විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 9: මිනිස් ස්වභාවය (Human Nature)

‘මිනිස් ස්වභාවය’ යනුවෙන් යම් දෙයක් වේද, එසේ නම් එම ස්වභාවය කුමක් ද යන්න  ශත වර්ෂ ගණනාවක් තිස්සේ චින්තකයන් පිඩාවට පත් කල කාරණායි. ආදම් සහ ඊවා දෙවියන්ට අකීකරුව ඊඩන් උද්‍යනය අතහැර යාමේ සිට මෙලොවට ජනිත වූ සෑම  මනුෂ්‍යයෙක්ම පැමිණියේ ජන්ම පාපය හෙවත් මුල පාපය කරපින්නාගෙන යයි ක්‍රිස්තියානි දේව ධර්මයේ කියවෙයි. මේ මතයට අනුව මිනිසුන් සියලුදෙනාම සහජයෙන්ම පාපතර වන අතර (ඒ ඒ ආගමික නිකාය මත) ගැලවීමේ එකම මග වෙන්නේ පුජක මැදිහත්වීම, යහපත් ක්‍රියා සහ  මේ  සියල්ල අභිබවමින් භක්තිය යන කාරනාවල විවිධ සංකලනයන් මගිනුයි.

human-beings-strange-animal-kingdom-exhibit-other-species-michael-gorman-zombies

ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ තෝමස් හොබ්ස්(1588 – 1679) ද මිනිස් ස්වභාවය පිළිබඳව මේ හා සමාන අඳුරු මතයක් දැරුවේ,  ආදී මිනිසාගේ ජීවිතය ‘දුෂ්කර, ප්‍රචණ්ඩකාරී හා කෙටි’ එකක් බව කියමිනි. ජනතාව ‘අඛණ්ඩව බියට පත්වීම හා ප්‍රචණ්ඩකාරී මරණයකට පත්වීම’ වලක්වා ගත හැක්කේ පරම බලය හසුරුවන පාලකයෙකු විසින් මෙහයවනු ලබන  පටිපාටිගත කෙරුණු සමාජයක් තුලින් පමණක් බවට ඔහු තර්ක කළා.

අද දක්වාමත් දේශපාලනික කොන්සවටිව්වාදීන්(ගතානුගතිකයන්) අධිකාරියක  සහ ධුරාවලියක  වැදගත්කම අවධාරණය කිරීමට පෙළඹෙනවා. එමෙන්ම දුප්පතුන්ගේ තත්ත්වය නගාසිටුවීමේ ප්‍රයත්නයන්  ප්‍රතික්ෂේප කරන්නේ අසාර්තකවිමට නම ලියවී ඇති ‘සමාජ මෙහෙයුම්’() වශයෙනි. ඔවුන් කල්පනා කරන අන්දමට එලෙස අසාර්ථක වන්නේ මිනිසුන් ස්වභාවයෙන්ම කුසිතයන් හා ආත්මාර්ථකින් වීමේ හේතුවෙනි.

download

දහඅටවන සියවසේදී, ප්‍රංස දාර්ශනිකයෙකු වූ ජින්යාක් රූසෝ(1712 – 78) මිනිස් ස්වභාවය ගැන මිට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත්කළා. ඔහු තර්ක කළේ ස්වභාවික තත්ත්වයක දී මානවයන් ‘අභිජාත වනචාරින්’ බවත්, මොවුන්ගේ  ස්වභාවික යහගුණය සමාජය විසින් පමණක් කෙළසනු ලබන බවත්ය.

 

download-1

හොබ්ස්ට පරම්පරාවකට පසුව තවත් ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වන ජෝන් ලොක්(1632 – 1704) මිනිස් ස්වභාවය යනුවෙන් දෙයක් නැතැයි ප්‍රකාශ කර සිටියේ මිනිසුන් බිහි වන්නේ ‘හිස් ගල්ලෑලි’ වශයෙන් බව කියා සිටිමිනි. ඒ අනුව මිනිසුන්, සිය වටපිටාවෙන් සහ හැදී වැඩෙන ආකාරයෙන් හැඩගැසෙන බවට ඔහු තර්ක කළා.අධ්‍යාපනයෙහි වැදගත්කම කෙරෙහි ලොක් බොහෝ සේ අවධානය යොමු කරන්නට ඇත්තේ ඒ නිසාවෙනි. වාම දේශපාලන චින්තකයන්  — සමාජවාදීන්, කොමිනියුස්ට්වාදින් සහ අරාජිකවාදින් පොදුවේ මේ ආස්ථානය දරන්නේ සමාජය හරියාකාරව පටිපාටිගත කළහොත් මිනිසුන් යහපත් ආකාරයට හැසිරේවිය, තමා ගැන පමණක් නොසිතා එකිනෙකා හා සහයෝගිතාවයෙන් ක්‍රියා කරාවිය සහ ඉන් සන්තෘෂ්ටියට පත්වෙය  යන විශ්වාසයෙනුයි. ස්වභාවය(Nature) සහ සම්හෘතිය(Nurture) අතර විවාදයේ දේශපාලන රුපය මෙයයි.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Human Nature කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: