තරංග ආයාමය නිසාවෙන් ඒවායේ ශක්තිය අතරමගදී අහිමි වන්නේ සුළු වශයෙනි.
ගැඹුරු මුහුදේදී සුනාමි රළ අඩියක් හෝ ඒ හා සමාන උසක් පෙන්නුම් කරයි. එහෙත් ඒවා වෙරළ තීරයට හෙවත් සීමාව වෙත ප්රවේශවෙමින් නොගැඹුරු දියට ඇතුළු වෙත්ම ඒවා මන්දගාමී වී ශක්තියෙන් හා උසෙන් වැඩෙන්නට පටන් ගනී. මුහුදේ රළ තරංග පහළ ඒවාට වඩා වේගයෙන් චලනය වන හෙයින් ප්රපාතාකාරව ඉහළ යාමට හේතුවෙයි.
බොහෝ විට ප්‍රථමයෙන් වෙරළට එන්නේ සුනාමි තරංග ශිඛරයට(crest) පහළ ලක්ෂ්‍ය වන සුනාමි ද්රෝණිකාවයි(trough). එසේ වූ විට එය එය රික්තයකින් ඇතිවන්නා වූ බලපෑමක් ඇතිකරමින් වෙරළ බඩ ජලය මුහුද දෙසට ඇද උරා ගනියි. එවිට වෙරළ හා මුහුදු පත්ල (ජලයෙන් තොරව) නිරාවරණය වේ. ජලය මෙලෙස මුහුදටම නැවත පසුබැසීම සුනාමිය පිළිබඳ වැදගත් පූර්ව දැනුම් දීමේ සංඥාවක් වේ. මන්ද කීවොත්, සුනාමි තරංගයේ ශිඛරය සහ එහි අති දැවැන්ත ජල කඳ පරිමාව විනාඩි පහක් හෝ මදක් පමා වී දරුණුව වෙරළට ගසා ගෙන එන හෙයිනි. (2004 සුනාමි ඛේදවාචකයේ දී ද මේ තත්ත්වය ජීවිත බොහොමයක් බිලිගැනීමට හේතු විය. – සංස්කාරක) මෙම සංසිද්ධිය හරිහැටි වටහා ගැනීමෙන් ජීවිත හානිය අවම කර ගත හැකිය.
කලින් සඳහන් කළ අයුරු සුනාමියක් සිරිතක් ලෙස තරංග මාලාවන්ගෙන් සමන්විතයි. එම තරංග මාලා හඳුන්වනු ලබන්නේ තරංග මාලාව හෙවත් පෙළ(wave train) ලෙසටය. මේ තරංග හේතුවෙන් එකක් පසු පසු එකක් පැමිණෙන රළ නිසා සුනාමියෙහි විනාශකාරී බලය උග්‍ර කරයි. සුනාමියකට මුහුණ දෙන අවස්ථාවේ ජනතාව මතක තබා ගත යුතු වැදගත් කාරණය වන්නේ රළ පහර සමග අනතුර පහ නොවන බවයි. සුනාමියේ අවදානම ඇති ප්‍රදේශවලට ප්‍රථම නිල නිවේදනය නිකුත් වන තුරු යළි පැමිණීමෙන් ජනතාව වැළකී සිටිය යුතුය.
සමහර සුනාමි ගොඩබිමට දැවැන්ත රළ පෙළක් ලෙස නොපැමිණි ඉක්මනින් ඉහළ යන උදම් රළ සේ පෙනී යා හැකිය. සුනාමියකින් ගැලවීමේ හොඳම මඟ වන්නේ කලින් අනතුරු හැඟවීමේ පණිවුඩය අනුව ඉක්මනින් උස් භූමියක් වෙත යාමයි. රටවල් 26ක එකතුවකින් බිහිවූ ශාන්තිකර සුනාමි අනතුරු හැඟීමේ පද්ධතිය (Pacific Tsunami Warning System) භූකම්පන උපකරණ ජාලයක් සහ මුහුදේ සුනාමි හඳුනා ගැනීම පිණිස ජල මට්ටම මනින මාන ජාලාවක් නඩත්තු කරයි. ලොව පුරා මුහුදු බඩ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙනත් මේ හා සමාන පද්ධති කි‍්‍රයාත්මකයි.