විදු නැන නුවණ – Science Literacy for All

මෝසමක් කියන්නේ  කුමක්ද?

මෝසම (monsoon) ගැන කතාකරන්න පටන් ගන්නා විටම අපේ සිතට එන්නේ තද සුළං, අකුණු සැර, තද වැහි, ගං වතුර යනාදියයි.  අපේ රටට නිරිත දිග මෝසමෙන් සහ ඊශානදිග මෝසමෙන් මෙවැනි තත්ත්වයන් හෝ සමාන තත්ත්වයන්  ඇති වන බව අපේ අත්දැකීමයි. බොහෝ දුරට මෙකී ලක්ෂණ කුණාටු අවස්ථාවලදී ඇතිවන බවද අප අත්දැකීමෙන් දනිමු. එසේ වුවද, මෝසමක් යනු එක් තනි කුණාටුවක් නොව එක්තරා කලාපයකට ඍතුවක් තුළ ඇතිවන සුළං විස්ථාපනයක්. මේ සුළං විස්ථාපනය හේතුවෙන් ගිම්හානයේ මහා වැසි ඇතිවිය හැකි අතර අනෙක් අවස්ථාවල එය වියළි කාලගුණ තත්ත්වයන් ඇති කිරිමට සමත්වේ.

මෝසම හටගන්නේ කෙලෙසද?

ඇමරිකාවේ, ජාතික කාලගුණ සේවාව දක්වන අන්දමට මෝසමක්(ඍතුව යන තේරුම ගෙන දෙන මෞසම් (mawsim) යන අරාබි වචනයෙන් බිඳී ආවකි) හටගන්නේ භූස්කන්ධය සහ යාබද සාගරය අතර උෂ්ණත්වයන්හි වෙනස් කම් හේතුවෙනි. සූර්යයා ගොඩබිම සහ සාගරය උණුසුම් කරන්නේ දෙආකාරයකටයි. මෙය සුළං අතර කඹ ඇදිල්ලකට හේතුවන අතර අන්තිමේදී  දිශාවේ වෙනස්කමක් ඇති කර සාගර මතින් වඩා සීතල තෙතමනය සහිත සුළං ගෙන එයි. මේසම් කාලය අවසානයේ සුළං යළි ප‍්‍රතිවර්තනය වේ.

තෙත් මෝසමක්ද? වියළි මෝසමක්ද?

මහවැසි ගෙන එන තෙත් මෝසම සාමාන්‍යයෙන් අතිවන්නේ ගිම්හාන මාසවලදී (අපි‍්‍රයෙල් සිට සැප්තැම්බරයේ දක්වා) බව National Geographic සඟරාව කියයි. සාමාන්‍යය ගතහොත්, ඉන්දියාවේ වාර්ගික වර්ෂාපතනයෙන් දළ වශයෙන් සියයට 25 ක් ද උතුරු ඇමරිකාවේ මෝසම් කලාපයේ වර්ෂාපතනයෙන් සියයට 50ක්  පමණද ඇතිවන්නේ ගිම්හාන මෝසම් ඍතුවේදීය. තෙත් මෝසම ආරම්භ වන්නේ (කලින් දැක්වූ පරිදි) සුළං මගින් සාගර මත්තෙන් වඩා සීතල, ආර්ද්‍ර වාතය ගොඩබිමට ගෙනෙන විටයි. වියළි මෝසම් සාමාන්‍යයෙන් පවතින්නේ ඔක්තෝබරයේ සිට අපි‍්‍රයෙල් අතරය. සාගරයෙන් එනවා වෙනුවට මොන්ගෝලියාව, වයඹ දිග චීනය වැනි සුළං වඩාත් වියළි වඩාත් උණුසුම් දේශගුණික කලාපවල සිට ඉන්දියාව වෙත පැමිණෙයි. වියළි මෝසම, ගිම්හානයේ එන මෝසමට වඩා බලහීන බවක් පෙන්නුම් කරයි. විලානෝවා සරසවියේ තාරකා විද්‍යා සහ කාලගුණ විද්‍යා මහාචාර්ය  එඞ්වර්ඞ් ගුයිනන් පෙන්වා දෙන අන්දමට සිසිර මෝසම ඇතිවන්නේ ජලයට වඩා වේගයෙන් භුමිය  සිසිල්වී, එමෙන්ම සාගරයෙන් කිසිම වාතයක්  ඒමට නොහැකිවන පරිදි භූමිය මත ඉහළ පීඩනයක් වර්ධනය වන විටයි. මෙය වියළි කාල ඡේදයකට මුල පුරයි.

monsoon-1

සුළං සහ වැසි

මෝසම් කාලය සෑම වසරකම බලවත් බවෙන් වෙනස්වන්නේ මද වැසි හා තද වැසි මෙන්ම මන්දගාමී වේගයේ සුළං සහ ඉහළ වේගයේ සුළං ගෙන එමිනි. නිවර්තන කාලගුණ විද්‍යා ඉන්දියානු ආයතනය(Indian Institute of Tropical Meteorology) ඉන්දියාව පුරා පසුගිය වසර 145 ක වාර්ෂික වර්ෂාපතන දත්ත එක්රැස් කර ඇත. ඒ අනුව මෝසමක තීව‍්‍රතාව වසර 30-40 ක සාමාන්‍ය කාලෙඡ්ද තුළ වෙනස් වේ. ඒ සෑම කාලෙඡ්දයකදීම, වර්ෂාව ලැබූ ප‍්‍රමාණය ඊට පෙර කාලෙඡ්දයේ සාමාන්‍යයට වඩා වැඩි වී ඇත්තේ ගංවතුර බොහොමයක් ඇති කරමින් හෝ සාමාන්‍යයට වඩා අඩුවී ඇත්තේ නියං ඇති කරවමිනි. 2016 සඳහා වූ වර්තමාන වාර්තා පෙන්වන්නේ, ජූනි 1 දා සිට සැප්තැම්බර් 30 දා දක්වා ලැබී ඇති වර්ෂාපතනය වාරික සාමාන්‍ය මෙන් 97.3%ක් බවයි.

මෝසම් හට ගන්නේ ලොව කොයිබද?

මෝසමක් හට ගන්නේ නිවර්තන ප‍්‍රදේශවල(උතුර හා දකුණු අංශක 0 හා  23.5ක අතර අක්ෂාංශයක) සහ උප නිවර්තන ප‍්‍රදේශවලය(උතුර හා දකුණු අංශක 23.5 හා 35  අතර දකුණු අක්ෂාංශයක). යේල් සරසවියේ…. පෙන්වා දෙයි. ප‍්‍රබලතම මෝසම් උතුරේ ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ සහ දකුණේ  ඕස්ටේ‍්‍රලියාවේ හා මැලේසියාවේ ඇතිවේ. උතුරු ඇමරිකාවේ දකුණු දිග ප‍්‍රදේශවල ද මධ්‍යම ඇමරිකාවේ සහ  දකුණු ඇමරිකාවේ උතුරු ප‍්‍රදේශවල මෙන්ම බටහිර අපි‍්‍රකාවේද මෝසම් ඇතිවේ.

මෝසම්වල බලපෑම

ලොව පුරා බොහෝ ප‍්‍රදේශවලට මෝසම් වැදගත්ය. ඉන්දියාව වැනි මෙම ප‍්‍රදේශ අතුරෙන් ස්ථාන ගණනාවක කෘෂිකර්මාන්තය බොහෝ සේ රඳාපවතින්නේ ගිම්හාන මෝසම මතය.  National Geographic සඟරාවට අනුව ජල විදුලි බලාගාර මෙන්ම ආනයන අපනයන වෙළෙඳාමද බොහෝ සේ මෝසම් සමය මත රඳා පවතියි. වැස්ස අඩු වුවහොත් බව භෝග වැඞීම අඩාල වේ. ගොවිපළ සතුනට ආහාර හිඟවේ. ගොවීන් හා සෙසු ජනතාවගේ ආදායම් මෙන්ම යහපැවැත්ම ද පහල වැටේ. ජල විදුලිය ජනනය අඩුවීමෙන් විදුලි බිල වැඩිවේ.

monsoon

වර්ෂාපව අධික වූ විට ජල ගැල්මෙන් හා නායයාමෙන් ජීවිත දේපොළ විනාශ වේ. ආහාර නිපදවීම ඇන හිටියි. ලෙඩ රෝග බෝවීම වැඩිවෙයි. කොලරාව, ඩෙංගු, මැලේරියාව මෙන්ම උදරාබාධ හා ඇස් ලෙඩ ද සුලබය.

