ඔබේ පුරුෂයා ගතානුගතිකව නැතිනම් සාම්ප‍්‍රදායානුකූලව හැදී වැඩුණු හැඟීම් දමනය කළ, පිරිමි ගතියෙන් හෙබි පුරුෂයෙක්ද? මේ ලිපියෙන් කියැවෙන්නේ ලිංගික භූමිකාවන් පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන මනෝ විද්‍යාඥයන් විසින් එක් රැස් කර ගැනුණු ලිංගික සම්බන්ධතා පිළිබඳ රහස් 18 කි.
- සංවේදී අවබෝධයට පුරුෂයෝ යහපත් ප්‍රතිචාර දක්වති.
ඔබේ පුරුෂයා ඇගැයීමට ලක් කිරීමෙන් ඔහු කි‍්‍රයා කරන ආකාරයෙහි විශාල වෙනසක් දැකිය හැකිවේ. මාපිය කටයුතු() ගැන සැලකිල්ල යොමු කරන විට අධ්‍යයනවලින් පෙනී යන්නේ, සිය බිරියන් විසින් ඔවුන්ගේ වෙහෙස අගයනු ලබන විට එමෙන්ම ඔවුන් නිපුණතා ඇති අය ලෙස සලකන විට දරුවන්ට රැකවරණය සැපයීම පිණිස පියවරුන් වඩාත් එක්වන බවයි.
- පුරුෂයෝ සම්භොගය ගැන සිතති.
ඔව් මෙය නම් රහසක් නොවන්න පුළුවනි. පිරිමි සම්භෝගය ගැන බොහෝ සේ සිතති. වයස අවුරුදු 60න් පහළ පිරිමි බොහොමයක් දවසකට වරක් වත් සම්භෝගය ගැන සිතති. කාන්තාවන් ගත්තොත් එම සංඛ්‍යාව පිරිමින්ගෙන් හතරෙන් එකකි. එපමණක් ද නොව පුරුෂයෝ ගැහැනු මෙන් දෙගුණයක් පමණ සම්භෝගය ගැන සිතින් සිහින මවති. එවිට ඔවුන්ගේ මනෝ ඍෂ්ටීන්(fantasies) වඩාත් විවිධය. ගැහැනුන් සිතනවාට වඩා වැඩියෙන් පිරිමි අනියම් හෙවත් අහඹු(casual) සබඳතා ගැන ද සිතති. එහෙත් සිතීමත්, කි‍්‍රයාවක් දෙක එකක් ම නොවේ.
- පුරුෂයෝ සම්භෝගය වැදගත් කොට සලකති.
පිරිමින් සම්භෝගය යනු හුදෙක් සම්භෝගය ලෙස මිස ඊට වඩා වැඩි වටිනාකමක් ඊට එක කරන්නේ නැතැයි යන්න මිථ්‍යාවකි. බොහෝ පිරිමි, සම්භෝගය යන්න සලකන්නේ එකිනෙකා වෙනුවෙන් කැපවූ දෙදෙනෙකු අතරේ ඉතා වැදගත් කි‍්‍රයාවක් ලෙසිනි. තවද බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමි ද ලිංගික කුලූපගතාව(sexual intimacy) වඩාත් තෘප්තිමත් එකක් ලෙස සලකන්නේ දෙදෙනා අතරේ කැපවූ සම්බන්ධතාවක් තුළ එය ඇතිවන විටය. මීට එක හේතුවක් වන්නේ ආගන්තුකයන්ට වඩා දිගු කාලයක් සහකරුවන් ලෙස සිටින අය එකිනෙකා පිනවන ආකාරය දැන සිටීම විය හැකියි.
- සම්භෝගයට ඔබ මුලපුරනවාට ඔහු කැමතියි.
බොහෝ පිරිමින් සිතන්නේ සම්භෝගයට සැම විටම මුල පුරන්නේ තමන් බවයි. එහෙත් සහකාරිය සම්භෝගය පතනවාට සම්භෝගයට තමන් යොමු කරවා ගන්නවාට ඔවුන් කැමතියි. ඇත්තටම, තම සහකාරිය බොහෝ විට ඊට මුලපුරනු ඇතැයි බලාපොරොත්තු ද වේ. ඔබ සම්භෝගී චිත්ත ස්වභාවයකින් ඉන්නා විට ඒ බව ඔබේ පුරුෂයාට දැන්වීමට බිය වන්න එපා. ඇතැම් අවස්ථාවල හෝ සම්භෝගයට ඔබ මුල පිරිම දෙනොටම ඉහළ මට්ටමක තෘප්තියක් ගෙන ඒමට ඉවහල් වේ.
- පිරිමි සම්භෝගයේ යෙදීමට හැම විටමත් බලාපොරොත්තුවෙන් නොසිටති.
පිරිමි සම්භෝගය ගැන බොහෝ සේ සිතති යි ඉහත 11 දී ද සඳහන් විය. එහෙයින්, පිරිමි සැම විටම සම්භෝගය පතමින් නොඉන්නා බව කාන්තාවන්ට පුදුමය දවන්නක් විය හැකියි. එහෙත් ඔවුහු ද කාන්තාවන් මෙන්ම සිය රාජකාරි කටයුත් හේතුවෙන්, පවුලේ ප‍්‍රශ්නවලින් මෙන්ම ආර්ථික හේතු නිසා ද පීඩාවට පත්වෙති. පීඩාව, කාමාශාව වනසන්නකි. පිරිමියෙකු ‘අද නම් බෑ’ කියන විට ඉන් අදහස් කෙරෙන්නේ ඔහු ඔබ ගැන තැකිමක් නැත, සැලකිල්ලක් දක්වන්නේ නැත යන්න නොවේ. ඔහු අදහස් කරන්නේ ඒ අවස්ථාව සම්භෝගයේ යෙදීමට ඕනෑ නැත යන්න පමණකි.
- තම සහකාරිය පිනවීමට පිරිමි කැමැත්තාහ.
ඔබේ පුරුෂයාට, ඔබේ තෘප්තිය වැදගත්ය. එහෙත් ඔබ ඒ ගැන ඔහුට නොකියන්නේ නම් ඔබට වුවමනා කුමක්දැයි ඔහු නොදනී. තමන් කැමති කුමකට ද? අකමැති කුමකට ද යන්න ගැන කතා කිරීමට බොහෝ කාන්තාවෝ අපහසුතාවක්, ලැජ්ජාවක් දක්වති. ඔහුගේ පුද්ගලමානයට(ego) හානියක් නොවන පරිදි ඔහුට(ඔබේ කැමැත්ත) පැහැදිලිව කීමට හැකි නම් ඔහු එයට සවන් දෙනු ඇත. මන්ද ඔබට සතුටක් දැනේ නම් ඔහුටද එය(ඔබ පිනවුයේය යන්න) සතුටක් වන හෙයිනි.
- සිය කාර්යඵලය ගැන පිරිමි චිත්තාපරව සැලකිල්ල දක්වති.
ඇතැම් විට, විශේෂයෙන්ම වයස්ගත වෙද්දී කාර්යඵලය ගැන බොහෝ පිරිමින්ට සැක සංකා ඇතිවෙයි. ඔබගේ පුරුෂයා සිය ශරීරය, සිය ක‍්‍රමවේදය හා සිය ජවය ගැන සිතමින් වදවෙනවා, සැකසංකා ඇතිකරගන්නවා විය හැකිය. ලිහිල්ව සිටීමටත්, අදාළ මොහොතේ සන්තෘප්තවිම ගැන සිත යොමු කිරීමටත් ඉගෙනීමට ඔහුට ආධාර කිරීමට ඔබට හැකි නම් සම්භෝගයෙහි පීඩනය අඩු විය හැකිය.
17 අවශ්‍යතා ඉටු නොවුනහොත් පිරිමි අයාලේ යාමට ඉඩ ඇත.
සහකාරිය හා සම්බන්ධතාවයේදී තමන්ට ආදරය කරන බවක්, අගය කරන බවක් ඔහුට නොහැෙඟ් නම් තෘප්තිය පතා ඔහු වෙනතකට යොමු විය හැකිය. සමහරු ඒ සඳහා තෝරා ගන්නේ වැඩ රාජකාරී මතම නිමග්න වීමයි. සමහරුන් කී‍්‍රඩාව, රූපවාහිනිය ආදියට ඇබ්බැහිවීමට ඉඩ ඇත. සමහර පිරිමි සහකාරිය රවටා වෙනකක් බලති. මේ තත්ත්වය වළක්වා ගැනිමට නම් එකිනෙකාගේ අවශ්‍යතා සපුරාලීම පිණිස එක්ව කි‍්‍රයා කළ යුතුයි.
- ඔහු පැවරී ඇත්තේ ඔබ වෙතයි.
දිගු කාලයක් පවතින සබැඳියාවක් බිඳී ගියොත්, අහිමව යන්නේ හුදෙක් එකිනෙකාගේ සමාගමයම පමණක් නොව බොහෝ දේ අහිමිවන බව පිරිමි බොහොමයක් දනිති. ඒ අහිමිවන්නේ ඔබ දෙදෙනා එක්ව තැනු සම්පූර්ණ ජීවිතයමය බව ඔවුහු දනිති . සම්බන්ධතාව ශක්තිමත් කිරීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පිරිමියාද ඊට කැමති වීමේ අවස්ථාව ද වැඩිය.
මෙහි මුල් කාරනා නවය ඊයේ තතු හී පලවිය.
Webmd.com වෙබ් අඩවියේ Slideshow:18 Secrets Guys Wish You Knew in Pictures ඇසුරෙනි