විදු නැන නුවණ – Science Literacy for All

ආර්තවභාවය, කාන්තාවන් ඉක්මණින් වයස්ගතවීමට හේතු වන බව හෙළිවෙයි

ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සිදු කර ඇති අධ්‍යයනයක් මගින් හෙළි වී ඇත්තේ ආර්තවභාවය හෙවත් ආර්තවහරණය(ඔසප් නැවතීම = menopause) සහ ඒ සමග බොහෝ විට ඇතිවන අනිද්‍රතාව (නින්දනොයෑම = insomnia)  කාන්තාවන් ඉක්මනින්  වයස් ගත කරන බවයි. මෙම සොයා ගැනීම් දෙක පිළිබඳව Proceedings of the National Academy of Sciences සහ Biological Psychiatry යන සඟරාවල පළ කෙරිණ. එම වාර්තාවලින් හඟවන්නේ, මෙම සාධක මගින්  වයස්ගතවීමට අදාළ ලෙඩ රෝගවලින් පෙළීමේ සහ කලින් මිය යාමේ අවදානම ඉහළ දමනු ලබන බවයි.

gettyimages-137861610-sub-par-sex-wavebreakmedia-opener

“ආර්තභාවය නිසා වයස්ගතවෙනවාද නැතිනම් වයස්ගතවීම නිසා ආර්තභාවය ඇතිවෙනවාද යන්න ගැන දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් අතර මතභේද පැවතුනා. හරියට මුලින් ඇතිවුණේ කිකිළියද බිත්තරද යන්න වගේ. ආර්තභාවය කාන්තාව ඉක්මණින් වයස් ගතවීමට හේතුවන බව මුලින්ම පෙන්වා දුන්නේ අපේ අධ්‍යයනය මගින්  තමයි” අධ්‍යනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වන, කැලිෆෝනියා සරසවියේ මානව ජාන විද්‍යාව හා ජීව සංඛ්‍යාලේඛන මහාචාර්යවරයෙකු වන ස්ටීව් හොවාත් පවසයි.

“සුව සලසන නින්දක්  නොලැබීම පසුවදාට අපේ කි‍්‍රයාකාරකම් කෙරෙහි ඇතිකරන  බලපැමට වඩා වැඩි හානියක් සිදුකරනවා. එපමණකුත් නොවෙයි එය අපේ ජෛවී විද්‍යාත්මක ඝටිකාව  කි‍්‍රයාකරන ශිග්‍රතාව කෙරෙහිත් බලපෑම් ඇතිකරනවා” යයි ජූඩිත් කැරොල් ප‍්‍රකාශ කරයි. නින්ද ගැන සිදුකෙරුණු අධ්‍යයනයේ ප‍්‍රථම කතුවරිය වන ඇය කැලිෆෝනියා සරසවියට අනුයුක්ත මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචර්යවරියකි. “අපේ අධ්‍යයනයට භාජනය වූ කාන්තාවන් ගතහොත්, අවිවේකී නින්ද(restless sleep) රාති‍්‍රයේදී නිතර නිතර අවදිවීම, නින්දට ගිය විට නින්ද ඉක්මනින් නොඒම, අලූයම කලින්ම ඇහැරීම වැනි ලක්ෂණ ඇති කාන්තාවන් එවැනි ලක්ෂණ නොමැති සමාන කාලානුක‍්‍රමගත (පුද්ගලයකුගේ ශාරීරික, මානසික වර්ධනයට ජීවත්ව ඇති කාල සීමාව = chronological age) කාන්තාවන්ට වඩා ජීව විද්‍යාත්මකව වයස්ගතවීමේ ප‍්‍රවණතාවක් තියෙනවා” ඇය පෙන්වා දෙයි.

alaem-yaesegi-dar-zanan

ආර්තවභාවය පිළිබඳ අධ්‍යයනය

මහාපරිමාන අධ්‍යයනය හතරකට අදාළව සම්බන්ධකර ගැනුණු කාන්තාවන් 3100ක ගෙන් ලබාගත් DNA සාම්පල විශ්ලේෂණය සඳහා පර්යේෂකයෝ වයස්ගතවීමට ඈදුනු රසායනික ජෛවී සූචකයක් වන මෙනිලේෂන් හි ගමන් මග අවලෝකනය කළහ. අධ්‍යයන හතරට, 15 අවුරුදු පර්යේෂණ වැඩ සටහනක් වන කාන්තා සෞඛ්‍ය ප‍්‍රාරම්භකත්වය වැඩ සටහනද(Women’s Health Initiative – WHI) අයත්ය. මේ ප‍්‍රධාන පෙළේ වැඩ සටහන මගින් ආමන්ත‍්‍රණය කෙරුණේ පශ්චාත්-ආර්තවහරණ හෙවත් ආත්තභාවයෙන් පසු කාන්තාවන්ගේ අබාධිතතාව සහ ජීවන තත්ත්වයෙහි ගුණාත්මක බව හිනවීම යන මිය යාමට වඩාත්ම සුලබ හේතුය. පර්යේෂණයට සම්බන්ධ වූ සෑම කාන්තාවකගේම කාලානුක‍්‍රමගත වයස සහ ජීව විද්‍යාත්මක වයස අතර සම්බන්ධතාව ගවේෂණය පිණිස ඔවුහු රුධිරයෙහි, ඛේටයෙහි (කෙළ) සහ කම්මුලෙහි ඇතුළතින් ලබා ගත් සෛලවල ජීව විද්‍යාත්මක වයස මැන බැලූහ.”ආර්තභාවය සෛලමය වයස් ගතවීම සාමාන්‍ය වශයෙන් 6%න් පමණ වේගවත් කරන බව අපට සොයා ගන්න පුළුවන් වුණා” හොවාත් කියයි. ‘ඒක එච්චර ලොකු ගණනක් නොවෙන්න පුළුවන්. ඒත් කාන්තාවකගේ මුළු ආයුකාලය ගත්තාම ලොකු එකතුවක් වෙනවා.’

“නිදසුනක් ලෙස තරමක් කලින් ඔසප් නැවතුණු – ඒ කියන්නේ  වසර 42 දී ආර්තව භාවයට පැමිණි කාන්තාවක් තව අවුරුදු අටක් යද්දී එනම් වයස අවුරුදු 50 දී ඇගේ සිරුර ස්වභාවික අන්දමට වයස අවුරුදු 50 දී ආර්තභාවයට පැමිණි කාන්තාවකගේ සිරුරට වඩා ජීව විද්‍යාත්මකව සම්පූර්ණ වසරකින් වයස් ගතවෙලා” යයි ඔහු ප‍්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවක් ඔසප් නැවතීම හෙවත් ආර්තවභාවයට පත් වනවිට  වයසින් අඩුවන්නට, අඩුවන්නට ඇගේ රුධිරය වයස්ගතවීම ඉක්මන්වන බව පෙන්වා දෙන පර්යේෂකයෝ මෙය වැදගත් සාධකයක් වන්නේ මරණය හා රෝගාබාධ අවදානමට බලපෑම් ඇති කළ හැකි සිරුරේ අනෙක් කොටස්වල සිදුවන දෑ පුද්ගලයෙකුගේ රුධිරය මගින් පිළිබිඹු කරනු ලැබීමට හැකි  නිසා යයි පෙන්වා දෙති.

insomnia-02

නින්දයාම පිළිබඳ අධ්‍යයනය

නින්ද පිළිබඳ අධ්‍යයනය සඳහා ජූඩිත්  කැරොල් කාන්තා සෞඛ්‍ය ප‍්‍රාරම්භකත්ව වැඩසටහනේ(WHI) කාන්තාවන් 2000කට අධික පිරිසකගෙන් දත්ත ලබා ගත්තාය. අනින්ද්‍රතා හෙවත් නින්ද නොයෑමේ ලක්ෂණ 5ක් සහිත පශ්චාත්-ආර්තවහරණ (ආර්තවභාවයට පත්වීමෙන් පසු) කාන්තාවන්,  කාලනුක්‍රමගතව එකම වයසේ එවැනි ලක්ෂණ නොමැති කාන්තාවන්ට වඩා ජීව විද්‍යාත්මකව වසර දෙකකට වඩා වයස් ගතව ඇති බව අපිප්‍රවේණි ඔරලෝසුවක්(epigenetic clock) යොදා ගනිමින් පර්යේෂකයෝ සොයා ගත්හ. ‘නින්ද නොයෑම අපිප්‍රවේණි වයස ඉහළ දැමීමට හේතුවන්නේය යයි අපේ අධ්‍යයනයේ අපට ස්ථිරවම කියන්න බැහැ. ඒත් මේ සොයා ගැනීම් වැදගත් ඒවා’යි කැරොල් පෙන්වා දෙයි. ‘මෙම පුද්ගලයන්ම යෝදාගෙන අනාගතයේදී වඩා විස්තීර්ණ පර්යේෂණයක් අපි සිදු කරන්න  ඕන. එතකොට තමයි ජීව විද්‍යාත්මක වයස සහ නින්දට අදාළ ආබාධ අතර හේතුඵල සම්බන්ධයක් සොයා ගත හැක්කේ.’

අධ්‍යයන දෙකෙන්ම කියැවෙන දෑ බොහෝ කාන්තාවන්ට නරක ආරංචි විය හැකියි. ආර්තවභාවය සඳහා යොදා ගන්නා හෝමෝන චිකිත්සාව වැනි චිකිත්සාවන්ගේ බලපෑම තක්සේරු කිරීමේ මෙවලමක් ලෙස අනාගත විද්‍යාඥයන්ට අපිප්‍රවේණි ඔරලෝසුව(epigenetic clock) යොදා ගැනීමට හැකි වනු ඇතැයි හොවාත්  පෙන්වා දෙයි.

Science Daily හී Hot news flash! Menopause, sleepless nights make women’s bodies age faster යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: