ඔබේ පුරුෂයා ගතානුගතිකව නැතිනම් සාම්ප‍්‍රදායානුකූලව හැදී වැඩුණු හැඟීම් දමනය කළ, පිරිමි ගතියෙන් හෙබි පුරුෂයෙක්ද? මේ ලිපියෙන් කියැවෙන්නේ ලිංගික භූමිකාවන් පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන මනෝ විද්‍යාඥයන් විසින් එක් රැස් කර ගැනුණු ලිංගික සම්බන්ධතා පිළිබඳ රහස් 18 කි.
- පුරුෂයන් ද හැඟීම් ගැන කතා බහ කරනු ඇත.
එහෙත්, හැඟීම් ගැන වක‍්‍ර ආකාරයකට කතා කිරීම ඔබේ පුරුෂයාට වඩාත් පහසුවිය හැකියි. රොමැන්තික හෙවත් ආල අරුමැසිවාදී සති අන්තය කෙලෙස ගත කරන්නේ දැයි ඔහුගෙන් අහන්න. එහෙමත් නැතිනම් ඔබව මුන ගැසුණු මුල්ම දවසේ ඔහුට කුමක් සිතුනේ දැයි අසන්න. ඔහුගේ පිළිතුරු ඔහුගේ හැඟීම් හෙළිදරව් කරනු ලබන අතර ඔහු ඔබට වඩාත් සමීපවෙයි.
- පුරුෂයන් ‘මා ඔබට ආදරෙයි’ කියන්නේ කි‍්‍රයාව තුළිනුයි.
සමහර පුරුෂයන් ඔවුන්ගේ හැඟීම් ප‍්‍රශාක කිරීමට වචනවලට වඩා කි‍්‍රයාව යොදා ගැනීමට කැමතියි. නිවසේ අබලන් හෝ කැඞී බිඳී ගිය දෙයක් අලූත් වැඩියා කිරීමෙන් හෝ ගෙමිදුල අතුගා පිරිසිදු කිරීමෙන් හෝ ගේදොර එකතුවන කුණු කසළ ඉවත් කිරීමෙන් පවා ඔබේ ලෝකය ඔබට වඩාත් යහපත් ස්ථානයක් බවට පත්කරදීම සඳහා ඕනෑම දෙයක් කිරීමෙන් ඔහු ‘මා ඔබට ආදරෙයි’ කියනවා ඇත.
- පුරුෂයෝ කැපවීම, පේවීම බරපතළ ආකාරයෙන් සලකයති.
යමක් වෙනුවෙන් කැපවීමකට, බැඳීමකට පුරුෂයන් පසුබට වන බව සාමාන්‍යයෙන් ප‍්‍රචලිත මතයයි. එසේ වතුදු, තිබෙන සාක්ෂි අනුව නම් පුරුෂයෝ විවාහය යන්න බරපතළ ලෙස ගනිති. ඔවුන් ඒ සඳහා පේවීමට කල් ගත විය හැකියි. එහෙත් එසේ කල් ගන්නේ විවාහය මුළු ජීවිත කාලයටම පැවතීම සහතික කරණු පිණිසය. විවාහකව සිටින පුරුෂයන්ගේ සමීක්ෂණයක් අනුව සියයට 90ක් කියා සිටින්නේ (නැවතත් විවාහ වීමට සිදුවේ නම්) දැනට විවාහ සිටින කාන්තාවම සමග විවාහ වන බවයි.
- ඔහු ඇත්තටම ඇහුම්කන් දී ගෙන සිටියි.
කෙනෙකු ඔබට කතා කරන විට ’හා… හා..’ ‘ඔව්’ ‘ඇත්තද’ යනාදී වශයෙන් ඉද හිට ඔබ “හු මිටි” තියන්නේ ඒ අයට ඇහුම්කන් දෙන බව හැඟවීමටය. එහෙත් ඇතැම් පුරුෂයන් මෙලෙස නොකිරීමට පුළුවන. පුරුෂයකු කිසිවක් නොදොඩා සිටීමෙන් ඔහු ඇහුම්කන් නොදෙන්නේ යයි වරදවා තේරුම් නොගත යුතුය. නිහඬව සවන්දී සිටිමින්, ඔබ කියන්නේ කුමක්දැයි තේරුම් බේරුම් කරගැනීමට ඔහු කැමතිවා විය හැකියි.
- (දෙදෙනා) එක්ව කරන කි‍්‍රයා මගින් බන්ධන ඇති කෙරේ.
දෙදෙනා හැඟීම් හෝ අදහස් බෙදා හදා ගන්නවාටත් වඩා යම් යම් දේ එක්ව කිරීමෙන් පුරුෂයෝ සිය සහකාරිය සමග සබඳතාව තහවුරු කර ගනිති. බොහෝ පිරිමින්ට, කී‍්‍රඩා හෝ සම්භෝගය වැනි කාරණා තම සහකාරිය (තමාට) වඩාත් ළංවී ඇති බවක් හඟවන කාරණාවල්ය.
- පිරිමින් තනි පංගලමේ සිටීමටත් කැමැත්තක් දක්වති.
එකට එක්ව කරන කටයුතු වැදගත් වන්නා සේම පුරුෂයෝ තනි පංගලමේ කාලය ගත කිරීමටද කැමැත්තක් දක්වති. ඔබේ පුරුෂයා ගොල්ෆ් කී‍්‍රඩා කිරීමට කැමැති නම්, ගෙවත්තේ වැඩට කැමති හෝ ශරීරාභ්‍යායේ යෙදීමට කැමති නම් (ඔබ, ඔබ වෙනුවෙන් කාලය වෙන් කර ගන්නා අතරම) ඔහුගේ විනෝදාංශ කරගෙන යාමට ඔහු ධෛර්මයත් කරන්න. සහකරු සහකාරිය දෙදෙනාටම තම තමන්ගේ පෞද්ගලිකත්වය වෙන වෙනමත් පෝෂණය කරගැනීමට අවකාශ ලද විට එකිනෙකාට ප්‍රදානය කිරීමට බොහෝ දේ ඔවුනොවූන් සතුවෙයි.
- පුරුෂයන් උගෙන ගන්නේ ඔවුන්ගේ පියවරුන්ගෙනි.
සම්බන්ධතාවයක දී පුරුෂයෙකු කෙසේ හැසිරේදැයි ඔබට දැන ගැනීමට උවමනා නම් ඔහුගේ පියා ගැන කරුණුදන කියාගන්න. (ඔහුගේ) මාපිය දෙදෙනා ඔවුනොවුන් හා කෙසේ සබඳතා පවත්වයි ද යන්න පමණක් නොව (ඔහුගේ) පියා සිය සහකාරිය කෙරෙහි පවත්නා ආකාරයෙන් ද ඔහු කෙබඳු පුරුෂයෙකු ද යන්න පුරෝකතනය කළ හැකිය.
- ස්තී‍්‍රන්ට වඩා ඉක්මනින් අමතක කර දැමීමට පුරුෂයෝ සූදානම්ය.
ඍණ අත්දැකීම් බොහෝ කාලයක් මතකයෙහි රඳවා ගැනීමට ස්තී‍්‍රහු පෙළඹෙති. පීඩනය. කාංසාව හෝ ශෝකය පිළිබඳ හැඟීම් දිගු කලක් රැඳී පවතිය හැකිය. මීට ප‍්‍රතිවිරුද්ධව පුරුෂයන් අප‍්‍රසන්න සිදුවීම් ගැන සිත සිතා නොසිට ඉක්මනින් ඒවා අමතක කර ඉදිරියට යාමට පෙළඹෙති. ඉතින්, ඊයේ රාති‍්‍රයේ ඔබ දෙදෙනා අතර ඇති වූ තර්ක විතර්ක, වාද විවාද අදත් ඉදිරියට ගෙන යාමට ඔබ කැමැත්තෙන් සිටීමට ඉඩ ඇතත් ඔබේ පුරුෂයා මෙලහකටත් ඒවා සම්පූර්ණයෙන්ම අමතක කර දමා සිටින්නට පුළුවන.
- සියුම් ඉඟි හඳුනා ගැනීමට පුරුෂයෝ අපොහොසත් වෙති.
කතාකරන ස්වරයෙහි හෙවත් තානයෙහි වෙනස්කම්, වතෙහි සටහන්වන හැඟීම් වල වෙනස්කම් ආදී සියුම් දේවල් පිරිමින්ට නොදැනී යා හැකිය, නොපෙනී යා හැකිය. තවද, ඔවුන්ට ස්ති‍්‍රයකගේ මුහුණේ සටහන් ශෝකය නොපෙනී යා හැකිය. ඔබේ පණිවුඩය ඔබේ පුරුෂයාට ලබාදීම සහතික කිරීමට නම් එම පණිවුඩය ඍජුව ඉදිරිපත් කරන්න.
ඉතිරි කාරණා නවය හෙට තතු හී පලවේ. මතක ඇතිව කියවන්න
Webmd.com වෙබ් අඩවියේ Slideshow:18 Secrets Guys Wish You Knew in Pictures ඇසුරෙනි