උතුරු ඇමරිකානු මෝසම් සමය, නිරිතදිග අමරිකානු එ. ජනපදයේ සහ උතුරු මැක්සිකෝවේ ලැව් ගිනි ද ගෙන එයි. පීඩනය හා උෂ්ණත්ව විපර්යාසයන් හේතුවෙන් අකුණු කෙටීම් වැඩිවීමෙන් ලැව් ගිනි පැතිරීම ඉහළ යයි. සමහර විට එක රැයකට දස දහස් ගණනින් ඇතිවන අකුණු කෙටීම් ගිනි ඇතිකිරීමට පමණක් නොව විදුලි බලය එන හිටිමටත් ශාරීරිකව තුවාල හානි පැමිණ වීමටත් ඉවහල්වේ.

මෝසම සහ ගෝලීය උණුසුම්වීම

මලයාසියාවේ විද්‍යාඥයන් පිරිසක් සිදු කළ අධ්‍යයන වාර්තාවක් 2015 දී පළ විය. නිරන්තර ඇතිවන වර්ෂණයේ සහ කාලසීමාවන්ගේ විපර්යාසයන් හා විස්ථාපනයන් හේතුවෙන් මෝසම මත ගෝලීය උණුසුමෙහි බලපෑම ව්‍යසනමය විභවයකින් යුක්තයි. ඉදිරි වසර 50 සිට 100 දක්වා කාලය තුළ ගිමහාන මෝසම් සමයේ වර්ෂාපතනයේ ඉහළ යතැයි පුරෝකතනය කෙරේ. කාබන් ඩයොක්සයිඞ් වැනි හරිතාගාර වායු මගින් උණුසුම් වාතය තුළ තවත් ජලය රඳවා ගැනීමට සලස්වන්නේ දැනටමත්  තෙතබරිත ප‍්‍රදේශවලට වැසි ලෙස තවත් ජලය පතිතවීමට සලස්වමිනි. වියළි සිසිර සමයන්හි උණුසුම් උෂ්ණත්වවලදී වාෂපිභවනය හේතුවෙන් භූමිය තවත් වියළි බවට පත්වෙතැයි සැලකේ.

2384068905_405655f48f

කෙටි කාල පරිමාණයන්හිදී, ගිම්හාන සමයේ වර්ෂා පතනය වසරෙන් වසරට වෙනස් විය හැකිය. ඊට වායු දූෂණය ඇතුළුව සාධක ගණනාවක් බලපායි. ශාන්තිකර සාගරවල එල්නිනෝ බලපෑම ඉන්දියාවේ මෝසම් කෙරෙහි කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම්  ඇති කළ හැකි යයි කොලරාඩෝ සරසවිය සිදු කළ අධ්‍යයනයකින් පැවසේ. මෝසම් සමයේ ප‍්‍රබලත්වයට බලපාන්නේ එල්නිනෝ උණුසුම්වීමේ ප‍්‍රබල බව යයි එම අධ්‍යයනයෙන් කියූවද දැන් සැලකෙන්නේ එල්නිනෝව හටගන්නා ස්ථානය ඊට වගකිව යුතු බවයි.

මෝසම් කෙරෙහි බලපෑ හැකි සාධක ගණනාවකි. එල්නිනෝ ඇතුළුව මෙම සාධක ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, මෝසම් වෙනස් වන ආකාරය ගැනත් බොහෝ පර්යේෂණ පැවැත්වේ. ඒවායේ අවධානය යොමුවන්නේ අනාගතයේ හා වර්තමානයේ වර්ෂාපතනය හා සුළං පිළිබඳ වඩා හොඳින් පුරෝකථන කිරිමයි. මෝසම් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන් එහි පටගන්නා කාලය හා ප‍්‍රබලතාව වඩාත් නිවරදිව පුරෝකතනය කළ හැකිය.

Live Science හී  What Is a Monsoon? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: