විදු නැන නුවණ – Science Literacy for All

සිරුර තුළට රිංගා සැත්කම් සිදුකරන ඔරිගාමි රොබෝ

ජපානයේ ඔරිගාමි කඩදාසි නැවීමේ කලාව වගේම රොබෝවරු ගැනත් අපි කවුරුත් අසා ඇත්තෙමු. එහෙත් ඔරිගාමි සහ රොබෝ  අතර සම්බන්ධතාව කුමක්දැයි අපට පැහැදිලි නැත. ඇත්ත වශයෙන්ම. මෙ දෙකෙහි සබඳතාවක් ඇත්තේ පෙනුමෙහිය. හැකිලී තිබෙන ඔරිගාමී දිග හැරිය විට වෙනත් ස්වරූපයක් ගනී. නවීන තාක්ෂණයේ පිහිටෙන් නිපදවා ඇති කුඩා රොබෝවරයෙකුද එලෙසමයි. එය බහා ඇත්තේ කැප්සියුලයකයි. සාමාන්‍යයෙන් කුඩා රොබෝ කෙනෙකු හෝ එවැනි ඉතා කුඩා විදුලි උපකරණයක් හෝ උපාංගයක් දරුවෙකුට ගිලූණොත් අප වෛද්‍යවරයෙකු වෙත යන්නේ සැත්කමකින් එය ඉවතට ගැනීමටයි. එහෙත් මේ ඔරිගාමී රොබෝ වනාහි සැත්කම් සිදු කිරීම පිණිස කෙනෙකුගේ සිරුර තුළට හිතා මතාම යවන සූක්ෂ්ම උපකරණයකි. ඇත්තටම විදුලිය බැටරි වැනි දෙයක් වැරදීමකින් ගිලූනොත් එය පුද්ගලයාට හානියක් නොවන අයුරින් ආපසු ගැනීමට පවා මේ රොබෝ කැප්සියුලය උපකාරිවිමට පුළුවන.

288b2d1f00000578-3076085-image-a-19_1431303215967

සැත්කම් සඳහා යොදා ගැනීම පිණිස මේ රොබෝව, ඔරිගාමි කඩදාසියක් මෙන් කුඩාවට නැවිය හැකිය. අනතුරුව, එය කැප්සියුලයක  බහා රෝගියාට ගිලීමට සලස්වනු ලැබේ. ගිලීමෙන් අනතුරුව කැප්සියුලය දියවී යන අතර එහි තුළ වූ ඔරිගාමි රොබෝ ඔරිගාමි කලා භාණ්ඩයක්  ආකාරව දිග හැරෙයි. (චිත‍්‍රය බලන්න) එවිට වෛද්‍ය පහසුකම අවශ්‍ය ස්ථානයටම  රොබෝව  යැවීමට රෝගියා අසළ සිටින වෛද්‍යවරුන්ට හැකිවේ.

The tiny robot, right, is stored inside the capsule, left, and then unfolds like origami.The tiny robot, right, is stored inside the capsule, left, and then unfolds like origami.mit-microsurgeon-1_0

“කෙනෙකුගේ සිරුර ඇතුළට ගිහින් මේ ඔරිගාමී රොබෝ සෞඛ්‍ය සත්කාර සේවයට අදාළ කාර්යයක් ඉටු කරනු දැකීම ඇත්තටම ප‍්‍රබෝධ ජනකයි” යනුවෙන් මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩැනියෙලා රුස් පවසයි. “සිරුර තුළට යවන රොබෝ කෙනෙකු රැහැනක ගැටගසා නොමැතිව තිබීම හරිම පහසුවක්. එතකොට අපට රොබෝ හසුරුවා ගැනීමට මෙන්ම නියම ස්ථානයට යැවීමද පහසුවෙනවා” ඇය කියා සිටියි.

රුස් සහ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේම ෂුහෙයි මියශිටා යන දෙදෙනා එක්ව මේ කුඩා රොබෝව අත්හදා  බැලූවේ වැරදීමකින් ගිලූණු බැටරියක් සිරුර තුලින් එළියට ගැනීමටයි. වැරදීමකින් බැටරි ගිලීම ඇමරිකාවේ වසරකට පුද්ගලයන් 3500කට සිදුවන අකරතැබ්බයකි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ රෝහලකදී සැත්කමක් මගින් බැටරිය එළියට ගැනීමයි. එහෙත් වැරදීමකින් සිරුර තුලට ගිය බැටරි වැනි වස්තු සිරුරෙන් ආපසු එලියට ගැනීමට මේ රොබෝ යොදා ගැනීමේදී එකදු පිහිපාරක්වත් සිරුරට එල්ල කළ යුතු වන්නේ නැත.

මේ ඍජුකෝනාශ‍්‍ර හැඩයේ රොබෝ ඇකෝඩිනයක් විලස  හැකිලෙයි. එහි දෙකොන හකුළා ඇති හෙයින් සිරුර ඇතුළත ගමන් කරද්දී ඇදී යාම පහසු කරයි. මේ රොබෝ උපකරණය සම්පරීක්ෂා කිරීම පිණිස විද්‍යාඥයෝ සිලිකොන්වලින් අන්නස්‍රෝතයක්(esophagus) කෘතිමව නිපද වූහ. ඉලක්කය වෙත ඔරිගාමි රොබෝ යවමින් මෙහෙයවීම පහසු කරවීම පිණිස කෘතිම අහ්නස්‍රෝතයේ පැත්තක පාරදෘෂ්‍යව සකසා තැබිණ. ජල හා ලෙමන් යුෂ ද්‍රාවනයක් ආමාශ තරල ලෙස කි‍්‍රයාකරවීමට යොදා ගැනිණ.

download-1

අර්ධ වශයෙන් ඌරු බඩවැලින් තනා තිබූ රොබෝට කාන්දමක් සවි කර තිබූ අතර වැරදීමකින් ගිලූණු බැටරියට ඇලීමට එය උපකාරී විය. සිරුරේ පටකයන් අනුකරණය සඳහා විවිධාකාර වූ ද්‍රව්‍ය යොදා ගත් විද්‍යාඥයෝ සොසේජස් ආවරණය තනා තිබු  ද්‍රව්‍යය පසුව ඒ සඳහා තෝරා ගත්හ. රොබෝ ගිලිණු බැටරිය හෝ වෙනත් යමක් අතුනු බහන් වෙත යොමු කරන්නේ එහි සිට ජීරණ පද්ධතිය ඔස්සේ පිටතට ගැනීමටයි. අනතුරුව ඔවුහු ගිලූණු බැටරිය (හෝ එවැනි වෙන යමක්) නිසා සිදු වූ තුවාලයක්  වෙතොත් ඒ සඳහා  බෙහෙත් දැමීමට වෙනත් රොබෝ කැප්සියුලයක් යවයි.

මේ වසරේ මැයි මාසයේ ස්ටොක්හෝම් නුවර පැවති රොබෝ විද්‍යා සහ ස්වයංකරණ අන්තර්ජාතික සමුළුවට(International Conference on Robotics and Automation)   රුස් සහ මියශිටා සිය පර්යේෂණය ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ මීළඟ බලාපොරොත්තුව මෙම කි‍්‍රයාදාමය ඌරන් පණපිටින් ඌරන් හරහා සිදුකර අත්හදා බැලීමයි.

මැසචුසෙට් තාක්ෂණ ආයතනය, එක්සත් රාජධානියේ ෂොෆීල්ඞ් විශ්වවිද්‍යාලය සහ ටෝකියෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව සිදුකෙරෙන මේ ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රයෝජන වශයෙන් වෛද්‍ය කටයුතුවලදී යොදා ගත හැකි ඔරිගාමී රොබෝ වර්ග නිපදවීම හඳුනාගෙන තිබේ.

Engineering.Com  හී New Horizons for Origami Robots: Inside the Human Body සහ Miami Herald හී Scientists successfully test ingestible robot that can perform surgery යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: